2012-03-21

ඇනෝනිමස් ආතල් හෙවත් බල්ලාට සිංහයා යැයි බියවීම...




ඇනෝනිමසා බ්ලොග් අවකාශයේ  මේන් ටොපික් එකක වී තිබුනේ දැනට ටික දවසකට කලින්ය...  හැමෝම ඇනෝ නිමසා ගැන විවිද මත පලකරාට දැන් ඒවා ආයෙ කිසිකෙනෙකුට මතක නැත...  පුරුදු පරිදි ඇනෝලා බ්ලොග් අවකාශය ගදගස්සවාගෙන  යති....

ප්‍රථමයෙන් මෙය  කිව යුතුව ඇත... මෙය කිසිම  පුද්ගලයෙක් හෝ කිසිම බ්ලොග් අඩ්ඩවියක් ගැන ඇනෝනිමස් ආතල් හී "ඇනෝනිමසා"  මාරයාගෙන හෝරාව සමග ඇති පෞද්ගලික තරහක්  වැනි තරහක් පිරිමසා ගැනීමක් නොව විවෘතව හා පොදුවේ.. නිර්නාමික ඇනෝනිමස්ලා ගැන  මාගේ පෞද්ගලික අදහස පමණකි...

අපි ජීවත්වන සැබෑ සමාජය හා සයිබර් සමාජය තුල  ඇත්තෙ සුලු සුලු වෙන්ස් කම් කීපයක් පමණී... ප්‍රධාන වෙනස් කම   සයිබරය  භෞතික නොවීමයි... අනිත් දෙයනම් සැබෑ සමාජයට වඩා ඇති සජීවී බවයි...  අප කරන යම් ක්‍රියාවක් සැබෑ සමාජයේ දකින්නෙ ඉතා සුලු පිරිසකටය... අපිව අදුනා ගැනීමට, අපට එකවර සම්බන්ද වීමට හැක්කේ සීමිත පිරිසකටය... සයිබරයේ එය සාපේක්ෂව ඉතා විශාල අගයක් ගනී... අනිත් ප්‍රධාන දෙය නම් අනන්‍යතාවය වසන් කිරීමට හැකිවීමයි...  සැබෑ සමාජයේ අප සාමන්‍යන් විවහාර කරන පරිදි " කාඩ් එක කුඩු කරගත්තෝතින්" නැවත් කාඩ් එක හදාගැනීමට හැකියාව ඉතා අඩුය...  යම්කිසි සාපරාදී ක්‍රියාවක් කල පුද්ගලයකු තමන්ගේ අනන්‍යතාවය වසන කිරීමට තමාගේ භාහිර පෙනුමේ සිට වෙනස් කල යුතු බොහෝ දෑ ඇත... නමුත් සයිබරය භෞතික නොවන නිසා අවශ්‍ය වන්නේ අලුත් "අයි ඩී" එකක් පමනි..


" අයි ඩී එක තිබූ පමනින්  ඇනෝගෙන් වෙනස් වන්නේ වෙන්ව හදුනා ගැනීම පමණකි... එය එතරම් දෙයක් නොවේ.."

මෙම අදහස මෙම ඇනෝ සංකල්පය සමග නැගෙන තවත් එක් අදහසකි.. නමුත් මා දකිනා විදියට අයි ඩී එකක්

 තබා ගැනීමෙන් වෙන්ව හදුනා ගැනීම ඇනෝ ලෙස එනවාට වඩා සෑහෙන වෙනසක් ඇති කරයි.. ඇනෝනිමසෙකට වර්ථමානයක් අනාගතයක් හෝ අතීතයක් නැත...  නමුත් අයි ඩී එකක් ඇත්තාට මෙම කාල තුනම තිබේ.. භෞතික නොවූ සයිබර් අවකාශය තුල අපි හදුනා ගන්නේද භෞතික නොවූ ඒ නාමයෙන්මය.. සැබෑ සමාජයේ පුද්ගලායා හදුනා ගැනීම හා  සයිබර් අවකාශයේ පුද්ගලයා  හදුනා ගැනීම අතර බොහෝ වෙනස් කම් ඇත. ප්‍රධාන දේ භෞතික නොවීමයි.. අනිත් දේ නම් සයිබරයේදී යම් පුද්ගලයෙකුට භෞතිකව හානි සිදු කල නොහැකි වීමයි...  එසේ නම් ඔහුට හානි සිදුවන්නෙ ඔහුගේ වර්චුවල්
(සිංහල  නම කල්පනාවට එන්නේ නැත ) පෞර්ශත්වයටයි , ජීවිතයටයි... එම නිසා කුමක් හෝ අයි ඩී එකක් තිබීම  ඇනෝ කෙනෙක්ට වඩා ඉතා වෙනස් වේ...


පුද්ගලයන් ගොඩනගා ගන්නා  අන්න්‍යතාව සයිබරයේ හා සැබෑ ලෝකයේ වෙනස් උනත් එලියට එන්නේ එකම සිතක ඇවතුම් පැවතුමය.. එමනිසා  සුලු සුලු වෙනස් කම්  ඇරුනාම සයිබරය යනු අපි ජීවත් වන සමාජයේම ඩිජිටල් ප්‍රතිරූපයකි..  විවිධ අදහස්, ගතිගුණ ,හැදියාව,  ඇති පුද්ගලයන්ගේ එකතුවකි...  එම නිසා සබෑ සමාජයේ සිදුවන.. සිදු කරන .. ඕනෑම දෙයක් සයිබරයේ අපේක්ෂා  කල හැක...



සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝනිමසා.....



ඇත්තටම ඇනෝනිමස් යන්න ඉතා ප්‍රබල සංකල්පයකි... කෙනෙක්ට තම අන්න්‍යතාවය සගවාගෙන සමාජයට යහපතක් කල හැකිය...  භාහිර බලපෑම් නිසා එලියට නොදාන දෙයක් අනන්න්‍යතාවය සගවාගෙන අන් අයගේ යහපත උදෙසා සිදුකල හැකිය... යහපත් අදහස් .. ගැඹුරු සංවාද  ගොඩ නැගිය හැකිය  ඒත් බහුතරයක් ඇත්තේ ගොං පාට් දමන ඇනෝලාය.. පහත් වින්දන කාරයෝය...

සයිබරය මේ මුලු පෘථිවියේම  ඇති ජලයනම් සිංහල බ්ලොග් අවකාශය යනු  අපේ දෝතට ගත් හැකි ප්‍රමානයත් වඩා අඩු වේ...  එය තුලත් මේ ඇනෝ ප්‍රවනතාව ව්‍යාප්ත වී ඇති අතර එය සමහර විට කරදරය වන තරමටම පැමින ඇත...




ඇනෝනිමස් ලෙස පෙනී සිටීමට ඕනෑම පුද්ගලයෙක්ට අයිතියක් ඇත...  එය බ්ලොග් ලිවීමේ සේවාව සපයන ආයතනවලින්ම තමන්ගේ අනන්‍යතාවය සගවා ගැනීමට ලබා දී ඇති පහසුකමකි.... "ඒ සමාජයෙ හැටි... ඒක අපිට වෙනස් කරන්න බෑ..." අපේ කටින් සමහර වෙලාවට පිටවන මේ වැකිය 100% සත්‍ය වනවා සේම සයිබරයේ අනන්‍යතාව සැගවීමට ඇති හැකියාව වැඩි වීම " සයිබරයේ හැටි වන අතර එය අපට වෙනස් කල නොහැක"  එම නිසා එම පහසුකම ඕනෑම පුද්ගලයෙක්ට  භාවිතා කර හැක... එසේ පහසුකම සපයා දී ඇත්තෙ අනන්‍යතාවයක් හදුනාගැනීමට නොහැකිනම් එලියටට එන  "අදහස්" ප්‍රමානය වැඩි නිසා බව මාගේ හැගීමයි...    යම්කිසි මීටිමකදී හෝ රැස්වීම්කදී කලුවරේ සැගවී සිට හූවක් කීමට බොහෝ දෙනා පෙලබෙන නමුදු වේදිකාවට පැමින සියල්ලන්ටම පෙනෙන ලෙස කලින් හේතුවටම පෙර විදියටම හූවක් කීමට පෙලබෙන්නෙ කීයෙන් කී දෙනාද... ??

ඒත් තමා සිදු කරන ක්‍රියාව කුමන එකක හෝ වේවා... සැගවීසිට කිරීම එක්තරා නිවට භවකි...  බියගුලු කමකි.. නෝන්ජල් කමකි... සෑම දෙනාම හදුන්නවන පරිදි " කොන්ද පණ නැති කමකි...

මෙම "ඇනෝනිමසා යනු කොන්ද පන නැති එකෙක්" යන්නට බුවාගේ අඩවිය විවේචක බ්ලොග් අඩවියෙන් උපුටාගත් කමෙන්ටුවක් දක්වා ඇත...


"""" ලිපියට බොහොම ස්තුතියි.මා පුර්ණකාලීන අනොනිමසෙයෙක්.මා බ්ලොග් ලියන්නේ නැහැ.මා නම් ප්‍රතිපත්තියක් වශයෙන් කුණුහරුප ලිවීම සහ පුද්ගලික මඩ ගැසීම් කරන්නේ නැහැ.මටනම් ඇනෝ කෙනෙක් ලෙස පෙනී සිටීමට බලපාන හේතු තියෙනවා පළමු කාරණය මා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වීම.එනිසා මාහට යම් යම් සීමා වලට යටත්වීමට සිදුවේ.අනිත් අතට මා කුමන අයුරින් හෝ ප්‍රසිද්ධියට ප්‍රිය නොකිරීම තවත් හේතුවකි.කොන්ද සම්බන්දව මට නම් ගැටලුවක් ඇත මන්දයත් යුද ගැටුමකදී එය බිදී ගීය නිසා.නමුත් එය ලිවීම සඳහා බාදාවක් වී නැත. """



කොන්ද බිඳිගිය පුද්ගලයකුට  කෙලින් සිටගෙන වාඩිවී ලිවීමට හැකියාව  ලැබී ඇත්තේ  කෙසේදයි මාහට ගැටලුවකි...  එම නිසා මෙමෙ අකමෙන්ටුවත් ඇනෝනිමස් පාක්ෂිකයකු විසින් දැමූ එකක විය හැක..


ආරක්ශක අන්ශයේ සේවයේ යෙදී සිටි මෙතුමාට යම යම් සීමාවන්ට යටත් වී අදහස් දැක්වීමට සිංහල අවකාශයේ  බ්ලොග් අඩවි කීයක්නම් ඇද්දයි ප්‍රස්නයක් නැගේ...  අනෙක බ්ලොග් ලියන්නෙකු නොවුනාට අයි ඩී එකක් නැතයි කීම විහිලුවකි...  බුවාගේ අඩවිය කියන්නා සේ අඩු පරිඝණක සාක්ෂරතාවක් ඇති අයෙක්ට උනත් අයිඩී එකක් සදාගැනීමේ අපහසුවක් මා දකින්නෙ නැත.. සිංහල යුනිකේත වලින් කමෙට් එක ලිවීමේ හැකියාවක් ඇතිනම් අයි ඩී එකක හදාගැනීමට බැරියයි කීම විහිළුවකි...


සමහර විට මෙය 100 % සත්‍ය විය හැක... මා ඉහද කල උපකල්පනයන් වැරදි විය හැක... ඒත්  ප්‍රශ්ණය වන්නෙ වර්ථමාන සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි හේතු නිසා ඇනෝ ලෙස පැමිනෙන ආය කී දෙනෙක් ඇද්ද යනුවෙනි...

පැමිනෙන බොහෝ  අය කරන්නෙ තමාගේ පහත් සමාජයට.. සම්මතයැයි ඔහු සිතා සිටින සීමාවට බයේ හංගාගෙන සිටින මානසිකත්වයන් එලියට දමා ගැනීම පමනකි...

ඕනෑම පුද්ගලයෙක් 100% විවෘත වන්නෙ තම හෘදසාක්ෂියට පමනකි . එසේ තම හෘදසාක්ෂියට පමනක් වසන කල නොහැකි මිනිස් සිතේ චිත්තයන්  ඔවුන් ලෝකයෙන් සගවාගෙන සිටින්න  ඒවා ලෝකය පිලිගත් "සම්මත" තත්වයෙන් බැහැරවන නිසා කාඩ් කුඩුවේයැයි ඇති භය නිසා  විය හැකිය... (උදාහණයක් වශයෙන්  ලිංගික හැගීම හා ආශාවන් )   තමාගේ මතයන්  නිසා තමාට යම් හානියක් සිදු කරාවියැයි යන භය නිසා විය හැකිය... ( දේශපාලනික විවේචන සිදුකිරීමට ඇති භය)  හිත මිතුරන්  තරහ වේයැයි සිත නිසා විය හැකිය ( පෞද්ගලික රහස් )... ... වෙනත් මිනිසුන් තමා ගැන ඇතිකරගන්න ආකල්පය ගැන ඇති සැලකිල්ල නිසා  හෝ වෙතන් ඕනෑම දෙයක් විය හැකිය... ....

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝලාගේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන " ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවියේ තේමා පාඨය වී ඇත්තේ " එන්න හිත ඇතුලෙ හිරකරගත් දේ එලියට යවාගන්න " යනුවෙනි...    තමන් බ්ලොග් තර්ස්ථවාදීන් යැයි ඔවුන්ම අහඳුනවා ගනිති.... එසේ හදුන්වා ගන්න ඇනෝනිමස් ආතල්  ඇනෝනිමසාගේ ප්‍රබලත්වය ගැන කතාකරති.  විවාදයක් නැත... ත්‍රස්ථවාදීන් කොපමන ප්‍රබලදැයි ලාංකිකයන් වන අපට කීමට අවශ්‍ය නැත...  නමුත් වැදගත් වන දේ නම්  ප්‍රබලත්වයට වඩා ඔවුන් සිදුකල "හානියක්" මිස  යහපතක් නැතිවීමයි...

"""""සමහරු මෙතන ලි‍යවෙන දේවලට ඇනොනිමසයා එක්ක තරහ වෙනවා. ඒත් ටිකක් හිතලා බලන්න. ඔබ ඇත්තටම තරහ වුනේ කාත් එක්කද? මොකද ඇනොනිමසයා කියල එකෙක් නෑ. "මේ ඉන්නේ ඇනොනිමසයා" කියලා ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් නෑ. එතකොට ඔබ තරහ වුනේ ඔබ එක්කද? """"

මේ ඇනෝනිමස් ආතල් අඩවියේ  "ඇනෝනිමස් ආතල්  ලියන්නෙ කවුද යන්න " යන මැයෙන් ඇනෝනිමසාවිසින් ලිවූ ලිපියේ උපුටා ගැනීමකි...  එහි සදහන් පරිදි   "මොකද ඇනොනිමසයා කියල එකෙක් නෑ. "මේ ඉන්නේ ඇනොනිමසයා" කියලා ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් නෑ."  යනුවෙන් ඔවුන් ඇනෝනිමස් ලෙස පෙනී සිටින්නෙ  අවජාතකයන් බව  ඔවුන්ම කියා ගනිති.


අවජාතක =   අව- ජාතක 

අව- අඩු, පහත්   වේ

ජාතක - උපත, බිහිවීම වේ    ඒ අනුව පහත්, අඩු උප්පත්තියක් ඇත්තා අවජාතකයා වේ .ඔවුන්   කාගේ කවුද,  ආවේ කොහෙන්ද , නමක් ගමක් දන්නේ නැත...  හරි වැරද්ද පෙන්නා දෙන්නට  කෙනෙක් නැත...   කුලයක් ගෝත්‍රයක්  නැත...   කරනා වැඩ වලින් කුඩුවීමට කාඩ් එක නැත. තමන් කවුදැයි තමන්වත් නොදන්නා ඔහු හෝ ඇය අනාගතයක් වර්ථමානයක් අතීතයක් නැති  සම්භවයක් ඔහුවත් නොදන්නා අයෙක් වෙයි...   එවැන්නෙක්ට ගොඩනගාගත් ප්‍රතිරූපයක් නැති නිසා  ඕනෑම කුණුගොඩක් එලියට දැමීමට හැකියාව ඇත...

මේ ඇනෝනිමස් ආතල් අඩවියේ  "ඇනෝනිමස් ආතල්  ලියන්නෙ කවුද" ලිපියේම තවත් තැනක

"කවුද ලිව්වේ කියන දේ හෙවීම නැත්තන් ජාතකේ හෙවීම අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි. ඒ වගේම අඥාත බවත් අද ඊයේ ඇති වුන දෙයක් නෙමෙයි. මේ දෙකටම දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි ඒ සෙල්ලම් අත අරිමු"   යනුවෙන් ඔවුන් අඥාත හෙවත් ජාතකයක් නැති ඔවුන්ම බව පිලිගෙන ඇත...

පෞද්ගලිකව මටනම් ලියපු එකාගේ ජාතකය වැඩක් නැත.... ලියපු දේ පමනක් සෑහේ...  ඇනෝ ලෙස පෙනී සිටින බොහෝ උදවිය  කරන්නෙ ප්‍රසිද්දියේ තම නිරුවත හුවා දැක්වීමයි... එය තමා අඥාත බව ලොවට කියා පෑමක් බව ඔවුන් නොසිතන්නෙ තමා " ඇනෝනිමස්" යන මහා බලගතු නමකට මුවා වී සැගවී සිටින නිසා යැයි සිතන නිසා වීමට පුලුවන... ඒත් වැදගත්ම දේ නම්  තමා කරන්නෙ කොන්ද පන නැති  අඥාත වැඩක් බව තමා දැනගෙන සිටීමයි... ඇනෝ නිමසා අඥාත උවත් ඒ පිටිපස සැගවී සිටින  පුද්ගලයා වැදූ  මවක් පියෙක් ඇති නිසා ඔබුටහුට හෝ ඇයට ජාතකයක් ඇත...

එම නිසා ඇනෝ ලෙස එලියට එන්නෙ තමාගේ ජාතකේ අඩු පාඩු නිසා වන අඩුපාඩුකම් බව තම හෘද සාක්ෂිය දන්නවා ඇත...   මනස + උස්  හෙවත් මනුස්සයෙක්ට  ඇත්තටම තම හෘද සාක්ෂියට විරුද්දව යාමට හැකියාවක් නැත.. එසේ නම් එසේ අඥාත ඇවිදින් පහත් මානසිකත්වයන්  ප්‍රදර්ශනය කරන්නෝ තිරිසන්නු වෙති...

බල්ලන්ට තම ජාතකය ගැන හෝ අන් දෙයක් ගැන වැටහීමක් හෝ පුරුද්දක් නැත..  පැටියා කාලයේ කිරි දී වැදූ තම මව සමග වුවද වැඩුනු පසු ප්‍රසිද්දියේම සංසර්ගය යෙදෙති.. ඒ ඌ තිරිසනා නිසායා.. ඕනෑම තැනක ජරා කරති. ගද ගසනවායැයි හෝ තවත් කෙනෙක් බලං සිටිනවායැයි කියා තැකීමක් නැත.. ඒ ඌ තිරිසනා නිසාය.. ඌ වචනයේ පරිසමාප්ත අර්ථ්යෙන්ම  කරන්නෙ බලු වැඩය..  එවැනිව අඥාතව  මනස + උස්  හෙවත් මනුස්සයන්ට නොගැලපෙන තිරිසං වැඩ කරන ඇනෝලාත් මේ බල්ලාත් අතරේ මා නම් වෙනස් කමක් දකින්නේ නැත...

එමනිසා මේ තිරිසනුන්ට බය විය යුතු නැත...  තමා බය නොවී සිටීනම් කිසිම බල්ලෙක් හපන්න එන්නේද නැත... බ්ලොග් අවකාශයේ බල්ලන්ට හපන්න කොහොමවත් බැරිය...මේ බුරන   බල්ලංට සිංහ හම පෙරෙවුවේද  අපිමය... අපි සිංහයායැයි එ බල්ලන්ට රැවටෙන විට උන්ට ආතල්ය... එමනිසා  ඒ සිංහ හමට අපිම සිංහයායැයි නොරැවටී කරන්නට ඇත්තේ බුරන බල්ලාට බුරන්නට ඇර  අපේ ගමන පාඩුවේ යෑම පමනක්මය...


මෙය  පොඩි මෑන්ගේ ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ කමෙට් දමන මෙන්ම සිංහල බ්ලොග් අවකායේ බහුතරයක් ඇනෝලාට මිස හැම ඇනෝලාටම  නොවේය.. කුමක් හෝ හේතුවක් නිසා අයි ඩී එකක නොමැති අය හෝ පෞද්ගලික හේතු නිසා අනන්‍යතාව සගවන එහෙත් ලිපියකට වැදගත් ලෙස..  හොද ප්‍රතිචාර දක්වන ඇනෝලාත් මේ අතර සිටිති.. නමුත් අවාසනාවකට ඇනෝලා ඇන්ව හදුනා ගැනීමට නොහැකි නිසා සියලු ඇනෝලා වැටෙන්නෙ බලු කැටගරියටය...  නමුත් ඇනෝලා ලෙස පැමිනෙන අය තමන් මොන කැටගරියට අයත් දැන් තමාම ඉතා හොදින් දන්නා නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමට නොයමි...


බ්ලොග් අවකාශයේ යහපත් ඇනෝලාට ජයවේවා.... !!!




ප. ලි

 බල්ලන්ගේ බලු ආතල් දැකාම සමහර වෙලාවට  අපිටද පුල් ආතල්ය...   දැන් පල්ලහා කමෙට් තීරුවේ එවැනි බලු ආතල් දැක අපිටද ආතල් එකක් ගන්නට ලැබේවායි පතමි... 


ප . ප.ලි

  නගරේ  කාක්කන් වගේ කොන්ද පණ නැති හැංගි මුත්තන් සෙල්ලං නැතුව සිංහල බ්ලොග් අවකාශයම දිනූ ගමේ බයියාට බොක්කෙන්ම සුභ පැතුම්......!!!


142 comments:

  1. මට පේන්නේ ඇනොනිමස් එකේ උඹේ නම දා ගන්න කරපු වැඩක් වගෙයි පොඩ්ඩෝ....

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ අභීත අයියා... උඹලට ලොකු උනාට මට ඕක කොකු නෑ.. අනිත් ඒක තමයි ඇනෝනිමස් ආතල් එකේ නම වැටුන කියල මට මොනවද ලැබෙන්නෙ.. ?? ...

      Delete
  2. පොඩි අපිට මේව ලොකු වැඩී....

    ReplyDelete
  3. මටත් කියන්න තියෙන්නෙ බ්ලොග් අවකාශයේ යහපත් ඇනෝලාට ජයවේවා.... !!!

    ReplyDelete
  4. මගේ අදහස දීර්ඝව කියලා තියනවා මීට කලින් , ඒක පොඩි මැන් කියවල තියන බවත් පේන්න තියනවා ඒ නිසා අලුතෙන් ඒ ගැන මොකුත් කියන්නේ නෑ .

    හොඳ නරක බේදයක් නැතුව ,ඇනෝ ඇවිත් හිතට එන ඕනි දෙයක් කියල යන්න මගේ බ්ලොග් අඩවි විවෘත බව පමණක් සටහන් කරනවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙනම බුවාගෙ සිතුවිලි මම කැමැත්තෙන් කියවන බ්ලොග් අඩවියක්.. ඒ බුවාගේ සිතුවිලි.. මේ මෙබුවාගේ සිතුවිලි...

      ඕනම ඇනෝ කෙනෙක්ටත් මගේ අඩවියත් විවෘතයි... :)

      Delete
  5. අප දැනසිටියා ඔබ මෙවන් පෝස්ට් එකක් දමන බව..
    තමාගේ දුර්වල නිර්ලජ්ජිත අවජාතක පෝස්ට්වලින් තමාටවූ හානිය හා ලැජ්ජාව මකාගැනීමට සිංහල භාෂාවේ ඇති බරවචන යොදා ඇනෝවරුන්ට බල්ලන්යැයි බැන තමා විසින් තමාටම සුදුහුනු ගාගැනීමේ ඔබගේ උත්සාසයට අපේ ආචාරය..
    කලයුත්තේ ඇනෝවරුන්ට බැනීම නොවේ වැදගත් මහත්මයෙකු ලෙස තමාගේ වැරදි සාදාගැනීමයි..
    අප මෙසේ කියන්නේ බ්ලොග් කියවීමට කුඩා පාසල් ළමුන්පවා පැමිනෙන නිසා..
    ප්‍රසිද්දිය හා බ්ලොග් ලෝකයේ තැනක් සාදා ගැනීමට දරන ඔබගේ උත්සාහයට අපගේ සුභපැතුම්..
    ඔබගේ භාෂාවෙන් ඇනෝ බල්ලෙක්.
    මව්බිමේ භාෂාවෙන් රටේ සංස්කෘතිය ආරක්ෂාකරන්නෙක්.
    WE ARE ANONYMOUS

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පෞර්ශය ගැන අවුලක් ඇත්තේ මෙය ලියන්නාට මිස වෙනකෙකුට නොවේ.කලින් පෝස්ට් එකක තිබුනා පොඩිමෑන් තමන්ගෙ අම්මගෙ චූබර ගැන කියනවා..
      මෙවන් මානසික රෝගියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් මෙච්චරයි.
      ඇයි තව ඉන්නවා
      (ඕනය ,බට්ටා)මොවුන් පිටින් හුනුගගා ඇනෝ කමෙන්ට්දාලා බනින අය තමා.:)

      Delete
    2. මෙවන් පෝස්ට් එකක එනකම් මග බලා සිටියාට මෙන්න මගේ ආචාරය....!!!

      දැමූ වචන මටනම් බර නැතිය... පතට ආ අදහස ලියාගෙන ගියා පමනකි... මා මෙහි පල කල කිසිම පෝට් එකක් ගැන ලජ්ජාවට පත්වන්නේවත් එය වැරදියැයි දකින්නේවත් නැත... මක් නිසාද යත් චීන බාසාවෙන කියන දෙයක් තේරුම් ගැනීට ඔහු චීන බාසාව ගැන අවබෝදයක් තිබිය යුතුය... එසේ නැතිනම් කොච්චර දත්මිටි කෑවාත් චීන බාසාවෙන් කියන්නෙ කුමක්දැයි එය නොදන්න කෙනාට වැට හෙන්නේ නැත...

      නමුත් චීන බාසාව දන්න එකාට එහි ගැටලුවක් නැත...
      සියලුම ඇනෝ වරුන් බල්ලන් සේ නොහැදිනෙවුවෙමි... අදාල කැටගරියට පමක් කීවෙමි.. ඔබත් ඒ කැටගරියේ නිසා බල්ල යන්න බාරගෙන ඇති බව පෙනේ...

      මෙන්න එයට මාගේ සුභ පැතුම්....!!!


      අපේ මවු භිමට පැහැදිලි පෞඬ ඉතිහාසයක් තිබේ.. සිංහල භාෂාව වූ අපේ මවු භාෂාව කතාකල අපේ මුතුන් මිත්තෝ වන නියම සිංහ ලේ ඇත්තෝ මවුභිම වෙනුවෙන් නියම මවුබිමේ භාෂාව කතාකරේ සතුරාගේ වෙඩි උන්ඩයට පවා නොබියවය...

      හැංගී ඇවිත් " කොන්ද පණ නැති , ජාතකයක් නැති උන් ලෙස ඇවිත් මවු බිමේ භාෂාව ගැන කතා කිරීම
      උපහාසයට කරුනකි...

      එය බර වචනයක්නම් සරල භාෂාවෙන් " පුකෙන් හිනා යන්නකි "

      Delete
    3. @ ඇනෝ 2 :- අපේ අම්මාට හැදෙන චූ බර ගැන කතා කිරීම ඇනෝට ගැටලුවක් වීම මට ප්‍රස්නයක්.. සමහර විට ඇනෝගේ අම්මා චූ නොකරනවා වෙන්න පුලුවන්...

      මගේ පෞදය ගැන කතා කිරීමට ඔබට නියම නමින් ඒමට බැරිවීම කන්ගාටුවට කරුනක්....!!!

      Delete
    4. @ඇනෝ Mar 21, 2012 07:55 AM,

      මම කියන්න තියන දෙයක් කෙලින්ම කියනව මිසක් ඔයාල වගේ මුවාවෙලා ගහන්නෙ නෑ මෙයා.

      Delete
    5. ekenma baninawa nam name eka daala patta kunu harapen bennath duka neh..eth ehema nethi ewunge jaathakaya gena loku prob ekak tiyenawa kiyana eka nam sampoorna etta

      Delete
  6. පොඩි ඔයා මෙච්චර මහන්සි වෙලා දිගට ලිව්වට මේවායින් ඔබ සිතනවද ඇනෝලව නවත්වන්ට හෝ ඔවුන්ගේ බහුතරයක් වන කුණුහරප සයිමලා නවතියි කියලා?මං නම් හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් නෑ ඒ වගෙම කිසිස්ම අවශ්‍ය තාවයකුත් නෑ ඒව නවත්තන්න.. තමන් කරපුවා හා කියපුවා තමන්ටමයි... මේ ඒ ගැන මට හිතුන දේ පමනයි... :)

      Delete
  7. රොහාන්/රංගි/රචින්ත/වාසල/චමිල/ලිශාන්/දුකා/හරේෂ්

    ඔය ඉන්නේ සෙට් එක.

    ඕක තනිවැඩක් නෙවෙයි පොඩි මෑනො බූන්දිය වගේ ගෲප් එකක්. ඒ වගේම ඕක කරන උන්ට තමුන්ගේ පෞර්ෂය ගැන සෑහෙන අවුලක් තියෙනවා. ඔතනින් තුන් දෙනෙක් දැනටත් මානසික ප්‍රතිකාර ලබා ගන්නා ලියාපදිංචි රෝගීන්.
    අනිත් අයටත් එක් එක් ආකාරයේ අර්බුධ තියෙනවා.

    උබත් මේ වැඩක් නැති කුනු අවුස්සන්නේ නැතිව වැඩක් ඇති දෙයක් ලියපං

    ReplyDelete
    Replies
    1. ඔය කවුරු ලිවුවත් මට ගැටලුවක් නෑ බං.. මම කිවුවෙ මට හිතිච්ච දේයි... කුණු අවුස්සනකොට අපිට වඩා කුණු දාපු උන්ට ගඳ ගහනවා... පේන්නෙ නැද්ද උඩ කමෙන්ට්.. :)

      Delete
  8. podi man ta jaya wewa!!!

    ReplyDelete
  9. api bokkenma podi manta

    ReplyDelete
  10. යහපත් ඇනෝලට ජයවේවා......!

    ReplyDelete
  11. ‍අනේ මන්දා.. අනෝ නම්..

    ReplyDelete
    Replies
    1. මමනං ටිකක් දන්නවා.,.. :D :D

      Delete
  12. කවුරු කොහොම ඇවිත් මොනවා කියල ගියත් ඒක කියපු එක්කෙනාගේ හිත දන්නවා මේක කලේ මම කියලා. කවුරු හරි ඔය කියන විදියට ඇනෝ විදියට ඇවිල්ල කුණුහරප කමෙන්ට් දාල තනියෙන් ආතල් ගන්නවා නම් එයාට ඒ ආතල් එක ගන්න කියලා අපේ ගමන අපේ පාඩුවේ අපි ගියාම ඔක්කොම ඉවරයි. එතකොට ඇනෝලටත් ආතල් නැති නිසා උනුත් යන්න යනවා. ඕවා ගැන කෑ ගහන්න ගියාම තමයි ඇනෝලා ඇවිත් වැඩි වැඩියෙන් ආතල් දෙන්න පටන් ගන්නේ. ඔය අනුන්ගේ බ්ලොග් වල සදාචාරේ ගැන කෑ ගහන ඇනොලා සදාචාරේ රකින්න යන්නෙත් කුණුහරප කියලා. උන්ගේ සදාචාරේ කොහොමද කියලා එකෙන්ම තේරෙනවනේ .......

    ReplyDelete
    Replies
    1. අනිවා බං... ඔය සදාචාරෙ රකිනව කියල පොර ටෝක් දෙන උන්ම තමයි ඇවිත් ගද ගස්සන්නෙ... පාඩුවේ කමෙන්ට් දාන ඇනෝලා ඔය වගේ බුරන්න එන්නෙ නෑ...

      Delete
  13. ඈනෝ කියන්නේ කොන්ද පන නෑති අයම කියන්නේ නම් නෑ මම.... හොද උනුත් ඉන්නවා කියලා ටිකක් දෑකපු නිසා.....

    මොනවා උනත් ඈනෝ කෙනෙක්ට හොද දේවල් කරන්නත් පුලුවන්...

    උබ කියපු දෙවල් එක්කත් මම එකගයි...

    මොනවා උනත් බ්ලොග් වලට ඈනෝ ලත් නම් ඕනා.... කලෙකට ආතල් දිලා යන

    ReplyDelete
    Replies
    1. අනිවා... .. සැටිපිකෙට් ඇත්ත

      Delete
  14. මාත් කියන්නෙ...යහපත් ඇනෝලට ජයවේවා......!

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ ජයවේවා කියලම තමයි....

      Delete
  15. මට හිතෙන විදියට සමහර බ්ලොග්වල ඇනෝ විදියට කුණුහරුප කමෙන්ට් දාගන්නෙ බ්ලොග් එක ලියන කෙනාමයි, හිට්වෙන්න...
    ඒකත් ඉතින් ප්‍රචාරණ උපක්‍රමයක්....
    මමනම් ඉතාම සංවේදී කාරනාවකදිවත් ඇනෝ වෙන්නෙ නෑ. එතකොට කමෙන්ට් එක කැපෙන්න තියෙන ඉඩකඩනම් වැඩියි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවනං ඉතිං ඒකත් පොන්න කමක්ම තමයි.. කමෙන්ට් එක කැපෙන්න කිවුවෙ.. ? ඒක තේරුනේ නෑ

      Delete
    2. කමෙන්ට් එක සැර වැඩි වුනොත් හරි දිරවන්නෙ නැත්නම් හරි කපනවා (සමහරු)

      Delete
    3. මෙන්න මේ කතාව නම් මටත් දැන් කීප සැරයක් වෙලා තියෙනවා සුමිත් අයියා. බැරිම තැන මම පෝස්ට් එකකකුත් ලිව්වා.. එවැනි තැන් වල අපි අපේ වගකීම බාර ඇරගෙන තිබුනත්( නමින් ගිහින්) කොමෙන්ටුව කපනවා.. එතකොට දැන් මේ කියන කොන්ද පණ නැති කම තියෙන්නේ කාටද කියන ප්‍රශ්නේ ......????

      Delete
    4. @ නාකියා :- සහතික ඇත්ත...ඒ වුනත් ඒක වෙනම කතාවක් මේකෙම අනිත් පැත්ත... නමින් ගිහින් කියන දේ පිලිගන්න බැරි එක..

      මෙතන වෙලා තියෙන්නෙ නමින් ඇවිත් ඇත්ත කියන්න බැරි කම... උඩ අභීතගෙ කමෙන්ට් එක බලන්න... කියන තියෙන දේ කෙලිම කිවුවා... ඇයි අනිත් උන්ට එහෙම කියන්න බැරි ?

      Delete
  16. දන්නවද ලොකු ටෝක් දීලා යකඩ කතා ලියපු කෙල්ලෙකුත් හිටියා දිල් කියලා. අනේ ඇනෝ කමෙන්ට් දෙක තුනයි යකඩ උනු වෙලා දියවෙලා ගියා ගෑනි හොයාගන්නත් නෑ. කෙල්ලන්ගේ අහවල් එක ගැනයි කෙල්ලයි කොල්ලයි අහවල් එක කරන හැටි ගැනයි ලොකු කතා ලියන උඹ ඇනෝලා කියන දේවල් සත පහකට ගනන් ගත්තෙ නැති උඹ ඇයි මේ මෙච්චර කලබල වෙලා?
    හිට්ස් ඕනෙද?නැත්තම් උඹට ඇනෝනිමස් ආතල් එකේ උඹ ගැන ලියපියක් දාගන්න ඕනෙද?එහෙමත් නැත්තම් උඹත් දැන් ඇනෝනිමස් ආතල් එකට ලියනවද?ලොකු කතා ලිව්වට තාම මොන්ටිසෝරි මානසිකත්වයක්නෙ උඹට තියෙන්න

    ReplyDelete
    Replies
    1. මට වඩා වැඩි කාලයක් තියෙන්නෙ බ්ලොග් ලියන මගේ හිට්ස් ගානෙන් බාගයක්වත් නැති ඇනෝනිමස් ආතල් එකේ ලිපියක් දාගෙන මොනව කරන්නද බං මට... ඔයා ගොඩක් ලොකු ටෝක් දෙන උන්ගෙ ඇතුල හිස්.... ඒක නිසා මමනං ලොකු ටෝක් දෙන්නෙ නෑ ... පොඩි ටෝක් මිසක්... පේන්නෙ නැද්ද තාම පොඩි එකා කියලා

      උඩ ලිපියෙ කලබල වෙච්ච බවක් පේනවද ?? යහපත් ඇනෝලට ජයවේවා කියල තියෙද්දිත් බල්ල මාක් එක ඉබේම ගහගෙන ඇවිත් බුරන උඹ කලබල වෙලා කියලයි මටනං පේන්නෙ.. :)

      Delete
    2. ඔය උඩ කමෙන්ට් එක දාන්න ඇත්තේ රංග -මගේ සෝකය
      (සමහර විට උගේ කුණු කන අභීත වෙන්නත් බැරි නැහැ)

      Delete
    3. අඩෝ කොහොමද උඹ දැනගත්තේ....?

      Delete
  17. ඇනෝ ගැනනම් මම දන්නේ නෑ ඒත් බ්ලොග් එකකට කොමෙන්ට් කරන්නේ අපේ මතය කියන්නනේ එතකොට අයි ඩී එකක් වැදගත්....අනික තමන්ගේ අත්දැකීම් බෙදාගන්න හොරෙන් ඇවිත් වැඩක් නෑනේ....

    //කොන්ද බිඳිගිය පුද්ගලයකුට කෙලින් සිටගෙන වාඩිවී ලිවීමට හැකියාව ලැබී ඇත්තේ කෙසේදයි මාහට ගැටලුවකි... එම නිසා මෙමෙ අකමෙන්ටුවත් ඇනෝනිමස් පාක්ෂිකයකු විසින් දැමූ එකක විය හැක..//

    කොන්ද කැඩුනයි කියලා වාඩි වෙලා ලියන්න බැරිකමක් නෑ පොඩි මෑන් බොහෝ වෙලාවක් ඉන්න බැරිවුනත් කොමෙන්ට් එකක් දාගන්න පොඩි වෙලාවක් ඉන්න එක සුළු දෙයක්

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්.... මම නෑ කියල නෑ...

      ස්තූතියි...!!!

      Delete
  18. Ano kenek anla thikanawa poddage athule hitapu balu sinhaya eliyata ennama.

    Sahenna mahansi wela anola gana wigrahayak karala. Paw podi eka.

    Ane poddo Eka ekage wikara comment ganan gan nathiwa ara issara wage honda 18+ post ekak dapan ban.

    Unba hontama wadagath welada nathnam anolata baya welada?

    Ape podi ekata jaya wewa... 18+ thawa liynna diriya labewa..

    ReplyDelete
    Replies
    1. ම්නටත් උඹ ගැන හිතෙන්නෙ පවු කියල විතරයි...

      18+ වේවා.. ඕනම දෙයක් වේවා මට හිතට එන ඒවා ලියල දානවා....

      Delete
  19. HETA ANIDDATAPODI MAN ANOLAGE COMMENT BLOCK KARANNA PATAN GANIDA DANNE NA. ECHCHARATAMA WATILA WAGE. PAW ANE.

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ.. මාරෙට වැටිලා... කොන්ද කැඩෙන්නම...

      Delete
  20. පව් පොඩ්ඩො හඳ කඩා වැටෙයි... කඳු පාත් වෙයි.. කියලා බුරන බල්ලන්ටයි.. ඇට දෙක කන්ඩ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා එළුවගෙ පස්සෙන් යන බල්ලන්ටයි..ඕන්න ඔහේ නිදහසෙ බුරන්ඩ , පස්සෙන් යන්ඩ ඉඩ දීලා ඉමු.. අපිට මොකෝ ? වෙන වැඩක් නැති වෙලාවට ඔය බුරන , පස්සෙන් යන දිහාත් බලන් ඉමු..

    ReplyDelete
    Replies
    1. ඔය නිකන් ලියල දැම්මා.... බලු ආතල් එකක බලන්න...

      Delete
  21. ඇනෝලා ඔක්කොම නරක නෑ මගේ හිතේ.....කොහොම උනත් ඕනේ සක්කරයෙක් නෙට් එකට කනෙක්ට් වෙලා එපෑ මේවා කරන්න...ඉතිං මොන proxy දැම්මත් Reverse එකට ගිහිල්ල ආවේ තැන හොයාගන්න හැටි දන්න එකා දන්නවා....

    ReplyDelete
    Replies
    1. මොකට හොයාගෙන යනවද බං... බල්ලෙක් බුරනකොට බල්ල ආවෙ කොහේ ඉදලද කියල හොයනවද... ??

      Delete
  22. කියෙව්වා, පෝස්ට් එක සහ සියළුම කොමෙන්ට්ස්. මගෙන් නෝ කොමෙන්ට් :-)

    ReplyDelete
  23. අයි.ඩී. නැති ඇනෝලා නිතරම පැමිණෙන්නේ සාකච්ඡා අල කිරීමටය. අයි.ඩි. එකක් හදා නොගන්නේ "එදා වේල" වර්ගයේ විවේචන පමණක් ඉදිරිපත් කිරීමටය. අයි.ඩී. එකකින් එය සිදු කළහොත් පුද්ගල ප්‍රතිරූපයක් (අවම වශයෙන් මතවාදීයව ) ඇතිවී එය විවේචනය වනවාට ම්වුන් බිය වෙති. එසේ නැත්නම් ඔවුන්ට මතවාද නැත. පොඩි මෑන්, මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. @මිගාර,

      1. කෙනකු "එදා වේල" වර්ගයේ විවේචන පමණක් ඉදිරිපත් කිරීම වරදක්ද? "එදා වේල" වර්ගයේ විවේචන පමණක් කරන පිරිස් අපට ඕනැ තරම් කාර්යාලයේදී, කෝච්චියේදී, වෙළඳපළේදී මුණ ගැසේ. ඔවුන්ට සැබෑ ලෝකයේ එසේ කළ හැකි නම් බ්ලොග් අවකාශයේ එසේ කිරීමේ වරද කුමක්ද?

      2. සාකච්ඡා අලවීමේ ගැටළුව මතු වන්නේ ඇනෝලා නිසාද නැතිනම් දුර්වල මොඩරේෂන්, කල්ලි ගැසී විරුද්ධ මතධාරියාට පහර දීම වැනි වෙනත් හේතූන් නිසාද? හොඳ මොඩරේටර් කෙනකුට මෙය ලෙහෙසියෙන් වලක්වා ගත හැකියි නේද? (සැබෑ ජීවිතයේදී හා බ්ලොග් අවකාශයේ යන දෙකේම)

      3. හැම කෙනකුටම අනිවාර්යයෙන්ම මතවාදයක් තිබිය යුතුද?

      Delete
  24. ලිපියයි කමෙන්ට් ටිකයි කියෙව්වා....

    ReplyDelete
  25. තමුසෙට වදින්ඩ ඕනේ තැනට රිදෙන්නම වැදිලා තියනවා. ඒක අපේ විශාල ජයග්‍රහණයක්. තමුසෙගෙ බ්ලොග් එකේ අමු තිත්ත කුණුහරප ලිය ලියා ඒවා මහා සාහිත්‍ය නිර්මාණ ලෙස පෙන්වීම තියන තුරු අපි තමුසෙව අතාරින්නෙ නැහැ. හාස්‍ය රසය සහ කුණු රසය අතර වෙනස පොත්පත් කියවලා දැන ගන්නවා. කුණුහරප පිටු පබ්ලිෂ් කරලා තමන්ට විතරක් පේන විදිහට සෙටින්ග්ස් වෙනස් කරගන්නවා. එතකොට තමුසේ තමුසෙගෙ දෙමවුපියන්ට පවු පුරවන එක අඩු වෙනවා. කොන්ද බිඳුනත් නැගිටපු රණවිරුවෝ දැකලා නැත්නම් යනවා රාගම රණවිරු සෙවනට. අර ලස්සනට සින්දු කියන මේජර් රාජිත අම්පෙමොහොට්ටි කියන්නේ ඒ වගේ තුනටිය පණ නැතුව ඉඳලා චිත්ත ධයිර්යයෙන් නැගිටපු කෙනෙක්. ඇඳේ හන්සිවී ලැප් ටොප් එක ඔඩොක්කුවේ තියාගෙන වැඩ කරන කොන්ද බිඳුන අය ඉන්න බව තමුසෙලා වගේ 'කුණුහරප ඔලුවෝ' දන්නේ නැහැ. තමුසෙගෙ ලෝකය කුණුහරප පමණයි. ටිකක් අවට ලෝකය සමග ආශ්‍රය කරලා ඔය කුණු ගති වලින් මිදිලා මිනිහෙක් වෙන්න බලනවා.

    ReplyDelete
    Replies
    1. ඔනන ඇනෝලග මොලේ... ඕකෙ දෙපැත්ත ගැනම කතා කරල තියෙනවද දැක්කෙ නැද්ද... සමහ්‍ර විට මට හිතුන දේ වැරදියි කියලත් කියල තියෙනවා... ?? බ්ලොග් එකේ ලියල තියෙන එක කුණුහරුපයක් පෙන්නන්න කියල මම ඉල්ලා සිටිනවා... අනිත් දේ තමයි මිනිහෙක් තමන්ගෙ මතේ ඉදිරිපත් කරන්නෙ වැදෙන තැනට වැදුනාමද... ? ඇනෝල දෙජාතියක් ඉන්න බවත් යහපත් ඇනෝලට ජයවේවා කියලත් කියල තියෙද්දි අර හෘද සාක්ෂියට අනුව බලු මාක් එක වැදුන නිසා රිදිල නේද මේ කෑ ගහන්නෙ ඇනෝ ??

      ෆුල් ආතල්....

      Delete
    2. /ඔනන ඇනෝලග මොලේ../

      එක මකුණයි ළමයෝ කන්නේ - ඇයි ඔක්කොම මකුණො මරන්නේ?

      Delete
    3. සමා වෙන්ට ඕනෙ මෙහෙම කියනවට... ඔන්න දැන් ජාති හිතෛශියො එයි රෙද්ද කරට අරහෙන.....දෙමල කොල්ලො මරනකොට රන විරුවො.... 71,88,89 සින්හල කොල්ලො මරනකොට මිනිමරුවො........අර ඔය කියන (රන විරු) අනාත නිවාස සරීර කෑලි නැතුව දුක් විඳින අහින්සක දුප්පත් කොල්ලො කඩේ යවල..... අද ඒ පවුල් වලට මොනාද වෙලා තියෙන්නෙ......ඔය ත්‍රිවිධ හමුදාව කියන්නෙ විරුවො නෙමෙයි ධනපති ආන්ඩු වල දඩ බල්ලො.... ඒ අහින්සක කොල්ලොන්ට කරන්න කියන දේ කරන්න ඕනෙ...... හෙට අනිද්දට පිරිත් නූල් බැන්ද ඔහෙලටත් හරවන්නෙ ඒ ගිනි බටේම තමයි......

      X-Porter

      Delete
    4. methana uda thiyenaa comment eka nam pirimi ekak nemei. ganu kenek liyapu ekak.

      kawda anonymous aathal dena gan kastiya inne?????


      yahapath ano

      Delete
  26. මේ වගේ පොස්ට් කියවන්න වෙලාව නාස්ති කරණ එක අපරාදයක් බන්... උඹත් කුණුහර්ප ලියනවනේ ඉතින් ඇනෝල ලිව්වම මොකෝ?? :D .....ඇනෝලට ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. කුණුහරුප ලියල තියෙනවනම් පෙන්නපං....

      Delete
    2. කුනුහරුප ලියනව කියන්නෙ ඔය භාවිතයේදි අපි පාවිච්චි කරන දේවල් කියන එක නෙමෙයි තමන් ලියන දේ අර්ථය මොකක්ද කියන එක. එහෙම බැලුවම මේක ලිංගිකත්වය ගැන කියවන බ්ලොග් එකක් තමයි.

      අවාසනාවකට දැන් සිංහල බ්ලොග් අවකාශය දෙපිටකැපෙන කතා හා ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පලන තැනක් වෙලා. මම නම් දැන් සිංහල බ්ලොග් ප්‍රොමොට් කරන එක නවත්තල දාල තියෙන්නෙ මොකද දැන් කිය්වන්න දෙයක් ලියන මිනිස්සු ඉතාම අඩුයි.

      ඇත්ත ඔය දේවල් සමාජයෙ වෙනවා තමා ඒත් මහ ලොකුවට උලුප්පල පෙන්නන්න ඕන දේවල් කියලා මන් හිතන්නෙ නෑ. මතක තියාගන්න මේ දේවල් හැම වයස් සීමාවලම මිනිස්සු කියවන බව.අනික කොච්චර ඔය බොරු සදාචාරය සදාචාරය වැඩක් නෑ කිවුවත් අපේ සමාජය තාම එතෙන්ට ඇවිත් නෑ.
      ඒක නිසා තමන් ලියන දේ ගැන දෙපාරක් හිතන්න.
      ලිංගිකත්වය උනත් අමුවෙන් දාන්න ඕනි නෑ නේ. ඔය උඹල ල ලියන දේවල් ශෘංගාර සාහිත්‍ය නෙමෙයි.

      Delete
    3. @පොඩි මෑන් - උඹ ඔය ප්‍රශ්නේ අහන බව දන්න හින්දමයි ඔය කොමෙන්ට් එක දැම්මේ.... කුණුහර්ප කියන එක සාපේක්ෂයි මචං උඹ ලියන ඒවා උඹට කුණුහර්ප නොවුනට තව කෙනෙකුට කුණුහර්ප වගේ පේන්න පුළුවන්...(පේනවනේ උඹට වැටිච්ච කොමෙන්ට් ටික) ඒ තර්කෙම අනිත් පැත්තට ඇනොලටත් පොදුයි....:D

      @ නිශ් - "ඇත්ත ඔය දේවල් සමාජයෙ වෙනවා තමා ඒත් මහ ලොකුවට උලුප්පල පෙන්නන්න ඕන දේවල් කියලා මන් හිතන්නෙ නෑ." මචං කරන්න හොඳයි කියන්න හොඳ නෑ එහෙමද??? උඹට විවේචනය කරන්න තියන අයිතිය මම පිලිගන්නවා හැබැයි පොඩි මෑන් ට ඌට ඕන දෙයක් උගේ බ්ලොග් එකේ ලියන්න අයිතියක් තියනව. තවදෙයක් මචං ඔය වහගෙන ඉන්න නිරුවත රබර් බෝල වගේ මතුවෙනකොට ගොඩක් උන්ට රිදෙනවා.

      Delete
    4. @ පොඩි මෑන්,

      උඹ ඔය නිශ් කියන ඒවා ගනන් ගන්න එපා, අමුවෙන්ම ලියපන් එතකොට තමයි වදින්නෙ හොඳට. දැන් බලහන් අරක්කු ටිකක් උනත් නීට් ගැහුවම ටක් ගාල වදිනවා සැන්ඩි කෙරුවම ටිකක් පරක්කුයි.

      ඇනෝලට බනින්න එපා උනුත් ඉන්න ඕනෙනේ. නිකන් හිතපන් අන්දරේ හිටියෙත් රාජ සභාවෙනේ....!!!
      [දැන් කියන්න එපා අන්දරේට නමක් තිබ්බනේ කියලා, මම අදහස් කලේ ඒක නෙමෙයි]

      Delete
    5. නෑ කරන්න කියන තැන මම නෑ ඒත් කියන තැන කොතනද කියන එක අපි තෝරගන්න ඕන නේද මචං. මම කලේ විවේචනයක් විතරයි බන් ඌට අයිතියක් තියෙනවා ඕන මගුලක් ලියන්න මට මොකද බන් මම ලිව්වෙ කොමෙන්ට් එකක් විතරයි මෙතන ඒ මේ පොස්ට් එක කියෙවුවම මට හිතුන දේ මචං එච්චරයි. ඇත්ත කටුකයි ඒක ඇත්ත බන්.

      අවසාන වශයෙන් එක දෙයක් ඊයේ පෙරේදා පොඩ්ඩා පබ්ලිස් කරපු දේදුන්න පොස්ට් එක කියවපු උඹයි මායි දෙන්නම දන්න එකෙක් එක ෆෝරම් එහෙකදි කිව්ව පොඩ්ඩ කාලෙකින් හොඳ පෝස්ට් එකක් දාල කියලා කට්ටිය ඒක් අනුමතත් කලා.

      Delete
    6. ඇත්ත... මම ලියන්නෙ මම හිතට එන දේවල්.. අනික් එක මම ලියන දේවල් සෘගාර සාහිත්‍ය නොවන බවත් මම දන්නවා... සෘගාඅරය මතු කිරීම හරි මාරු වැඩක්... ඒකට මම දක්ෂයෙක් නෙවෙනවා ඇති.. සාහිත්‍ය කියන දේ කැටගරි වලට බෙදන්න පුලුවන්ද.. ?? පුලුවන් කියල හිතමු... ඒ බෙදපු කැටගරි වලට පිටින් දෙයක් තියන්නම බැරිද?

      දේ දුන්න පෝට් එක හොදයි කියන්නයි වැල ෆිල්ම් වල නිලියෝ පෝට් එක නරකයි කියන්නයි හේතුව ඔය කාට හරි මට කියා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...

      Delete
  27. කෝ බන් මගදිගට?????

    ReplyDelete
    Replies
    1. වෙලාව නෑ බං... ලියමුකො...

      Delete
  28. හෙහ් හෙහ් හෙහ්.... ඔව්ව ගනං ගන්න එපා පොඩ්ඩෝ.
    අයිඩී එකක් නැති ඇනෝලාට උනත් අනන්‍යතාවයක් තියාගන්න පුළුවන්. ඒවගේ ඇනෝ ආපු කෙනෙක් තමයි "ට්‍රැෆික් ඇනෝ" කියන්නෙ. (දැන්නම් අයිඩී එකක් තියනව.) කරන්න තියෙන්නෙ කොමෙන්ටුවෙ යටින් නම හරි වෙන මොකක් හරි ලියනඑකයි. හරිම සිම්පල්.

    ReplyDelete
    Replies
    1. මටත් ඇනෝ විදියට ගිහින් ඕනෙ දෙයක් කියල යටින් ට්‍රැෆික් ඇනෝ කියල ලියල ගියෝතිං ? ඒක සාර්ථක නෑ...

      Delete
    2. නෑ මම කිව්වෙ "අපි ඇනෝ එන්නෙ ප්‍රොෆයිල් එකක් නැති නිසා" කියන අයට. පොඩ්ඩ කියන ගැටළුව තියනව කියන එක මම දන්නව.

      Delete
  29. මූන වහගෙබද එන්නෙ... :P

    ReplyDelete
  30. පොඩි මෑන්, ඔබ බ්ලොග් අවකාශයේ "ඇනෝ" සංකල්පය හා ඇනෝලාගේ වැදගත්කම තේරුම් නොගත්තකු සේ මට පෙනී යයි. කෙනකු ඇනෝනිමස් ලෙස පෙනී සිටීම නිසාම "නරක" වන්නේ වත් නමින් පෙනී සිටින නිසාම "හොඳ" වන්නේ වත් නැත. බ්ලොග් අවකාශයේ නමින් පෙනී සිටින සමහර පිරිස් කරන ජඩ වැඩ ඇනෝලාට හිතන්නටවත් බැරි මට්ටමේය.

    කෙනකු ඔබ කියන හේතූන් නිසාද ඇනෝ ලෙස පෙනී සිටිය හැකි මුත් ඊට වඩා වෙනස් කාරණාද වේ. ඇනෝ ලෙස පෙනී සිටීම තුළින් පුද්ගලයාට වඩා අදහස් ඉදිරියට එයි. මෙය හැම කෙනෙකුටම දරාගත හැකි තේරුම් ගත හැකි දෙයක් නොවේ. උදාහරණයක් ලෙස ඉහත කමෙන්ට් කර ඇති මිගාර දොස්තර මහතා ගන්න. (ඔහුද කාලයක් තිස්සේ පෙනී සිටියේ ඇනෝවකු ලෙස බවත් සැබැවින්ම වූයේ තරංග ජයසේන මහතා විසින් ඔහුගේ ඇනෝ හම ගැලවීම බවත් සිහි තබා ගැන්ම වැදගත්ය.) ඔහු පෙනී සිටින යම් දේශපාලන මතවාදයක් ඇත. ඒ දේශපාලන මතවාදයට පක්ෂ පෝස්ට් වලට ඔහු පක්ෂ වන අතර විරුද්ධ ඒවාට ඔහු විරුද්ධ වෙයි. ඒ හැරුණු විට නමින් පෙනී සිටිමින්ම, එක් එක් ප්‍රවණතාවය ගැන නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඔහුට නොවේ. එසේ නමින් පෙනී සිටිමින් තමන් සාමාන්‍යයෙන් ගන්නා දේශපාලන මතවාදයට විරුද්ධ අදහසක් පළ කළොත් "තමුසේ එදා කිව්වෙ එහෙමයි, දැන් ඇයි මෙහම කියන්නෙ?" යි අනෙකුන් ඔහු ප්‍රශ්න කරනු ඇත. (දේශපාලන මතවාද යනු වෙනස් නොවන දේවල් නොවන බව තේරුම් ගැනීමට තරම් සිංහල බ්ලොග් අවකාශයට බුද්ධියක් නැත.) මෙනිසා ඔහු වැන්නකුට වුව තම නිදහස් අදහසක් පළ කිරීමේ අවස්ථාව ඇත්තේ ඇනොවකු ලෙසය. (ඔහු අනිවාර්යයෙන්ම එසේ කරනවාය නොකියමි.) ඇනෝ මත දැක්වීම් වලදී පුද්ගලයාට වඩා අදහස් වලට ඉඩ ලැබෙන නිසා පුද්ගලයාට පෙරළා පහර දීමට විරුද්ධ මත ධාරියකුට ඇති අවස්ථාව අහිමි වෙයි. සමහරුන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඒකය.

    මට නම් බ්ලොග් අවකාශයේ වැදගත් පුද්ගලයින් නොව අදහස්ය. එනිසා ඒ අදහස් කෙසේ එන්නේද යන්න ගැන මම උනන්දු නොවෙමි. නමුත් හැම දෙනකුටම එසේ නොවේ. සමහරුන්ට අදහස් වලට වඩා වැදගත් පුද්ගලයින්ය. (නිසරු බ්ලොග් ලියන සමහරුන් බ්ලොග් අවකාශයේ ඉතාම ජනප්‍රිය වී ඇත්තේ මෙනිසාය.) එවැන්නන් ඇනෝලාට දිගින් දිගටම එරෙහි වීම තේරුම් ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉහත දකවා ඇති කාරනා සියල්ලම ගැන පෝස්ට් එක තුල අන්තර්ගතව ඇතයි සිතමි.. ඇනෝ ලෙස පැමිනීම නරකයි කීවේවත්.. අයි ඩී එක තබා ගැනීම හොදයයි කීවේවත් නැත.. ඔබ කියන්න සේම අදහ්ස් ඉදිරියට ඒමට පුද්ගලයාගේ අනන්‍යතාව සැගවීමෙන් සිදුවෙයි.. එනම් තාමාගේ අන්න්‍යතාවය ලොවට හෙලිකිරීම තමාගේ අදහස් සගවාගැනීමට හේතුවක් වෙයි.. එය කොන්ද පන නැති කම මින්ස වෙන කුමක්දැයි ඔබගෙන් අසනු කැමැත්තෙමි... ??

      අනන්‍යතාවය සැගවීම තුලින් එලියට එන අදහස් බොහෝ දෙනාගේ ගඳ ගහන ඒවා වීම ගැන පමනක් කතා කලෙමි.

      එය තේරුම් නොගැනීම ගැන කනගාටුව...

      Delete
    2. පොඩිමෑන්, එක්කෝ ඔබ මගේ කමෙන්ට් එක කියවා නැත. නැතිනම් එය ඔබට අවබෝධ වී නැත. මා කියන්නේ ඔබට කියනවාට වෙනස් දෙයකි. නැවත් කියවා බලන්න. අවබෝධ කර ගැනීමට නොහැකි නම් කණගාටුයි. එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටම් වෙනස්ය.

      Delete
  31. "ඇනෝ සංකල්පය".......පික්ශු හැදෙන සඳ කිවුවලු. මට චූ බරත් ආව මෙවුව කියෝල.......මොකද්ද බං පොඩ්ඩෝ මේ හුට්ටප්පරේ...... තොට ලියන්න දේවල් නැත්තං අර මග දිගට ලියපං...... මුං ගූ බෙට්ටක් වටේ ඉඳන් බ්‍රහ්ම දාර්ශනික ටෝක්ස්නෙ දෙන්නෙ ගූබෙට්ට ගැන.......

    අඩ්ඩෝ මට පස්සෙ මීටර් උනේ.... ‍තෝ අපිටත් එක්ක බල්ල කියල තියෙන්නෙ නේ.... ‍තෝ අහුවෙයංකො.........

    X-Porter

    ReplyDelete
  32. මට නම් සමහර අවස්ථා තියෙනවා නමින් ගිහින් අදහස් දක්වන්න නොහැකි.එ තැන්වල ඇනෝ යනවා. හැබැයි "කුණුහරුප " කියන්න නෙමෙයි. අදහස ආන්දොලනාත්මක නම් නමින් කියන එකේ ගැටළුවක් ඇතිවෙනවා. ඒක තමයි ඇත්ත. කොන්ද පණ නැති කම කියලා ඒක කෙනෙක්ට අර්ථ දක්වන්න පුළුවන්. ඒක එක එක මිනිස්සු දකින විදිය.
    අනික තවත් දෙයක්. ඇනෝ එන එක යහපත් හා අයපත් කියලා බෙදලා තියෙනවනේ දැන්. එතැනදි මතුවෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. යහපත් ඇනෝට කොන්දක් තිබීම හා අයහපත් ඇනෝට කොන්දක් නැතිවීම. දෙන්නම ඇනෝනම් එකෙක්ගෙ විතරක් කොන්ද ගැන ප්‍රශ්න කරන එක සාධාරණිකරනය කරන විදිය ගැටළුවක්..

    මම නම් ඇනෝ කමෙන්ටු දමන්න තියෙන ඉඩ නැති කරලා තියෙන එකට පුද්ගලිකව කැමති නෑ. වාරණයකට යටත් කරලා හරි තියෙනවනම් තමා හොද.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති නෑ... $ඒකයි ඇනෝ කමෙට් බ්ලොක් නොකර තියෙන්නෙ... උඹ ඇනෝවිදියට එන කවුරු උනත් කොන්දක් පන නැති උන් විදියටයි මම දකින්නෙ... සමහර විට එහෙම එන්න විවිද හේතු තියෙන්නෙ පුලුවන්... ඒත් සමහ්‍රක් ඇනෝල නිසා ඇනෝ කැටගරිය ගැනම එහෙම හිතෙනවා...

      බූරු පලක බලාගෙන ඉදපු කෙනෙකුත් පොලීසියෙන් අල්ලං ගියාම බලං ඉදියා උනත් වැටෙන්නෙ බූරු ගහපු ගොඩටයි...

      Delete
    2. "දෙයක් තමන්ගෙ නමින් කියන්න බැරිනම් කටවහගෙන ඉන්නවා... ඒකත් එක්තරා විදියක බියගුලුකමක් තමයි.. හැබැයි ඒ බියගුලු කම මමත් කරනවා..."
      මේ උඹ පල්ලෙහා කසුන්ට දීලා තියෙන උත්තරෙන් කොටසක්.
      බලහන් ඉතින් එතකොට මේ උඹ කියන ඇනෝ ගිහින් හරි කියන්න තියෙන දේ කියන එකාට කොන්දක් නෑ කියන කොට මෙන්න මේ වගේ පැත්තකට වෙලා හිතේ තියෙන දේ ප්‍රතිපත්ති මත කියන්න බැරුව කී දෙනෙක් හූල්ලනවා ඇද්ද? අන්න ඒ වගේ නිකන් ඉන්නේ තමන්ගේ "නම" ගැන හිතන හන්දා නේද? ඉතින් මමත් ආසයි මගේ නම තියා ගන්න. හැබැයි නොනමින් හරි මගේ අදහස කියන්න ඊටත් වඩා ආසයි.. විශේෂයෙන්ම දේශපාලනික කරුණු වලදී. ඒ වගේ තැන්වල අඩුව තියෙද්දි නිකන් අත පුච්ච ගන්න වැඩ වලට මම කැමති නෑ.

      තවත් දෙයක් ඇනෝ එනවද ඇහුවොත් ඔක්කොම කියන්නේ නෑ කියලා.. ඒත් ඇනෝ එන්නෙත් මේ අපි අපිම තමයි.. ඒත් ඒක පිළි ගන්නවත් කැමති නෑ එකෙක් වත්.ඇහුවොත් එකෙක් වත් ජීවිතේට ඇනෝ කොමෙන්ටුවක් දාලා නෑ.. එතකොට මේ බ්ලොග් බලන ඒත් බ්ලොග් නොලියන වුන් තමයි ඇනෝලා. එත් තාම සිංහල බ්ලොග් වලට එහෙමට භාහිර පාඨකයන් නෑ.ඉන්න ටිකත් කියවනවා විතරයි හුගක් වෙලාවට කොමෙන්ටු වැටෙන්නේ එහෙමත් වෙලාවක. කියවන හැම එකාටම වගේ තමන්ගේ කියලා බ්ලොගයක් තියෙනවා.. එහෙනම් ඉතින් තව මොන කතාද?

      අර බූරු කතාව සහතික ඇත්ත.. ඒකම තමයි මාත් කියන්නේ.. බූරු ගහපු එකත් වැරදි. නික්න බලන් හිටිය එකත් වැරදි.වැරදි කාරයටම විතරක් දඩුවම් දෙන්න ක්‍රමයක් නෑ තමයි මෙතනදි. එත් දෙපැත්තම හිතපන් මේ වගේ දේවල් කියද්දි.මේ "කුණුහරුප" මගුලක් නිසා වැරදි නොකරත් අනික් ඇනෝලටත් කොන්ද පණ නෑ කියන එක සාධාරණද බං එතකොට.

      Delete
    3. ඒ මම හ්ටිහන විදිය කියල කිවුවනෙ බං... :)

      Delete
  33. "ඇනෝනිමස් සංකල්පය" යම් පිරිසකට ගොඩයට මැජික් වුවද එය අළුත් දෙයක් නොවේ. සීහිරි කැටපත් පවුරේ ගී ලියූවන් අතර නම-ගම සඳහන් කළවුන් සේම නොකළවුන්ද සිටියහ. නම-ගම සඳහන් වීම වැදගත්ය. සමහර ගම් එදත් තිබුණාය අප දන්නේ ඒ සටහන් වලිනි. නමුත් කැටපත් පවුරේ "ඇනෝ නිර්මාණ" වල රසය අනෙක්වාට වඩා අඩු නොවේ.

    ඇනෝනිමස් වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අනිවාර්ය වූවකි. අපි ඡන්දය භාවිතා කරන්නේ ඇනෝනිමස්වය. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම නමින් කළ යුතුය නීතියක් ඇති රටක තවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය හැකිදැයි බලන්න.

    ඇනෝ සංකල්පයට විරුද්ධ වීමට ඕනෑම බ්ලොග්කරුවකුට අයිතිය ඇති අතර එසේ කළ හා නොකළ බ්ලොග්කරුවෝ වෙති. එසේම ඇනෝ බ්ලොග් එකක සින්ඩියකට ඇතුළු කර නොගැනීමේ හැකියාව සින්ඩි පාලකයකුට තිබේ. අවශ්‍ය කෙනකුට මේ හැකියා ප්‍රයෝජනයට ගත හැකිය. එසේ නොකොට ඇනෝ ඇවිත් මගේ බ්ලොග් එකේ කුණුහරුප කියනවා කියා චෝදනා කිරීම ගෙදර දොර ජනෙල් ඇර තියා පසුව බඩු හොරුන් ගෙනිච්චාය කීමට සමානය.

    ReplyDelete
    Replies
    1. කියා ඇති දේ පටලව ගෙන තිබීම ගැන කනගාටුයි... ඕනෑම කෙනෙකුට ඇනෝ ලෙස ඒමට 100% අයිතියක් ඇත... එම අයිතිය භාවිතාක්‍ර ඒ පිටිපස මුවාවී පහත් ආසාවන් සපුරාගන්න උන් බල්ලාට සමාන කරමි... කැටගරිය තෝරා ගැනීමද ඔවුන්ටම බාර කරෙමි.. ඔබ කැටගරිය තෝරාගෙන ඇති බව පමනක් හැගේ...

      Delete
    2. නැවත කියන්නේ ඔබට මා කියන දේ අවබෝධ වී නැති බවයි. ටිකක් විමසිල්ලෙන් කියවා බලන්න.

      Delete
  34. Aluthma NEWS EKA..................

    Podi eka ANO comment waranaya karai.

    Duka thama neda Podi man.

    Ko ara pora talk.

    ReplyDelete
    Replies
    1. මුගෙ පොර ටොක් විතරයි. ගැනියෙක් අදුරගන්නත් ජන්ගිය ගලවල බලන්නම ඕන. ගැනියෙක්ට ජන්ගිය ගලවපන් කියන්නත් අරක්කු බොන්න ඕන. කෙලින් ඉදන් කියන්න තරම් කොන්දක් නැ වෙලාවට අභීත නොහිටින්න මූ එදා ගල්ලෙදි බ්ලොග් ලියන කොල්ලො හැමොගෙම සායම යවනව. එහෙවු මූ එනව ඇනොලගෙ කොන්ද ගැන කතා කරන්න. මට පුකෙනුත් හිනා ඕයී.

      Delete
    2. එදා ගාල්ලේදි මොකක්ද උනේ මචෝ...අපිටත් කියපන්කෝ....

      Delete
    3. ගාල්ලේ ආව සෙට් එකේ එකෙක් ඇනෝ ලෙස ඇවිත් ඇති බව හැගේ... නමුත් සිද්දිය මූනට කියන්න බැරි තමාගේ නපුංසක කම පෙන්වා ගොස් ඇත..

      බල්ලං පුකෙන් සිනා සෙන බලු ආතල් දැක ෆුල් ආතල් ගනිමි... :D:D

      Delete
  35. ANO COMMENT EKAKATA UNATH WADAGATH KAMAK THIYENNA ONA. PODI MANGE OLUWATA WADINNA WADAGATH WIDIYATA PARA DENA EKA EKAK.

    Ehema Nathiwa " FUCK YOU PODI MAN " WAGE ANO COMMENT DANA EKEN THERENNE PUDGALIKA THARAHAK WAGE DEYAK.

    ReplyDelete
  36. අනේ යකෝ තෝ මේ බොරුවට කියෙව්වට අම්මටවත් ගරු කරන්න දන්නේ නැති එකෙක්නේ බං උබ.නිකන් බොරුවත උඩ පනින්නෙ නැතුව හිටපන් කෑ ගහල.උබට හිට්ස් ඔනේ නම් වැඩකට ඇති දෙයක් ලියපන්.උබ මේ ලියන ඒවයෙන් උබේ චරිතෙ ගැන හිතා ගන්න පුලුවන් උබේ මේ බ්ලොග් එක දැක්කහම.උබල වගේ එවුන් එක්ක ගෑනු එනව නම් ඒ ඉතින් වේසියො තමයි..හොද කෙල්ලෙක් ආවත් ඒකිටත් දෙයියන්ගෙම පිහිටයි කියල තමයි කියන්න තියෙන්න.අම්මට ගරු කරන්න දන්නේ නැති එකෙක් ගැන තවත් මොන කථාද බං.අනිත් උන්ට බල්ල කිව්වට බං උබ තමයි මේ බ්ලොග් අවකාසෙ කන්න ආපු බල්ල

    ReplyDelete
    Replies
    1. අම්මාට ගරු කරන හැටි උඹ බලං ඉදියැයි ??

      Delete
    2. පේන විදියට උඹ අම්මටත් ගරු කරනව වගෙයි

      Delete
    3. @ඇනෝ Mar 22, 2012 01:32 AM,
      අම්මට බරදාල ගරුකරන ගතියක්නං පේනව

      Delete
  37. මුගෙ පොර ටොක් විතරයි. ගැනියෙක් අදුරගන්නත් ජන්ගිය ගලවල බලන්නම ඕන. ගැනියෙක්ට ජන්ගිය ගලවපන් කියන්නත් අරක්කු බොන්න ඕන. කෙලින් ඉදන් කියන්න තරම් කොන්දක් නැ වෙලාවට අභීත නොහිටින්න මූ එදා ගල්ලෙදි බ්ලොග් ලියන කොල්ලො හැමොගෙම සායම යවනව. එහෙවු මූ එනව ඇනොලගෙ කොන්ද ගැන කතා කරන්න. මට පුකෙනුත් හිනා ඕයී.

    ReplyDelete
    Replies
    1. උඹ ගාල්ලෙ ආවනෙ.. නමෙන් ඇවිත් ඔයට ටිකමගේ මූනට කියපං... ? ගාල්ලෙ ඉදපු අය දන්නවා ඇත්තට උනේ මොකද්ද කියලා... :P

      Delete
    2. කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලන්ගෙ ජංගි ගලවන්න හැදුවෙ එවෙලෙ උබේ ගෑනිගෙ එක ගැලෙව්වනම් ඉවරයි නේ බං.අපටත් බලාගන්නත් එක්ක...හික්ස්..

      Delete
    3. ඔන්න ඕකට තමයි බං අවජාතක කම කියන්නෙ... කිසිස්ම ආදාලත්වයක් නැති කමෙට් දාන එක... ඔන්න ඔය වගේ උන් ගැන තමයි මම කිවුවෙ... උඹලගෙ අම්ම තැනක් නොතනක් නැතුව ඕනෙ එකෙකුට ජංගිය ගැලැවුවාම ජාතකේ හොයාගන්න බැරුව යනවා.... මේක දැම්මෙ කවුද කියල අනිත් උන් නොදන්න උනාට උබේ හෘද සාක්ෂිය දන්නවනෙ මේ මම කියල.. මේ පහත් ආතල් ගන්නෙ අර මම උඩින් කියපු හේතුව නිසා කියල...

      උඹ පවු බං... උඹල ගැන අනුකම්පාවයි... උබේ නෙවෙයි වැරද්ද... වදාපු උන්ගෙයි... මීට පස්සෙ උබට දෙයක් කියන්න යන්නෙ නෑ... ඇති තරම් ආතල් ගනින්...

      Delete
    4. ඒ කියන්නෙ ඉස්කෝලේ යන කාලේ ඉදන් උබේ තිබ්බ "පොර" වීමේ කැසිල්ල එතනදිත් මතුවෙලා වැඩේ හෑවිලා ගිහිල්ල කියන එකයි.උබට හැමදාම වැඩේ වැරදුනේ "පොරත්වය" පෙන්නන්න ගිහින්නෙ.උබ මේ මහා ලොකුවට ඉස්කෝලේ කොල්ලො එක්ක ගත්තු ආතල් දානවා.උන්ගෙන් කී දෙනෙක් මේක කියවනවද,උන්ගෙන් කී දෙනෙක් උබට අඩු ගානේ මේකෙ කමෙන්ට් 1ක්වත් දානවද????අනිත් කාරණේ,උඹ මෙතන ප්‍රධාන චරිත රඟපාන සිද්ධි කීයක් අනුන්ගෙන් හොරාට අරන් දාපුවද???අනුන්ගෙ සිද්ධිත් උබ උබේ ඒවා වගේනෙ දාන්නේ.මගෙන් මොනාද කියල අහන්න උවමනාවක්නෑ,උබේ හිත දන්නව ඇතිනෙ මොනාද කියල."පොරත්වය"මානසිකත්වයෙන් ඇස් වැහුනම ඔහොම තමා......

      Delete
    5. ගාල්ලේ සිද්දියට මූන දුන්න මන්තර කාරී ඒ ගැන ලියල මැකුව පොස්ට් එක මෙතන දාන්නද??? උඹේ කොන්ද ගැන කස්ටියට අයිඩියා එකක් ගන්න?

      Delete
    6. උබ වදාපු උන්ගෙත් ජාතකේ හිතා ගත්තෑකි.පවු බන් උබ, උඹ ගැන අනුකම්පාවයි... උබේ නෙවෙයි වැරද්ද... වදාපු උන්ගෙයි...

      Delete
    7. daapan daapan,budu talk dena unge hati balanna

      Delete
    8. ගාල්ලේ සිද්දියට මූන දුන්න මන්තර කාරී ඒ ගැන ලියල මැකුව පොස්ට් එක මෙතන දාන්නද??? උඹේ කොන්ද ගැන කස්ටියට අයිඩියා එකක් ගන්න?//

      dapan macho dapan podiman ge loku weda tika apitath balaganna....

      Delete
    9. එපා බන් දාන්න ඕක දැම්ම කියල අමුතු දෙයක් වෙනවය මොකෝ මූ ලැජ්ජාවක් බයක් තියන එකෙක් යෑ ඕකෙන් වෙන්නේ උඹත් මුගේ ගානටම වැටෙන එකයි අර කෙල්ල අපහසු තාවයට පත්වෙන එකයි ඒකි ඒ පොස්ට් එක මැකුවේ මොකක් හරි හේතුවක් අතුව‍ නේ.

      Delete
    10. uba dakkata api dakke naane.muta lajjaawak naanam dammata awlak naane.muge me boru pampori eliyata ena 1 witharai.penawane, 1 kiwwa witharai muu palaathe na.thanata wadinna wachana tikak kotaa ganna puluwan wechcha gaman eno padaththala talks deegena

      Delete
  38. KOooooooooooooooooooooooooooo 18+ APi BALAGENA innawa sudooooooooooo danakan.

    Aye Dannema Nathida Ithin.....................

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ වෙලාවට මම ඕනෙ එකක දානවා....

      Delete
    2. ඒකනේ ගාල්ලේදි උඹ දාන්න ගිහින් ඇනගත්ත හැටි අපි දැක්කනේ.තවත් ඇනෝලව අවුස්සගන්නේ නැතිව පැත්තකට වෙලා ඉදපන්.නැත්නම් ඉස්කොලේ කාලේ කරපු කියපු ඒවාත් මෙතන එලිවෙයි..

      Delete
  39. කරුණාකර සියල්ලන්ම පුද්ගලික පහර ගැසීම් වලින් වැලැකී සිටින්න. අපට පොඩිමෑන් කවුද, ඔහු කළේ කවරක්ද, කරන්නේ කවරක්ද යන දේවල් වැදගත් නොවේ. පෞද්ගලිකව මම ඔහුගේ බ්ලොග් එකට ප්‍රිය කරන අතර සුවිශේෂී නිර්මාණාත්මක හැකියාව අගය කරමි. මෙය මා ආසාවෙන් කියවන බ්ලොග් අතළොස්ස අතරින් එකකි. ඔහු මෙබඳු අදහස් දරන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී වඩා වැදගත් වේ. (මා දන්නා තරමින් පොඩිමෑන් හා ඇනෝනිමසයකු අතර අවුලක් මෙතක් හට ගෙන නොතිබිණි.) අප බ්ලොග් එකක කමෙන්ට් කළ යුත්තේ තවකකු පාගා මතු වීමට නොවේ. අපේ අදහස් බෙදා ගැනීමට පමණි.

    ReplyDelete
    Replies
    1. වැරදි වැඩ කරන්න හොද නම් කිව්වම මොකද?

      Delete
    2. මෙතැන තියෙන්නෙ සදාචාරය පිළිබඳ ගැටළුවක් නොවේ. යම් වරදක් ගැන කෙනකු පැමිණිල්ලක් කළ විට "මට කියන්නෙ මොකද උඹත් කරන්නේ එකමයිනෙ" කීම අද ලාංකීය සමාජයේ ඉතා බහුලව සිදුවන වරදකි. අපි පුද්ගලයන්ට ඇඟිල්ල දිගු නොකර දේවල් ගැන කතා කරමු.

      Delete
    3. උඩම ඇනෝගේ ප්‍රතිචාරයට මාගේ ආචාරය.... අනිත් නිර්මානවලදී මතුවන අදහසක් සේ මෙයත් බ්ලොග් අවකාදයේ ඇනෝ ගැන මාගේ අදහස පමණී... එය කීමට මට පස්ස ගැසීමට හේතුවක් නැත... ඇනෝ කෙනෙක් හා මා අතර ගැටලුවක් ඇතිවීමම අවශ‍‍ය නැත. ඇනෝ කෙනෙක් ලෙස පැමින තම අදහස කුමන භාෂාවකින් හෝ කියා යෑමට ඇති අයිතිය මා දන්නවා සේම මේ ඒ ගැන මගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි... :)

      Delete
  40. බොහොම කාලෙකින් මේ පැත්තෙ ආවෙ පොඩි මෑන්. පෝස්ට් එක සහ කොමෙන්ට් දිහා උනන්දුවෙන් බලා ඉන්නවා. බොරු කියන්න ඕනෙ නෑ. මෙතෙන්දි මමනම් එකඟ නෑ ඇනෝවරුන්ට විරුද්ධ වීම ගැන (යහපත් වුණත් අයහපත් වුණත්). මොකද සමහර වෙලාවට අපිට වටිනාම උපදෙස් ලැබෙන්නෙ ඒ අයගෙන්. ඉතිං මමනං කරන්නේ ඇනෝලා වාරණය නොකර කුණුහරප වචන ඇතුලත් කොමෙන්ට් එකක් තිබුනොත් ඒක මකලා දාන එක.

    ReplyDelete
    Replies
    1. ඇනෝ වාරණය කිරීමක් ගැන කතා කරේ නෑ පුරුපුරු ( පුරු පුරුයැයි සිතමි ) ඇනෝලට විරුද්දත් නෑ.. ඇනෝ අස්සෙ හව්ගිලා මෝඩ චූන් පහත් ආතල් ගන්න උන් ගැනයි කතා කරේ.. එච්චරයි :)

      Delete
    2. @පොඩිමෑන්, එකම මෝඩ කතාව පුන පුනා කීමෙන් එය වැදගත් ප්‍රකාශයක් වන්නේ නැත. ඔබට ඇනෝ ගැන වෛරයක් ඇතිනම් ඇනෝ වාරණය කරන්න එය නොකර ඇනෝනිමස් ලෙස ආතල් ගන්නවායැයි චෝදනා කරමින් යෑම ගෙදර ජනෙල් දෝරවල් සියල්ල හැර දමා තියා අනේ මගේ ගෙට හොරු පැන්නෝය කීමට සමානය. නැතිනම් ඔබට වැටහෙන විදියට කිවහොත් තරුණියක් නිරුවතින් පාරේ ගොස් ඉන්පසු අනේ මාව දූෂණය කළෝ කීමට සමානය. මෙය කියනවාට සමාවෙන්න. නමුත් ඔබට හොඳින් අවබෝධවන එකම ටොපික් එක ලිංගිකත්වයයැයි මට සිතෙයි. (එය වැරදියි කියනවා නොවේ.) නමුත් එවනත් දේවල් ගැන කතා කිරීමේදී ඔබට යම් යම් දේ ගැන අවබෝධ කර ගැනීමේ හැකියාව ලිංගිකත්වය ගැන කතා කිරීමේදී ඔබට දේවල් අවබෝධ කර ගැනීමට ඇති හැකියාවට වඩා අඩු බවයි මට නම් පෙනෙන්නේ.

      Delete
    3. තේරෙන විදියට කියල දුන්නට බොහොම ස්තූතියි... ඇනෝලත් එක්ක තරහක් නෑ... ඇනෝ වාරනක කිරීමකුත් අවශ්‍ය නෑ.. ඇනෝලට භයත් නෑ...

      ඒක නිසා හෙළුවෙන යන්න බයත් නෑ... දූශනය කරන්න ආවත් කමක් නෑ... මොකද සීයක් ආවත් දූශණය කරන්න බැරි බව දන්න නිසා...

      මේ කමෙට් එකන්ම ආයෙත් ඔබම පිලි අරගෙන තියෙනවා... බඩි හොරු අර්න් යෑම... ස්ත්‍රී දූස්ණය වැනි අපරාද වලටයි උබ ඇනෝ කමෙට් උපමා අක්‍රල තියෙන්නෙ ... මම කියන්නෙත් අන්න ඒව ගැන තමයි.. මගේ බ්ලොග් එකේ ඇනෝ කමෙට් වහන්න ම්ට කිසිම උවමනවාක් නෑ>. මම මෙහෙම කිවුව කියල ඇනෝ කමෙන්ට් වැහුව කියල අවජාතක උන්ට ජාතකයක් දෙන්න බෑ කියලත් මම දන්නවා...

      බල්ල මාක් එක ඉල්ලගෙන ගහගෙන ඉන්නෙ අවජාතක කිවුවාම එච්චර රිදුනද ?

      Delete
    4. @පොඩිමෑන්, මනුෂ්‍යයින් හැටියට සාමාන්‍යයෙන් කාටත් තරහ යනවා. ඒ අවස්ථාවලදි අනුවණයන් අනුන්ට බල්ලා, බූරුවා වගේ නම් වලින් බැනලා හිත හදා ගන්නවා. නුවණැත්තන් එහෙම වුණේ ඇයි කියලා හිතලා එහෙම නොවෙන්න වැරදි හදා ගන්නවා. එච්චරයි.

      Delete
  41. පොඩි මෑන්@ බුවා විසින් උපුටා දැක්වූ ඇනෝ වෙමි.වෙනත් බොහෝ බ්ලොග් අඩවි නිතරම කියවන මුත් ඔබේ බ්ලොගයට ගොඩ වදින්නේ කලාතුරකිනි.ඒ වෙන කිසිවක් නිසා නොව ඔබ ලියන දේවල් වයස අවුරුදු 40 කට ආසන්නව සිටින මා හට වැදගත් කමක් නොමැති නිසාය.අනිත් අතට ඔබ උදම් අනමින් ලියන බිග් මැච් සැණකෙළි ඇතුළු බොහෝ දේවල් ජීවිතයේ ගෙවුණු වසන්තයේ මාද වින්දනය කර ඇත.එපමණක් නොව තරුණ වියේ සුන්දරත්වය මෙන්ම අසුන්දර්ත්වයද විඳ ඇත.ඒ සම්බන්දව ලිවීමට කාලය නොවේ යයි සිතමි.ඔබට කොමෙන්ටුවක් දැමීමට ප්‍රමාද වුවේ ඔබේ බ්ලොගයට නිතරම ගොඩ නොවදින නිසාය.දැන් ඔබට ගැටලුවක් වී ඇති දෙයක් සම්බන්දව කතා කරමි.කොන්ද බිදී යාම යනුවෙන් මා අදහස් කලේ බෝම්බ ප්‍රහාරයක් නිසා කොඳු අටපෙලට සිදුවූ හානි හේතුවෙන් සිරුරේ පහල අර්ධය අප්‍රාණික වීමයි.ඔබ කියන පරිදි මා සිටගන්නේ නැත.වසර 15 පමණ මා සිටගෙන නැත.නමුත් මට රෝද පුටුවක් භාවිතා කල හැකිය.කොමෙන්ට් දමනවාට වඩා බොහෝදෙවල් මම රෝද පුටුවේ සිට කරමි.මගේ නිවසේ ඇති විසිතුරු පැල සහ මගේ බොන්සායි ගස් එකතුවට සාත්තු කරමි.දිනකට පැය දෙකක් පමණ වියායාම කරමි.පොත් කියවමි. මා සතුව විශාල පොත් එකතුවක් ඇත.මා වෙනුවෙන් මගේ සහෝදරයා විසින් මහනුවර නගරයේ ඇති පොත් හල් වලින් මා ප්‍රිය කරන පොත් මිලදී ගනී.තවත් බොහොදේවල් කිවහැකි වුවත් මගේ කොන්ද සහ කොමෙන්ට් කිරීම සම්බන්ද ගැටලුවට පිළිතුරු ලැබී ඇතැයි සිතමි.ඔබ අසා ඇති දෙයක් වන්නේ මාහට කොමෙන්ට් දැමීමට තරම් බ්ලොග් අඩවි සිංහල බ්ලොග් අවකාසයේ ඇතිද යන්නය.එයට පිළිතුර වන්නේ කීපයක් ඇත යන්නය.අනිත් අතට මම බ්ලොග් කියවීම වැඩිපුර ප්‍රිය කරන අතරම කොමෙන්ට් දමන්නේ ඉඳ හිට බව කියමි.අබාධිතයෙක් වුවද කොමෙන්ට් දැමීමට වඩා බොහොදේවල් කිරීමට ඇත.මා දැනුදු කියමි මා කුණුහරුප කොමෙන්ට් නොදමමි.බ්ලොග් කාරියන්ගේ ස්ත්‍රී බාවය නිසා ඔවුනට අපහාස නොකරමි.ලිංගිකත්වය සම්බන්ද බ්ලොග් ලිපි වලටද කොමෙන්ට් නොකරමි ඒ ඒවා මට අදාල නැති බැවිනි.අවසන් වශයෙන් කිවහැක්කේ ඇනොවෙක් වී ඇත්තේ මට බල පාන විනය නීති සහ සදාචාර සීමාවන් නිසාය යන්නය.ඔබ මොනවා කීවද මා ජීවිතාන්තය දක්වාම ඇනෝනිමසයෙක් වී සිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලෙස පැමින ඇති නිසා ඔබගේ වචනයෙන් පමනක් මම සෑහීමට පොත් නොවෙමි. නමුත් එය ඇත්තටම එසේනම්, ඔබතුමා සම්බන්දයෙන් මට කිසිම ගැටලුවක් නැත.. මගේ පියාද විශ්‍රාමික අමුදා නිලදාරියෙක් නිසා ඒ ගැන යම් අවබෝදයක් ඇත. ඔබගේ කැමත්ත පරිදි ඇනෝ ලෙස පැමිනීමට ඔබට අයිතියක් ඇති වගේම එම අයිතියට මා ගරු කරමි. මා ඉහත අදහස දැක්වූයේ ඇනෝ යන නම පිටුපස සැගවී ඕනෑම කෙනෙකුට චරිත මැවීමට ඇති හැකියාව නිසා එසේ නොවෙන අයකි මේ චරිතය මැවීමට පුලුවන්යැයි උපකල්පනය කොටය. ඇනෝලා ගැන ඇති ඇකමැත්ත නිසාම හරි දෙයක් උවද මට වැරදියට පෙනී යා හැක.. ඒ පිලිබදව සමාව ඉල්ල සිටිමි.

      නමුත් මෙයින් ඔබගේ ස්තාවරය වෙනස් නොවන්නා සේම මගේ ස්තාවරයද වෙනස් නොවෙමි. ඔබ ඔය කියන පුද්ගලයායැයි පිලිගැනීමට කිසිමි සාදකයක්නැත. එවැනි සාදක සොයා බැලීමටද මට අවශ්‍ය නැත.

      Delete
    2. Chooty nai patiyek ANO lesa pamina athai sithami.. hi hi heeeeeeee. ane yako..

      Delete
  42. මම නම් කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේක මම ලිවුවෙ " මම " නිසා වෙච්ච දෙයක් ගැන නෙමෙයි. මම දකින විදියයි.. ඒ කොහොම උනත් මමනං කමෙට් මොඩරේට් කරල නෑ....

      Delete
  43. @ වර්ණා - හුටා වහපු බ්ලොග් වලත් ඇනෝල කොමෙන්ට් දානවද:D

    ReplyDelete
  44. උඹ කියල තියන දේට සීයට සීයක්ම එකඟ වෙන්න බෑ බං. උඹ යහපත් අනෝලට ජය වේවා කිව්වට, මුල ටිකෙන් ඇනෝ සංහතියටමයි බැනලා තියෙන්නේ. මාත් කැමතියි ඕන කෙනෙක් තමන්ගේ නමින්ම ඇවිත් කියන්න තියන දෙයක් කියනවා නම්. ඒත් එහෙම නෑ කියල කොන්ද පන නෑ කියන එක වැරදියි කියලා මට හිතෙන්නේ. මොකද එහෙම වෙන්න ගොඩක් හේතු තියෙන්න පුළුවන්. කොච්චර කිව්වත් අපි 100% අවංක අපේ හෘද සාක්ෂියට විතරයි. ඒ නිසා කාට වුනත් තමන්ගේ නමින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. යාලු කම නැති වෙයි කියන බයත් එක හේතුවක් ඇනෝ එන්න. මමත් ඔය ඇනෝලගෙන් කතා ඇහුවා ළඟදී දාපු ලිපියක. හැබැයි එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම තරහෙන් වුනත් හොඳ තර්ක ඉදිරිපත් කරලා තිබුනා. ඒ නිසා ඒ ගැන මගේ කිසි තරහක් නෑ.

    මම තාම නම් ඇනෝ කමෙන්ට් දාල නෑ. සමහර තැන් වල අමාරුවෙන් ඉවසගෙන හිටියා, සමහර තැන් වල නමින්ම විරුද්ධයි කියන එක කිව්වා. ඉස්සරහටත් ඇනෝ කමෙන්ට් දාන්න කිසිම අදහසක් නම් නෑ. හැබැයි ඉතින් කවදාහරි දවසක කොහෙහරි දාන්න වෙයිද දන්නෙත් නෑ. හැබැයි ඉතින් ඔය කුණුහරුප කියන ඇනෝල ගැන නම් ඉතින් උඹ කියපු දේ තමයි හරියටම හරි යන්නේ.:) උන්ට නම් ජාතකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. රාඑනෝ සංගතිය ගැනම මම කිවුවෙ එහෙම එන උන්ට කොන්ද පන නෑ කියලයි... දෙයක් තමන්ගෙ නමින් කියන්න බැරිනම් කටවහගෙන ඉන්නවා... ඒකත් එක්තරා විදියක බියගුලුකමක් තමයි.. හැබැයි ඒ බියගුලු කම මමත් කරනවා...

      බල්ලට සමාන කරේ ඒ ජාතකේ නැතුව ඇවිත් පහත් වින්දන ගන්න උන්ටයි...

      Delete
    2. ආයෙත් පරණ වැරද්ද. පොඩි මෑන්ට කෙසේ වෙතත් මේ බ්ලොග් එක කියවන පිරිසට වත් මගේ අදහස් වැටහේය සිතමි.

      Delete
  45. Me gonma gon anola ekathu wela apta 18+ nathi kala ehenam.............

    Aiyoooooooooooooo

    ReplyDelete
  46. මමනං ඇනෝ කොමෙන්ට් වැඩිය ගනං ගන්නෙ නෑ. ඒත් මම ඇනෝ වහන්නෙ නෑ. හැබැයි මේ ලගකදි ඉදල ඇනෝල දෙතුන්දෙනෙක් ඇවිත් බ්ලොග් එකේ කක්කි දාල ගිය නිසා මොඩරේශන් පාරකට යන්නත් හිතෙනව. බලමු ඒව ඉස්සරහටනෙ . . .

    හැබැයි මලේ උඹ මේ පෝස්ට් එක දැම්ම එකටනං මම කැමති නෑ . . . මට නිකං ලාවට හිතෙනව උඹ බාල මාකටිං පාරක් දැම්මවත්දෝ කියල.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මෝඬ විදියට මම මාකටින් පරක් දාන්නෙ නෑ බං... ම්ම බ්ලොග් එක මාකට් කරනව තමයි.. ඒත් මේ විදියට නෙවෙයි... බ්ලොග් එකේ ලියන්නෙ අපේ හිතේ හිතට එන දේ වල්නෙ... ඇයි අපි දෙයක ලිවුවාම ඒක අපිට උන දෙයක් නිසාම ලියනව කියල හිතන්නෙ ? බ්ලොග් අවලාදයේදී මගේ බ්ලොග් එකේ විතරක් නෙවෙයි හැම බ්ලොග් එකේදීම ඇනෝල දිහා බලාගෙන ඉදලයි මේ ලිවුවෙ...

      Delete
    2. kenthigan nathuwa hithala balahan.methana unath godak ano la hari

      Delete
  47. @පොඩිමෑන්, ඔබේ සිත චංචල වී ඇති මේ මොහොතේ යමක් කීම නිරර්ථකය. ඔබට ඔබව පාලනය කර ගන්නට පුළුවන් වූ අවස්ථාවක මේ පෝස්ට් එකත් කමෙන්ට් ටිකත් නැවත විවේක බුද්ධියෙන් කියවා බලන්න. ඔබට කොයිතරම් දේවල් නොපෙනෙන්නේද යන්න එවිට අවබෝධ වේවි. මේක කිවාට දැන් ඉතින් තවත් කෝප ගන්න එපා. තමන්ගේ වැරද්දක් පෙන්න දුන් විට මෝඩයින් කෝප ගන්නා අතර නුවණත්තන් එයි උගනිති.

    ReplyDelete
  48. දඩබ්බර උපක්‍රම දේශපාලනයේ දී හෝ යුද්ධයේ දී හෝ පලදායී වන්නේ ඉතා කලතුරෙකිනි. නිර්භිත සහ අවදානම් සහගත ක්‍රියාවන් පලදායී විය හැකිය. එහෙත් සැහැසිකම බොළඳ බව කිව යුතු ය. = ඇනොලා වෙත සැහැසිකම බොළඳ බව කිව යුතුය ඉහත සම-හරක් කමෙන්ට් වලින් එ බව පෙන්නුම් කරනවා.

    වීරයකු ගේ ජිවිතය නැසිය හැකිය. එහෙත් ඔහු ගේ හිස බලෙන් නැමිය නොහැකිය; එ වැනි නිර්භිත අය සුළුතරයක් සමාජයේ සිටිති. රටක ස්වභාවය වෙනස් කරනු ලබන්නේ ඔවුන් විසින් = එ වැනි සුළුතරයට පොඩි මැන් අයත් බවයි මට හිතෙන්නේ.

    බියසුළුකම, සැහැසිකමට වඩා අහිතකරය. = අපි බයනම් බ්ලොග් ලියන්නේ නැ... සියල්ලටම...

    නිර්භිතවන්න, එවි ට අන් සියල්ල ඒ පසුපස එනු ඇත. = අපි (බ්ලොග්කරැවන්) නිර්භිතයැයි සිතමු. ඇනොවරැන් ලෙස හෝ අප පසුපස ඇවිත් අසහස් දක්වන්නේ එබැවින් යැයි හැගේ.

    මම ප්‍රජාතන්ත්‍රවාදය මහත් සේ අගයමි; ඊට ආදරය කරමි. එහෙත්, ජානතා බහුතරය සැමවිට ම නිවැරදිය යන ප්‍රකාශය පිළිගැනිමට මම සුදානම් නැත්තෙමි.... ජවහර්ලාල් නේරැ තුමා... = පොඩි මැන්, මම (සිහින මදාරා) වගේම හැමොම පිළිගැනිමට සුදානම් කියලා හිතනවා...

    කියන්න තින දේ කිවුවා කියලා හිතනවා... ඉහත අදහස් සියල්ල ශ්‍රි ජවහර්ලාල් නේරැ තුමාගේ සිතුවිලි වලින් උපුටා ගත්තා මගේ අදහස් පැහැදිලි කරන්න..

    ReplyDelete
  49. hahahah LMAO ..patta commentuwa podi manz

    ReplyDelete
  50. උඹට වැඩ අඩුද පොඩි මෑන්????

    එහෙනම් තව පෝස්ට් ටිකක් දාපංකො නිකම් වටේට ආතල් දෙන්නෙ නැතුව. බොගෙ බ්ලොග බලන උන් බලනවනෙ මොකා මොනව කිව්වත්. මම නං බලනවා හැමදාම කමෙන්ට් නොකලට.

    ReplyDelete