2011-08-14

මග දිගට 6 " අම්මපා. මුන්ට පුරුෂ අවයව තිබුනට ගෑනු ගතිමයි තියෙන්නෙ"



කතාව කියවන්න ආවෙ අද නම් ඉතිං කලින් කොටස් ටික කියවල එන්න වේවි........කලින් කොටස් මතක නැති අයටත් එක්කම ඔන්න කලින් කොටස් ටික...

මගදිගට 1
මගදිගට 2
මගදිගට 3      

අද එතැන් සිට...

ශ්‍යාමිකලගෙ ගෙවල් තිබුනෙත් අපේ ගෙවල් වලට යන පාරෙමයි.. හැබැයි ගාල්ලෙ ඉදල යනකොට ඉස්සෙල්ලම බහින්නෙ ශ්‍යාමිකය... ලහිරුවයි මායි බහින්නෙ ඊට විනාඩි දහයකට පාලවකට පස්ස්සෙයි...

ළහිරුවයි මායි ශ්‍යාමිකයගෙ ගෙදරට යන්න හැරෙන තැන ස්කෝලෙ ගාවින් බහිනකොට වෙලාව දහයට විතර ඇති.. දෙන්නම  ශ්‍යාමිකයලහට යනකන් වැඩියෙ කතා කරේ නෑ...  ශ්‍යාමිකලගෙ ගෙට ඇතුල් වෙනකොටම සාලෙ ශ්‍යාමිකලගෙ නංගි පොතක් තියාගෙන පාඩම් කරනවා...

"ආ... වෙලාසනින් ඉකෝලෙ ඇරල වගේ... "

 අපි දැකල නංගි හිනා වෙවී කිවුවා...  ඇරෙන්න ඉතිං අපි ස්කෝලෙ යන්න එපැයි... නංගිට කියන්න පුලුවන්ද ඕවා... කිවුවත් නැතත් එයා දන්නව ඉතිං අපේ පැටිකිරිය.. ඒව කොහොම උනත්  ඉරිච්ච ෂර්ට් එක වැහෙන්න මම ලහිරුවට කවර් උනා..

"කෝ අයියා..."
"අන්න කාමරේ... නිදිද කොහෙද ආයෙමත්...."

අපි කාමරේට යනකොට ජනෙලුත් වහගෙන කොට්ටෙකුත් බදාගෙන ශ්‍යාමිකය දුන් දාදා නිදි.... ඌව දැක්කම මට මතක් උනේ මීට පැය ගානකට කලින් මම දැකපු හීනෙ...  හීනෙ හැබෑ වෙලා ඒ පවට ඇස්ස්ටි හැලෙන ටොපියකුත් කාලනෙ දැන් මේ ඉන්නෙ...

" මූත් නිදි... මූටත් දෙන්න ඕනෙ උඹට දීපු බෙහෙතම තමයි..."

එහෙම කියපු ලහිරුව පොත් ටිකත් මේසෙ උඩ තියල කාමරෙන් එලිය ගියා... දැන් ඒවි වතුර  බාල්දියකුත් අරගෙන... ශ්‍යාමිකයටත් ඉතිං  තව ටිකකින් ගංවතුර ආදාර පෝලිමට සෙට් වෙන්නයි වෙන්නෙ.... ඒ පෝලිමෙ රස මම දන්න හින්ද මම උගේ කකුලෙන් ඇද්දා...

" ඒයි නැගිටපං..."

කොට්ටෙ බදාගෙනම මගේ පැත්ත හැරිල සූරියග්‍රහනයක් බලනව වගේ මගේ දිහා බලපු ශ්‍යාමිකය කහ කහ නැගිට්ටා...

"මෙච්චර් ඉකමට ආවද.... බලපං නිදාගන්න හාන්සි උනා විතරයි...."
" නිදාගන්න හාන්සි උනා විතරයි ...?? ඇයි යකෝ රෑ අහවල් එකක් කොරාටද ..? ඇයි උඹ රෑ නිදාගත්තෙ නෑ වගේනෙ කතාව??"

"නෑ බං වස කම්මැලියි ඒකයි... නංගිට හවස විභාගෙලු එයා තනියම නිසා මම අද නැවතුනේ බං..."
ශ්‍යාමිකය තාමත් නිදිමතේ...

"ඇයි වෙනද ආච්චිලහට යනව නේද ... ??"
මම එහෙම ඇහුවෙ ශ්‍යාමිකයලගෙ ආච්චිල ඉදියෙ අල්ලපු ගෙදර නිසා...

"ආච්චිල එහේ නෑ බං දැන්.. ගෙවල් අස්කරගෙන ගියා..."

එතකොටම මම හිතපු විදියටම ලහිරුව කාමරේට ආව වතුර කෝප්පෙකුත් අරගෙන...

" උඹ මූව නැගිට්ටෙවුව නේ.... ඇයි උඹට දුක හිතුනද..."
ලහිරුව කෝප්පෙ මේස උඩින් තියල හිනාවෙවී පුටුවක් ඇදන් වාඩි උනා...

" අඩෝ උඹ මට වතුර ගහන්නද ආවෙ.... කාලකන්නි ඉකෝලෙ නොගිහින් එනව මෙතන අපිට පවු දෙන්න.. වතුර ගැහුවනම්නෙ බලාගන්නෙ..."

"ඇයි උඹ මොනව කරන්නද.... එකෙක්ගෙ නින්දක් නිසා අද දවසම මස්ත බාල්දුවෙලා ඉන්නෙ...  ඌට දීපු බෙහෙතම තමයි උඹටත් දෙන්න හැදුවෙ..."

ලහිරුව කිවුවෙ ඌ හරි වීරකමක් කරා වගේ... අම්මප ඔන්න මට දැන් මූත් එක්ක ආයෙත් යකා නගිනවා... මූ මට වතුර ගහල ඇහැරවගෙන ගියේ නැත්නම් අද මේ මුකුත් නෑනෙ... ෂික්.... පර්ස් කෑල්ල වගේද මගේ ෆෝන් එක... ඒත් ඉතිං මම ඕක දැන් ඇදල අරගෙන මුගේ බෝක්ක්කුව ඇරගන්නවට වඩා හොදයි දැකට නැමිල බුරිය විකාගන්නවා...





" හං හා..  ඒ කියන්නෙ උඹ කෑවද මුගේ වතුර පාර..."

ඒ පාර ශ්‍යාමිකයත් එනව මට කින්ඩිය දාගෙන... මම මෙතන මේ පත්තු වෙලා ඉන්නවා... මුන් එනව ඒක වටේ හුලා හුලා ඩාන්ස් දාන්න..  කියන්න දෙයක් නැති කමටම මම කට වහගෙන ඉදියා.....ෂික් ෆෝන් එක... ව්‍යංගගෙ නම්බරේ....

"මොකෝ මේ... අලියෙක් පැඩල වගේ..."
ශ්‍යාමිකයට මගේ වෙනස තේරිල කොහෙද  මගෙන් ඇහුවා... දැන් ඉතිං මම මූට කියන්න ඕනෙ අලියගෙ පඩේ ගැන...

අලියෙක් නෙවෙයි.. ඔන්න ඔය බැබුම තමයි පැඩ්ඩෙ...   ෆෝන් එකත නැතිවෙලා ඔක්කොම අප්සට් වෙලා ඉදපු මට සිරාවටම දැන් ලහිරුව දකිනකොටත් මල පනිනවා... මගේ වැරද්දද උගේ පපඩමක් වගේ මූනෙ වැරද්දද දන්නෙ නැති නිසා මම ඌ දිගා නොබලම  ලහිරුවගෙ ඔලුව උඩින් පොත් ටික මේසෙට විසි කරල සපත්තු දෙකත් ගලවල ඇදේ හාන්සි උනා...

" අන්න අන්න... උඹ ඉතිං මාව අල්ල ගන්නවා.. මම පැඩල හරි මහවැඩේ කරල හරි උඹව එක්කන් ගියේ නැතිනං උඹට පර්ස් කෑල්ල හම්බවෙනවද ?? අනිත් ඒව ඉතිං උබේ ලබල තියෙන ග්‍රහයගෙ අප්සට් එකට උන ඒවා....

"පර්ස් කෑල්ල.... උඹට ඒකිව මීට උනාද.. මොකෝ උනේ... "
 
ශ්‍යාමිකයටත් ඒක අහපු ගමන් ඉවසිල්ලක් නෑ... මූත් ඉතිං අම්මප අපේ අක්කලගෙ ජාතියේම තමයි ඕපයක් අහු උනොත්  කන්න බොන්න නැතත් කමක් නෑ.
 
"මීට් උනා නේන්නම් මෙයා ම ආයෙත් හෙන හෙන වඩ කෑලි ටිකක දාල කෙල්ලව......................................................................"

හරිනෙ ඉතිං... ඔන්න චීත්තෙට සෙට් උනා ජංගියකුත්..අම්මපා. මුන්ට පුරුශ අවයව තිබුනට ගෑනු ගතිමයි තියෙන්නෙ.. වෙන එකෙක්ගෙ ඕපයක්  මොන මගුලක් හරි කමක් නෑ කතාකරන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ... ලහිරුවටත් වෙච්ච ඒව තව අතිනුත් දාල තව එකෙක්ට කියනකං නික දිව කහනව කහනව වගේ ඇති...... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..... ශ්‍යාමිකයත් ඉතිං ඌට සෙකන්ඩ් නෑ

හරි බරි ගැහිල වාඩිවෙලා කෙල බේර බේර කටත් ඇරගෙන ලහිරුවගෙ කතාව අහගෙන ඉන්නෙ අපෙ ආච්චි පෝය දවසෙ පන්සලේ පෙන්නපු සඳ කිදුරු නාඩගම බැලුව වගේ...  ලහිරුවත් දන්න සිල්ප ඔක්කොම දාල රගපාලත් පෙන්නනව... මේ මූකල්න් බස්සත් කට ඇරගෙන අහගෙන ඉන්නවා... අම්මප අපෙ ආච්චිගෙයි මුගෙයි වෙනසකට තියෙන්නෙ උන්දැගෙ කටේ දත් නැති එක විතරයි... මූගේ කටේ තියෙන ටික දැන් ඉතිං මට ගලවන්න හිතෙනවා...උන්දෙන්නට ඕනෙ වඩිගපටුනක් නටාගන්න ඇරල මම ඇදේ එහා පැත්තට හැරුනා...

ෂික්... ව්‍යංගට කෝල් කරන්න විදියක් නෑ...නම්බර් එක ෆෝන් එකේ... ව්‍යංගට නෙමෙයි ව්‍යංගගෙ ආච්චිටවත් කෝල් කරන්න ෆෝන් එකත් නෑ..ඒකත් බඩු හම්බ උනා... දෙවනි සැරේත් ෆෝන් එක නැතිකරල කියල දැනගෙන අපේ අක්ක පරල වෙලා ගෙදර ගියාම මගෙ කෙසුත් නෑ... අනේ අපොයි... ඒ මදිවට අර පොල් බූරුවගෙ වීරක්‍රියා නිසා ගමගේ සර් අපිව අදුනගෙන තිබුනොත් ලොවෙත් නෑ.... ගෙදරින් එක්කන් එන්න කියනව ආයෙ හෝදන්න දෙයක් නෑ  ඒකෙ බුදු ෂුවර්... ඕක අපේ අක්කට කිවාම කෙස් නෙවෙයි මගෙ බෙල්ලත් නෑ.....

මගේ අනාගත ඉරණම මතක් වෙලා මට හීන දාඩියත් දැම්මා... ඒ මදිවට මේ ඉලවුව පෝරණුව වගේ... මූ ජනෙලුත් වහගෙන මේකෙ ඇතුලෙ මොන අඩවුවක් ඇල්ලුවද  දන්නෙ නෑ කොට්ටෙකුත් බදාගෙන... අනින්න හිතෙනව පයින් එකක් මූට ඇදෙන් බිමට පාත් වෙන්න....

දාඩියේ ඉන්න බැරිම තැන මම ඇදෙන් නැගිටල ආව ජනේලෙ ඇරල දාන්න... මම ජනේලෙ ලගට ඇවිත් අත තිබ්බ විතරයි වෙඩිකාපු ඌරෙක් වගේ  දුවල ආව ශ්‍යාමිකය ජනේලෙන් අල්ල ගත්තා

"බුදු මහත්තයෝ... ඕකනම් අරින්න එපා"

යකෝ මූ පිස්සු බල්ලෙක් කාලද... මෙච්චර දාඩිය දාන වෙලාවෙ ජනේලෙ අරින්න එපා කියන්නෙ... මූ නිකන් බයවෙලා තියෙනෙ අර පාරෙ යන බල්ලො රතු පටිය අරන් එන්න සෞඛ්‍ය පරීක්ෂක දැක්ක වගේනෙ......

"ඇයි උඹ බයද උඹෙ මේ වෙඩි බෙහෙත් කාමරේට හුලං ටිකක් එනවට...  දාඩියයි යකෝ.. මෙන්න මේක ඇරපං..."
මමත් ජනේලෙ අත අරින්නෙම නැතුව කිවුවෙ ඌත් එක්ක ජම්ප් වෙන ෆලවර් සංඛයාව සීග්‍රයෙන් ඉගල යද්දි......

"හුලං වදින ඕනෙනම් යමන් එලිය.... ඕක අරින්න එපා මම කියන එක අහල... .. වරෙන් යන්න එලියට"

ශ්‍යාමිකය ජනේලෙ අතරින්නෙම නෑ.. එක තකින් කැඩෙන්න යන සරමත් අල්ලගෙන අනිත් අතින් ජනේලෙ එල්ලෛලා.. බැරිම තැන අපි තුන් දෙනාම ඉස්තෝප්පුවට ආවා....

"මෙන්න මේකයි බං සීන් එක... .."

අපි දෙන්න ඉතෝප්පුවේ තිබුන වේවැල් පුටු දෙකේ වාඩිවෙනකොට සිමින්ති බැම්ම උඩ වාඩිවෙන ගමන් ශ්‍යාමිකය කතාව පටන් ගත්තා...

"මම කිවුව නේද ආච්චිල ගෙවල් අස් කරන් ගිය නිසයි නංගි අද ගෙදර නැවතුනේ ... එයා තනියම නිසයි මමත් අද නැවතුනේ කියල..."
 අපේ දිහාවට පාත් වෙලා බොහොම හිමින් ශාමිකය අපි දෙන්නගෙන් ඇහුවෙ හරියට රහසක් කියනව වගේ...

" ඉතිං අච්චිල ගියානම අහවල් ල _ _ _ _ ද ජනේලෙ අරින්නෙ නැත්තෙ..."
මූ මොන ලාඩ බාසයක් කියනවද මංදා....

" කුණුහරුප කියන්න එපා යකෝ.. නංගි සාලෙ... ඉදපංකො කියන්න..."

"ඉතිං කියපංකො...."
ලහිරුවත් උගෙ සුපුරුදු වනිතා ලක්ෂනය දැම්මා...

"ආච්චිල ගියේ ඒ ගේ විකුනලා... කෑගල්ලෙ..  දැන් සති දෙකකට වැඩියි.... ගියදාට පස්සෙන්දම ගේ අලුතෙන් අරගනිපු අය ඇවිත් පදිංචි උනා...."

ශුවර් එකටම එහෙනම් එන්න ඇති කෙල්ලෙක්... ඉන්නව ඇත්තෙ උබේ කමරේට අර කෙලින් තියෙන කාමරේ... ඒකනෙ සී එක...

ලහිරුව කිවුවෙ අනුර කුමාර දිසානායක මාද්‍යවේදියෙක් අහපු ප්‍රස්නෙකට උත්තර දෙනව වගේ..... අයෙ හෝදන්න දෙයක් නෑ... ඌ සේරම දනව වගේ...

"හරියටම හරි.. හැබැයි පුතේ... නිකන්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි..... පුලුවන්නම් කියපං කවුද කියල......?"

ශ්‍යාමිකය ඒක කියල මගේ දිහා බලල  කුපාඩි හිනාවක් දැමමා.... එතකොටම මගේ මොලේ විදුලියක් කොටපු වගේ  මතක් උනේ මම ව්‍යංගව දැකපු පලවෙනි දවස... මම ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවෙ එයා නැග්ගෙත් මේ හරියෙන් තමයි.... මෙහෙට ආවෙත් අලුතෙන් කිවුවා.. අයි ඩී එකේ තිබුනෙත් දෙහිවල කියලයි... එහෙනම් ඉතිං ආයෙ හෝදන්න දෙයක් නෑ ඇල් වතුරට උල්පිහියෙන් ඇන්න වගේ එහාගෙදර ඉන්නෙ ව්‍යංගම තමයි.....
                      
මැත්ස් ෆිසික් කෙමෙස්ට්‍රි කිසිම ගානකට වොටිසන්ගෙ තරම්වත් මොලේ නැති උනාට මේ ටික මගේ ඔලුවට ආවෙ ෂර්ලොක් හෝම්ස්ට් හිතෙනවටත් වඩා වේගෙන්... තව මොන කතාද සිරිපාල ව්‍යංගම තමා ඒ.....

" ව්‍යංගා ........??"

මම ශ්‍යාමිකයගෙන් එහෙම අහද්දි ලහිරුවගෙ ඇස් දෙකත් දොට්ට පැන්නා... ඕනෙම ගානක් පටගාල හැදුවට මේ වගේ ලොමු දැහැගැන්වෙන ඇග කිලිපොලා යන මාරාන්තික අති බිහිසුනු තුච්ච කුජීත පජාත අහිරහස් ඕකගෙ ඔය සුදුලූනු බිකි මොලේට තේරෙන්නෙ නෑ නෙ ඉතිං...

ශ්‍යාමිකය මට හිනාවෙලා ඇහැක් ගැහුවා....

" අම්මප කියාපං..."
ලහිරුවට තාම විස්වාස නෑ...

"මම මොකටද බොල බොරු කියන්නෙ... ඊයෙ අපේ ගෙදර ආව ඇන්ටියි එයයි දෙන්නම... ඇවිත් අපේ ගෙදරින් කරපුංචත් ඉල්ලගෙන අපෙ අම්මත් එක්ක හෙන වෙලාවක් කයියකුත් ගහල ගියේ.. දැක්කම දැකල පුරුදු වගේ උනාට මට එක සැරේට මීටර් උනේ නෑ.. පස්සෙ එයාම අදුනගෙන මම හිතන්නෙ... එදා කලාස් එකේදි උඹ ගාවනෙ මම වාඩිවෙලා ඉදියෙ... අම්මට මොනව හරි කුටු කුටු ගෑව... මම නංගිට ගනන් වගයක් කියල දිදී හිටියෙ.. ඒගමන් මමත් රබර් ඇහැ දාගෙන ඉදියා.. පස්සෙ ඒ ඇන්ටි අපේ අම්මට කියල මගෙන් කලාස් එක ඇහුව රොබාගෙ ෆිසික් ක්ලාස් නේද යන්නෙ කියල... මගෙනුත් පොත ඉල්ලුව මෙහේ කවුරුවත් දන්නෙ නෑ  මුල් ටිකේ නෝට්ස් බලාගන්න කියල... මගේ පොත් කොහොමද බං කෙල්ලෙක්ට තිය බල්ලෙක්ටවත් දෙන්නෙ... මම කිවුවා යාලුවෙක් ඉල්ලගත්ත කියල ගනං වගයක් හදන්න පස්සෙ දෙන්නම් කියල.....අද උඹට මීට් උනා කිවුවනෙ... මම දැක්ක උදේ පාන්දරම කොහෙද  යනවා.....මගෙන් පොත නොලැබුන නිසා උඹෙන් ඉල්ලන්න ඇත්තෙ..."

එහෙනම් මෙයා ඉන්නෙ මෙහෙ...... ලවුස්ටෝරියට බාදක දහසක් ආවත් ඒව සුනුවිසුනු වෙලා ගිහින් ආයෙ පාර පෑදෙනවනෙ.....ඒත් ව්‍යංග අද උදේ මට මේ ගැන කිව්වෙ නැත්තෙ මොකද... කොහෙද වෙලාවක් උනේ නෑනෙ... ඕව කියන්න.... මාරක සටන් ජවනිකා තිබුනනෙ ලෙසටම...

දැන් ඉතිං කොහොමින් කොහොම හරි ස්ටෑන්ඩ් එකට එන්න මෙයාව කන්ටෑක්ට් කරගන්න  බැරි උනත් ටයිම් එක අල්ලලා මෙයාට මෙතනදි පොත දෙන්න පුලුවන්...
ශ්‍යාමිකයගෙ තරම් අප්සට් නැති උනත් ගෑනු ළමයෙක්ට දෙනකොට පොත පිලිවෙලට දෙන්න ඕනෙනෙ... මගේ පොතෙත් අප්සට් තැන් වලට අප්ඩේට් එකක් දන්න ඕනෙ මෙයාටදෙන්න කලින්...

" එහෙනම් උබේ මේ පර්ස් කෑල්ලගෙ කතාව සිරසෙ මෙගා එකක් විතර දික් වෙන්න යන්නෙ පුතෝ......"

ලහිරුව  මගෙ පිටට ගහන් ගමන් කිවුවා... උදේ වෙච්චර සීන් වලට හැම එකත් එක්කම මලෙන් ඉදියට මේ කතාව ඇහුවට පස්සෙ ඒව කොහෙන් ගියාද දන්නෙ නෑ....

" මෙගා එකක් වෙයිද එකාංගික ටෙලියක් වෙයිද දන්නෙ නෑ.. දැන් ටයිම් එක අල්ලල පොත් දෙන්න පුලුවන්.."
"මම යනව පොතට අප්ඩේට් එකක් දෙන්න පොඩි....එයාට  දෙන්න කලින්..."

මම පුටුවෙන් නැගිටල හිනාවෙලා කිවුවා.....

"අන්න බලපං කොල්ලො.... ආදරය ඉගනීමට බාදාවක් කරගන්නෙ නෑ ... ඒක නිසාම හැදෙනව..."

ශාමිකය මට කිවුවෙ සිමෙන්ති බැම්ම උඩ ඉදගෙනනම ඇදිල මට පයින් එකක් ගහන් ගමන්... උගේ පය පාරෙන් බේරන්න මම එහාට පැනල උන්ගෙදිහාව හැරිල කොලර් එක ඉස්සුව.....

"අපි එහෙම තමයි මස්සිනා...."

උදේ ඉදං පෙරලපු ටිංකිරි මුට්ටි අමතක කරල දාල කාමරේට ඇවිත් මම පොත දිග ඇරියා.. වෙලාවට මම  අද පොත ගෙනාවෙ.. උදේම දුන්නෙ නැත්තෙ හවසත් පොත පිටම දාල එයාව අල්ලගන්න... වැඩේ හබක් නේද කියල හිතින් දුක් වෙවී ඉදියට ඔය පෑදිල තියෙන්නෙ පාරක්.....  හික් හී.... ලබල තියන ග්‍රහයනම් අම්මප අමුතුම මදාවිකාරයෙක්...

මම තනියම හිනාවෙවී පොත දිග ඇරියා... ඒත් කාමරේ පට්ට දාඩියයි අප්පා..... ව්‍යංග උදේ පාන්දර යනව දැක දැකත් මොන වෙඩිමකටද මූ මේක වහගගෙන ඉන්නෙ... කොහෙද ඕකට ඔච්චර පරිකල්පන ශක්තියක් තිබුනනම්  දිසාපතිත් වෙලා මූ....

මම පුටුවෙන් නැගිටලා එකජනේලයක් ඇරල දැම්මා... ශ්‍යාමිකයගෙ කාමරේ ඉදල සිය වතාවකට වැඩියෙ දැකල තියන එහා ගෙදර ජනේලෙ දිහා වෙනදටනම් බලන්න විශේෂ හේතුවක් නෑ... ඒත් දැන් එහෙමද....  කපුටු බෝ ගහකට රුක් දෙයියෙක් වැඩල වගේ., එහා ගෙදර කියන්නෙ දේවාලයක් දැන්... ජනේල ඇරල ඩ්‍රිල් එකත් අල්ලගෙන මම මීටර් දහයක්වත් දුර නැති එයාගෙ කාමරේ දිහා පොඩ්ඩක් වෙලා බලන් ඉදියා... ඉදල හැරෙන්න හදනකොටම.. කාමරේට ආව රූපෙ දැකපු මගේ හාට් එක නැවතුනා වගේ උනා....

ව්‍යංගා.....!!!

ඒ කියන්නෙ මෙයා කලින් ඇවිල්ලද....... එහෙම වෙන්න ඇති උදේ ඇදන් ඉදපු ඇදුම නෙවෙයි ඇදන් ඉන්නෙත්....  හීනි පටි තියෙන කලු ස්කිනි එකක්......  ඒ ස්කිනි එක අතරිනුයි උරහිස ගාවට තියෙන කොට කොන්ඩෙ අස්සෙනුයි  කෙල්ලගෙ උරහිස්  මට පෙනුනෙ ඇත් දලේ පාටට... එයා මාව තාම  දැක්කෙ නෑ.... එයාගෙ කාමරේ ලයිට් දාල තිබුන නිසා මට එයා හොදටම පේනවා.. ඒත් මේ කාමරේ ලයිට් දාල නැති නිසා තාම එච්චර දවල් වෙලත් නැති නිසා කාමරේ ටිකක් කරුවලේ තිබුනෙ....

ඒ එක්කම ඊට පස්සෙ උන දෙයින් මාව ජනේලෙ අත ඇරිලා අඩි දෙක්ක් පස්සට විසි උනා... හත්තිලවුවෙ කෙල ගිලෙන්නෙත් නෑ...... මට පිටිපාල ඉදපු කෙල්ල ඇදගෙන ඉදපු ඉස්කිනි එක අත්දෙක උස්සල ගලවල දැම්මෙ නිකන්.. නෝටි ඇමරිකා ෆිල්ම් එකක වගේ...... දන්හිසෙනුත් වියතක් විතර කොට ශෝට් එකක් ඇරුනාම දැන් කෙල්ල ඇදගෙන ඉන්නෙ බ්‍රා එකක් විතරයි....

මම කරන වැඩේ කොච්චර කැත වැඩක්ද කියල තේරුන් ගන්න මගේ කොලු කම මට තප්පර තුන හතරක් යනකන් කිසිම ඉඩක් දුන්නෙ නෑ... අම්මප කෙල්ලෙක් කාමරේ ඇදුම් මාරු කරන එක හොරෙන් බලන් ඉන්න එක හරි හැට පැනල හොට බිම ඇනුන නාකියෙක්ට මිසක් කොල්ලෙක්ට වටින්නෙ නෑ.... මම ජනේලෙ වහන්න අඩියක් ඉස්සරහට තියන්න හැදුව විතරයි මගේ පෙර කරපු ආනන්තරිය පාපකර්මයක් පඩිසන් දීල කෙල්ල එක පාරටම මේ පැත්ත හැරිල බැලුවා.......

මල ගිනි කෙලි තිස් දෙකයි..... !!!     දැන්නම් ඉතිං ජොසපින් අක්කට ජැස්මින් පවුඩර්ම තමයි...

ගලවපු ඇදුම අත්දෙකෙන්ම  පපුවට තුරුලු කරගත්ත  කෙල්ල අඩියට දෙකට ජනේල ලගට ඇවිත් මගේ මූන ඉස්සරහම ජනේලෙ වැහුවෙ නිකන් හෙන ගහන්න වගේ.....

     දඩාං.....!!!

 ඒ සද්දෙ හිතේ දහ අට මුල්ලෙම දෝංකාර දෙද්දි  මම ඇද උඩට ඇදගෙන වැටුනා..........!!!





මහ බබා ලියපු අප්සට් ස්ක්‍රිප්ට් එකේ  විහඟගේ ෆිවුචර් ප්ලෑන් ලියවුන හැටි අරගෙන


මග දියට 7     ලගදීම එනවා...



ප.ලි

උපමා උපමේය ටියුබ්ලයිට් නම් කමෙන්ට් එක දාල අහන්න අනේ.....

ආ.. තව එකක්... කතාවෙ කොටසක් දානව දිග මදි කියල චෝදනා ආව.. ඒත් මේක දිග වැඩි උනාද මන්ද....  එහෙමනම් කියන්න හරියෙයි... ??


26 comments:

  1. එක හුස්මට කියවන ලදී... පට්ටය....
    අඩෝ පොඩ්ඩෝ එතකොට උඹ විතරක් නෙමෙයි.. ශාමිකයත් දැකල තියනවා ඔය දැරිවි ඔයිට වඩා දේවල් මාරු කරනවා.. හා නැද්ද.. නැත්තන් ඕකා ඔය තරම් බය වෙලා ජනෙල් වහන ඉඳීද.ටොපිය හම්බෙන්න ඇති, ආයේ හෝදන්න දෙයක් නෑ.. හික් හික්..
    පට්ටය...

    ReplyDelete
  2. අම්බෝ පට්ටය...... 18+ ය.....කොටු දැමිය යුතුය(පොඩිවුන්ට :D :D)
    ඔය ශාමිකයා ඇදට වෙලා මොකක්හරි අඩවුවක් නම් අල්ලලා තියනවා.. ආයේ ඒකෙ හෝදන්න දෙයක් නෑ.......

    ReplyDelete
  3. කාලෙකට පස්සේ මුල ඉදලා කියවන් ආවා..

    ReplyDelete
  4. ඒකත් ශාමිකගෙම අකවුන්ට් එකටම යන්න ඇති, මූ බේරිලා..
    දිගවුනාට කමක් නෑ බන් දාපන් ඉක්මනට :)

    ReplyDelete
  5. මූත් පෙරලගන්න බාල්දි.... ඇදගත්තනම් නාපන් පුතේ කිව්වලු...
    අර ශාමිකයා මොකෑ දන්නෑ කොට්ටෙත් බදන් නිදියව්වෙ නේද...
    උත් ඉතිං උදේම ජනේලෙ අරින්න ඇතිනේ....

    ReplyDelete
  6. " එහෙනම් උබේ මේ පර්ස් කෑල්ලගෙ කතාව සිරසෙ මෙගා එකක් විතර දික් වෙන්න යන්නෙ පුතෝ......"
    he..he......... wow...... niyamai "podi man..
    dan ithin 7 enakam iwasillak na...:D:D
    all the best "poddoo"

    ReplyDelete
  7. දිග වැඩියි කිව්වා.. ආයේ මඟුලක් කතා කරනවා..අර කියනවත් වගේ එක හුස්මට කියෙව්වා ඕං... නියමයි මචං..

    ReplyDelete
  8. අම්මා ගහයි.. ඔච්චර ජනේලෙ වහන්නැතිව ඇදුන් ගලවනවද බං ? :-?

    අර කොහේද විකාගෙන කෙල්ලො මේක කියවයි.. බට් ජීවිතෙට කමෙන්ට් එකක් නම් ලැබෙන්නැ උඹට :P

    ReplyDelete
  9. @ සිහින :- අම්මප අර කිවුවත් වගේ.... ඔහොම එකක් කල්පනා උනේම නෑනෙ මට.... :D

    @ සුදු කොල්ලා :- ආයෙ පිස්සුවක් ඇතෑ මොකට කොටු දානවද අර නර්ගලී අක්ක ඔයිට වඩා ඒව ඇදගෙන ප්‍රසිද්ද මාද්‍යේ ඉන්නෙ... ආ ඇයි මිස් සී ලන්කා... :P

    @ රත්ගමයා :- අර උබේ කතාවත් ලියපංකො

    @ තාරක :- උඹටත් හිතෙන ඒවා...

    @ ප්‍රසංග :- ඇත්ත තමයි යකෝ... ෂික්.. මට මූත් එක්ක එන තරහක්...

    @ ගායනා :- ගොඩක් ස්තූතියි ගායනා අක්කෙ...

    @ පුතා :- හැක හැක... තැන්කූ තැන්කූ

    @ බනී :- ඒකනෙ බං කියන්නෙ... සහතික ඇත්ත මචං.. හැමදාම කතාවට ලිංක් එක ඉල්ලනව උදේ මම ආව ගමන්... ගායනා අක්ක විතරයි කමෙන්ට් එකක් දාල යන්නෙ.. මගේ පෝස්ට් වලට කොහොමත් එහෙමනෙ.. :(

    ReplyDelete
  10. හුස්මක් කටක් ගන්නෙ නැතිව ඔක්කොම ටික කියෙව්වා.. නියමයි අයිය්යා.. හැබැයි මේ කෙල්ලො ඇඳුම් මාරු කරන ඒවා බලන එකනම් කැතයි :/
    ඉක්මන්ට ඉතුරු ටිකත් දාන්න.. නියමයි..!! ජය

    ReplyDelete
  11. අඩෝ පට්ටයි බං.සිරාවටම සිරා....කතාව තවත් දිගට ලියපං.ජයවේවා.අඩෝ පුලුවන්නම් අලුත් පෝස්ට් එකක් දැම්මහම මට මේල් එකක් දාපංකො.

    ReplyDelete
  12. චී... නෝටි කෙල්ලෙක්... එහෙමත් ජනෙල් ඇරගෙන ඇදුම් මාරු කරනවයැ...

    ඉක්මනට ඊලඟ කොටසත් දාන්න....

    ReplyDelete
  13. ජරා කථාව
    මට නම් මේක කියෙව්වම වමනෙ යන්න එනව.... :/ :/ :/

    ReplyDelete
  14. @ හිතුවක්කාරි :- බැලුවෙ නෑනෙ පෙනුනනෙ.... :D

    @ Dilanka :- මචං සබ්ස්ක්‍රයිබ් එකක් දාගනිං....

    @ මන්තරකාරි :- අන්න ඒකනෙ ... කොල්ලො නිකන් නරක්වෙනවා...

    @ ඇනෝ :- බ්ලොග් එකට වැටුන වටිනම කමෙන්ට් එක ඇනෝ.... ඔය අහු උනොත් ඇත්තමයි උම්ම එකක් දෙන්න හිතෙනවා....

    ReplyDelete
  15. අතිශයින්ම පට්ටා සහගත කතාවකි...ඊලග කොටස ඉක්මනට ඩාපියෝ...අරූ කොට්ටෙත් බදාගෙන මොනා කොරාද දන්නෙ නෑ නේ.සමහර විට සමාන අත්දැකීමක් වෙන්ටැ උටත් උබටැ වගේම

    ReplyDelete
  16. අඩේ පට්ට.... ගාල්ලේ එකෙක් කතාවක් ලිව්වොත් අම්බලන්ගොඩත් කොහෙන්හරි ගෑවෙනවානේ :D
    හොද වැඩේ කුප්පයට ඔන්න මේ අවස්ථාවේ සිට බොගේ ලව් එක ආයේ හෝදන්න දෙයක් ඉතුරු නොවෙන්නම හේදිලා යන්නයි යන්නේ ;)

    ReplyDelete
  17. හිකි හිකි හිකිස් ඕන් මාත් කියවලා ..ජනේලය වහලාම ගියා :DDDD

    ReplyDelete
  18. කෝපි බිව්වනම් තටමපන් පොඩිනම

    ReplyDelete
  19. ෆට්ටයි ෆට්ටයි හැබැයි ඉතින් 18+ කලින් දැනුවත් කොරලා තියාපං පොඩිඑකෙක් එහෙම හොට දැම්මොත් කම්බස් නේ.
    කොල්ලො ඇදුම් මාර කරන ඒවා බලන එක කැතයි හොදේ..
    ඉක්මනටම දාපන් ඉතිරි කොටසත්... ජය.....!

    ReplyDelete
  20. අනේ අනේ පොඩ්ඩ්ඩො උඹ වැඩිහිටියන්ට පමණයි කරන්ඩ යනවද කතාව?? හික් හික්

    ReplyDelete
  21. උබ තවම පනපිටින් නේද පොඩ්ඩො?

    ReplyDelete
  22. ඒ මේක නියමයි බන් . . .මුල් කොටස් ටික හෙමීට කොයෝල එන්නම් . .

    ReplyDelete
  23. ඔ ඕ..... වැඩේ අබ්ලික් වෙන්න දෙන්න එපා...
    මට හිතුනා ගේ අස් කරන් ආච්චිලා ගියා කිව්වම මෙහෙම තමයි වෙන්නෙ කියලා

    ReplyDelete
  24. මට හිතුනෙත් රහස් පරික්ෂකට හිතුන දේම තම්යි.

    ReplyDelete
  25. හිතල බැලුව නෙමෙයිනෙ.නේද

    ReplyDelete