2011-11-02

හිතුවක්කාරයකුගෙ හීන ........................සුද්දි




මේ...

මම ඔයාට සුද්දි කියන්නද...

මට... ..
ඇයි ඒ ...?

ඉතිං ඔයා සුදුයිනෙ.... ඒකයි...

පිස්සු... ...
මට වඩා කොච්චර සුදු අය ඉන්නවද.....

නෑ.......
ඔයාට වඩා සුදු අය කොහෙද .. මම දන්න සුදුම සුද්දි ඔයා තමයි...

ඔයාට පිස්සු අනේ...  ඊට වඩා මම හිතන්නෙ ඇස් පේන්නෙ නෑ...

ඇස් පේන්නෙ නෑ....
ඇයි එහෙම කියන්නෙ....?

ඉතිං ඔයා කියනවනෙ මට වඩා සුදු අය නෑ කියල...
ඕනෙ තරම් ඉන්නවා...

ඔයා හිතන්නෙ සුදු කියන්නෙ ඇස් වලට පේන දෙයක් කියල...

නැතුව...

එහෙනම් ඔයාට වැරදිලා...

වැරදිලා... .. ?
ඒ කොහොමද..

ඔයාට පේනවද අර  අහසෙ පුලුන් බෝල වගේ වලාකුලු... ..
ඒව පාවෙලා ඇවිත් ඉර වහගත්තාම.. ඉරේ රැස් වලට ඒව තවත් සුදුම සුදුයි... වලාකුලු දිස්නෙ ගහනවා... වලාකුලු දිහාම බලන් ඉන්න... ඔයාගෙ ඇස් නිලංකාරවෙලා යාවි... එතකොට මොනවත් පේන්නෙ නැතුව යාවි... ඒත් ඒ පේන්නෙ නැති ඇස්වලට දැන්නෙන්නෙ තියෙන්නෙ සුදුපාට නෙවෙයිද...

හ්ම්ම්ම්....

ඉතිං ඔයාත් එහෙමයි...
මම ඔයාගෙ මූන දිහා බලාගෙන ඉන්නකොට... අර සුදු වලාකු ඇවිත් ඉරවහගත්තාම වලාකුලු දිස්නෙ ගහනව වගේ.. ඔයාගෙ මූන.. ඇස්.. දිස්නෙ ගහනව.. ටික ටික ඒ දිස්නෙට ඇස් නිලංකාරවෙලා යනවා... එතකොට ඔයාව නෙපෙනුනත් මට දැනෙනව ඒ සුදු මූන... ඒ ඇස්වල දිස්නෙ.... ඊට පස්සෙ බලන බලන බලන හැමතැනම ඔයාගෙ මූන... ඔය ඇස්....

මගේ.... ... ??

ඔවු ඔයාගෙ තමයි...
ආ එතකොට කෝපි මල්.....
ඒවත් සුදුම සුදුයි... කෝපිමලක් දිහා බලාගෙන ඉන්නකොට ඉන්නකොට... කෝපිමල් වල සුවදට ඇස් පියවෙනවා... ඒ එන්නෙ අර සුදුපාටෙ සුවද...
ඇස් පියාගෙන ඉන්නකොටත් ඒ ඇස්පිහාටු යට දැනෙන්නම අර සුවද  කෝපි මල්... ඇස් පිහාටු යට තියෙන කෝපිමල් ටිකෙන් ටික හිතේ පතුලටම යනවා... ඊට පස්සෙ පේන්නෙ හිතින්...... එතකොට ඇස් දෙක ඕනෙම නෑ.. ඒ සුද බලන්න... ඇස් දෙක  වහගත්තාමත්  හැම වෙලාවෙම ඒ සුදු කෝපි මල් මයි පේන්නෙ...

හ්ම්ම්ම්....

ඉතිං ඔයත් ඒ වගේ... ඔයාගෙ ඔය සුදු මූන දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට දැන්ව මට ඔයාගෙ සුවද.. ඊට පස්සෙ ඇස් පියාගත්තාමත් පේන්නෙ ඔයාවමයි... ඇසි ඕනෙ නෑ එතකොට ඔයාගෙ සුදු මූන බලන්න...

මගේ.... .. ??

ඔවු ඔයාගෙ තමයි...
ආ එතකොට මීදුම...
හයියියියෙන් වහින දවසට නුවරඑලියෙ තියෙන මීදුම...
ඒක මැද්දට ගියාම මොනවත් පේන්නෙ නෑ... අන්දවෙලා වගේ.. බලන බලන තැන සුදු පාටයි..... ඒ සුදුපාට ඇස්දෙක හයියෙන් බදාගත්තාම.... ඇස් පියාගෙන ඉදියත් පේන්නෙ සුදුම සුදු මීදුමම විතරයි....

හ්ම්ම්ම්.....

ඉතිං ඔයත් ඒවගේ... ඔයා මගේ ඇස් දෙක ඉස්සරහට ආවම... ඔයාගෙ ඔය සුදු මූන මගේ ඇස් දෙක හයියෙන් බදාගත්තාම ඇස් දෙක වැහුවාම පේන්නෙත් ඔයාවම විතරයි... ඇස් ඇරගෙන ඉදිය පියාගෙන ඉදිය කියල වෙනසක් නෑ... ඔයා මගේ ලග නැති උනත් ඇස් පියාගෙන ඔයා ලග ඉන්නව වගේ ඔයාව බලන්න පුලුවන්...


මේ මම.... .. ??

ඔවු ඔයා තමයි.. ..
ආ එතකොට හිම ගොඩේ ඇවිදල තියෙනවද...
අලුතින් වැටිච්ච සුදුම සුදු හිමගොඩේ සෙරෙප්පු නැතුව නිකන්ම නිකන් ඇවිදගෙන යනකොට... කකුලෙ යට පැත්තට ඉදිකටුවලින් අනිනව වගේ...  ඒත් රිදෙන්නෙ හරිම ආස විදියට... එහෙම රිදිල රිදිල කකුල් හිරිවැටිල යනවා.. එහෙමම ටික ටික.. නහර දිගේ දුවල ඒ රිදිල්ල ඇවිත් ඇගම හිරිවැටෙනවා... ඇස් පියවිල යනවා..එතකොට ඇස් පියාගත්තත් පේන්නෙ අර සුදුම සුදු හිම...

හ්ම්ම්ම්....

ඉතිං ඔයත් ඒ වගේ... ඔයාගෙ සුදුම සුදු අත්වලින් මාව අල්ලනකොට... ඔය සුදු මූන මගේ බෙල්ලට තියල  මාව ඉඹිනකොට  ඉදිකටු ලක්ෂගානක් ඇනෙනව වගේ... ... ඒත් ඒක හරිම ආස කරන රිදිල්ලක්... ඒ රිදිල්ල නහර දිගේ ගිහින් මුලු ඇගම හිරි වැටෙනවා... ඊට පස්සෙ ඇස් පියාගත්තාමත් පේන්නෙ ඔයාවම විතරයි.... ඔයාගෙ සුදු මූනම විතරයි...

මගේ... ..??

ඔවු ඔයාගෙ තමයි..... ඔයාම විතරයි.....ඉතිං ඔයා මගේ සුද්දි තමයි......

ඔයාට වඩා පාටෙන් සුදු උන අයගෙ සුදු ඒ විදියට මගේ හිත ඇතුලටම දැනෙනවද...??
මගේ නහරයක් නහරයක් ගානෙ දුවනවද....??
මගේ පපුවට මෙච්චර බරට දැනෙනවද.....??

මම ඇස් පියාගත්තාමත් පේනවද... ??

හ්ම්ම්ම්......

ඉතිං කියන්න .. ....
ඔයා මගේ සුද්දි නෙවෙයිද.......... ??


                            __________________________

බ්ලොග් එක පටන්ගනිපු දවස්වලම දාපු.. වැඩියෙ කවුරුවත් කියවපු නැති මේ කතන්දර දෙක  කියෙවුවද.. ??

තින්තතෙතයියා

හදපානේ නිරුවත් වානරයා 1

හදපානේ නිරුවත් වානරයා 2


34 comments:

  1. ගද සුවද වර්ණ අපෙ පංවේන්ද්‍රියන්ට සාපේක්ෂයි.
    මම හිතන්නේ ආදරෙත් ඒ වගේ තමයි.හිතකින් හිතකට සාපේක්ෂයි.
    ආදරයයි ඒ දෙන්නාගේ දයාව කරුණාව අතරෙයි තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්.දයාව කරුණාව වැඩි වෙන තරමට ආදරෙත් වැඩි වෙනවා.එහෙමයි නෝටිට හිතෙන්නේ...
    ඉතිං සුද්දි ඔයාගේ විතරයි තමයි...

    ReplyDelete
  2. උඹටත් මාරම දේවල් තමයි හිතෙන්නේ බං. ලොවෙත් නෑ.

    ReplyDelete
  3. මූටත් එහෙනම් ආදරනීය දේවල් හිතෙනවා. මම් හිතුවේ අරහෙම දේවල් විතරයි හිතෙන්නේ කියලා. හික් :)

    ReplyDelete
  4. පට්ටයි පොඩි මෑන්

    ReplyDelete
  5. සුද්දි කියන්නෙ නැතිව සුදු මැණිකේ වගේ එකක් වත් ආදේශ කරපං.. :D නිකං පොශ් ගතිය නෑ වගේ :D :D

    මේ බ්ලොග් එකේ මොනා හරි අප්සට් එකක් වෙලා තියෙනවා.. ?

    ReplyDelete
  6. ඇහේ සුද ඇවිල්ලා වගේ...

    ReplyDelete
  7. පොඩි මෑන්ට ලව් මාන්දම හැදිලාද කොහෙද, කව්ද බොල මේ සුද්දී :-D
    පොඩි මෑන්ට මග දිගට 13 ඉක්මනට දාපන්.

    ReplyDelete
  8. මේ අර අම්මල ගැන සිසේරියන් ගැන ගණිකාවො ගැන කන්‍යාවො ගැන ලියපු පොඩිමෑන්ද??? O.o

    හැබැයි ලස්සනයි අෑ! :)

    ලස්සන හැම දෙයක් ම පිටිපස්සෙ භයානක දෙයකුත් තියනවනේ!

    ReplyDelete
  9. උබත් නිකන් කාලගුනේ වගේ... ඊයේ ලිව්ව ස්ටයිල් එකට අම්බානෙක වෙනස් අද.... සුද්දි නෙමෙයි බන්... " සුදූ " කියපන්... හික් හික්..

    කෝ යකෝ කතාව.... අමතකත් වෙනවා.... කොල්ලො කල් ගන්නව වැඩි උබ..

    ReplyDelete
  10. @ නෝටියා :- අයියෝ බං ඔච්චර දේවල් හිතුවෙ නෑ මම.... ඔන්න ආයෙත් අර මගුල වෙලා.. උබේ අනිත් කමෙන්ට් එක පේන්නෙ නෑ.. ඔවු ඉතිං රෑ එකට දෙකට නැගිටගෙන ඉන්න එවුන් එච්චර නෑනෙ... :) ඒකටි උඹ එක...

    ReplyDelete
  11. @ කසුන් :- ස්තූතියි බං

    ReplyDelete
  12. @ මධුරංග :- ෆයිලට් කෙනෙක්ට ත්‍රීවීල් එකක් එලවන්න තහනම්ද ?? :D

    ReplyDelete
  13. @ ලොකු අයියා :- ස්තූතියි...:)

    ReplyDelete
  14. @ Bunny :- සුදු මැණිකෙ පොෂ්ද..?? හෙන පොෂ් කොල්ලෙක්නෙ උපදෙස් දීල තියෙන්නෙ,,, :P

    අප්සට් එක බැග්‍රවුන්ඩ් එක තනි කලු කරපු නිසාද ??

    ReplyDelete
  15. @ මාතලන් :- ආ ඔවු ඇහේ සුද ඇවිල්ල තියෙනවද... ඒතකොටනං සුදුම තමයි... ඔපරේශන් කරල අයින් කරාන්න්ම ඕනෙ නැතිනම් සදාකාලික් අන්ද උනත් සුදුම තමයි....

    හ්ම්ම්ම්

    ඉතිං ඔයත් ඒවගේ තමයි.... :D :D

    ReplyDelete
  16. @ නලින් :- ඊලගට මගදිගට... ලවු මාන්දම කියල ලෙඩකුත් තියෙනවද ??

    ReplyDelete
  17. @ තනි අලියා :- උඹටත් අර මධුරංග අයියට කියපු එකම තමයි කියන වෙන්නෙ... ඇයි යකෝ.. මම වල් කරන්නෙ උඹලනෙ..:D :D :D

    ReplyDelete
  18. මෙන්න මේකනෙ වෙලා තියෙන්නෙ මූ ලියන ඒවට කෙල්ලො පැත්ත ප්ලාතක එන්නෙ නෑ මේ බ්ලොග් එකේ මුගේ අර ලිවීමේ හැකියාව පාවිච්චි කරල කෙල්ලො ටිකක් අල්ල ගන්නයි හදන්නෙ කෙල්ලො කැමතියිනෙ මේ වගේ ඒවට අහුවෙන්න එපා කෙල්ලනෙ
    මූ ගෙන වලා

    මොනවකරත් ලස්සන පෝස්ට් එක

    ReplyDelete
  19. @ පිස්සා පලාමල්ල :- මේ දවස්වල වහිනවනෙ බං හීතලට ලවු සික් :D :D
    ඊලගට මග දිගට ;)

    ReplyDelete
  20. @ ඇනෝ :- සික්.. වැඩේ කෑව.. කටවහපංකො....

    ReplyDelete
  21. අඩේ පොඩි මෑනෝ....මං මේක පස්සෙං පන්නන්ඩ ගත්තේ ගොඩ කාලෙකට කලියෙං ඒත් බං මගේ FF බවුසරේ බොගේ බ්ලොග් එකට කිසිම සප් එකක් නෑනේ බං...බවුසරේ මාරු කොර GC වලට..දැං හරි ...සමාවෙයං ඩෝ..!
    මේක නං පස්ට අදහස...පංකාදු පහයි....
    ඒ වෙලාවේ සුද්දි මොනැ උඹට කිව්වේ බං..?
    මං ඇහුවේ මේකේ දාලා තියෙන ඒවට අමතරව බං

    ReplyDelete
  22. ජයවේවා පොඩ්ඩෝ.. ඔන්න ඔය සුද්දිට කියලා දෙන්න එක්කම අපිට පොඩි පහේ පාටියකුත් දුන්නා නම් තමයි හොඳ.

    ReplyDelete
  23. මාරම ලස්සනයි මල්ලී...

    ReplyDelete
  24. අම්මේ...මාරම බටර් ගොඩක් නේ...

    ReplyDelete
  25. මාර ලස්සනයි... හරිම පුදුමයි.. වෙනස්ම විදියකට ලියලා. හිතට ඇල්ලුව්වා උපරිමේට..:D නියමායි..

    ReplyDelete
  26. @පොඩ්ඩා :
    අපෝ නෑ. පුලුවන් පුලුවන්.
    නමුත් ඉතින් පයිලට්ලා කරන්නෙම උඩ නඟින එකනේ. ඒකේ රහ දන්න එකා ඒක දාලා ත්‍රීවිල් එකක් එලවයි ඈ. හික්ස් :)

    තේරුනාද දන්නේ නෑ.

    ReplyDelete
  27. @ ගලයා :- අපෝ ඒව කියන්න බෑ... ;)

    @ ප්‍රාර්ථනා :- හා....

    ReplyDelete
  28. @ මන්තරකාරී :- මාරම ස්තූතියි අක්කෙ...

    @ නිසූපා :- එයා ජෑම් කන්නෙ නෑ ඉතිං බටර් ගාල දුන්නා..

    ReplyDelete
  29. @ හිතුවක්කාරි :- මොකක්ද අප්පා ඔච්චර පුදුමෙ... ස්තූතියි.. :)

    ReplyDelete
  30. @ මධුරංග :- මොන පිස්සුද.. උඩින් ගිහිල්ල ගිහිල්ල.. පොලවට පයගහල යන්න තියෙනවනම් .. උඩින් යන ගමන වගේ වැඩි කට්ටිය දැන නොගත්තට කමක් නෑ.... කට්ටියට පේන්නම උඩින් ගිහිල්ල වැඩක් නෑ.. මගේ සතුටට බිමිනුත් යනවා ;)

    ReplyDelete
  31. @ මධුරංග :- මොකෝ නොතේරෙන්නෙ... හැමදාම උදේට මම තේකුඩු කිලෝ එකක් කනවා...

    ReplyDelete
  32. @ Danu :- කාලෙකින්.... :) ස්තූතියි...

    ReplyDelete