2012-05-29

හැපි මෙවුවා එකක් සමග පොඩි මෑන් ලොකු වීම..





සිංහල බ්ලොග්  ගැන මම දැනගත්තෙ තරිඳු විජේරත්න මගේ  මිතුරගෙන් .. මූණු පොතේ ගෲප් හදාගෙන පිස්සු විකාර ලියනකොට  එක එක ස්ටේටස් දානකොට ඌ තමයි මට කෝල් කරල කිවුවෙ උඹට හරියන්නෙ බ්ලොග් කියල...

ඌ කියල දුන්න විදියට බ්ලොග් එකක හදාගෙන ලියන්න කියල අත ගැහුවට ඒක වැඩි කාලයක් කෙරුන වැඩක් නෙවෙයි... පෝස්ට් දෙකයිද කොහෙද දැම්මෙ... ඒක එහෙමම ඉවර උනා...

ඒත් බ්ලොග් කියවිල්ලටනම් දිගින් දිගටම ඇබ්බැයි උනා... මුලින් වෙබ් සයිට් එකක් කියල හිතාගෙන ඉදපු ටැබූ සබ්ජෙක්ට්  කත්නදර එහෙමත් බ්ලොග් බව දැනගත්තෙ පස්සෙයි...

ඒත් බ්ලොග් කලාව කියන්නෙ රාමුවකට කොටුවෙච්ච දෙයක් නෙවෙයි අපි වගේ ඒවුන්ටත් ලියන්න දේවල් තියෙනව කියල හිතුනෙ පූසංගෙ බ්ලොග් ගඩොල් බ්ලොග් එක දැක්කට පස්සෙයි...

ඒත් කම්මැලි කම නිසාම ආයෙත් බ්ලොග් එකක් හදාගන්න වැඩේ දවසින් දවස කල් ගියා....

ඒ කාලෙ තමයි ප්‍රාර්ථනත් සිත් අහස කියල බ්ලොග් එකක පටන් අරගෙන මටත් ලියන්න කියල බ්ලොග් එකක හදල  දුන්නෙ...

ඒ හරියටම ගිය අවුරුද්දෙ අද වගේ දවසක...

දාපු පලවෙනි පෝස්ට් එකටම හැමදාම කැමැත්තෙන් කියවපු  බ්ලොග් අවකාසෙ දැවැන්තයන් වෙච්ච කතනදර  බ්ලොග් ගඩොල් පුරු පුරු වගේ අය ඇවිත් කමෙන්ට් එකක් දැම්මාම දැනුන සතුට කියල වැඩක් නෑ...

ඒ ලැබිච්ච කික් එකත් එක්ක පොඩිමෑන් පටන්ගත්ත බ්ලොග්  කෙරුවාවට අදට අවුරුද්දයි....

ඒ අවුරුද්ද ඇතුලත මේ පෝස්ට් එකත් එක්ක ලියපු පෝස්ට් 171ට ලැබුන ප්‍රතිචාර අමුතුවෙන් කියන්න ඕනෙ නෑ...
බ්ලොග් එකේ දකුණු පැත්ත බැලුවාම හිතාගන්න පුලුවන්...

හැබැයි සමහර පෝස්ට් ගාලුපාර වගේ දිග වෙද්දි සමරහ ඒව වචන තුන හතරකට සීමා උනා...

බ්ලොග් ලියන එක ආතල් එකට කරත් බ්ලොග් කියන්නෙ මහලොකු දෙයක් නොවුනත් බ්ලොග් නිසා ජීවිතේට ලොකු දේවල් ටිකක් ලැබුනා...

හිටිස් පස්සෙ යන පෝස්ට් .. කුනුහරුප පෝස්ට් ලියනව කියල කොච්චර අය උඩ පැන්නත් කෑගැහුවත්  මටනං බ්ලොග් එක නිසා ලැබුන දේවල් වලින් වැදගත් වෙන්න කාරනා දෙකක් විතරයි...

ඒ සොඳුරු මිනිස්සු ටිකක් අදුනගන්න ලැබීමත්... බ්ලොග් ලියද්දි බලාපොරොත්තු වෙච්ච ආතල් එකත් මට මාවම වඩා හොදින් අඳුනගන්න ලැබීමත් විතරයි...

ඒ අතරින් බ්ලොග් ලිවීමෙන් ලැබුන ලොකුම දේ විදියට මම මට දැනෙන්න මදුෂාණි සහෝදරීට උදවුකරන්න ලැබීමත් සහ ඒ උදවුවෙන් ඇය දැන් සනීපවෙලා ඉන්න නිසා ලැබුන සතුටයි...

නැතුව හිට්ස් කියන ඉලක්කං ටික නිසා ලැනුනෙනං මම ලියන දේවල් මිනිස්සු කියවනව කියන දැනීම නිසා තව තව ලියන්න හිතුන එක විතරයි...

වෙනද වගේ දැන් ලියන්න වෙලාවක් නැති උනත් ඉඩ තියෙන වෙලාවට මොනව මොනව හරි ලියනවා අනිවාර්යෙන්ම

මේ අවුරුද්ද ඇතුලත ලැබුන දේවල් වලට .. බ්ලොග් ගැන කියල දුන්න විජේරත්න  මිතුරාටත්... බ්ලොග් වලට මාව තල්ලු කරපු ප්‍රාර්ථනාටත්  මූනුපොතෙන් මාව දිරිමත් කරපු බ්ලොග් ගඩොල් පුරුපුරුවටත් බ්ලොගේ ප්‍රසිද්ද වෙන්න පටන්ගනිද්දිම තල්ලුවක් දුන්න වැප්ටත්  කියවාපු.. කමෙට් කරපු කෝල ,ඊමේල් වලින් දිරිමත් කරපු  හැමෝටම කියන්න තියෙන්නෙ උඹලටත් බ්ලොග් අවකාශයටත්  මම ආදරෙයි කියල විතරමයි.....

ඔන්න දැන් දැන් පොඩි මෑන් ලොකුයි හරිය.....






60 comments:

  1. පොඩි මෑන් දැන් හෝ ලොකු වීම පිළිබද මාගේ බලවත් සන්තෝසය..... :-)
    තව චිරාත් කාලයක් හදවත් මෙව්වා කරමින් වැජඹේවා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. සතුට බෙදාගන්න ආවා.
    මම හිතන්නෙ මේ බ්ලොග් එකේ මෙතෙක් පලකළ පෝස්ට් වලින් 100 ක්වත් මමත් කියවන්න ඇති.
    අනිත් කාරනේ බ්ලොග් කාරයින්ගෙන් මුලින්ම පුද්ගලිකව හදුනාගත්තෙ උඹවයි....(ගාලු ගෙට් එකට සෙට් වෙන්න sms කරලා)දැන් බොහෝ මිතුරන් හිටියත් මුලින් හදුනාගත් කෙනා විශේෂයෙන් වැදගත් වෙනවා...

    එහෙනම් සුබ ගමන්...
    ජය වේවා...!!!

    ReplyDelete
  3. ජය වේවා පොඩි (ලොකු) මෑන්. ඔහොම යං ....

    ReplyDelete
  4. මළා... පොඩි එකා ලොකු වෙලා. අපෙනුත් සුභ පැතුම් !

    මම නම් ගොඩක් ආස අර කවි වලට තමා ඉතින්. (ලංකා පත්තරෙත් ඉස්සර ඔය ෆෝමැට් එකේ කවි ලියපු එකෙක් හිටිය. ඒ උඹ නෙවෙයි නේ. :D)

    ReplyDelete
  5. සුභ පැතුම් ඈ.....
    අවුරුද්දට 172ක්..... අම්මෝ...මටනම් හිතා ගන්නත් බෑ...

    ReplyDelete
  6. අවුරුද්දකට ම 171 ක් ....
    අපෝ මූ කලින්ම ලොකු වෙලා නෙ ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
  7. ම්..අනාගත බ්ලොග් කෙරුවාවට ජය...

    ReplyDelete
  8. අවුරුද්දකට ම 171 ක් ....
    අපෝ මූ කලින්ම ලොකු වෙලා නෙ ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
  9. //ඔන්න දැන් දැන් පොඩි මෑන් ලොකුයි හරිය..... //


    හිටහන් නාවල ගෙට ගන්න ..... සුභ පැතුම් !

    ReplyDelete
  10. පාර්ටියක් දෙන්න ඕන හරිනම් ...

    ReplyDelete
  11. ආහ් කියන්න අමතක උනා මගේ උණුසුම් සුබ පැතුම්.....!!!!

    ReplyDelete
  12. සුබ පැතුම් මචෝ

    ReplyDelete
  13. මං කිවා ජම්බුගස් උඩ බඩ ගාද්දි.. වැටෙයි කියලා.. තූ මුසලයා.. :P
    අඩෙ බොමු බං ?
    සංතෝසෙට ?
    උඹ ගානෙ ?
    :D

    ReplyDelete
  14. ආහ් නේ ලොකු උන එකට ඔහොම ඉන්නත් පුලුවන්ද...පාටි එකක් දෙන්නේ නැද්ද ..

    සුබ පැතුම් පොඩි මැන්..

    ReplyDelete
  15. සුභ පැතුම්, ලොකු වුන පොඩි මෑන්.... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!

    ReplyDelete
  16. ජයවේවා පොඩි මෑන්....ඊළග අවුරුද්ද පිරෙද්දී පෝස්ට් 340ක් වත් දායිද දන්නා නේ??

    ReplyDelete
  17. ජයවේවා පොඩී......................^_^

    ReplyDelete
  18. සුභ පැතුම් මචං!

    ReplyDelete
  19. මෙන්න බොලේ පොඩිඩා ලොකු වෙලා
    හැරමිට්යෙන් යනකමිම බිලොග් ලියන්න ලැබේවා

    ReplyDelete
  20. මගේ සුබ පැතුම් ඔබට ...

    ReplyDelete
  21. ජය වේවා සහෝ තවත් ගොඩාක් කල් ලියන්න ලැබේවා කියලා පතනවා!

    ReplyDelete
  22. සුබ පැතුම්.. අපේ බ්ලොග් අවකාසෙ නම් මාර ම මෙවුව එකක් තමයි.. ඒ අතරිනුත් ටිකක් මාර මෙවුවා ලියන කෙනෙක් විදිහටයි මාත් පොඩි මෑන් ව අඳුනගෙන ඉන්නේ.. ජය වේවා..!

    ReplyDelete
  23. ජයවේවා පොඩි මෑන්. මධුෂානි වෙනුවෙන් උඹ කරපු වැඩේ නම් සුපිරියි.

    ReplyDelete
  24. ඔන්න පොඩ්ඩො මමත් ආවා උපන්දින පාටියට... හදවතින්ම සුබපතනවා.... මම බ්ලොග් කෙරුවාවට එන්න පටන්ගත්ත කාලෙ මුලින්ම කියවපු බ්ලොග් එකක් තමයි ලට්ට ලොට්ට. (පළවෙනි එක දේවාගේ අඩවිය). දිගටම ලියපං... අපි කියවනවා... අර එක දවසක් බස් එකේදි වගේ හම්බ වුන වෙලාවක කතාකරමු... උඹට ජය...

    ReplyDelete
  25. ජය වේවා පොඩි මෑන්!!! තවත් දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  26. ඔන්න එහෙනම් මගෙනුත් අවුරුද්දට සුහ පැතුම්.. ජය වේවා!!

    ReplyDelete
  27. මාත් දිගටම කියවන බ්ලොග් එකක් . සුභ පැතුම් . දිගටම ලියන්න අපි එනවා බලන්න .

    ReplyDelete
  28. මුකුත් නොකියමි... අපේ ඇඩ්වයිස් වැඩක් නැහැ බොල.. මොකද උබ කරන්න ඕනෙ දේ කරලා ඉවරයි.. ඉතිරියත් කරපං..

    ජය ශ්‍රී !!

    ReplyDelete
  29. අඩෝ සුභ පැතුන් හරිය .... ජයශ්‍රී....ඒක නෙවෙයි දැන් කවදද උත්සවේ?...(ලොකු ළමයෙක උනා කියලා නේද කිව්වේ )

    ReplyDelete
  30. සුභ පැතුම්! :) ජයවේවා!

    ReplyDelete
  31. මගෙනුත් සුභපැතුම් ඈ....

    ReplyDelete
  32. ලොකු වෙලා ???? සුබ පැතුම්....

    ReplyDelete
  33. දැං පොඩි මෑන් ලොකු උනානම් ඔය comment වල font එකත් ලොකු කලා නම් නරකද ? මේ හතලිස් ඇඳිරිය තියෙන අපිත් blog කියවනවා කියල ඔය ලොකුවෙච්ච පොඩිමෑන් දැන ගත යුතුමයි. මොකද ලොකු වෙච්ච පොඩිමැන් 40 ඇඳිරිය කරා යන නිසා

    ReplyDelete
  34. එහෙනම් අපි නම වෙනස් කොරමුකෝ පොඩිමෑන්. ජය...!

    ReplyDelete
  35. ela dan podi man lokuwela

    ReplyDelete
  36. ජය වේවා මචන් . !! නිතර කමෙන්ට් නොදා උන්නට මමත් උඹගේ බ්ලොග් එක අසාවෙන් කියවන එකෙක් !!

    ඉතින් තව දිගු ගමනක් යන්න මම උඹට කෙටි සුබ පැතුමක් දෙන්නම් !!

    ReplyDelete
  37. නියමයි පොඩි man.ජය වේවා

    ReplyDelete
  38. දැං මොකද්ද ලොකු වුනේ ?
    මොක වුනත් කමක් නෑ.. හිතට එන දේ හරියට ලියන්න.....
    තව දිගට ලියන්න... ජය !

    ඇල්කෙමියා

    ReplyDelete
  39. පොඩි මෑන් ලොකු වීම ගැන ..... සුභ පැතුම් .......... එකසිය ගානට ලියන්න ලැබේවා.

    ReplyDelete
  40. එළ කිරි. මගේ සුභ පැතුම් ! දැන් නැකතක් එහෙම බැලුවෙ නැතෙයි? උත්සවේ කවද්ද? :P

    හැබැයි උඹේ "මග දිගට" මග දිගේ හැලිලා ගියා. එව්වා කැත වැඩ.

    ReplyDelete
  41. එළ මචන්! සුභපැතුම්!!!

    මචෝ, අර මග දිගට කතාවට මක්කෙයි බං උනේ? එක හරි අපූරුවට ආව.. ඒක මක්කෙයි නවත්තල දැම්මේ??

    ~සීතල කොටියා

    ReplyDelete
  42. ලොකු උනා වගේ නෙවෙයි කොළුවෝ. අර මාසෙකට සැරයක් හැදෙන ලෙඩෙත් බෝ වෙලාද කියල චැක් කොර ගනිං. ඒක හැදුනොත් නං ඉඳල වැඩක් නැහැ බොල. දැං එහෙනං පරිස්සමෙන් කොල්ලෝ ආස්සරේ කොරපං. උං අරක මේක බලන්න හදයි අහු වෙනව නොවේයි ඕං.

    සුභ පැතුම්. භාහිර ස්වරූපයෙන් විනිශ්චය කරන්න බැරි හිත හොඳ මිනිහෙක් උඹ ඇතුලේ ඉන්නව කියල, සිහින සැණකෙළියෙදි කතා කරපු විනාඩි පහට මට හිතුනා.

    සුභ පැතුම් - දකුණේ එකාට දකුණේ එකාගෙං.

    ReplyDelete
  43. හැප්පි මෙව්වා එකක් වේවා ඈ.. මේ ඒක නෙවේ දැං පොඩ්ඩා කියලද කියන්න ඕනේ ලොක්කා කියලද කියන්න ඕනේ බං?

    ReplyDelete
  44. හැපි මේවුවා එකක් පොඩ්ඩෝ.......

    ___ සිහින මදාරා ඇන් දඟ මල්ල ____

    ReplyDelete
  45. සුබ පැතුම් පොඩි මෑන්!!

    ReplyDelete
  46. සුබපැතුම් පොඩි මෑන්ස් අය්යේ ;)

    ReplyDelete
  47. පොඩි එකා කාලේ ලිව්වට වඩා හොඳ පෝස්ට් ගොඩක් දැමීමට හැකි වේවා....

    ReplyDelete
  48. Fantastic 1st year bro.......
    Long way to go mate......
    Keep it up Podi Man......Keep it up MCG.....!

    ReplyDelete
  49. සුබ පැතුම් පොඩි (ලොකු) මෑන්.
    දිගටම ලියන්න හැකියාව ලැබේවා..!

    ReplyDelete
  50. එක එක්කෙනාට වෙන වෙනම උත්ත්‍ර බදින්න වෙලාවක් නෑ... ඒත් හැමෝටම ගොඩාක් ස්තූතියි සුභ පැතුම් වලට... :)

    ReplyDelete
  51. මම බ්ලොග් ලියන නැති උනාට කලෙක ඉදන් ගොඩක් බ්ලොග් කියවනවා.
    එහෙම බ්ලොග් කියවන්න පටන් ගත්තේ පොඩි මෑන්ගේ මග දිගට කතාවෙන්(යාලුවෙක් එව්වේ ලින්ක් එක)
    මෙතෙක් අපු ගමනට සුබ පතන ගමන් එදිරි ගමනට ජයපතමි.....

    ReplyDelete
  52. හැපි මෙව්වා එකක් කියල දැක්කට පස්සෙයි වැඩේ මීටර් වෙලා ආවේ... දිගටම ලියන්න අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  53. අද මේ මොහොත වෙනකොට පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට වලට වැටිල තියෙන හිට්ස් ගාන,ෆලෝවස්ල ගාන, මම නම් මම දැක්කෙ පොඩි මෑන් ලට්ට ලොට්ට පටගන්නත් කලින්. මොකද පොඩි මෑන් තරම් ඉස්කෝලෙ යන කාලෙ, අසාමාන්‍ය, භයානක, පිස්සු විකාර අත්දැකීම් ලබපු කෙනෙක් තවත් නැතුව ඇති.(ඒක පොඩි මෑන් එක්ක එකට ඉස්කෝලෙ හිටපු යාලුවෙක් විදියට සහ පොඩි මෑන්ගෙ ඒ කතා අහල පණ යනකං හිනා වෙච්ච කෙනෙක් විදියට මම හොඳටම දන්න දෙයක්). ඉතිං ඒ අත්දැකීම්, ඒ බ්‍රේක් නැති කටෙන් පිට වෙච්ච අදහස්, බ්ලොග් අවකාශයක් හරහා දිග ඇරුනොත් වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න මට අමාරු උනේ නෑ :)

    පොඩි මෑන්ගේ ලට්ට ලොට්ට පටන් ගත්ත දවසෙ ඉඳන් අද ඇවිල්ල තියෙන දුර බලපුවම ලොකු සතුටක් දැනෙනව. ඒ වගේම තමයි ඒ පටන් ගැන්මට වචනෙකින් හරි දායකත්වයක් ලබාදෙන්න පුලුවන් වීම ගැන පුංචි ආඩම්බරයකුත් තියෙනව. පොඩි මෑන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා! (Y)

    ReplyDelete
  54. අහ් නියමයි සුබ පැතුම් ඈ..
    අපිත් ඉතිං එනව මෙහෙට හැමවෙලේම වගේ, කොමෙන්ටු නොදැම්මට ;)

    ReplyDelete
  55. ප්‍රසා...:)June 5, 2012 at 3:10 AM

    මගෙන් උනුසුම් සුභ පැතුම් ලොකු වෙච්ච පොඩි මෑන් ට තව තවත් ලොකු පෝස්ට් ලියන්න ලැබේවා.......

    ජය වේවා!!!

    ReplyDelete
  56. පොඩ්ඩෝ අර නවකතාව දාහන්කො....
    අවුරුද්දට සුබපැතුම්.....

    ReplyDelete
  57. It's an awesome paragraph in favor of all the internet people; they will get advantage from it I am sure.
    Here is my website : transfer news arsenal 2009

    ReplyDelete