2012-08-27

කවිය ඇය...



කියපු නොකියපු කවිකාර කම්
ඇවිත් මේ රෑ සිතට එබෙමින්
දැකපු නොදැකපු පෙම් හීන වල
තැවරුවා ඇගෙ සුවඳ යහමින්..

නපුරු බියකරු දැනෙන තනිකම
පලා යද්දී හිතේ කොනකින්
සුමුදු සුසිනිඳු ඇගේ කොපුලක
සුවඳ දැනුනා අකුරු අතරින්....

විදපු නොවිදපු ඇගේ තුරුලේ
සුවය යලි යලි මතක් කරමින්
ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙ
හැම තැනම යලි සිතින් ඉඹිමින්...

දැනුන නොදැනුන ආදරේ ගෙන
මේ වගේ තව අකුරු කරමින්..
ලියපු නොලියපු මහ ගොඩක් කවි
ලියමි මම තව තවත්  ගොතමින් ....







ලියෙන් ගොතාපුවා...



why did you walk Away
පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති

 

18 comments:

  1. වෙන මොනා කියන්නද????
    පට්ට!!!!!!!!!

    ReplyDelete
  2. පට්ට කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තෙන්ම පට්ට.කාලෙකින් දැක්ක සුපිරි කවියක් ...... :D

    ReplyDelete
  3. මේ පාර හොද කවියක්. වල් නැහැ :)

    ReplyDelete
  4. මොකද මල්ලි මොකද මල්ලි බයිලා පරක්කු
    බූට් කාලා වගේ කවිත් තක්කූ මුක්කූ

    ReplyDelete
  5. අසපු නොඅසපු ඇගේ වතගොත
    හෙමි හෙමින් මුමුණනා මොහොතේ
    කියපු නොකියපු මගේ ගුණකඳ
    කෙලෙස කියමිද ඇයට රහසේ

    ReplyDelete
  6. .
    …ලියපු නොලියපු තව තව කවි ලියන්න
    …අපි එන්නම් හැකි හැම විටකම බලන්න ..
    හදවතෙ ඔබේ ගැඹුරුම තැන දකින්න..
    …ඇය පින් කලා දෝ නැත්දෝ සිතන්න ...

    ReplyDelete
  7. ලස්සන පද පෙලක් මචං

    " කෝ මග දිගට "

    ReplyDelete
  8. අෆ්ෆා බ්ලොග් එක මතක් වෙලා. හි හි හි.........
    ලස්සන කවි සිතුවිලි ටික පොඩ්ඩෝ :)

    ReplyDelete
  9. කවිය නුඹමය..
    තුන් තිස් පැයක් වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියු
    කවිය නුඹ විය...
    කවිය නුඹමය..
    හ්ම්ම් සාර්ථක උත්සහයක්... නියමයි...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  10. I’m not that much of a internet reader to be honest but your sites really nice,
    keep it up! I'll go ahead and bookmark your website to come back in the future. Cheers
    Look at my webpage - arsenal football transfer news

    ReplyDelete
  11. Asking questions are really good thing if you are not
    understanding something totally, except this piece of
    writing offers nice understanding yet.
    Feel free to visit my site :: man utd transfer news 2008

    ReplyDelete
  12. You really make it seem so easy with your presentation but I find this matter to be actually something that I think I would never understand.
    It seems too complicated and very broad for me. I'm looking forward for your next post, I'll
    try to get the hang of it!
    Feel free to surf my web-site :: liverpool transfer news 2011

    ReplyDelete