2011-10-08

හූරණ ටිකකට් එකක් අරන් නැති අය ඉන්නවද ?? නැතිනම් මම මගේ මෙන්න මේ කන කපනවා....



හූරණ ස්විප් අරගෙන තියෙනවද... ??
අනිවා අරගෙන තියෙනවා.. නැති එකෙක් නෑ.....
නෑ කියල කියන එකෙක් හරි ඉන්නවනම්...
මම ඔප්පු කරල පෙන්නනව ආරගෙන තියෙනව කියල....
මගෙ අම්මා පල්ල... පෙන්නනව ඔප්පු කරල...

නැතිනම් මම මගේ මෙන්න මේ කන කපනවා....

හූරණ ස්විප් කියන්නෙ මහ පට්ටම පට්ට අමුතු දෙයක්...
සමහරුන්ට ඇදෙනවා....
සමහරුන්ට අතේ තියෙන රුපියල් විස්සටත් කෙලවෙනවා..
ඇදුනත් සොච්ච්මයි....
ඒකෙනුත් තව ටිකට් එකක් ගන්නවා....
පස්සෙ ඒකටත් කෙලවෙනවා..
කමක් නෑ විස්සට දෙකක් හීරුවනෙ කියල හිත හදාගන්නවා...
සමහරක් වෙලාවට විස්සට තුන හතරක් හූරන වෙලාවල් තියෙනවා....
එතකොටනම් ටිකක විතර හැපි..
ඇයි අතේ තියෙන විස්සට තුන හතරක් හූරලනෙ...
ඒත්  ඒ වෙලාවට අපිට හිතෙන්නෙ නැති දේ තමයි එකක් හූරල පැරදුන මිනිහට ව්ඩා තුන හතරක් හූරලත් පැරදුන එකා පට්ටම පට්ට ගොනෙක් කියල...

ඇදිච්ච රුපියල් විස්ස තියාගත්තත් වැඩක නෑ...
හූරල විතරයි නෙ...
ඒත් ඇදුන රුපියල් විස්ස තියාගන්නෙත් කීයෙන් කී දෙනාද... ??
මම හිතන්නෙ කවුරුවත් නෑ..

එක එක ජාතියෙඒ හූරණ ටිකට් එනවා... අපි එක එක දවසට එක එක ඒව හූරණවා...
අන්තිමට කෝක හීරුවත් අතේ තිබ්බ විස්සට කෙලවෙලා...

කමක් නෑ විස්සනෙ කියල හැමදාම හූරණවා....
දන්නෙම නෑ විස්ස විස්ස කෙලවෙලා
අපිත් නොදැනම හීරිලා...

කමක් නෑ ටිකට් කාරයවත් පෝසත් වෙනවනෙ...
ඒත් කොහෙද ටිකට් කාරය පෝසත් වෙන්නෙ..
ඌට තියෙන්නෙත් එක ටිකට් එකෙන් කොමිස් එකක්නෙ...

ඌ අර ලවුස් පීකරේ බෙල්ලෙ බැදන් කෑගහන්නෙ ඔය රුපියලේ කොමිස් එකට....
එත්කොට මොකාටද ටිකට් එකේ ලාබෙ...??

ජාතික ලොතරයි මන්ඩලේටලු..
ඒත් උන් කියනවනෙ ඒක රට ජාතියේ සංවර්ධනේට කියල...

ලබ්බ තමයි...

රට සංවර්ධනේ කරන්න ඔය ඕන තරං බදු ගහන්නෙ එක එක ඒව .. අර එස්ටී මේ එස්ටී.. වැට්  හුට්  පට්....
ඒවයින් ඔය කරන අහවල් එකක් කරන්න පුලුවන්නෙ...
සුවිප් එකක් පෙන්නල අපට බෝලෙ බස්සල .... සල්ලි කඩා ගන්නෙ... දන්නෙම නැතුව අපිට සුවිප් එක ඇදිල කල්ල මරේ... දිගටම ඕක හීරුවොත්...

කාර දෙනව බාර් දෙනව හෙන හෙන  ඇඩ් දානවා.... ඒත් මොකාටද හූරන එකෙන් ඔය කාර් බාර් ඇදිල තියෙන්නෙ..

මම දන්න එකෙක්ටනම් නෑ...

ඊට වඩා හොදයි ඕයි  සිගරට් එකක් බොනව රුපියල් විස්සට...
අඩුමගානෙ පපුවවත් හැදෙනවා...

පපුව බල්ලට ගියත් අඩුමගානෙ ෆීලින් එකවත් තියෙනවා... ඔය කෙහෙල්මල් විස්සට නියව නියව ඉන්නව වගේද දුම ඇදල ඇතුලෙ තියෙන ඔක්කොමත් එක්ක පිට කරන එක රුපියල් විස්සට...

පුග්... මේ යක්කුන්ට තේරෙන්නෙ නෑනෙ...

ඒත් ඉතිං මමත් ඉදල හිටල ඔය හූරණ ටිකකට් දෙක තුනක් අරගෙන තියෙනවා... පලවෙනි දෙක තුන හීරුවා.. පලවෙනි එකකම ටිකක දුරට ගියා විස්සෙ ඒව ඇදි ඇදි...
ආ වැරදුනා.. ඒ දවස්වල ටිකක් ලාබයි... රු  දහයයිනෙ...

දහයෙ ඒව ඇදි ඇදි ටිකක් දුර ගියා....

පස්සෙ කෙලවෙලා ගියා...

කමක් නෑ දහයට තුන හතරක්ම හීරුවනෙ... ඇදුනෙ නැතත් හූරන එකන ආතල් එක...

ඒත් දහය... මතක් වෙනකොට පොඩ්ඩක් විතර අප්සට්..

දෙවනි වතාවටත් තුන්වෙනි වතවටත් හීරුවා... ලෙල්ල ඇරිය විතරයි පුදනකොටම කාපි යකා හූරපු ගමන් කෙලා හුටස්...
අර කලින් වගේ දහයත් නෙවෙයි... විස්සක්.... ෂික්,,,,

අයෙනම් ගන්නෙ නෑ ඔය හූරණ ලබ්බවල්... මොන මගුලක්ද....

ඒත් ලොතරැයි කාරය පීකරේ දාගෙන අද අදිනවා..... ගාගෙන යනකොට ... අම්මමප උගෙ ආච්චිට...

දවස් දෙක තුනක් කන්දෙක වහගෙන හැංගිල හිටියා.. කොහෙද ම්...හුග්...
අර අපේ ගෙදර ඉන්න වේස බල්ලත් ඌට උඩු බුරලනවා....

බඌඌඌඌඌඌඌඌඌඌඌඌ...........

නොදකින් විතරක්.....  කපල දාන්න හිතෙනව ඕකගෙ බෙල්ලට රතු පටියක්...

බැරිම තැන.....
හවසට දුමක් දාන්න තියෙන සල්ලිත්  අරන් ගියානෙ  ඌ ගාවට...
අද අදින එක තියාගෙන ඇහැ යන්නෙම හූරන එකට...

ආයෙමත් ගත්ත මම හූරණ එකක්...
 හැබැයි,,,,,,

මේ පාර මම හීරුවෙ නෑ....
අරන් තියල තියනවා...

කොහොමද ආතල් එක.... එතකොට රුපියල් විස්සට තාම පාඩු වෙලා නෑ...
ඒකට කෙල වෙලත් නෑ,,,,
සමහර විට ලක්ෂ ගානක් ඇතුලෙ ඇති...
එහෙම කියල හිත රවට්ටගෙන තියාගෙන ඉන්නවා හූරන ස්විප් එක හූරන්නෙ නැතුවම...

එතකොට තමයි ඒකෙ නියම වටිනාකම තියෙන්නෙ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...  ටිකට් එක නැතිකරගන්නෙත් නෑ හූරන්නෙත් නෑ...

පට්ට අමාරුයි තමා..ඒත් තියාගත්තොත්... අම්මප තියාගත්තොත්...

නෑ මම කියන්නෙ නෑ...

තියාගෙනම බලනවකො..... ...

ආයෙ හෝදන්න දෙයක් නෑ...
ආදරේ කියන්නෙ හූරණ ස්විප් එකක්ම තමයි....... ආයෙ ඒකෙ දෙකක් නෑ... ....

හා දැන් කවුද හූරණ ටිකක් අරන් නැත්තෙ ......???



අද ඡන්දෙ.... චන්දෙ ගැන පොඩි මෑන්ට හිතුන  හැටි දැක්කාද ?

අමුතු ඇටේ දියවන්නාව මහ සත්තුවත්තට යන්නට පස්ට් ස්ටෙප් එකට අද චෑනිස් එක...


කලින් හිතුන වෙන ඒවා...


කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ

Modern Love සමීකරණය විසදීමෙන් කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/= ??

රාජපක්ෂ ප්‍රතිඥාව හෙවත් කුරහන් සාටකේ රීලෝඩඩ්


මිස්ට ඇන්ඩ් මිසිස් මනමේගේ අප්සට් හනිමුන් එක සහ ඉතින් ඊට පස්සෙ 

දැන් පෙන්නනවා... "ග්‍රීස් යකා රී ලෝඩඩ් " රෙද්දෙ ගාගන්න කැමති අයට වඩාත් සුදුසුයි




12 comments:

  1. මම අරගෙන නෑනෙ හූරන ටිකට් එකක්.ඔයා කන කපල පෙන්නනවද?

    ReplyDelete
  2. හූරණ ටිකට් නම් මමත් අරන් නෑ කොලුවො... හැබැයි වෙන උන් ගත්තු ටිකට් හූරල තියෙනව... ;)

    ReplyDelete
  3. උබ සිරාවටම කන කපනවා නම් මම ඔප්පු කරනවා මෙතෙක් කාලෙකට මම කිසිම විදිහක ටිකට් අරගෙන නෑ කියල, හූරන එක සහ අනිත් එක ඇතුලුව

    සිරාවටම කපන්න ඕනේ හැබැයි හරිද :D

    ~~DarKneT ඉශාර

    ReplyDelete
  4. හා හා ඇනොනිමස්..මේ රු 20 කඩදහි කෑල්ලකට මුව කුජීත කරන්න එපා.. පවුනේ.. අනික කනක් නැති ජිවිතයක් පලක් තියෙද ? :P :P

    අනේ යකෝ .. රු 20 සිගරට් බීවාම කෙලින්ම ආදායම රජයටනේ ? අරකෙන් රු 2 ක් අර විකුණන මනුස්සයාට හරි තියෙනවා..!! බේබද්දෝ..!

    ReplyDelete
  5. තියෙන මෝඩ කමනේ සිගරට් එකක් බොන එක හරි ලොකුයි කියලනෙ මේ බූරු හාමි හිතන් ඉන්නේ.......... :/ :/

    ReplyDelete
  6. හුරන එවා අරගෙන තව මොනවා වෙවිද දන්නෙ නැ.....
    ආදරයත් එක්තරා විදියට හිරිල්ලක් තමයි.

    ReplyDelete
  7. මමත් හූරන ටිකට් නම් අරගෙන නෑ.වෙන අය ගත්ත ඒවානම් හූරලා තියෙනවා.
    දැන් ඔයා මෙතන කියලා තියෙන්නෙ හූරන ටිකට් ගැනද නැත්නම් වෙන දෙයක් ගැනද?

    ReplyDelete
  8. //ආයෙ හෝදන්න දෙයක් නෑ...
    ආදරේ කියන්නෙ හූරණ ස්විප් එකක්ම තමයි....... ආයෙ ඒකෙ දෙකක් නෑ... ....//

    එතකොට මේකද කියන්න හැදුවෙ?

    ReplyDelete
  9. ආදරේ කියන්නේ නම් ස්විප් ටිකක් එකක් තමා...

    ReplyDelete
  10. I every time used to read piece of writing in news papers
    but now as I am a user of web thus from now I am using net for articles or reviews, thanks to web.
    Feel free to surf my website ... transfer news central twitter

    ReplyDelete
  11. Hello to every one, the contents present at this site are
    truly awesome for people experience, well, keep up the nice work fellows.
    My website :: pizza games mac

    ReplyDelete