2012-06-22

මඟුලක නටපු මඟුලක්.....!!!


 කවුරු කවුරුත් තම තමන්ගෙ  යාලුවන්ගෙ මඟුල් ගෙවල් වල ගිහින් ඇතිනෙ...  මඟුල් ගෙදරක ගියාම කරන ප්‍රධාන  වැඩේ තමයි කෑම සහ බීම... විශේ‍ෂයෙන් යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගියාමනං පිරිමි පාර්සවේ වැඩි දෙනෙක් කන් පාත් වෙන්න බොනවා... බීල බීල තව සමහරු ආතල් ගන්න ගිහින් වලි වලින් තමයි ඉවර වෙන්නෙ.. ඒ වෙලාවටනං අරූට වෙඩින් එක කියපු එක අපරාදෙ කියල හිතෙනව ඇති යාලුවට...

කෑම බීම කෙසේ වෙතත් එතන චාට්ර් නොවී අපේ ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ.. මේ ලගදි අපේ යාලුවෙක්ගෙ.. යාලුවෙක්ගෙ කිවුවට ඇත්තටමනං අපේ බොසාගෙ වෙඩින් එකට ගිහින් අපි පුංචි පහේ ආතල් එකක් ගත්ත...  අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ .. කන් පාත් වෙන්න  ගහල ඉදියෙ...

ආතල් එක මොකද්ද කියල පහත පොටෝ ට්කෙන් බලාගන්න පුලුවන්...



 


කේක් කැපීම
හොරා වගේ.....
අලුත් ජෝඩුව...
මනමාලයයි... මනමාලියි... ෆල්වර් ගර්ලුයි.
















අර උඩින් තියෙන ආතල් එක ගත්තෙ වෙඩින් එකේ හෝම් කමින් එක දවසෙ...  හෝම් කමින් එකත් ඉවර උනාම  ඊට පස්සෙන්ද රෑට පොරගෙ ගෙදරත් පාටි එකක් තිබුනා .. ඒ ඉතිං අර කලිං කිවුව වගේ හොටෙල් එකට ගෙන්නගන්න තරම් බැරි උන්ටයි... හැබැයි ගොඩක් දෙනෙක් ඒ වැඩේට කැමතියි.. ඔය මහ ලොකුවට නැතුව තියෙන ඇඳුමක් ඇදෙගෙන ගිහිල්ල කාල කෙසේ වෙත්ත  නස්පුක් වෙන්න බීල එන්න පපුලුවන් හින්ද...

එදාට තමයි අපි අපේ තෑග්ග දෙන්න සෙට් කරගෙන ඉදියෙ...  වෙඩින් එකට තෑග්ගක් දෙනෙ නැති උනාම කට්ටිය කරන්නෙ ලිවුම් කවරෙක දාල සල්ලි දෙන එකනෙ.. ඔය තෑග්ගනං ටික කාලයක් හරි මතක තියේවි  ඒත් දීපු සල්ලි..???

ලිවුම් කවරෙන් අරගෙන සාක්කුවේ දාගත්තාම වැඩේ ඉවරයි..

ඒත් අපි සල්ලි දුන්නෙ  ආයෙ පොරට ජීවිතේට අමතක නොවෙන විදියට....  අපේ සෙට් එකේ 5 දෙනෙක්  රු 1000 ගානෙ එකතු කරලා  ඒ සල්ලි පන්සල් 6කට ගිහින් පොඩි සල්ලි වලට මාරු කරා... ඒ සල්ලි  පාන් පිටි කිලෝ 5ක්  එක්ක කවලං කරල ලොකු ඇන්කර් පෙට්ටියක දාල තාමයි දුන්නෙ... 

පහල තියෙනව පොටෝ කෑලි ටික...







 



රු 377 සත විසි පහේ කාසි...ඒ කියන්නෙ විසිහේ කාසි 1200වැඩියි...රු  280  සත පනහෙ කාසි ඇතුලුව රු 5000ක  මාරු සල්ලි....

 තෑග්ග දීල යන ගමන් දන්න දන්න කියන එකාට කෝල් කරල කිවුව පොර කතා කරල හදිස්සියකට පොඩි සල්ලි ටිකක් ගන්න පුලුවන්ද  කියල අහන්න කියල...


පස්සෙන්ද දවල් වෙනකොට අපේ අම්මට හෙම්බිරිස්සාව හැදෙන සයිස් එකට  ඇවිල්ල තිබුනා.... !!!

                                           ෴෴෴


යෙත් පොඩි මාත්කාරෙදාත්දෙන්හිතුවා... ඒ ගැලිංක් එකෙන් විස්රේ කැති කට්ටිපුචු උවුරන්න...

පරිඝණක උදවු සමාජ සත්කාරය.....



37 comments:

  1. :D :D කතාව ඇහුවට පොටො ටික දැක්කාම තමා වැඩෙ මිටර් උනෙ.. මං හිතුවෙ පිටි දුන්නෙ රොටි කන්න කියලා :P
    පට්ටයි..!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දෙන්නත් එක්ක පිටි ගාගෙන පැය හතරක් විතර සල්ලි ගනන් කරලා... :D

      Delete
  2. ලොකු පොස්ට් එක ලියලා තියෙන්නේ රූ 1000 දිලනේ..

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කියන විදියට මට හිතෙන්නෙ මේ පෝස්ට් එකක රු 100 කට වඩා වටිනව කියලයි... පෝස්ට් 175ක් විතර තියෙනවා... පල්සර් එකක් ගතෑකි...

      Delete
  3. ආතල් ඕයි........
    මේ තියෙන්නෙ අපේ වෙඩිම. : http://harshana-bc.blogspot.com/2012/05/wedding-like-pudding.html

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ඇත්ත කියහන් උබලා සැට් එක නේද ඔය පැත්තේ පංසල් වල පිං පෙට්ටි කඩන්නේ?

    ReplyDelete
    Replies
    1. අපි පෙට්ටි කැඩුවා... ?? අනේ නෑ බං,.,

      Delete
  5. මේ උඹල අර කාඩ්බෝඩ් පෙට්ටියෙ යටට මොනවද බං දැම්මෙ. අච්චර කිලෝගානක් දාල අරකෙ යටින් කඩන්වැටුනෙ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. යටින් කාඩ් බෝඩ් එකක තියල ඇලෙවුවා...

      Delete
  6. හෙහේ...මරු...

    පව් හැබැයි ..එත් මේව්වා කවදා කරන්නද දැන් නොකර..පස්සේ කාලෙක හිතේ තියන් හොදට හිනා උන හැකි...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.... පස්සෙ කාලෙක් ළමයින්ට හරි කියන්න බැරිය.,.

      Delete
  7. ඇඬෙනවා දාලා...... කාසි ටික දැක්කම ජෝඩුවට පිස්සු හැදෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ක්හොමද වටෙන්ම උන් පොඩි සල්ලි ඉල්ලල කෝල් කරන කොට

      Delete
  8. සත 25 ඒවා කොහෙන්ද බං හොයා ගත්තේ?

    ReplyDelete
    Replies
    1. පන්සල් වලින් බං.. මිනිස්සු ගෙනියනව මාරු කාසි පන්සල් වලින් ඒත් සත 25 ඒව දාල යනවා එහෙම තිබුන බෑග් එකක හාමුදුරුවො දුන්න අපිට

      Delete
  9. මේ තෑග්ග දැක්කම උන්ට මොනා හිතුනද දන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. හරි ආදරේ හිතෙන්න ඇති :D

      Delete
  10. ඊ උයාලනම් හලි සෝයි අප්ප.......^_^

    ReplyDelete
  11. අයියෝ..පට්ට ආතල් එකක් ගන්න ඇති උන් දෙන්නා. කෝල් වලට උත්තර දෙන්නයි කාසි ගනින්නයි. ඕවට තමයි ආතල් කියන්නේ. ආයේ ඉතින් කියා කියා හිනාවෙන්න හරි බැරිද?

    එකපාරක් ඉතුරු දෙන්න මාරු කාසි නෑ කියපු කඩේකට අපේ කොල්ලෝ සෙට් එකම ගිහින් 150 සෙන්ට් බෝතල් අරං 150 රුපියලේ කාසි වලින් දුන්න. මම තමයි කාසි සප්ලයි කලේ. කොහොමද මිනිස්සු ඉස්සරහ කඩේ එකා කින්ඩි වෙද්දී අය්යේ මාරු නෑ නේ හැමදාම මෙන්න අද මාරු වලින් ගන්න කියල රුපියලේ එව්වගෙන් ගෙවද්දී?

    ReplyDelete
  12. නියම බයිට් එක!ර්‍ අපිත් කරලා බලන්නංකෝ!

    ReplyDelete
  13. iya hari lassanai kiyala hithan inne buru hami... :/ :/

    ReplyDelete
  14. හික්ස්ස්ස්ස්.. මරුනෙ..:D ෆොටෝ ටික දැකකම හිනා යනවා..:D

    ReplyDelete
  15. මට මතක් උනේ මීට අවුරුදු ගානකට කලින් අපිත් යාලුවකුට ඔහොම කලා..!
    පොටෝ ටිකනම් මල් හතයි..මචං..ඔන්න..කරටිකඩාගෙන ගන්න පුලුවන් අහිංසක ආතල්..!

    ReplyDelete
  16. මම කිව්වා පව් බං එපාම කියලා . . . . ටෝඉන්ග්ග්ග් ග් ග් ග් . . . .

    ReplyDelete
  17. අඩේ මේකනම් ටෙස්ට් කරලා බලන්න වටිනවා :ඩ්
    කොපිරයිට් අව්ලක් නෑ නේ :ප

    ReplyDelete
  18. :D ෆොටෝ ටිකනම් මාරු ඈ.
    උඹලත් කරන වැඩ..බොසා පව් බං..

    ReplyDelete
  19. පට්ට් ආතල් බං...

    "කේක් කැපීම" පොටෝ එකේ ඇන්ටි කෙනෙක් බලං ඉන්නේ.. බලපං හිනා යනවා.. :)

    නිගමනය - පොඩි මෑන්ට වෙඩින් නොකියනු !

    ReplyDelete
  20. අඩේ අප්පා පට්ට ආතල් එකක් අරං වගේ...
    මට හැන්ගෝඔර් මතක් උනා ඈ....

    ReplyDelete
  21. me 4to eke inna dennek mama dannawa, methanin podi man kawda? Rajitha da?

    ReplyDelete
  22. පට්ට ආතල් අරං තියෙන්නේ....

    ReplyDelete
  23. නොදකින් තොපි වගේ උන්.... හික් හික්... බිව්වත් හරි... කෑවත් හරි... යකෝ අර වගේ තෑගි දෙනවද :D

    ReplyDelete
  24. පට්ටයි ආ....
    මෙතනින් පොඩි මෑන් කවුද බන්?

    ReplyDelete
  25. Fantastic beat ! I wish to apprentice whilst
    you amend your web site, how can i subscribe for a blog
    site? The account helped me a applicable deal. I had been tiny bit acquainted of
    this your broadcast provided bright transparent idea
    Feel free to surf my page : transfer news january 2013

    ReplyDelete