2011-08-15

ඇම්ඩා සහ පියතුමා...



මේක මට ආපු මේල් එකක්....කියපු නැති කට්ටියට කියවල හිනාවෙන්නයි කියවපු අයට ආයෙ හිනාවෙන්නයි ඔන්න කතාව.....



ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ  පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...

"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"

පියතුමා පාඩම අතරවාරයේ ප්‍රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...

"දෙයියනේ..."  යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...

"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..

"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"

පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....

"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත්  පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...

සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්‍රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...

පාඩම අතර තුර පියතුමා නැවතත් ප්‍රස්නයක් ඇසුවේය...

"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"

ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....

"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ  * *   ගහනව දැනගනින්..."


පියතුමා සිහිසුන්ව බිම ඇදගෙන වැටුනේය......



 මගදිගට 6 දාල තියෙන්නෙ.......  

මගදිගට 7 ලගදීම එනවා...

2011-08-14

මග දිගට 6 " අම්මපා. මුන්ට පුරුෂ අවයව තිබුනට ගෑනු ගතිමයි තියෙන්නෙ"



කතාව කියවන්න ආවෙ අද නම් ඉතිං කලින් කොටස් ටික කියවල එන්න වේවි........කලින් කොටස් මතක නැති අයටත් එක්කම ඔන්න කලින් කොටස් ටික...

මගදිගට 1
මගදිගට 2
මගදිගට 3      

අද එතැන් සිට...

ශ්‍යාමිකලගෙ ගෙවල් තිබුනෙත් අපේ ගෙවල් වලට යන පාරෙමයි.. හැබැයි ගාල්ලෙ ඉදල යනකොට ඉස්සෙල්ලම බහින්නෙ ශ්‍යාමිකය... ලහිරුවයි මායි බහින්නෙ ඊට විනාඩි දහයකට පාලවකට පස්ස්සෙයි...

ළහිරුවයි මායි ශ්‍යාමිකයගෙ ගෙදරට යන්න හැරෙන තැන ස්කෝලෙ ගාවින් බහිනකොට වෙලාව දහයට විතර ඇති.. දෙන්නම  ශ්‍යාමිකයලහට යනකන් වැඩියෙ කතා කරේ නෑ...  ශ්‍යාමිකලගෙ ගෙට ඇතුල් වෙනකොටම සාලෙ ශ්‍යාමිකලගෙ නංගි පොතක් තියාගෙන පාඩම් කරනවා...

"ආ... වෙලාසනින් ඉකෝලෙ ඇරල වගේ... "

 අපි දැකල නංගි හිනා වෙවී කිවුවා...  ඇරෙන්න ඉතිං අපි ස්කෝලෙ යන්න එපැයි... නංගිට කියන්න පුලුවන්ද ඕවා... කිවුවත් නැතත් එයා දන්නව ඉතිං අපේ පැටිකිරිය.. ඒව කොහොම උනත්  ඉරිච්ච ෂර්ට් එක වැහෙන්න මම ලහිරුවට කවර් උනා..

"කෝ අයියා..."
"අන්න කාමරේ... නිදිද කොහෙද ආයෙමත්...."

අපි කාමරේට යනකොට ජනෙලුත් වහගෙන කොට්ටෙකුත් බදාගෙන ශ්‍යාමිකය දුන් දාදා නිදි.... ඌව දැක්කම මට මතක් උනේ මීට පැය ගානකට කලින් මම දැකපු හීනෙ...  හීනෙ හැබෑ වෙලා ඒ පවට ඇස්ස්ටි හැලෙන ටොපියකුත් කාලනෙ දැන් මේ ඉන්නෙ...

" මූත් නිදි... මූටත් දෙන්න ඕනෙ උඹට දීපු බෙහෙතම තමයි..."

එහෙම කියපු ලහිරුව පොත් ටිකත් මේසෙ උඩ තියල කාමරෙන් එලිය ගියා... දැන් ඒවි වතුර  බාල්දියකුත් අරගෙන... ශ්‍යාමිකයටත් ඉතිං  තව ටිකකින් ගංවතුර ආදාර පෝලිමට සෙට් වෙන්නයි වෙන්නෙ.... ඒ පෝලිමෙ රස මම දන්න හින්ද මම උගේ කකුලෙන් ඇද්දා...

" ඒයි නැගිටපං..."

කොට්ටෙ බදාගෙනම මගේ පැත්ත හැරිල සූරියග්‍රහනයක් බලනව වගේ මගේ දිහා බලපු ශ්‍යාමිකය කහ කහ නැගිට්ටා...

"මෙච්චර් ඉකමට ආවද.... බලපං නිදාගන්න හාන්සි උනා විතරයි...."
" නිදාගන්න හාන්සි උනා විතරයි ...?? ඇයි යකෝ රෑ අහවල් එකක් කොරාටද ..? ඇයි උඹ රෑ නිදාගත්තෙ නෑ වගේනෙ කතාව??"

"නෑ බං වස කම්මැලියි ඒකයි... නංගිට හවස විභාගෙලු එයා තනියම නිසා මම අද නැවතුනේ බං..."
ශ්‍යාමිකය තාමත් නිදිමතේ...

"ඇයි වෙනද ආච්චිලහට යනව නේද ... ??"
මම එහෙම ඇහුවෙ ශ්‍යාමිකයලගෙ ආච්චිල ඉදියෙ අල්ලපු ගෙදර නිසා...

"ආච්චිල එහේ නෑ බං දැන්.. ගෙවල් අස්කරගෙන ගියා..."

එතකොටම මම හිතපු විදියටම ලහිරුව කාමරේට ආව වතුර කෝප්පෙකුත් අරගෙන...

" උඹ මූව නැගිට්ටෙවුව නේ.... ඇයි උඹට දුක හිතුනද..."
ලහිරුව කෝප්පෙ මේස උඩින් තියල හිනාවෙවී පුටුවක් ඇදන් වාඩි උනා...

" අඩෝ උඹ මට වතුර ගහන්නද ආවෙ.... කාලකන්නි ඉකෝලෙ නොගිහින් එනව මෙතන අපිට පවු දෙන්න.. වතුර ගැහුවනම්නෙ බලාගන්නෙ..."

"ඇයි උඹ මොනව කරන්නද.... එකෙක්ගෙ නින්දක් නිසා අද දවසම මස්ත බාල්දුවෙලා ඉන්නෙ...  ඌට දීපු බෙහෙතම තමයි උඹටත් දෙන්න හැදුවෙ..."

ලහිරුව කිවුවෙ ඌ හරි වීරකමක් කරා වගේ... අම්මප ඔන්න මට දැන් මූත් එක්ක ආයෙත් යකා නගිනවා... මූ මට වතුර ගහල ඇහැරවගෙන ගියේ නැත්නම් අද මේ මුකුත් නෑනෙ... ෂික්.... පර්ස් කෑල්ල වගේද මගේ ෆෝන් එක... ඒත් ඉතිං මම ඕක දැන් ඇදල අරගෙන මුගේ බෝක්ක්කුව ඇරගන්නවට වඩා හොදයි දැකට නැමිල බුරිය විකාගන්නවා...



2011-08-10

ලයිසන් බඩුව




___________________ හාට් Piercing...✿•*`¨
   

සමහර විට මම අසාර්ථක ඇති.... සමහර විට හනමිටි අදහස්වල එල්ලිලා ඉන්න අයට සැර වැඩි ඇති...  නැත්නම්  අදහස් සැර උනත් මම පොඩි මෑන් නිසා වෙන්න ඇති..   හාට් Piercing...✿•*`¨   සමහර අයට තේරුනේ නෑ... නමුත් සමහර අය තේරුම් ගත්තා.... ඊටත් වඩා කට්ටිය බැලුවා...නමුත් මට මේ ගැන තියෙන්නෙ ප්‍රස්නයක්...  අද දාන Piercing..  එකත් කියවලා නිකන්ම යන්නෙ නැතුව  හාට් Piercing...✿•*`¨   ගැන වචනයක් කියනවනම් ලොකු උදවුවක්... පලවෙනි වතාවට කමෙන්ට් ඉල්ලන්නෙ ඔයාලගෙන්.... අඩුම ගානෙ සාර්ථකද නැද්ද කියලවත් ලියල යන්න... කිසිම කමෙට් මොඩරේශන් එකක් නෑ ලට්ට ලොට්ට වල... ඇනෝ කමෙට් පවා විවෘතයි... බවලත් උදවියනම් කමෙන්ට් කරන්නෙම නෑ  වගේ... ඒත් වචන සැර උනත් තියෙන  තේරුම ගැන අදහසක් එනවනම් අදහසක් දාල යනවනම් ගොඩක් ස්තූතියි...
 


                       
________හාට් Piercing...✿•*`¨  හදවත සිදුරු කර සිතුවිලි පලදින්නට...





හොර  පොඩි පොට් වලට
පනිනව දැන් පොලීසියෙන්.....
ලොකු ලොකු පොට් වලට
පනින්නෙ නෑ පොලීසියෙන්......
දෙදාහෙ තුන්දාහෙ ඒව
උස්සන්න තැනක් නෑ  ඉතිං.....
බොක්ස් වල හිර වෙලා දගලලා
මටනම් දැන් ඇති මචං......
ලොකු ලොකු මැති ඇමතිලට
විතරද වෙන්නේ කෙලින්.....
උන් කලොත් රජ වැඩලු
අපි කලොත් බලු මචං.....
ලොකු ලොකු මැෂින් උන් ගාව
අපි හැමදාම තනි අතින්....
ලයිෆ් ටයිම්ම බඩුවක්
ගේනව මමත් හෙට ඉතිං.....
ගේනවට පාටියයි
කන්නයි අදින්නයි ෂෝපින්.....
ස්කෝල තව ට්යුෂන්
සොරි තමයි හිටියොතින්.....
කොලිටි බඩු ඒවගෙයි
සැරයි බං ගානනං....
ඒවගෙද හෙට ඉදං
නිවාඩුයි මගෙ අතටනම්......
ආන්ඩුවේ ලයිසොමට
රැවටිලා හැමෝවම මචං......
දැමදාම රෑ ලීගලිම
ලයිසන් බඩුව මං ලගින්........
___________________ හාට් Piercing...✿•*`¨


කලින් හාට් එකේ  Pierce කරපුවා...   කියවලා අදහසක් දාලම යන්න....

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු



මග දිගට 5   දාල තියෙන්නෙ....