2012-02-11

ඇය



ළඟින් හිඳින
සිනා සලන
විටක රවන
යෙහෙළිය ඇය....

සළුව ලිහන
හෙළුව යොමන
ඇඟ විකුණන
වේසිය ඇය....

ළමයි වදන
උන්ව හදන
රැහේ රකින
පතිනිය ඇය....

කතර මැවෙන
මුවන් මරණ
බොරුවෙ උපත
මිරිඟුව ඇය...

හිත් බරවෙන
ඇස් රතුවෙන
ඔතප් බිඳින
මීවිත ඇය...

අඳුර නසන
පිස්සු හදන
බල්ලො බුරන
පුන් සඳ ඇය...

ලොවම සදන
දිරිය ගෙනෙන
මතු බුදුවන
අම්මා ඇය....

සැවොම බනින
සැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....



කලින් ගොතාපුවා _______________


නැති ඇති

කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

51 comments:

  1. //සැවොම බනින
    සැවොම වඳින
    ඇයත් නොහැඳි
    ගැහැනිය ඇය....//

    මේ ටික නම් ෆට්ට... පින්තුරේ සම්බන්ධෙ මොකක්ද අෆ්ෆා??

    ReplyDelete
    Replies
    1. ෆුල් කම්පිලිකේටඩ්.... :D :D

      Delete
  2. සිරා කොල්ලෝ
    මේකනේ ඇත්ත

    ReplyDelete
  3. සැවොම බනින
    සැවොම වඳින
    ඇයත් නොහැඳි
    ගැහැනිය ඇය....

    me tikata man mara kemathiyi...ban.

    ReplyDelete
  4. මේකට මාත් ලයික් පොඩි මෑන්...

    ReplyDelete
  5. මේ පාරනං ඔක්කොම එකතුකරල පත අට එකට හින්දල දීල තෙයෙන්නෙ......මේක කියෙවුවට පස්සෙ පිංතූරකෑල්ල දිහා බලං හිටිය...... ඔවුබං ලෝකෙම නව තිනෙව.... සහතිකෙන්ම.......ලෝකෙ පවත්වගෙන යන්නෙත් උං හම්බානක අවලං කතා අහන්නෙත් උං... කප්පරක් දුක් උහුලන්නෙත් උං......

    X-=Porter

    ReplyDelete
    Replies
    1. ලෝකෙ විනාස කරන්නෙත් උන් කප්පරක් දුක් දෙන්නෙත් උන්.. අම්බානෙක අවලංකතා කියන්නෙත් උන්

      Delete
  6. අනේ මන්දා මේ ලෝකේ හැමදේටම මුල "ඇය"

    ReplyDelete
    Replies
    1. හැමදේකම අවසානය වෙන්නත් පුලුවන් :)

      Delete
  7. පින්තුරේ දිහා ට්කක් වෙලා බලාගෙන ඉදලා කවිය කියවන්න පටන්
    ගත්තා පදේට එක ගානේ මාර්ග සලකුණු පෙන්න ගත්තා
    ‍ඇත්ත ලෙසටම ලියලා තියනවා
    එල පොඩිඩෝ

    ReplyDelete
  8. ඇය නැත්නම් ඉන්ටර්නෙටුත් නැ.. :)
    අපිත් නැ
    ලොවත් නැ..
    ලෝක වෙළද පොලත් නැ..!!

    පිංතුරෙන් කියන දේ නම් පැහැදිලි මට :)

    ReplyDelete
  9. w = washing machine
    i = ironing person
    f = f##king machine
    e = etc

    ReplyDelete
    Replies
    1. w = wonderful
      i = Item
      f = for
      e = every night

      Delete
    2. W ithout
      I nformation
      F ighting
      E vrytime!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. W - Wonderful
      I - Instrument for
      F - F***ing and
      E - Entertainment

      Delete
  10. කියන්න දේයක් නෑ. සුපිරියි පොඩ්ඩෝ....

    ReplyDelete
  11. ඇත්තටම හොඳයි බං.....
    මජං නැතුව පහක් දාන්න පුළුවන්...

    ReplyDelete
  12. එල.වදාපු ඈ ගැන මෙහෙමත් කෙනෙක් ලියල තිබුන.

    http://navifantasy.blogspot.com/2011/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. වදාපු ගෑණි ගැන පොඩිමෑනුත් මෙහෙම ලියල තියෙනවා...

      http://mamaiarui.blogspot.com/2011/12/2-18.html

      Delete
  13. ලොවම සදන
    දිරිය ගෙනෙන
    මතු බුදුවන
    අම්මා ඇය....


    ලොකු ඇත්තක්

    ReplyDelete
  14. උතුර දකුණ මාරු වෙලා...

    ReplyDelete
    Replies
    1. ඒ විතරද වයඹ ගිනිකොත මාරුවෙනව බං...

      Delete
  15. මාව නරක් වුණොත් තෝ තමයි අල්ල ගන්නෙ පොඩි එකෝ..

    ReplyDelete
    Replies
    1. උබේ මොනව නරක් වෙන්නද අමුතුවෙන් ලොකු පැණීයෝ... ??

      Delete
  16. //සැවොම බනින
    සැවොම වඳින
    ඇයත් නොහැඳි
    ගැහැනිය ඇය....//

    මේ ටිකට මම කැමතියි..:) පින්තූරෙනම් තේරෙන්නෙ නෑ... o_O

    ReplyDelete
    Replies
    1. ඔය පිතූරෙ තියෙන විදියට අපිට කොහේටවත් යන්න බෑ නවතිනව ඇරෙන්න... ස්ත්‍රිය කියන මාත්‍රිකාව ගත්තත් අපිට කොහෙටවත් හැරෙන්න බෑ හරි නිගමනෙකට ඇවිත්... අපිට වෙනව නවතින්න ... අරපැත්ත හරි මේපැත්ත හරි කියල අපිට එක පැත්තක් විතරක් අරගෙන කතාකරන්න බෑ.. අන්න ඒ අදහස එන්නයි මම දැම්මෙ ,,,

      Delete
  17. උදුම්බර භවං පුෂ්ප ශ්වේත වර්ණංච කාකයෝ
    මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් නාරිචිත්තං න විශ්වාසෙත්


    දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං ධන නසනං
    ශයනං මරණං කුයර්යාති ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී

    ReplyDelete
    Replies
    1. තේරුම දාපං... හරියට මතත මතක නෑ.. අර මාලුවන්ගෙර් පාද සටහන් ජලේ ඇතයි කීවත් සුදුවපාට කක්කො ඇතයි කීවත් විස්වාස ක්‍රන්න ස්ත්‍රියකගෙ හිත විස්වාස කරන්න එපා කියන ටික විතරයි මතක...

      Delete
    2. 1. දිඹුල් ගසෙහි මල්ද සුදු කපුටන්ද දියෙහි මසුන්ගේ පා සටහන්ද දුටුවායයි කීම විශ්වාස කලත් ස්ත්‍රියකගේ සිත නම් විශ්වාස නොකල යුතුය

      2.තරුණ ස්ත්‍රීන් දැකීමෙන් පිරිමියාගෙ චිත්තය විකල් වීමද ස්පර්ෂයෙන් වස්තු හානියද වැලඳ ගැනීමෙන් මරණයද ලඟා වන බැවින් ස්ත්‍රිය ප්‍රත්‍යක්ශයෙන්ම රාක්ෂියක්ය

      Delete
  18. “සැවොම බනින
    සැවොම වඳින
    ඇයත් නොහැඳි
    ගැහැනිය ඇය....“

    මසුරන් වචන ටික අයියෝ......

    ReplyDelete
  19. කොහෙවත් නොයා එතනම වචන හරඹය රස වින්දා පොඩ්ඩා..නියමයි !

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක.. ජය වේවා...!!!

      Delete
  20. හරිම අමුතු වචන හරඹයක් මාර ගති අදහස් නම් මාර පටිටයි

    ReplyDelete
  21. සිරාවට.. ඇතත් බැහැ නැතැත් බැහැ.. ගැහැණිය.. !

    ReplyDelete
  22. මාරු කතාව!!!
    සිරාවටම ගැහැණිය කියන්නේ ප්‍රහේලිකාවක් තමයි!!!

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඔක්කොම එකාමයි නේ! :O

    ReplyDelete
  25. පද ටික නං සහතික ඇත්ත.....

    ReplyDelete