2012-08-15
"උඹේ අම්මට " - ද රිටර්න් ඔෆ් ද පොඩි මෑන්
ඇස් පියාගෙන හිනැහෙන්නෙ ඔය
හීනයෙන් නුඹ දකිනවද ඇය...
නොපෙනෙනා සුර ලොවක ඉඳ මට
නුඹට ඇවිදින් වනනවද අත....
තාත්තා නුඹෙ කියන වාරම්
තාලෙ ඉකියට වරදිනා බව ...
කියන්නට නුඹ එපා ඈ හට
දුක හිතේවී ඈට හරියට...
පුංචි තරුවක් තියල මං ලග
හොරා ගත්තට මගෙ සරා සඳ ...
පුංචි බැනුමක් එවුව කියපං
දිවියලෝකේ ලොකුම දෙවියට...
වැරදිලාවත් " අම්මෙ " කියලා
කියන්නට නුඹ එපා ඇඬුනට...
දිවිය ලෝකෙන් බැහැල එයි ඇය
දන්නවා මම හොදට ඇගෙ පෙම ...
මේවත් කියෙවද ?
why did you walk Away
පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්
ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග
සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති
තියෙන ගොඩ
ගොතාපු ඒවා
Subscribe to:
Post Comments (Atom)
මං එදා කලින්ම කියෙව්වා මේක . . . පොටෝ එක කට් කරයි ? ? එළ බං සිරා
ReplyDeleteසිරා සිරා මචං..
ReplyDeleteඅම්මට අඩගැහුවොත් මොන සැප තිබ්බත් දාලා එනවා තමා..
ද රිටන් ඔෆ්ද පොඩි මෑන්.. වෙනස්ම විදිහකින් ඇවිල්ලානේ..
ReplyDeleteජය වේවා!!! :D
දුක හිතෙනවානෙ :(
ReplyDeleteම්ම්ම්ම්...හරිම ලස්සනයි.... !!! අම්ම ගැන ලියන්න දේවල්ද නැත්තේ?
ReplyDeleteවෙල්කම් බැක් කිව්ව ඕං....
ReplyDelete:( :(
ReplyDeleteනුඹ නමින් පැතු ඇගේ පැතුම් පොදී
සුන්ව යන්නට ඉඩ නොදෙන්නෙමි
ඈ පැතූ නුඹේ සොඳුරු ලෝකය
ඈ නැතත් නුඹ හට පුදන්නෙමි..
දෑතට දී ඔයා... ඇය සුර ලොව ගියා..
ReplyDeleteඅහල තියෙනවද මේ සින්දුව ?
කාලෙකින් උබෙ නිර්මානයක් එලියට ආවේ. ජය !
මාහට දී ඔයා
Deleteඈ සුරලොව ගිය..
සුර විමනට වැදී
මගෙ රන්කඳ නිදී..
ෂෙල්ටන් පෙරේරා මහත්මය නේද ගායනා කරන්නෙ.
Deleteසිරා මචං....
ReplyDeleteආදරයයි කරුණාවයි සෙනහසයි දිය කරලා කෑම හදන්නේ අම්මා.. ඒකයි අම්මගේ කෑම මොන කෑමටත් වඩා රස.. ඒ රස හොයා ගෙන තුරුල් වෙන්න අඬ ගහනකම් නම් සුදා මල්ලි කවදාවත් ඉන්නේ නෑ..
ReplyDeleteඋකුලට එනවා එදා වගේ මා පොඩි පුතු අම්මේ....
සිරාසිරා
ReplyDeleteඑල එල... පට්ට කවි සිතුවිල්ලක් !
ReplyDeleteහ්ම්ම් ඇත්ත තමා
ReplyDeleteබෙල් කම් බෑක්. මම ඒත් බැලුවා උඹ කොයි කියාලා.
ReplyDeleteමේ ඇත්ත සීන් එකක්ද බන්....
හහහා........ වරෙන් වරෙන්.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාලෙකින්... ජයවේවා!!
ReplyDeleteපොයියෝ අඩිමෑන්, හියා ඔතනවනම් ලොයා ඔකු කිනිහෙක් මියලා, නියා ඔකම් වින්ණයෙක් පොතරයි.
ReplyDeleteවෙල්කම් බැක් කිව්වා!
ReplyDeleteඇඬෙනවා
ReplyDeleteකාලෙකට පස්සේ පොඩ්ඩා වෙලේ
ReplyDeleteහැබැයි තෝ දැන්වත් මඟ දිඟට ලියලා ඉවර කලේ නැතොත්
ඉන්න දිහාවකට ඇන්ත්‍රැක්ස් ටිකක් තැපැල් කරනවා හරිද
අම්මා සුර ලොව ගිය කතා
ReplyDeleteකියයි හැම දෙනා ගොතා
එහෙත් දමා ගිය කතා
නැත දකින්නට පොඩි පුතා
කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන කවියකුත් එක්ක.....
ReplyDeleteඋඹ නොහිටපු දවස්වල මාත් පටන් ගත්තා ඒත් උඹට දිරවන එකක් නෑ සමහරවිට.
ඉතාමත් හොඳ නිර්මාණයක්. කනගාටුයි! ඒත් හෙඩිම එච්චර හරි නෑ. උඹ ලියන මාතෘකා එක්ක එනකොටම මම හිතුවෙ අම්මට $#%$#%@ වගේ පෝස්ට් එකක් කියල. :)
ReplyDelete100%
Deleteමාත් හිතුවෙ එහෙමයි..
+++++++++++++
Deleteඇඩෙනවා බන්.. :(
ReplyDeleteat කදුලු පිසිමින්..
කාලෙකින්..........
ReplyDeleteකවිය ලස්සනයි ගොඩක්.. මාතාකාව තමයි ටිකක්....
ReplyDeleteඅපූරුයි !!
ReplyDeleteසංවේදී පෝස්ටුවක්... අම්මා කියන්නෙ බොහෝ දෙනෙක්ට සංවේදී මාතෘකාවක් නොවැ...
ReplyDeleteපෝස්ටුවෙ Topic එක වෙනස් වූවා නම් හොදයි කියලත් හිතෙනවා.
කියන්න වචන නෑ... උපරිමයි... මේ උබේ ස්ටයිල් එක නෙමෙනිසා තමා වැඩිය හොද.. මොකද අපි උබේ බ්ලොග් එකට එන්නේ පට්ට ආතල් ගෙතුමක් බලන්න.. "උබේ අම්මට.." කියන ටොපික් එක දැක්කම හිතුව හොද ආතල් එකක් ඇති කියල.. එහෙම හිතන් කියවගෙන යනකොට මෙන්න බොලේ දන්නෙම නැතුව ඇස්දෙක තෙත් වෙලා.. නියමයි මචන්...
ReplyDeleteUseful information. Fortunate me I found your web site by chance, and I am
ReplyDeletesurprised why this accident did not came about earlier!
I bookmarked it.
Also visit my site ... latest chelsea transfer news