2012-01-18

හීන කුමාරී " ඉතිං ගෙම්බියේ ඒ ආදරේටනෙ..... " ( කෙටි කථාවක් )

කොළඹ නුවර ඒසී බස් එක කඩුගන්නාව කන්ද නැග්ගෙ හෙමින්...  තාමත් එච්චර උදේ වෙලා තිබුනෙ නැති හින්දද කොහෙද වෙන්න ඇති මීදුම හැම තැනම... ඒක නිසාම දැනෙන හීතලත් වැඩියි..... මගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න එයාටත් ඒක දැනිල නිසා වෙන්න ඇති තව ටිකක මට තුරුල් උනේ... බස් එකේ ඒසී එකේ හීතල කපාගෙන එයාගෙ ඇගෙන් දැනෙන රස්නෙට මමත් තව ටිකක ගුලි උනා....

උදේ ත්‍රීවීල් එකට නැග්ග වෙලාවෙදි කෙල්ල මගේ අත තදකරල අල්ලගත්තු එක තාමත් එහෙමමයි... උදේ පාන්දර බයවෙච්ච හාපැටියෙක් වගේ බයවෙලා ඉදපු එයාගෙ මූනෙ තිබුන බයනම් දැන් නෑ වගේ.. .. ඒ බය වෙනුවට මූනෙ ඇඳිල තිබුනෙ මම ඇඳපු එයාගෙ චිත්‍රෙ තිබුන  හිනාවමයි.... උරහිසට ඔලුව තියාගෙන ආව නිසා අවුල් ඉන කොට කොන්ඩෙන් මූනට වැටුනු කොන්ඩ ගස් දෙක තුනෙන් ඒ හිනාවෙ ලස්සන වහන්න හදනවා... මම ඒ කොන්ඩ ගස් දෙක තුන අරගෙන එයාගෙ කන පිටිපස්සෙ රැදෙවුවෙ එයා හැමතිස්සෙම කරනව වගේ...


කෙල්ලට ආයෙත් නින්දෙන්ම හිනාවක් ගියා...  මම හිතන්නෙ හීනයක් දකිනව ඇති...... එයා ඉතිං කොහොමත් හීන කුමාරිනෙ....


" මම ඊයෙ රෑ ඔයාව හීනෙන් දැක්ක අනේ.... "

ඒ හැමදාම හෑන්ෆෝන් එක දිගේ එන රහස් හඩින් මට සතියකට දෙසරයක්වත් අහන්න ලැබෙන වචන ටිකක්...

"මේ මාව...."

එයාගෙ පුරුදු වචන ටිකට මගේ පුරුදු උත්තරේ මම හැමදාම වගේ දුන්නා....

"නැතුව මෝඩයෝ...  මම වෙන කාව හීනෙන් දකින්නද....."

"ඇයි අර ඔයාගෙ සිංදු  කියන වලහ.... "

" අනේ යනව යන්න... ඌ මට හීනෙන් බලන්න තරම් පිස්සුවක් නෑ.... "

" කවුද දන්නෙ .... ඔයා ඉතිං ඌට පිස්සු වැටිලනෙ ඉන්නෙ...  සිංදුවක් පේන්න බෑ ටීවී එක කෑගහන්නෙ... "

" ඒ ඉතිං කැමති සිංදුව වලටනෙ.. එහෙම කැමති උනා කියල ඌත් එක්ක ඉන්නව හීන බල බල ඉන්න තරම මට පිස්සුවක් නෑ... "

" එහෙනම් අර ඔයාගෙ යාලුවො මැරෙන්න හදන්නෙ.... "

" ඒ යාලුවො... මේ මම.... "

" හ්ම්ම්ම්ම්"

"මොකද හූම් ගාන්නෙ  බකමූනෙක් වගේ... "

"බකමූනො විතරද හූම්ම් ගාන්නෙ... "

"නෑ,.. ඔය මූනත් හ්ම්ම්ම් ගානව ..... "

ටිකවෙලාවක් සද්ද නැතුව ගියාම හැමදාම කතාව ආයෙත් පටන් ගන්නෙ එයාමයි....

" ඒයි මෝඩයෝ... ....ඉතිං ඔයා මගේ හීනෙ ඇහුවෙ නෑනෙ... "

" මම හිතුවෙ වලහෙක් ගැන කියලනෙ... ඉතිං ඔයා ඇත්තටම දැක්කෙ මොකෙක්ද... "

" මම දැක්කෙ පහනක්.... "

" එක පහනද.... "

" මෝඩයා... ඔයා අහන්නෙ නෑ කතාව.... "

" විහිලුවක්නෙ කරේ මගෙ පැටී.... කියන්නකො මොනවද දැක්කෙ.... "

" මම දැක්ක අපි දෙන්න  කසාද බැඳල ඉන්නවා........ "

" ළමයි ඉදියද ? "

"ඒක තමයි මුලින් මතක් වෙන්නෙ වලත්තයා..... "

"හරි හරි කියන්නකෝ.... "

"අපි දෙන්න කසාඳ බැඳල ඉන්නව චූටි ගේක...."

"ඉතිං"

"වෙලක් ගාව...... අයිනට වෙන්න තියෙනව පොකුනක්... ඒකෙ රෝසපාට නෙළුම් මල් පිපිලා... ඔයා ඒක ලග ඉදගෙන ඔයාගෙ චිත්‍ර අඳිනවා...  මම ඔයාට තේ හදාගෙන එනවා....  ඊට පස්සෙ අපි දෙන්නම පොකුණ ගාව බිම වාඩිවෙලා තේ බොනවා...."

"ඉතිං "

"ඉතිං එච්චරයි..."

"අයියෝ එච්චරද... මම හිතුවෙ තව ඇති කියල... "

" තව මොනවද... ?"

" ම්ම්ම්ම්ම්.... තව තේ බීල ඉවර වෙලා ඔයා මම චිත්‍රෙ අදින හැටි බලන් ඉන්නවා... "

"ඊට පස්සෙ "

" ඊට පස්සෙ අපි හවස් වෙනකම්ම එතන ඉන්නව.... ඊට පස්සෙ ගෙදර කරන්ටෙක නෑ.... ඒක නිසා උයන්න බෑ....  ඒක නිසා අපි යනව කඩෙන් කන්න..... "

" ඊට පස්සෙ .."

" ඊට පස්සෙ .. අපි අර හන්දියේ තියෙනව වගේ චූටි කඩේකින් ආප්ප කනවා... ..  සම්බලුයි... නිකන් ආප්පයි...
ඔයා කන්නෙ ආප්ප වාටිය විතරයි... මම මැද කනවා..."

" මට වඩෙත් ඕනෙ... "

" හරි අපි වඩෙත් කනවා... .. කාල.. ටවුන් එකේ රවුමක් ගහලා රෑ වෙලා ගෙදර එනවා...... "

" ඊට පස්සෙ "

"ඊට පස්සෙ වොෂ් එකක් එහෙම දාල... මම ඔයාව උස්සගෙන කාමරේට එනවා...."

" ඒ මොකටද ...... නෑ නෑ...මට ඇවිදින්න පුලුවන්... "

" ඉතිං ගෙම්බියේ ඒ ආදරේටනෙ.... ... උස්සගෙන ඇවිත් ඇඳ උඩින් තියනව.... "

" හා හා.. ඇති ඇති.... මම දන්නව මැට්ට දැක්කොත් දකින්නෙ ඔයවගේ වල් හීනයක් විත්තිය...."

" මොකද්ද ඒකෙ තියෙන වල් කම... "

" නෑ මම දන්නව ඊට පස්සෙ කියන ටික.... "

" මොනවද ඊට පස්සෙ කියන්නෙ... ? "

"නෑ නෑ ඕනෙ නෑ..."










" පහන්..... "

"හ්ම්ම්ම්..."

" ඇත්තට එහෙම ඉන්න මම ආසයි අනේ..... "


ඔය වගේ කතාවක් අන්තිමේදි එයාගෙ කටින් හැමදාම පිටවුනෙත් ඔය ටිකමයි.....  එයා දකින  හීනෙ මම හැමදාම  දුර අරන් ගියේ මගේ හීන කුමාරි හීන වලට ආස හින්දම නෙවෙයි... හීන කුමාරිට ආදරේ කරපු මම ඒ හීන වලටම පුරුදුවෙලා ඉදපු නිසා... ....   ආදරේ කරද්දි අනන්තෙටම බොලද වෙන්න මමත් ආස කරපු නිසා....

අපි දෙන්න හැමදාම ෆෝන් එකෙන් මවපු හීනවල දොරකඩට අද ඇවිල්ල ඉන්න වෙලාවෙ මගේ හිතට අමුතු බයක් දැනෙන්නෙ ඒ දැකපු හීන නිසාමද කියල මම දැනගෙන ඉදියෙ නෑ... හීන ලෝකෙ හීන දැක්කත්.. ඒ හීන වල පතුලටම කිමිදිලා අපි ඒ වෙලාවට ඒ හීන වල ජීවත් උනත් ඇත්ත ලෝකෙදි එහෙම නෙවෙයි කියල එයා දන්න බව  මම දැනගෙන ඉදියත් මොකද්දෝ බයක් හිතේ තියෙනව මට හොදටම දැනුනා...  ඒ අද ඉදං මගේ හීන කුමාරිගෙ හීන වල පෙනී ඉන්න විතරක් නෙවෙයි ඒ හීන වලට පණ දෙන්නත් ඉන්නෙ මමම විතරක් නිසා වෙන්න ඇති....

" මේ අහපං.... සමහර විට උඹ ඔය කරන්නෙ ජීවිතේ ලොකුම මෝඩකම වෙන්න පුලුවන්.... .. උඹට මට වඩා මොලේ තියෙනව... ආයෙත් පොඩ්ඩක් හිතපං... "

පුංචි කාලෙ ඉදල හිටපු මගේ එකම යාලුව මට එහෙම කිවුවෙ ඊයෙ රෑ....

" නෑ බං... මම නම් හිතන්නෙ මම මේ කන්නෙ මගේ ජීවිතේ ණුවනක්කාරම දේ...."

මම ඌට කිවුවෙ ඒකට එහෙම කිවුවෙ ඇත්තටමයි....

අම්මල තාත්තල ... ලොකු අය කියන විදියට අපේ වයසට කවදාවත් නොතේරෙන දේවල් හින්ද මට එහෙම හිතෙනව වෙන්න ඇති...  මම හිතනව වැරදි වෙන්නත් ඇති....  මොනව උනත් ආයෙත් හැරීමක් නෑ කියලනම් ඊයෙ රෑ ඉදලම මම දැනගෙන ඉදියා....

කෙල්ල තාමත් නිදි....  හැමදාම මට හීන බලන්න පුරුදු කරපු මගේ හීන කුමාරිගෙ හීන වලට එකතුවෙන්න ආසාවෙන මමත් ඒ ඔලුවට මගේ ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තා.....


කලින් ලියපු හිතුවක්කාර හීනයට මෙතනින් යන්න...







65 comments:

  1. Erotic Literature seems to be in the making.

    The purpose of a bull dozer Driver is to clear the obstacles so that tarring the path can be done by the contractors. This is also called as vector Setting so that all other ingredients are to be fallen in place, as the conditions are right.
    On earth to set something on fire three conditions have to meet in real time . They are Burnable Substance, Oxygen and the right temperature.
    A Deadline of a month of May 2012 is being made probably for Vesak!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු.... මේකනම් මට තේරුනේ නෑ හොදේ.... :D කොහොමහරි ඉතිං පෝට් එක ගැනනෙ කමෙන්ට් එකක් දාන්නෙ කවුරු හරි ඇවිත්.. ඒක නිසා තැන්කෝ... :D

      Delete
    2. සිරාවට මොකක්ද බන් මේ

      Delete
  2. හීන දකිද්දි ඕනි නම් ඇහැරලා වතුඒ එකක් බීලා ආයි නිදන්න පුලුවන්.. ඒත් ..

    ReplyDelete
  3. ඉස්සර හදපානේ ගියේ.. දැන් පාන්දර A/C බස් වල.. ෆුෆ්..!

    "උස්සගෙන ඇවිත් ඇඳ උඩින් තියනව.... "
    ඉතිර ටිකත් ඔනේ.....!!! :D

    මේ උඹ දාන පිංතුර වල ඉන්න කෙල්ලො ඇත්තම උංද බං ? නයිස්නේ ? :D

    ReplyDelete
    Replies
    1. කාලෙ වෙනස් .... තාලෙ අලුත්....

      නෝටි උනත් නයිස් මංචි නයිස්... :D

      Delete
  4. කතාව කියවලා උඩට යද්දි දැක්කා.. මොකක්ද පෝල් එකක් (තාම ලෝඩ් වෙද්දි හිරවෙනව මොකක්ද එකක්) ඒක කතාවට සම්බන්ධ නැහැනේ ;)

    නියමයි මචං...

    ReplyDelete
    Replies
    1. කතාව කියවලා උඩට යද්දි ?? උඹ අග ඉදල මුලටද බං කියෙවුවෙ... :D

      Delete
  5. අහ්හ් පොඩ්ඩෝ මේක නවකතාවක්ද? මාරු අහ්හ්.. ඉතුරු ටිකත් ඉක්මනටම පළකරන්නන.

    ReplyDelete
    Replies
    1. නව කතාව මේ තියෙන්නෙ

      http://mamaiarui.blogspot.com/search/label/%E0%B6%B8%E0%B6%9C%20%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%20%28%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%29

      මේක කෙටිකතාවනෙ... ඇස් පේන්නෙ නෑ මේකිට...

      Delete
  6. කෙල්ලෙක් කොල්ලෙක්ට කියන ඒව ගැන බොහොම අත්දැකීම් ඇතුව ලියපු එකක් කියල කියන්න පුළුවන්... අර අන්තිමට බයක් වගේ කිව්ව කතාවත් හරියට හරි පොඩ්ඩො... ලව් කරන කාලෙ නැති බරක් දැනෙනව කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක එකට ජීවත් වෙන්න යනකොට... කෙල්ලොන්ටත් එහෙමද දන්නෙ නෑ ඉතිං ;)

    @වර්ණ: ඇයි බන් මාතෘකාවෙම දාල තියෙන්නෙ කෙටිකතාවක් කියල :)

    ReplyDelete
    Replies
    1. මේ බං නෙවෙයි බංගෙ ෆී මේල් එක්කෙනා... :D

      ඇයි බං අර කියල තියෙන්නෙ අවුරුදු 6ක් කියල .. ඉතිං ස්වල්ප අත්දැකීමදැ ....

      Delete
  7. සියලු සැප උතුරන

    දරුවන් ගෙදර පොරකන

    බිරිද බෙරිහන් දෙන

    දිනය නුබටත් උදා වනු ඇත

    ReplyDelete
    Replies
    1. 3 වෙනි පේලිය ගැන මට ප්‍රස්නයක් තියෙනවා...


      මොනවෙලාවටද ... මොනව කරණකොටද ?

      Delete
  8. //" පහන්..... "

    "හ්ම්ම්ම්..."

    " ඇත්තට එහෙම ඉන්න මම ආසයි අනේ..... "//

    ඔන්න යකා පහනට වැටෙන වෙලාව

    ReplyDelete
    Replies
    1. ඔය වෙන මොන යකාලට බය උනත් පහනට එන යකාලන්ට උන් කැමති ඇති ඒ ඔබා මාමෙ...

      මට වඩා දන්නව ඇතිනෙ ඔබා මාම ;)

      Delete
  9. ඔය සිහිනය ජීවත්වෙන්නෙ...ආණ්ඩුවේ රෙජිස්ට්‍රාර් කාර්යාලයකට
    ඇතුළු වෙනකල් විතරයි....

    ReplyDelete
    Replies
    1. ඒ සිහින වලට ලයිසොන් ගන්න ගියොත්නෙ බං....

      අපිට ඕනෙ නෑ ලයිසොම,..,.

      Delete
    2. අග්... අහන්නත් බැරි උනා.... බ්ලොග් එකක් පටන් ගන්නව කිවුව නේද... කොහොමද වැඩේ.. පටන් ගත්තාම ලින්කුව දැම්මනම්...

      Delete
  10. නියම හීනෙ.එච්චර සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් නම් මරු..

    ReplyDelete
  11. ලස්සනට ලියල තියෙනවා ඈ....... නියමයි.. :)

    ReplyDelete
  12. හැබැයි මචන් ඔය සැහැල්ලුව ආදරය හැමදාම තියාගන්නවනම් නියමයි.
    ඒත් ගොඩක් දුරට හීනේ හැබෑ වෙච්චි දාට ඔය සැහැල්ලුව ආදරය පස්සේ දොරෙන් පැනල යනවනේ.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව පස්සෙ දොර වහපං.... ගොඩක් කට්ටිය අමතක කරන්නෙත් ඒක...

      Delete
  13. සමහර හීන තියෙනවා... නිදාගෙන නැඟිටලා ආයෙමත් නිදා ගත්තහම ඉතුරු ටික පේන...

    ReplyDelete
    Replies
    1. මටනම් එහෙම එකක් පෙනිල නෑ... නැගිටින්න කලින් පෝස් බටන් එක ඔබන්න මතක වෙනව අප්ප හැමදාම...

      Delete
  14. හම්මා..පොඩි මෑන් හදවතින්ම ලියපු හරිම ආදරණීය කතාවක්නෙ.. හිතූ මාර ලයික් මේ ස්ටයිල් එකෙටනම්.. නියමයි පොඩ්ඩො..

    ReplyDelete
    Replies
    1. හිතූට පිස්සුද... කී බෝඩ් එකෙන් ලිවුවෙ මේක... :)

      තැන්කූ හොදේ... :)

      Delete
  15. මරු හීනේ....
    කවුද බං අර සින්දු කියන වලහා.......

    ReplyDelete
  16. ලස්සනයි ඒ විදිහටම ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ විදියට ??? බී සී නැද්ද ??

      Delete
    2. හෝඩියම තියෙනවා කියන්න බැහැ මෙහෙම

      Delete
  17. පොඩි එකාටත් හිතෙන දේවල් ඈ..කොහේද මූ දැන් ලොකු එකේක් නොවැ..කතාව පට්ට..

    ReplyDelete
    Replies
    1. පික්ෂුද මෙයා.... තාම පොඩී... මේම් මෙත්ක්කිතර ඇති... ;)

      Delete
  18. කතාව නම් එල මචං.....ඇත්තටම කවුද බං සින්දු කියන වලහා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං අරූට කිවුවෙ.. අර අරූ බං....

      Delete
  19. කතාවනං ලස්සනයි! :)

    ReplyDelete
  20. හි හි මටත් පේන්නේ මේකේ කොල්ලට පේන ජාකියේ හීන තමයි හැබැයි ඒවා දැක්කාම ආයේ නින්ද යන්නේ නෑ මාර සීන් එක....පට්ට කතාව එලකිරි..

    ReplyDelete
    Replies
    1. උඹට්ටහ් අර සින්දු කියන වලහට තියෙන ලෙඩේ තියෙනවද ??

      Delete
  21. ඇස්දෙකට කඳුළුත්ආව අයියේ...........:'(
    ඔහොම මවන හැම හීනෙම හැබෑවෙනවනම්.......

    ReplyDelete
    Replies
    1. මගෙත් එක ඇහැකට කඳුලු ආව නංගියේ මේක ලියනකොට ... මොකද්ද කුණු කෑල්ලක් ගියා ඇහේ...

      Delete
  22. පහන් දැකලා නැවතුනා ඇති කුප්පි නොදැක!

    ReplyDelete
    Replies
    1. ඇයි පැට්‍රෝල් මැක්ස්... ??

      Delete
  23. හීන දකිනවා... ඒත් මේ හුඟක් උන් කියනව වගේ රෙජිස්ටාර් ගාවින් ගියාට පස්සෙ හීනේ ලස්සන නැද්ද... බැඳලම බලමු.

    උබ සිරාවට මේක අකුරු කරල...

    ReplyDelete
    Replies
    1. ඔය රෙජිස්ටාර් කාරයගෙන් ලයිසම ගත්තාම හිතේ තියෙන බැදීම් අපි ලයිසමට බාර දෙනව බං... ඇයි ඒකෙන් බැඳලනෙ.. එතකොට හිතින් බැඳල තියෙන ඒව ලිහිල යනවා...

      අන්න හේතුව....

      Delete
  24. අනේ අෆ්ෆා.. මට ආසාවට එක හීනයක්‌ පේන්නෙ නෑනේ නිදා ගත්තම.. ෂිහ්.. කතාව නම් එල ඈ

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇහෙරගෙන හීන බලන්න.... :)

      Delete
  25. නියමයි පොඩ්ඩෝ කතාව

    ReplyDelete
  26. එල එල!
    අද අලුත් වෙනසක්!
    හැබැයි අර හිස්තැන තියපු තැනත් හීනෙ කිව්වනම් තමයි හොද!:/

    ReplyDelete
  27. අප්පට සිරි පට්ටයි ඕයි!!!

    අර අන්තිමට කියල තියෙන කෑල්ල ටිකක් වෙනස් විදියටකට ආවා නම් හොඳයි වගේ..එක පාරට ආපු ගතියක් තියෙනවා..
    අවුලක් නෑ සිරා කතාව..
    එල මචං

    ReplyDelete
  28. නියම හීනයක්නේ බං... මේක සැබෑ කරගන්න පූළුවන් එකක් වගේ...

    ReplyDelete
  29. කතාවනම් නියමයි...

    ReplyDelete
  30. ඉතිං බන් වෙලක් ගාව නෙළුම් මල් පිරිලා තියෙන පොකුණක් තියෙන පුංච් ගෙයක් හම්බවුනාද???
    නැත්නම් ඊට කලින් උඹව ඇහැරුනාද??

    ReplyDelete
  31. මොකක්දෝ සිරාවට අල්ලලා යන ගතියක් තියනවා පොඩි මෑන් මේ කථාවේ මටනම්
    ජයවේවා මචෝ - මෙව්වත් ලියන්න ඉඳලා හිටලා හරි

    ReplyDelete
  32. ඇයි හත්වලාමේ! මමනම් දැකලා තියෙන්නේ පොඩි උන් හීනෙන් හිනාවෙනවා විතරයි විතරයි,
    පොඩ්ඩෝ!! උබ බාල අපරාද හෙම කරනවා නෙවි.....

    ReplyDelete
  33. අම්මට සිරි පිස්සු හැදෙනවා හේතුව මේකයි මගේ කෙල්ලත් ඔහොමමයි එයා කියනවා ඊයේ මං හීනයක් දැක්කා කියලා ඊට පස්සේ හීනේ කියනවා හැබැයි ඒකේ අවසානයක් නෑ ඉතින් ඉතුරු ටික මං කියනවා එයා අහන් ඉන්නවා අන්තිමේදී හීනේ දැකලා තියෙන්නේ මං
    පුලුවන් නම් බ්ලොග් එක මූණූ පොතට ශෙයාර් කරන්න මං ඇනියෙක් උනේ මට වෙන විදියකට කමෙන්ට් කරන්න බැරි නිසා මගේ බ්ලොග් එක අපේ ක්ල්බ් එකේ එනිසා මට එකෙන් කමෙන්ට් කරන්න බෑ

    ReplyDelete
  34. Hello! I just wanted to ask if you ever have any trouble
    with hackers? My last blog (wordpress) was hacked and I ended
    up losing several weeks of hard work due to no backup.
    Do you have any methods to prevent hackers?
    My website: manchester united transfer news 2008

    ReplyDelete
  35. It's hard to come by knowledgeable people on this subject, however, you sound like you know what you're
    talking about! Thanks
    Also visit my page ... epl transfer news arsenal

    ReplyDelete