2012-04-10

හඳට ලිවුමක්




හිතේ ඇති දුක ලියාලා මම
හඳට ලියුමක් අරිනවා...
මම බලන හැම වෙලාවෙම උඹ
හැංගෙන්නෙ ඇයි අහනවා....

එවා පිළිතුරු ලිවුමකින් මට
හඳ මෙහෙම දැන් කියනවා...
හැංගෙනව මම නෙමෙයි ඒ කළු
වලාකුළ විත් වහනවා...

වලාකුළ ඇයි උඹව වහගෙන
මට යකා දැන් නගිනවා...
හඳ දිහා මම බලන එක ගැන
ඌට මොකදැයි අහනවා...

අහසෙ ඇති හඳ අයිති අහසට
නැද්ද උඹ එය දන්නවා...
වලා කුලකට මිස උඹට බෑ
අහසෙ ඒ තැන ගන්නවා....






                                                                          ෴෴෴




අද දවසට දෙවනි පෝස්ට් එක... කලින් එකත් හඳ ගැනමයි....  හරියට කියනවනං හැඳේ කළු ලප ගැන මෙන්න ලින්ක එක..

හඳේ කළු ලප - දැන හිටිය හඳ




පරණ   පුරුද්දක් ආයෙත් ඇවිල්ලද කොහෙද... ඒ කියන්නෙ කවි ලියන්න පටන් ගත්ත කාලෙම හඳ ගැන ලිවුව දිගට හරහට...   ඒත් ඒක නවත්තල දැම්ම...  කවි වල දණ ගාන කාලෙ නිසා වැරදි අඩු පාඩු දැනට වඩා අම්භානෙක....  කැමති කට්ටියට මෙතනින් ගිහින් ඔය හඳ ගැන ලියපු කවි වලින් ටිකක් බලන්න පුලුවන්....
හඳ ගැන හදට හිතුන හැටි.....



හඳ ගැන නැති උනත් කලින් ගොතාපු ටිකක් මෙන්න...


ඇය

විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති






31 comments:

  1. ලස්සනයි......

    ReplyDelete
  2. වලා කුලකට මිස උඹට බෑ
    අහසෙ ඒ තැන ගන්නවා....

    පට්ට

    ReplyDelete
    Replies
    1. මල පනිනව වලාකුලු එක්ක :D

      Delete
  3. හඳට කොටන්න හිතූවා මදි උඹ පොඩ්ඩො

    ReplyDelete
  4. මේ මගේ මේ බ්ලොග් එකේ පලවෙනි කොමෙන්ට් එක..හුගක් ලස්සනයි යාලු...හදට අයිති තැන වෙන කෙනෙක්ට ගන්න කවදාවත්ම බෑ...
    (හැබැයි හද වැඩිපුරම මතක් වෙන්නේ පිස්සන්ට පිස්සු තද උනාම කියලත් අහල තියනවා...:P )

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ලට්ට ලොට්ට වලට... අහුවෙන්නෙ නැති මගූලකට ලවු කිරිල්ලක් පිස්සුවක් තමයි බං...

      Delete
  5. කොහේදෝ යන එකෙක් පොඩ්ඩට උදැල්ල දැම්මද?

    ReplyDelete
    Replies
    1. කොහෙවත් යන එකෙක් නෙවෙයි.. ඌ අහසෙම යන එකෙක්...

      Delete
  6. සදට මෙහෙම හිතුනොත්...

    නුඹ මං දිහා බලන් ඉන්න කොට
    වලාකුළ ඇවිත් මාව නොපෙනෙන්න
    වහා ගන්න එක හොදයි.....
    නැතිනම්
    නුඹට මං අයිතිවුනොත්
    නුඹ ළග ඉන්න පොළවට එන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. දීකිරට බලලුත් සාක්කි

      Delete
  7. ආයෙත් පටන්ගත්තද.....හයියෝ.....:/

    ReplyDelete
  8. යකා නගින්නේ නැතුව තිබුනොත්නේ අරුමේ වෙච්ච වැඩේට. මරු කවි ටික අප්පා.

    ReplyDelete
  9. අනුන්ට අයිතියක් තියෙන දේවල් ගැන හිතල වැඩක් නැහැ.

    ReplyDelete
  10. දුක තමයි සුමනා
    මල තමයි විමලා

    ReplyDelete
    Replies
    1. ගහක් යට කුසුමා
      ගල තමයි කමලා

      Delete
  11. aththada... :/ :/

    ReplyDelete
  12. ලස්සනයි!!

    හද අහසට අයිති වුනාට
    හඳ එළිය අයිති පොළවට :/ එව්වා කොහෙද කොහෙවත් යන රස්තියාදුකාර වළාකුළකට පුලුවන්ද එහෙම හද අයිති කරගන්න..

    ReplyDelete
  13. මොනවා උනත් අද නම් පොඩ්ඩාට මොකක් හරිම බාල්දියක් වැටිලා තියනවා වගේ.. දවල් මොනවාම හරි උනාද?

    ReplyDelete
  14. ඉස්සර හදට රොකට් - දැනි ලියුම්..


    :)

    ජය !

    ReplyDelete
  15. හොද තේරුමක් තියෙනවා.කවිය ලස්සනයි මල්ලි.

    ReplyDelete