2011-12-23

පොඩි මෑන් කිවුවට පොඩිම නෑ... ඔන්න 100යි...





 මේ ලියවෙන්නෙ පොඩි මෑන්ගෙ සියවෙලි ලට්ටෙ  හරි ලොට්ටෙ හරි.....මේ කියන්නෙ පොඩියට ඉදියට කොල්ල සැලකිය යුතු වැඩක් කරල කියන එකනෙ... මේ අවුරුද්දෙම මැයි  29 වෙනිද ආයෙමත් බ්ලොග් කෙරුවාවට අතගහද්දි කීයටවත් හිතුවෙ නෑ මෙච්චර  ලියන්න පුලුවන් වෙයි කියලනම්... මොකද කලිනුත් බ්ලොග් එකක්  ලියන්න පටන අරන් පෝස්ට් දෙකකින්ම නවත්තල දාපු නිසා...

බ්ලොග්  ගැන කියල දුන්නෙ තරුඳු විජේරත්න  මගේ බැජා... ඊට කලින් ඉදන්ම කතන්දර බ්ලොග් එක කියෙවත් ඔය බ්ලොග් මගුල ගැන  මම දැනගෙන ඉදියෙ නෑ... 

පොඩි මෑන් මුලින්ම ලිවුවෙ මූනු පොතේ... ... ඊටත් කලින් ඉදලම ඔය ස්කෝලෙ එක එක ඒවට එකැක ඒව ලියන නිසා කට්ටියම දැනගෙන  ඉදියා මූන මොනවහරි පොඩ්ඩක් ගැටගහන්න පුලුවන් කියල...  ඒක නිසා විජේ මට කතාකරල මේක ලියපං කියල.. කියල දුන්න.. ඒ පටන් අරගත්ත බ්ලොගේ තමයි පටන් ගත්ත තැනල ලොප් උනේ...

ඊට පස්සෙ ටික කාලයක් අවුරුද්දක් විතර බ්ලොග් කියවන්න ඇති....  ඊටත් පස්සෙ සිත් අහස ලියන ප්‍රාර්ථනා තමයි ආයෙත් පොඩි මෑන්ව බලෙන්ම බ්ලොග් ලිවිල්ලට තල්ලු කරේ...   ලියන්න නෑ කිය කිය ඉදියෙ  බ්ලොග් එකක් හදාගන්න කම්මැලි කමට... අන්තිමේදි ප්‍රාර්ථනාම බ්ලොග් එක් හදල දීල  ලියනව හලෝ කියල කිවුවට පස්සෙ ඔය එක එක කෑලි ටිකක් අටවගෙන ලියන්න පටන් ගත්තා...

පලවෙනි පෝස්ට් එකටම මම කියවපු පලවෙනි බ්ලොග් එක වෙච්ච කතන්දර බ්ලොග් එකේ කකා ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාම  වැඩේට ආව පොඩි කික් එකක්....

ඔහොම ලියාගෙන යද්දි බ්ලොග් අවකාශ දැවැන්තයො කීප දෙනෙක්ම   ලොකු තල්ලුවක් දුන්නා... ඒකත් මෙච්චර දුරකට එන්න එක හේතුවක්...  හිටපු බස් සභාපති තුමා වැප්.., බ්ලොග් අවකාශේ  පොඩිමෑන්ගෙ කැමතිම බ්ලොග් එක පූසන්ගෙ බ්ලොග් ගඩොල් ලියන පුරුපුරු... එතකොට මෙම්ම මේක උඹට තමයි හරියන්නෙ කියල සමහර මාතෘකා එවපු මාතලන්....  එතකොට බ්ලොග් නිසාම හදුනාගන්න ලැබුන  බ්ලොග් ගැන නොදන්න දේවල් කියල දුන්න බනියා  මේ වෙලාවෙ මතක් කරන්නෙ ගොඩක් ආදරෙන්....

පස්සෙ පස්සෙ බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් ඊමේල් වලින් මූනු පොතෙන් කතාකරල දැන අදුන ගත්ත්තා.. බ්ලොග් කලාවට පොඩ්ඩක් වෙච්ච පොඩි මෑන්ට යමක් කමක් කියල දුන්න... ඒ හැමෝටම ස්තූතියි...

100 ලියාවි කියල පොඩි මෑන් කවදාවත් හිතුවෙ නෑ...  ඒත් ඒකට ශක්තියක් උන අනිත් හේතුව තමයි බ්ලොගේ කියවන්න ආපු අය... පොඩි මෑන් හිත හැදෙන්නවත් අත කහනවටවත් කම්මැලිකමටට්වත් බ්ලොග් ලියන්නෙක් නෙවෙයි... පොඩිමෑන්ගෙ නිර්මාන අනිත් අය අතරට ගෙනියන්න.. හිතෙන දේවල් කියන්න බ්ලොග් ලියන්නෙක්.... බ්ලොග් එක බලන්න මිනිස්සු ආවෙ නැති දවසට පොඩි මෑන් මේක නවත්තල දානවා.... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ...

දින 206 විතරක් පරණ බ්ලොග්  එක  හිට්ස් 79000 ක්  ෆලෝවස්ල 287 ක්  වගේ ප්‍රතිචාර ලැබෙද්දි ඒ අතරින් හැමදාම බ්ලොග් එක කියවන්න ආව.. බ්ලොග් එකේ කමෙන්ට් තීරුවට සීමා නොවුන කීප දෙනෙක් ඉදියා.....  ADKකොලුවා  කිඩෝ , බනියා , පිස්සා පලාමල්ල, මාතලන්,  රෑ එලිවෙනකං මගදිගට පෝස්ට් වල පෲෆ් බලල දීපු ගායනා අක්කා.. ,  ගයාන් ,දුෂ් , වැප් , පුරුපුරු ,  මදාරා , තනි අලියා , නිසූපා , ලට්ට ලොට්ට ෆෑන් පේජ් එක හදල දීපු මගේ සහෝදරයා උදාර මලයා.... , මගදිගට කතාවෙ විහඟ ව්‍යංගට ගොඩක් ආදරේ කරපු.. කතාව කියවල එක පාරක් ඔලුවත් පලාගනිපු නිපුනි නංගි...  මෙච්ච දුරක් එන්න පොඩි මෑන්ට ඉදවු කරපු තවත් අය කීප දෙනෙක්..   හමදාම කියවල කමෙන්ට් දාපු අයත් මග ගොඩක් ඉදියා.... නම් වශයෙන් නැතත් උන්ටත් ටැන්කූ හොදේ....

මේ හැමෝටම වඩා... කවදාවත් කමෙන්ට් නොකරපු ඒත් පොඩි මෑන් ලියන ඒව කියවපු සෑහෙන පිරිසක් ඉදියා.... උන් ඔක්කෝටමත් මෙන්න  සැලියුට්....

තෝ ලියන ඒව ඉදපං තොගේ කෙල්ලට පෙන්න කියල කීප දෙනෙක්  කියද්දි...  පොස්ට් එකක් ලියනව කිවුවාම  මිස් කෝල් එක්වත් නොගහපු  හැම පෝස්ට් එක්ක්ම කියවලා ගුනදොස් විචාරපු   නිහඩ රසිකාවිය  මගේ සුද්දිටත් ඔන්න උම්ම එකක්....

තව නම කියන්න අමතක උන කවුරුහරි  ඉන්නවනම තරහ වෙන්න එපා.. ඒ අයටත් පොඩි මෑන්ගෙ හදපිරි මෙවුව එක එකෙන්ම හිමිවෙනවා හොදේ... ..

එක අතකට 100 ලියපු එකත් මහ දෙයක් නෙවෙයි බලාගෙන ගියාම... මොකද කියනවනම් පෝස්ට් සීයෙන් හතක අටක්ම  වචන හතරපහකට වඩා වැඩි නොවුන ඒවා.... ඒවට ලැබුන කමෙට් දිගයි ඊට වඩා.... විලිලැජ්ජයි ඕයි....

ඒත් ඒ වචන හතර පහ ඇතුලෙ පිටු ගානක දිග කතාවක් තිබුන නිසාම ගල් මුල් මැදන් හිට් කවුන්ටර් කඩාගෙන ලට්ට ලොට්ටත් එක්ක පොඩිමෑන් ඉස්සරහට අරගෙන ගියා....

මේ පෝට් 100 ඇතුලෙ කොටස් වශයෙන් ලියන  මගදිගට නවකතාව...  එතකොට      ______ හාට් Piercing...✿•*`¨"  නමින් ඉදිරිපත් කරපු  කවි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනා.. ඊට පස්සෙ වැඩියෙන් කට්ටිය කැමති උනේ මගේ ලට්ට ලොට්ට ලේබලේ යතතෙ ලියන පොඩි මෑන්ගෙ පහුගිහිපු ලොකු ලොකු වැඩ ගැන ලියපු  පොඩි පොඩි කතාවලටයි...

 කොහොම කොහොම  හරි පෝස්ට් 100 ක් ලියපු එක පොඩි මෑණ් වගේ පොඩි කොල්ලෙක්ට ලොකු දෙයක්.... ..

ඔය සීය අතරෙ හිට්ස් 2000 පැනපු පෝස්ට්  එක්කම හිට්ස් 1000ක්ට වඩා ලැබුන පෝස්ට් 15 විතර ඇති....

පොඩි මෑන්ට ඒ ගානත් මාරම ලොකුයි.... ... ඇයි දෙයියනෙ පොඩි කොල්ලනෙ තාම....

පොඩිමෑන් කියන නමින් බ්ලොග් එක ලිවුවත් .. ඇත්තටම පොඩිමෑන් කවුද කියල නොකිවුවත් ඒක වෙන කිසිම තැනක පොඩි මෑන් හැංගුවෙ නෑ... ඇත්ත නම දන්න අය ඒ නම කියල කමෙන්ට් කරත් ඒව මැකුවෙ නෑ... පොඩිමෑන්ගෙ ඇත්තම ෆොටෝ පහ හයක්වත් තියෙනව බ්ලොග් එකේ..ඕක මොකකද හත්තිලවුවෙ හෑන් ෆෝන් නම්බර් එකත් තියෙනවා....

එහෙම වෙලත් සාමාන්‍යයෙන් කවුරුවත් ලියන්නෙ නැති මාතෘකා ගැන පොඩි මෑන් කවි කතා ලිවුවා...  සයිබර් දඩු මුගුරු උස්සගෙන  ඕනෙ තරම් කට්ටිය ආවත්  ඒකෙන් උන එකම දේ බ්ලොග් එක ජනප්‍රිය උන එක විතරයි... 

බ්ලොග් එකට කමති නෑ කියල මූනට බැනපු අයත් නැත්තෙ නෑ.... 

ඔය ඔක්කෝමලටත් පට්ට ටැන්කූ....  ආයෙ එකෙන්ම.... 

ඔය ඔක්කොම අස්සෙ කම්මැලි කම නැමති මහා භාදක පවුරත් මැඩගෙන එල්ලි එල්ලි 100ටත් ආව...


ඔය තියෙන්නෙ එල්ලි එල්ලි ආව හැටි....

පොඩිමෑන්ගෙ කවි වලට කතාවලට කැමති උන පාඨකයන්ට පොඩි හැපි නිවුස් එකක් දෙන ගමන් පෝස්ට් එක පිනිස් කොරන්නයි කල්පනාව...

පොඩි මෑන්ගෙ ජීවිතේ රසබර... දුක් බර.. සාමන්‍යන් කෙනෙක් නොලබන ... අත්දැකීම්, කතා විදියට ඉස්සරහට කියවන්න පුලුවන් වේවි... ඒ වගෙම ලට්ට ලොට්ට වල ජනප්‍රියම අංගය, මග දිගට  තව ටික කාලයක් ඇවෑමෙන් නිමා කොරල  පොඩිමෑන්ගේ ඊලග නවකතා ව්‍යායාමය...
තවත් අප්සට්ම අප්සට් ලවුස්ටෝරියක් වෙච්ච "ඇහි පිල්ලමක් යට"    කියවන්නත් ඔහෙලට පුලුවන් වේවි...

හබැයි එච්චර කල් ලියාවිදනම් දන්නෙ නෑ...  කකාට වගේ වෙන්න පෝට් ලයිස්තුවක් තිබුනත් තියෙන්නෙ හිතේ... ඕව කොටන එක තමයි සීන් එක....

දැනටනම් ලියන්නෙ පට්ට කැමැත්තෙන්....

එහෙනම් 100 වෙනි කඩඉම දක්වා එන්න අත හිත  දුන්නු...  ගේම දාපු.. බාල්දි පෙල්ලපු හැමෝටම.... ආයෙත් ටැන්කූ......

අපේ හිතේ කහට නෑ ඔන්න...  බඩේ බත් ටික වගේ බුදු ෂුවර්....

යන්නං
ටටා...

56 comments:

  1. wish u all the best "podi man"!!!!!

    ReplyDelete
  2. හදවතින්ම සුභ පැතුම්..... පොඩි මැන් පොඩි නැ කියලා අපි දන්නවානේ,,

    ජය වේවා

    ReplyDelete
  3. @ දේවා :- උඹ දන්නව ඒ කොහොමෙයි... :) ස්තූතියි මචං...

    ReplyDelete
  4. @ බුවා :- ස්තූතියි.... !!! :)

    ReplyDelete
  5. @ බුවා ගේ සිතිවිලි : මම හිතාන උන්නේ කවුරු හරි උස්සලා කියලා... ටික දවස්කින් දැක්කේ නැනේ

    ReplyDelete
  6. @ දේවා :- මේ පැත්තෙනම් ආව වගේ මතකයි....

    ReplyDelete
  7. මගෙ hot සුබපැතුම්! 100 1000ක් දක්වා යන්න මෙන්න කික් එකක් !!

    ReplyDelete
  8. මෙන්න "ආතම්මගෙ පෙට්ටගමෙ" ලොකු ජෝනගෙ සුබ පැතුම් !

    ReplyDelete
  9. @ U.L.P :- පට්ට ටැන්කූ හොදේ.... ඕව සිරාම කික් තමා... :D

    ReplyDelete
  10. ලිපි 100ට මගෙන් සුබ පැතුම් මචං !!

    ReplyDelete
  11. @ ලොකු ජෝන් :- මෙන්න "ලට්ට ලොට්ටෙ" පොඩිමෑන්ගෙ ස්තූතිය... :)

    ReplyDelete
  12. @ සදරු :- ස්තූතියි මචං... :)

    ReplyDelete
  13. ජය වේවා මචං...... ගොඩ දෙනෙක් බොහොම ලස්සනට වහගෙන ඉන්න කැත හිතේ කැතම කෑල්ල ලෝකෙටම ඇහෙන්න හඬගාල කියන්න උඹට තව තවත් ගට ලැබේවා..... හැමදාම උඹේ බ්ලොග කියෙව්වට මචෝ කොමෙන්ට් නම් දාන්නෙ නෑ.... සොරි වෙයන් ඒකට ... උඹ හැමදාම ලියපන් අපි කියවන්නම්......

    ReplyDelete
  14. @ හර්ෂණ 1985 :- එහෙම එවුන් ඉන්නව කියල දන්නව බං.... මක්කට චිරි වෙනවයි.. කියවන හැම එකාම කමෙන්ට් දැම්මොත් මට එකෙක්ටවත් රිප්ලයිකරන්න බැරි වෙනව... :)

    තෑන්ක්ස් මචං විෂ් එකට...

    ReplyDelete
  15. මගෙනුත් පොඩිමෑන්ට සුභ පැතුම්.. උඹටනම් අනිවා මේකේ දුර ගමනක් යන්න පුළුවන්.. ජය!!

    ReplyDelete
  16. හපොයි.....මාව විනාස කරල....:O

    සුභම සුභ පැතුම් මගේ අයියේ...අපි හැමදාමත් ඔයත්එක්ක ඉන්නව.මම ආසාවෙන්ම කියවන පලවෙනි බ්ලොග් එක...
    1 වෙනි පොස්ට් එකේ ඉඳලම ඉන්නව...
    100 යෙත් ඉන්නව,500යෙත් ඉන්නව,1000ත් ඉන්නව...
    ඉන්ටනෙට් තියෙනකම් හැමදාමත් ඔයාගෙ බ්ලොග් එකත් එක්ක ඉන්නව.
    ජය වේවා....බුදු සරණයි...!

    (පාටියක් ඕනෙ හලිඩ...)

    ReplyDelete
  17. ඛිප්පං වායාම පණ්ඩිතෝ භව කියන්නෙ නිකං යෑ මලයෝ...
    ලියපිය පුළුවන් තරම්...
    එච්චරයි කියන්න තියෙන්නෙ....
    මහින්දෙ එකෙක් මෙහෙම කරනව දැක්කම අපිටත් ආඩම්බරයක්....

    ඇල්කෙමියා.

    ReplyDelete
  18. සුභ පැතුම්..ජය වේවා !!!!

    ReplyDelete
  19. ජය වේවා පොඩ්ඩෝ...!

    ReplyDelete
  20. හුටා මූ රෙදි ගලවලා. හහ් හහ් හා.. ජයවේවා. වැල ෆිල්ම් ගැන ලියනවා විතරක් නෙමෙයි. මූ වැල වලට කැමතියි කියලා, වැලේ යන පින්තූරෙන්ම පේනවා. තාම පොඩි එකානේ. ගැට කාලා අප්ෂෙට් වෙන ඒවා වෙන්න ඇති නවකතා වගේ එන්නේ. කොහොම හරි උඹ බ්ලොග් වලත් රෙද්ද ගැලෙව්වා. අපේ අය කුණුහබ්බ කරන්නවත් ඒ ගැන කතාකරන්නවත් බය උන කට්ටියක් නෙමෙයි. ඒ වගේම තමයි කවි කතා හෑලි තියෙන ශෘගාරාත්මක සාහිත්‍යයකටත් හිමිකම් කියනවා. අපි පොඩි කාළේ එක්සයිස් පොතක කවි 100 විතර තියෙන කවි සෙට් එකක් තිබුනා හනිමූන් එක ගැන . මාර ලස්සනයඉ. දන්න එකෙක් ඉන්නවනම් ඒක දාන්න.

    මේවා ඉතින් කෑ ගහන්න ඕන දේවල් නෙමෙයි. ඒත් ඉතින් උඹ පොඩි මෑන් නේ.
    උඹට වැල් පිහිටයි...

    ReplyDelete
  21. දේවා - බය කරන්න එපා ඔයි , මේ දවස් වල පොඩ්ඩක් බිසි එච්චරයි !

    ReplyDelete
  22. ගොඩක් සතුටුයි පොඩි මෑන්. දිගටම ලියපන්. සුබම සුබ අනාගතයක්....!!!

    ReplyDelete
  23. කවුද බං බනියා ?
    අර අවු 3 ක් බ්ලොග් එක ලියලත් තාම පෝස්ට් 100 නැති එකාද ? :D :D
    මේ අර අක්කට මාත් උම්මා එකක් දුන්නා කියහං :DDDDD

    මේ
    මේ වගේ දේකදි පෝස්ට් දාලා මදි මල්ලි
    පාටියක් දෙන්නම ඔනි... :D

    ReplyDelete
  24. මගෙනුත් උඹේ ලට්ට ලොට්ටට සුභ පැතුම් පොඩ්ඩො,සුභ....

    ReplyDelete
  25. ජය වේවා....සුභ ගමන්....!!!

    ReplyDelete
  26. එල එල මචං!! දිගටම ලියහන්.ලට්ට ලොට්ට ගොඩට ඔන්න මගෙනුත් සුභ පැතුම්..අවංකෙන් නිදහසේ කියවන්න නිදහසේ විදින්න සිරා තැනක්..

    ReplyDelete
  27. ජය වේවා මල්ලි.... හොඳ අනාගතයක් තියෙන සිරා බ්ලොග් එකක්.. බ්ලොග් රෝලට මම දාගෙන නැත්තේ මේකේ තියෙන මහ ජුගුප්සාජනක මාතෘකා නිසා :D වැඩේ එළ.. දිගටම කරගෙන පලයන්...

    මහින්දෙ කොල්ලෙක් නොවැ....

    ReplyDelete
  28. සුබ පැතුම් මල්ලි තව තවත් ලට්ට ලොට්ට හොයාගෙන ලස්සනට ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
  29. එළ එළ පොඩිමෑන්! ජයෙන් ජය! :)

    ReplyDelete
  30. ආපු ගමනට සුභ පැතුම් අයියේ. දිගටම ලියන්න... බ්ලොග් අවකාශයේ ඉදිරියටම යන්න කියල මම ප්‍රාර්ථනා කරනව.......

    ReplyDelete
  31. තව ලියන්න පොඩි එලම එල, ගල් වදිනකොට තමා ඒකේ අතල් එක. එන ගැම්ම මාරු. තව ලියන්න සුභ පතනවා.

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. 100ට එන්න ලැබුන හයිය වගේ දෙගුනයක් හයිය 200ට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...ජයවේවා පොඩ්ඩෝ

    ReplyDelete
  34. අඩේ පොඩි එකා දැන්නේ දැක්කේ 100කුත් ලියලාද සුභ පැතුම් එහෙනම් උඹ දන්නවානෙ මල්ලි මම මේ බ්ලොග් එකේ කියවන්නේ මගදිගට විතරයි මම ඒක එදා උඹට කෙලින්ම කිව්වානේ ඉක්මනට 200ත් දාහන්.

    මේ අර උම්මා දීපු තැනට කොටු කොටු දාහන් පොඩි ළමයි දැක්කොත් හරි නෑනේ ;)

    ReplyDelete
  35. Gud luck podi man.... 100k nemei thawa laxaak withara lianna lebewa kiyala wish karanawa... Tanx oyata mehema blog ekak start kalata.... oage girl friendtath tanx karanawa oata karadara karanne nethuwa hitiyata....

    Girl of 27

    ReplyDelete
  36. මදාරා :- "අපි ගැනත් කිවුවට තැන්කු හොදේ.. ජය පොඩ්ඩාට" :)

    ReplyDelete
  37. සුභ පැතුම් මල්ලි.. මගදිගට එනකල් අපි බලන් ඉන්නවෝ..

    ReplyDelete
  38. ජය වේවා පොඩ්ඩෝ..!!!

    ReplyDelete
  39. සුභ පැතුම් මලේ...

    ReplyDelete
  40. ඕල් ද බෙස්ට් මචන්. මොනව උනත් අපිත් එක්ක බිග් මැච් ගහන ඉස්කෝලෙ කොල්ලෙක්නේ..

    ReplyDelete
  41. පොඩි නෑ පොඩි මිනිහෝ,
    දැවැන්තයෙක් අපිටනම්
    අපි තාම පොඩි නිසා
    උඹට සුබ පැතුම්...

    ReplyDelete
  42. පොඩ්ඩෝ.... ඔන්න මගෙනුත් සුභ පැතුම් හොඳේ....
    තව තවත් ලියන්න මෙව්ව එක ලැබේවා...

    ReplyDelete
  43. පොඩි මෑන්ට ජයෙන් ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා. 200 වෙනි post එකත් ලියන්න ලැබේවා.

    ReplyDelete
  44. @ all ;- හැමෝටම වෙන වෙනමම රිප්ලයි කරන්න දෙයක් නෑ මගේ හිතේ... ඔය හැමෝම නිසා තමයි මෙච්චර කල් ලිවුවෙ... ආයෙත් වතාවක් ස්තූතියි කියන්නම් ... :)

    ReplyDelete
  45. මගේ සුභ පැතුම් පොඩි මෑන්! ටිකක් සැර වැඩියි වගේ වුනත් උඹ කියන ගොඩක් දේවල් ඇත්ත. ජයවේවා!

    ReplyDelete
  46. පොඩි මෑන් මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!!
    100ට ආවේ වැලේ එල්ලිලා ද ? මාත් එහෙනම් වැලක් අඳින්න ඕනා එතකොට සුටුස් ගාලා 200ට යන්නේ නැතෑ. හික්ස් :)

    ReplyDelete
  47. අයෙත් අහල....ලට්ට ලොට්ට සහ පොඩිමෑන් වෙනුවෙන් අපි කවදත් ඉන්නවා කියන එක බුදු ෂුවර් තමා..ආයේ හෝදන්න දෙයක් නෑ... ජය වේවා...!!! :) :) ඔන්න පුළුවන් විදිහට ඔයාගෙම වචන වලින් කිවූවා... :) :) :) :) :)

    ReplyDelete
  48. මගේ සුභ පැතුම් පොඩ්ඩො...

    ReplyDelete
  49. පරක්කු වුනාට සමාවෙන්න ඕනෙ. ඔන්න පොඩි මෑන් ඔයාට සුභ පැතුම්!!! 1000ක් නෙවෙයි 10000ක්ම ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනෙ.. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  50. අහම්බෙන් බොගේ බ්ලොගේ සැට් උන දවසෙම හිතට අල්ලුව නිසාම ඒ වෙද්දි තිබ්බ ඔක්කොම පෝස්ට් කියෙව්ව. එද ඉදන් හැමදාම ගොඩ වදින තැනක්. පරක්කු උනත් කමෙන්ට් නොදැම්මත් පෝස්ට් ඔක්කොම බලනව.

    උබට ජය.

    ReplyDelete
  51. මුලින්ම 100ක් ලියපු අපේ ලොකු "පොඩි මෑන්" ට සුබපැතුම්....

    ඊළඟට කොයි අෆ්ෆා මේ මගදිගට 17??
    ඉකමනට දාන්න හොඳේ.............:)

    L.Punch

    ReplyDelete
  52. මගෙත් ආසම එක මග දිගට කියන ලිපි පෙල... තව ලියපන් මචෝ... ජය වේවා....

    ReplyDelete