2011-08-26

මගුල් කෑම




බොදු ගොවි
උගත් වැදගත්
ඉංග්‍රීසි කතාකිරීමට හැකි
ගොඩ මඩ ඉඩම් සමග
දායාද හිමි...
සිකුරු නලලේ
සෙනසුරු කකුලේ
කුජ අටේ
ගූ හතේ
කේන්දරයට ගැලපෙන
මානාලියක්
ඉංජිනේරු පුතුට
ගුරු දෙමාපියෝ සොයයි...
උම්බෑ නොකියන
නැට්ට කැපූ
පැටවු ගැසීමට හැකි
වැස්සියක් උවද සැලකේ.....   

                                                _________ හාට් Piercing...✿•*`¨



ටියුබ් ලයිට්නම් මේල් එක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාල කියන්න....



කලින් හාට් එකේ  Pierce කරපුවා...   කියවලා අදහසක් දාලම යන්න....

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු

ලයිසන් බඩුව                                 



25 comments:

  1. ආ ඔය කියන්නෙ උඹට කෙල්ලෙක් ඔනි කියලානෙ ?
    කෙල්ලෙක් ඔනැම නම් හොයලා දෙන්නම්කො.. :D

    ඇබැර්තු ඇත..!

    ReplyDelete
  2. පොඩ් එකාටත් දැන් මද කිපෙනවද කොහෙදෝ...:D

    ReplyDelete
  3. හික් හික්!! වැස්සියොත් ඇප්ලිකේෂන් දායිද දන්නෙ නෑ...

    ReplyDelete
  4. ඈ... කොල්ලට කෙලිච්චියක් ඕන වෙලා වගෙයි.. :D

    ReplyDelete
  5. ඔයාගේ මංගල දැන්වීමද මේ?ඔයාට ඕනෙ මේ වගේ කෙනෙක්ද?

    ReplyDelete
  6. මග දිගට ඊලග කථාව ඉක්මනින්ම ඕනේ
    NHD

    ReplyDelete
  7. ඇනෝ NHD :- 20 30 එක්සෑම් එකක් වැටිල ඇනෝ... 31 දානවා.. මේ ලියනව වගේ ඒක ලියන්න බෑ පැය 6 විතර යනව පෝස්ට් එකක් ලියන්න මට... එතකන් ඉවසා වදාරනු මැනවි..

    @ others :- කාටවත් කතාව තේරුනෑ නෑ වගේ.. :(

    ReplyDelete
  8. එහෙනම් තේරුං කරපං මලයා බලන්න ....

    ReplyDelete
  9. දැන් පොඩි මෑන් මහත්තය කියන්නේ ඉහල පවසන ලද සුදුසුකම් එක්ක ඉංජිනේරුවෙක් කසාද බඳින්න කැමති ගෑනු ළමයෙකුගෙය් නැට්ට කපපු උම්බෑ නොකියන වස්සියෙකුගෙය් අතරේ වෙනසක් නෑ කියලද ?

    ReplyDelete
  10. @ පංසල් හන්දිය & Cheeta ;- Cheeta ටිකක් ලගට ආවා... ගෑණු ලමයගෙ වරදක් නෙවෙයි... කසාදයක් බදිනව කියන්නෙ තමාගෙ ජීවිතෙව් ඉතුරු ටික ගෙනියන්න තම පරපුර බෝකරන්න සහකරුවෙක් හොයාගන්නව කියන එකයි... එහෙනම් ජීවිතෙ ඉතුරු මුලු කාලයම ගෙවන්න ඕනෙ වෙන්නෙ තමන්ව තේරුම්ගත්තු කෙනෙක්... නෙත්නම් කෙහෙල්මල් කේන්දරයක්වත් දෑවැද්දවත් කුලේවත් අනිත් සුදුසුකම්වත් නෙවෙයි.. නමුත් දැන්කාලෙ සමාජෙ ලොකු ලොකු පට්ටන් ගහපු මිනිස්සු හොයන්නෙ තමන්ගෙ පට්ටම ඉදිරියට ගෙනියන්න ගැලපෙන කෙනෙක් අර කියල තියෙන සුදුසුකම් සපුරනවනම් ගෑනියෙක් නෙවෙයි වැස්සික් උනත් බදිනවා.. මොකද කොලිෆිකේශන් ඔක්කොම හරිනෙ...

    ජීවන සහකාරියක් නෙවෙයි තමන්ගෙ පට්ටම ටිකට ගැලපෙන පරපුර බෝකරන්න පුලුවන් වැඩකාරියක්... තමන්ගෙ වැඩ ටික කරගන්න කන්න බොන්න දෙනව බලාගන්නව ඒව තමයි ගාස්තු... ඒ කියන්නෙ තම්න්ගෙ සහකාරියව වැස්සිකකගෙ තැනට දාල නෙවෙයිද කතා කරන්නෙත් ?? ඒවට කැමති වෙන්නෙත් වැස්සියො තමයි ....

    ඔන්න ඕකයි ම කියන්න උත්සහ කරේ...

    ReplyDelete
  11. අයියේ කුණුහරුප තියන පෝස්ට් දාන අයටද රැඩිකල් අදහස් තියන අය කියන්නේ?

    චූටි මල්ලි

    ReplyDelete
  12. @ චූටි මල්ලි :- මල්ලි එහෙම කියන්නෙ මේ පෝස්ට් එක නිසා වෙන්න ඇති... මේකෙ මට වැරදිලාවත් ලියවුන කුණුහරුපයක් තියෙනවනම් පෙන්නල දෙනවනම් ගොඩක් ස්තූතියි..

    රැඩිකල් කම කියන්නෙ කුණුහරුප කියන එකට නෙවෙයි... රැඩිකල් කම කියන එක සාපේක්ෂයි.. මට රැඩිකල් දෙයක් මල්ලිට රැඩිකල් නොවෙන්න පුලුවන්... ඔය කුණුහරුප කියන එකට රැඩිකල් කම කියනවද කියල මල්ලි අහනවනෙ.. එහෙම කියන්නෙ කුණුහරුප කියන දේ හරියට දන්නෙ නැති අය කියලයි මම හිතන්නෙ... හරුපය කියන්නෙ වචනය.. කුණු හරුපය කියන්නෙ කුණු ජරා වචන...

    නමුත් ගොඩක් දෙනා කුනුහරුප කියන්නෙ ඔය ජරා වචන ටිකටම නෙවෙයි... ඔය සංස්කෘතිය සදාචාරය කියන දේ නිසා මිනිස්සු ගොඩක් දේවල් එලිප්ට කතා කරන්නෙ නෑ.. ලැජ්ජයි බයයි.. අන්න ඒ එලිපිට කතා කරන්නෙ නැති දේවල් වලට කුනුහරුප කියනවා නමුත් ඒව කුනුහරුප නෙවෙයි..

    ගොඩක් මිනිස්සු සාම්ප්‍රදායෙම එල්ලිලා ඉන්නවා... අලුත් විදියට හිතන්නෙ නෑ.. අන්න ඒ අලුත් විදියටයි රැඩිකල් කම කියන්නෙ මම දන්න තරමින්...

    මම මහා රැඩිකල් කාරයෙක් නෙවෙයි.. පේනවනෙ නම.. මම පොඩි මෑන් තවම... :) මම මේ පෝස්ට් එකෙනුත් උත්සහ කරේ සාමාන්‍ය දෙයක් වෙනස් විදියකට කියන්නයි.. සමහර විට මම අසාර්ථක ඇති... ඒකනෙ කට්ටියට තේරෙන්නෙ නැත්තෙ ගොඩක් වෙලාවට... සමහර විට තේරෙන්නෙ නැති කට්ටිය ඒ විදියට හිතන්නෙ නැතුව ඇති... ඔය දෙකෙන් එකක්වත් තාම මටම ඔප්පු කරගන්න බැරි උනා..ඒකයි මම දිගටම ලියනව.. මට හිතෙන දේවල් මට ඕනෙ විදියට... මේක කියවන්න කවුරුවත් ආවෙ නැති උනොත් මම මේක නවත්තල දානවා... මොකද මම මගේ හිත හැදෙන්න බ්ලොග් ලියන කෙනෙක් නෙවෙයි.. මිනිස්සුන්ට දෙයක් කියන්නයි මම උත්සහ කරේ.. ඒව අහන්නෙ නැත්නම් ඒ කියන්නෙ මම අසාර්ථකයි මම මේක නවත්තල දානවා... සාර්තක විදියක් හොයාගන්න බලනවා.. :)

    ගොඩක් ස්තූතියි චූටි මල්ලිගෙ කමෙන්ට් එකට... බ්ලොග් එකට වැටුන හොදම කමෙන්ට් වලින් එකක්... :)

    ReplyDelete
  13. හික්ස්ස්... මේකනම් මරු.. අද පත්තරයක් අරන් බැලුවාම තියෙන මංගල දැන්වීම් දැක්කහම හිනා යනවා.. අර කිව්වත් වගේ වැස්සියෙක්ට වුනත් කමක් නෑ සුදුසුකම් ටික හරිනම්..
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

    ReplyDelete
  14. අයියාගේ මහා දැනුම් සම්භාරය දැක පුදුම වීමි.
    මම මෙතක් කල් නොදැන හිටි 'රැඩිකල්' යන මහා වචනයේ තේරුමත් අයියාගෙන් දැන ගතිමි. ඉතිං අයියේ අයියාගෙත් තව එකම එක කාරණයක් ගැන දැනගන්නට කැමැත්තෙමි.
    අයියේ 'මම රැඩිකල් පොරක්' යැයි මටම කිව හැකිද?

    අයියාගේ දැනුම දැක
    පුදුම වූ මම
    චූටි මල්ලී

    ReplyDelete
  15. @ චූටි මල්ලි :- රැඩිකල් හෝ වේවා කුමක් හෝ වේවා පොර සංකල්පයත් සාපේක්ෂ‍යැයි කීමට කැමැත්තෙමි... මල්ලී ඔය කියන මගේ මාහා දැනුම සම්භාරය වෙන එකෙකු ඉදිරියේ හූනු බිජ්ජක් වීමට ඉඩ ඇත... ඒ වගේම මම පොරක් යැයි මටම කියාගත හැක. ඒත් ඉවිට ලිදේ උන් ගෙබ්බාගෙත් මගෙත් වෙනසක් නැත. ඉන් අදහස් වන්නේ තමාගැන හීනමානයක් ඇතිකරගැනීමත් නොවේ...

    "මම රැඩිකල් පොරක්දැයි මටම කීමට හැකිද ?" යන චූටිමල්ලිගේ ප්‍රස්නයට මෙසේ පිලිතුරු දෙමි. මගෙ රැඩිකල් කම හා වෙනත් අයගේ නිර්මාණතුලින් දැක මගේ දැණුම නැමති මිනුම් දන්ඩන් මැනබැලූ කල මම මම රැඩිකල් "පොරක්" නොවෙමි. මට වඩා පොරවල් ඇත.. නමුත් මට මා ගැනම තෘප්තිමත් විය හැකි නිර්මාණ මා කර ඇත්තෙමි. මට මා පොරක් කියා කියාගත හැකිය. ඒ මගේ පොරත්වය මනින මගේ මිනුම්දන්ඩ අනුවයි. සමහරෙකු එය එසේ නොවෙනු ඇත. ඒ ඔහු පොරත්වය මනින මිනුම් දන්ඩ අනුවයි. ඒ මිනුම්දන්ඩද සාපේක්ෂ වෙයි. එමනිසා පොරත්වයද සාපේක්ෂවෙයි..

    සෑහීමකට පත්විය හැකි පිලිතුරක් ලැබී ඇතයි සිතමි. මීට වඩා පිලිතුරු දීමට නොදනිමි. ඒ මා පොරක් නොවන නිසාය :) නැවතත් චූටිමල්ලීට ස්තූතියි.

    ReplyDelete
  16. පොඩි මෑන්, පෝස්ට් එක එන්ජෝය් කොලා, ඊටත් වැඩිය මරු ඇනෝ ට දුන්න උත්තර වලින් විස්තර කරපු අදහස් ටික.

    ReplyDelete
  17. @ Observer :- ස්තූතියි... :)

    ReplyDelete
  18. හ්ම්....මට්ත් තේරුනේ නෑ නොවැ කියන කල්...

    ReplyDelete
  19. කතාව නම් සහතික ඇත්ත. ඉංජිනේරු පුතාට නැට්ට කැපූ වැස්සිව නියමෙට ගැලපෙනවා

    ReplyDelete
  20. පොඩි මෑන් ... ඔබෙ අදහස් නම් ශ්‍රෙස්ටයි.... සාම්න්ය චින්තනයට එහා දෙයක් ඔබ කියන්න හදනවා...අනර්ඝයි ....මම මේ ටික කියන්නෙ ඔබගේ සියලු heart piercing කවි කියවීමෙන් අනතුරුවයි .මම tubelight නොවුනත් ඔබේ කවි දෙතුන් පාරක් කියවල තම තෙරුම් ගන්නෙ .......

    ReplyDelete
  21. Hi everyone, it's my first pay a visit at this website, and piece of writing is in fact fruitful for me, keep up posting these content.
    Feel free to surf my page chelsea transfer news cavani

    ReplyDelete
  22. For hottest news you have to pay a visit world
    wide web and on world-wide-web I found this web site as a best web site for latest updates.
    Also visit my web-site :: football newsletters

    ReplyDelete
  23. Right now it sounds like Wordpress is the best blogging platform available right now.
    (from what I've read) Is that what you are using on your blog?
    My blog ... man utd transfer rumours now

    ReplyDelete