2011-12-24

සම්මතයෙන් එහා... අසම්මතයට නොයා...




අන්න අතනදි අදත් පෙර වගෙ
ඇය සිනහ වී නම් ගියා
මෙන්න මෙතනදි පෙරත් අද වගෙ
මම සිටිය නැවතී බලා..

තුරුණු ඇස් යට ලොවෙන් සඟවපු
නුරා හැගුමක් තවරලා..
දහස් ගනනක් නෙත් වසන් කොට
අපේ නෙත් ඇත හමු වෙලා..

පුරුදු ඉඟි බිඟි නාරි ගමනත්
එ ඇස් බැල්මෙන් හැඩ කලා
කෝඩු නොඉඳුල් කොමල හැඩ උව
ඇගේ තාලෙට පැරදිලා..

පුරුදු පරිදිම ඇගෙ ඇඟිල්ලක
කැකුළු සුරතින් එල්ලිලා
කිරි සිනා පෑ පුංචි සමනලි
හෙමි හෙමින් පාසල් ගියා...

බස් නැවතුමේ හැමදාම දෙකොනක
හිනා වෙවි හිඳ නැවතිලා
ඉන් එහාකට නොයා ඉමු අපි
බයේ ලෝකෙට ගුලි වෙලා...

_______________________________________
කලින් ගොතාපුව ටිකක්....


කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග



16 comments:

  1. //ඉන් එහාකට නොයා ඉමු අපි
    බයේ ලෝකෙට ගුලි වෙලා...//

    හ්ම්ම්ම්....ලෝකෙට බයේ හරි හැඟීම්වල ට වහල් නොවෙනවා නම් ලොකු දෙයක්. අද කාලේ හුඟ දෙනෙක්ට කරන්න බැරි දේත් ඒක............

    ReplyDelete
  2. කාලෙකට පසු
    තුරුණු හිත ලග ඇවිත් නැවතුන නුරා හැගුමට රැවටිලා
    පුංචි සමනලී අකුරු කරනා පාසලේ ඇය නවතලා
    බස් නැවතුමේ හිනාවී සිටි තරුණ ගැටයා එක්කලා
    පුරුදු සුකොමල නාරි ගමනින් කොහෙද යන්නට ගිහිල්ලා

    ReplyDelete
  3. සෑමාට වික්ටර් මාමා මතක් විණ..

    //අහස් තල පොලෝ තල ඔබට මට පෙදුවෙලා
    සිතින් එක තැත වුනත් ගතින් දෙදෙනෙකු වෙලා//

    කියන්නට දෙයක් නැත. උපරිමය...

    ReplyDelete
  4. එල..උඹ ලියන හාර්ට් පියර්සින්ග් එව්වටත් වැඩිය මේවට මම ආසයි..
    ලස්සනයි බන්...

    ReplyDelete
  5. මට ඒ කාලේ ටිකක් මතක් වුණා.... නියමයි,,!!

    ReplyDelete
  6. අතීතෙට ගියා හිත මටත් හොරා ...

    ReplyDelete
  7. මහී කිව්වා වගේ ලෝකෙට බයේ හරි ඔතනින් නැවතුන එක හොඳයි. සමහර උන් ලෝකෙට වත් බය නෑ නේ.

    ReplyDelete
  8. සීමාවක නැවතුන එක හොදයි.
    කාලෙකට කලින් ලිව්වා කියලා කිව්වේ කොයි කාලේ වගේද මෙහෙම හිතුනේ. මට නම් හිතෙන විදිහට පොඩ්ඩා දන ගාන කාලේ ද දන්නේ නෑ. එහෙමට එකා !!!!

    ReplyDelete
  9. //ඉන් එහාකට නොයා ඉමු අපි
    බයේ ලෝකෙට ගුලි වෙලා...//

    මොකටෙයි බයවෙන්නෙ ????

    ReplyDelete
  10. අදහස හොඳයි. කවි අපූරුයි !

    ReplyDelete
  11. අයි එහාට ගියොත් මක් වෙනවද? මට මතකයි මන් මේකට උත්තරය දුක්ක මුණු පොතේ අනේ අමතකයි දැන්

    ReplyDelete
  12. හොඳ ළමයා.....

    ReplyDelete
  13. ආයේ කියන්න දෙයක් නෑ.... එල

    ReplyDelete
  14. Definitely believe that which you stated. Your favorite justification appeared to be
    on the internet the simplest thing to be aware of. I say to you,
    I certainly get irked while people think about worries that
    they plainly do not know about. You managed to hit
    the nail upon the top and defined out the whole thing without having side-effects
    , people can take a signal. Will probably be back to
    get more. Thanks
    Also see my site > chelsea transfer rumours 2008

    ReplyDelete