2012-06-21

ෆේස් බුක් "පරිඝණක උදවු" සමාජ සත්කාරය - ඔබත් හැකි පමණින් දායක වෙන්න..



ඉස්සර පොඩි මෑණ් එහා ගෙදරට යනව හැමදාම සෙල්ලම් කරන්න ඒ   හේ ඉපු මලයත් එක්ක  මම තුනේදි විතර  ඌ ඉදියෙ මොන්ඩිසෝරියේ... දවසක් එහා ගෙදරට යනකොට ගෙදර තියෙනව  තව ටී වී එකක්...  හැබැයි වැඩේ කියන්නෙ  පොඩි එකාගෙ අම්ම ඒක ඉස්සරහ ඉදගෙන බටන් වගයක් තියෙන කෑල්ලක මොනවද පරිස්සමෙන් ඔබනවා...  

පොඩිමෑණ් ඇහුව ඇන්ටිල තව ටී වී එකක ගෙනාවද කියල.. ඇන්ටි කින්ඩියට හිනා උනා...
"නෑ පොඩි මෑන්.. මේක කම්පියුටර් එකක්.."

  ඒ තමයි මම ඉස්සෙල්ලම කම්පියුටර් එකක දැක්ක දවස...  ඒත් ඒක ලගටවත් කිට්ටු වෙන්න අපිට තහනං...  ඇංටිගෙ මල්ලි කාරයා ඒකෙන් කාට් ගහපු හැටි චිත්‍ර ඇන්දපු හැටි මම කට ඇරගෙන බලාගෙන  ඉදියා ඇලඩිංගෙ පුදුම පහන දිහා බලනව වගේ... ... ඌ අර වයර් එකක් තියෙන කෑල්ල එහෙ මෙහෙ කරනව... අන්න යකෝ ටීවී එක ඇතුලෙ එක එක ඒව ඇදෙනවා...  මම හිතුවෙ ඌ මැජික් දන්නව ඇති   කියල...

දවසක්  කවුරුවත් පේන්න නැති වෙලාවක මම ඒක වහල තියපු රෙද්ද උස්සල බලන්න ගිහින් මවුස් එක බිම වැටුනා...

දඩස්...
හරි කෙලියනෙ තාප්පෙට...!!!

  ඇන්ටි දුවගෙන ආව.. 

"මොකද පොඩි මෑන් කරන්නෙ.. ඔයාට ඕව තේරෙන්නෙ නෑ.. මොකටද ඕක අවුස්සන්න ගියේ... බලන්න අරක කැඩුනද දන්නෙ නෑ... "


බලා බලා ගොඩයි..

 ඊට පස්සෙ ඇන්ටි කෙලිංන්ම ගියේ අපේ අම්ම ගාවට......

" පොඩි මෑන් අපේ ගෙදර බඩු කඩනව  මෙයාට හරි විසේ... "

එදා ඉදල මට ඒ ගෙදරට යාම තහනං අපේ අම්මගෙන්...

අවුරුදු පාලවකට විතර පස්සෙ මම ඒ ගෙදර ඇතුලට ආයෙත් දවසක් පය තිබ්බා. ඒ එදා මම කඩනව කියල මම ගෙදරින් එලියට එලවපු ඇන්ටිලගෙ ගෙ ගෙදර  ජාතියේම වෙන එකක් ඇන්ටිම කඩාගත්තට පස්සෙ ඒක හදන්නයි...

එදානං ඇන්ටි මට බීම වීදුරුවකුත් දුන්නා...

පොඩි මෑන්ගෙ පවුල එහෙම නැති බැරි පවුලක් නෙවෙයි... හමුදා නිලධාරියෙක් වෙච්ච  පොඩි මෑන්ගෙ තාත්ත පොඩිමෑන්ටත් පවුලටත් හැම සැප පහසුකමක්ම දුන්නා... ඒත් මීට වුරුදු දාසයකට දාහතකට කලිං කම්පියුටර් කිවුවම ඒක අපිට මැජික් එකක් වගේ...

ඒ වගේම කම්පියුටර් තාමත් මැජික් එකක වෙච්ච අපේ රටේම පොඩි උන් කී දෙනෙක්නං ඇද්ද... ???   අපි උදේ හවා මේකෙ එල්ලිලා රට වටෙ ඉන්න උන් එක්ක චැට් කර කර බ්ලොග් ලිය ලිය ආතල් ගන්නකොට කම්පියුටර් එකක අතින් අල්ලන්න ආසාවෙන් බලාගෙන ඉන්න පොඩි උන් කීදෙනෙක්නං ලංකාවෙ  ඇතිද...

ඒ වගේ පොඩි උන් ටිකක්  ඉන්න පාසලකට අපේ පරණ කම්පියුටර් එකක හයිරි ගිහිල්ල දෙනවනං  උන් කීදෙනෙක් ඒක අත පත ගාල මේකෙ තියෙන ඇත්තම මැජික් එක ඉගනගනීවිද...

අන්න ඒ නිසා ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රථම පරිඝණක උදවු ගෲපය වන "පරිඝණක උදවු" කන්ඩායම ඒ වගේ අවම පහසුකම් තියෙන සබරගමුවේ මැදගංඔය දම්මසේන විද්‍යාලයේ සිසුදරුවන්ට පරිඝණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරන්න දැනටමත් සියලු කටයුතු සූදානම් කරල ඉවරයි...

ව අශ්‍ය වෙලා තියෙන්නෙ සීමිත උ ටිවියි...


කාටහරි මේ වෙනුවෙන් පුංචි උදවුවක් කරන්න පුලුවන්නම්  ඒ පොඩි උන්ට එක මහ මෙරක් වගේ වේවි...

එහෙම උදවු කරන්න කැමති අය ඉන්නවනං පරිඝණ උදවු ගෲපයේ  ඇඩ්මින් කැලුම් විජේවර්ධන සොයුරා (0773864180 )  හරි පොඩි මෑන්ව (0719586007) හරි සම්බන්ද කරගන්න... නැතිනම් පරිගණක උදවු ගෲපයේ  ලබාදිය හැකි දායකත්වය ගැන පොඩි සටහනක් තියන්න...

මේ තියෙන්නෙ "පරිඝණක උදවු" ගෲපයට ලින්ක් එක...


https://www.facebook.com/groups/pariganakaudau/permalink/466449103385235/?comment_id=466493796714099&offset=0&total_comments=6


 මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් සැකසූ යූ ටියුබ් වීඩියෝවට ලින්ක් එක...

http://www.youtube.com/watch?v=4kD1hcPBqAM&feature=youtu.be&noredirect=1

ලබන මාසෙ දවසක ඒ කැලෑමල් වලට අලුත් බලාපොරොත්තු අරගෙන කොළඹින් අපි යනවා සබරගමුවට ... කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන් එදාට.. හරියටම දවස ඔක්කොම  වැඩකටයුතු සූදානම් උනාට පස්සෙ කියන්නම්....

මේ වැඩ කටයුත්තට හැකි පමණින් දායක වෙලා ඒ පුංචි මල් කැකුළු සතුටෙන් ඉපිලෙන ඒ දියන ඉක්මන් කරමු නේද ?





22 comments:

  1. දැනට හන්තාන වියාපෘතිය යටතෙ අපිත් මේක කරනවා..
    මටත් මතකයි අපිට ඕවා මැජික් කාලෙ අගෙ කරපු මිනිස්සු කොයි තරම් නම් උන්නද.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති අනුශ්ක ...
      ඇත්තෙන්ම මේ ව්ගේ දේවල් රට පුරා සිදු වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද ...
      ඉතිං ... එදාට ඔයාලා හැම දෙනෙකුගේම පැමිනිම බලාපොරොත්තුවෙන් ඉන්නවා

      කැලුම් විජේවර්ධන

      Delete
  2. බොහොම ස්තුතියි පොඩිමෑන්! ස්වේච්ඡාවෙන්ම මේ ගැන දැනුවත් කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව මා ඉතා අගය කරනවා.

    @Bunny හ්ම්. ලංකාවෙ තවමත් පරිගණක යන්ත්‍ර මැජික් වෙන අහිංසකයෝ බොහෝ ඉන්නවා. අගයවූවත් නොවූවත් අපිට හැකි දේ කරීම වටිනවා. මොකද සැබෑ අගය කොහේ නැතත් අපේ අපේ හිත්වල රැඳෙනවානේ! එච්චරනේ ඉතුරු වෙන්නෙත් කවදා හරි.

    බොහොම ස්තුතියි නැවත නැවතත්!

    ReplyDelete
    Replies
    1. පරිඝණක උදවු එක්ක මම ඉන්නෙ ආරම්භයේම ඉදලා... ගොඩක් දැනුමත් සුන්දර මිනිස්සු ටිකකුත් ලබාගන්න පුලුවන් උනා.. තව හොද වැඩක් කරන්න යද්දි අනිවාර්යෙන්ම අපි එතන...

      Delete
  3. බොහොම ස්තුතියි පොඩිමෑන්..!!!
    මා දයාබර මිතුර,මිතුරියේ.....
    තවත් පුංචි දූ දරු පිරිසකගේ අනාගතය වෙනුවෙන් යමක් කරමු.
    මේ කටයුත්තට අපි ඔබෙන් ලොකු,ලොකු මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
    ඔයාල පරිත්‍රාග කරන පුංචි රුපියල් දහයක් උවද මැදගංඔය දම්මසේන විද්‍යාලයේ ඒ පුංචි දරුපැටවූන්ට මහා ලොකු නිධානයක් හම්බ උනා වෙන්න පුළුවන්.
    ---------
    ඉතින්.. මේ පුංචි දූ දරුවන්ගේ ඒ හීනය සැබෑ කරන ඔබත් කැමතිද..
    එහෙනම් ඔබේ සහයෝගයත් අපට ලබා දෙන්න...

    බලංගොඩ මැදගංඔය දම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යයාගාරයක් හදල දෙනවා කියල කන වැටුන ගමන් ඒ පාසලේ දරු පැටව් සතුටින් කෑ ගහලා,‍
    අපට ඒ විස්තර ගැන දැනගන්න ලැබුනේ පාසලේ විදුහල් පතිතුමා මාර්ගයෙනි.
    දැනටමත් මකුණු දැල් කඩලා,දූවිලි පිහදාල පරිගණක විද්‍යගාරය හදන්න පාසලේ කාමරයකුත් සූදානම් කරගෙන ඉන්න ඒ පැටවූන්ගේ දෑස් එදාට සතුටු කඳුලෙන් නැහැවේවි.
    ----------------------------------------
    සිදුවූ සියලූ අය වැය ලේඛන අවසානයේ ගෙනහැර දක්වන්න බවට අපි පොරොන්දු වෙනවා.
    -----------------------------------------------------------
    අපි මේ කරන ප්‍රජා සත්කාරයෙහි කිසිම ලාබයක්, පෞද්ගලීක බලාපොරොත්තුවක්, දේශපාලන හේතුවක් මත ගොඩ නැගෙන්නක් නොවන බව අවධාරණයෙන් යුතුව කියා සිටිමු.
    පරිගණක උදවුව 2012

    ReplyDelete
  4. ස්තුති අනුශ්ක ...
    ඇත්තෙන්ම මේ ව්ගේ දේවල් රට පුරා සිදු වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද ...
    ඉතිං ... එදාට ඔයාලා හැම දෙනෙකුගේම පැමිනිම බලාපොරොත්තුවෙන් ඉන්නවා

    කැලුම් විජේවර්ධන

    ReplyDelete
  5. පොඩිමෑන්.... මටත් ඔය වගේ ඉතිහාසයක් තිබුනා... පරිගණක මැජික් වෙලා තිබුනු කාලයක් වගේම පරිගණක දැනගෙන මගේම කියලා පරිගණකයක් නැතිව අනිත් අය කරන දිහා බලාගෙන හිටපු කාලෙකුත් තිබුනා... ඒ නිසා ඔබේ කණ්ඩායමේ සත්කාරය හදවතින්ම අගය කරනවා...

    ReplyDelete
  6. හරිම හොද වැඩක්.පරිගණක ලැබුනා වගේම හොද ගුරුවරයෙකුත් ලැබේවා.

    ReplyDelete
  7. ඇත්තමයි ගොඩක් හොඳ වැඩක්!
    මටත් උදවු කරන්න තිබ්බනම් කියල හිතෙනව.ඒත් මේ දවස් වල නම් මම ටිකක් වැටිලයි ඉන්නෙ.. :(
    ඊළඟ පාර උපරිම උත්සාහ කරන්නම්කො

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. තොගෙ හාර්ට් පියසින් ඒ නොදරුවන්ට දීල එනව එහෙම නෙවෙයි...

    ReplyDelete
  10. බොහොම අගය කළ යුතු වැඩක්.
    මාත් පුළුවන් උදව්වක් කරන්නම්.. බලමුකෝ!!

    ReplyDelete
  11. http://hanthana.org/school/

    existing and much more organized one.

    ReplyDelete
  12. උබට ම්අට විතරක් නෙවේ පොඩ්ඩෝ අපි හැමෝටම එහෙම කාලෙයක් තිබුනා.. ඇත්තටම සිරා වැඩක් අපිත් පුලු පුලුවන් විදියට සප් එක දෙන්නම්

    ReplyDelete
  13. උදව්වක් දෙන්නම් !!!

    ReplyDelete
  14. mata pariganaka udavu group 1ta join wenna bene. pls mawath add karanawada... http://www.facebook.com/thanuja.dhananjaya

    ReplyDelete
  15. හදිසියෙන් ගොඩ වෙලා යන්න ආවෙ, ඇත්තටම අගය කල යුතු සත් ක්‍රියාවක් ....

    ReplyDelete
  16. ලොකු දෙයක් කරන්න බැරි උනත් පුලුවන් දෙයක් හරි කරන්නම් ...

    ReplyDelete
  17. යාළුනනේගගමට උදවු කරන්න..... මගේ fb එකට ලොග් වෙන්න බෑ....මෙහෙම කියනවනේ....For security reasons your account is temporarily locked......මොකද කරන්නෙ යාළු???????????

    ReplyDelete
  18. Hi! This is my first visit to your blog! We are a team of volunteers and starting a new project in a community in the same niche.
    Your blog provided us beneficial information to work
    on. You have done a marvellous job!
    Look at my webpage - english football latest transfer news premier league

    ReplyDelete
  19. Thank you for some other informative blog.
    Where else could I am getting that type of info written in such an ideal manner?
    I've a challenge that I am just now operating on, and I have been on the look out for such information.
    Here is my web site :: arsenal latest transfer news

    ReplyDelete