2011-12-06

බැල්මට් (18 + වඩාත් සුදුසුයි....)



කොයි කවුරු උනත්  තමන්ගෙ ජීවිතේ ආපස්සට යන්න චාන්ස් එකල් ලැබුනොත් යන්න කැමතිම  මොන කාලෙටද... ??

ආයෙ හෝදන්න දෙයක් නෑ... හැමෝම කියාවි ස්කෝලෙ කාලෙට....   ඒකෙනුත් උසස්පෙල කරපු කාලෙට.... ජීවිතේ අමතක නොවන අත්දැකීම මහ හුගක් එකතු කර ගත්තෙ මේ කාලෙ... 

"ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්...  මම හැමදාම ස්කෝලෙ යනව බං...  යන්න හිත්යෙන්නෙ නෑ මේක දාල..."

චූටිය මෙහෙම කිවුවෙ ඔය කියන කාලෙ අපි මුහුන දීපු තවත් එක් මහා වික්‍රමයකට  පස්සෙ අපි ටිකම එකතුවෙලා හිනා වෙන ගමන්... මීට කලිනුත් අපේ සෙට් එකේ තංගෙයි (" නංගි "ට දෙමලන්  , මේක උගේ කාඩ් එක.. )  ජොකා නැතුව පොලීසියෙන් නින්දා අපහාස වලට පත්වෙන්න උන හැටි කට්ටිය දන්නවනේ.... ඒත් මේ සිද්දියට මුහුන දීපු මුල් වෙලාවෙ  අපිට හිතුනෙ ජොකා ඇදගෙන හිටපු එක අපරාදෙ කියලයි...

මේත් අපේ ඩේ කට වැඩ කරන කාලෙ.... අවුරුදු තුනක ශිෂ්‍යනායක ජීවිතේ... පලවෙනි අවුරුද්දෙ පලවෙනි ඩේ එකට අපි අපේ අයියලගෙ උපදෙස් ඇතුව හරි හරියට ලේස්ති උනා...      ඩේ එකට අපි දවල් කෑම දෙන්න හිතාගෙන ඉදියෙ එලියෙ ගහපු වෙනම හට් එකක... ඒක තමයි අපි රෑ පන දාගෙන හද හද ඉදියෙ...

"පොඩිමෑන් , කලූ , තාත්ති , චූටි , පොට්ටෙ      පලයන්.... පැයක් දෙන්නම් උනගස් දෙකක් කපං වරෙන්..."

ඉහල තැනකින් විදානයක් නිකුත් උනා.... වැඩ කරන්න හවස හයට පාසලට වාර්ථාකරන්න නියමිත තිබුන වෙලාවෙන් විනාඩි 15 විතර පරක්කුවෙලා පැමිනීමේ වරදට අපිට ලැබුන දඩුවම තමයි මේ... හැබැයි දැන් වෙලාව රෑ දොලහට කිට්ටුයි.... මඩුවෙ ඩෙකරේශන් වැඩ වලට ගෙනාපු උන බට මදි වෙලා...

පිහි දෙකකුත් අරගෙන අපි පල්ලම් බැස්සා.... ස්කෝලෙ ප්‍රාන්තෙ ඇස් බැදගෙන උනත් ඕනෙ වෙලාවක කරක්ගහන්න තරම් අපිට  පුරුදුයි.... ඒ තරමට රෑට එහේ මෙහේ ගිහින් ඇති...  ඒ හරියෙ තිබුන ඕනෙම ගෙදරක  තියෙන්නෙ මොන ජාතියේ පොල් ගහක්ද... පිලිකන්නෙ තියෙන්නෙ මොනවද පවා අපි දැනගෙන ඉදියෙ... ඉතිං අපිට මතක් උනේ  ස්කෝලෙ ඉස්සරහ පිනෑස් ඉඩම කෙලවරේ\
" ඇන්ටිගෙ " ගෙදර අයිනට වෙන්න තියෙන්නෙ උන පදුර.... පිනෑස් ඉඩමෙ මුරකාරය  අපේ බුදු බොක්ක....  බන්ඩාරවෙල පැත්තෙ පොරක් වෙච්ච ඌ ටිකක් වයසක කොල්ලෙක් වයස 35 විතර මයෙ හිතේ....... පොරට අපි දකුනේ මල්වල ලස්සන කියල දීල අපිත් එක්ක ආයෙ ෆුල් ෆිට්...

අනිත් එක තමයි මේ "ඇන්ටිගෙ" ගෙදර...   ඇන්ටිගෙ ගෙදර ගැන වැඩි විස්තර කියන්න ඕනෙ  බෑ මෙතන... මොකද ඒක හරි නැති නිසා... බ්ලොග් එක මුල ඉදල කියවන කට්ටියනම් දන්නව පොඩිමෑන්ගෙ පාසල ලග "ඇන්ටි "කවුද කියල... 

"ඇන්ටිට" ස්කෝලෙ කොල්ලො මාර ආදරෙයි.... ඒ ඇන්ටිත් ඒ ආදරේ කොල්ලොන්ට්ගෙ ආදරේ දැන ගත්තොත් ආදරේ කරන බව දන්න නිසා.... කොල්ලොන්ට විතරක් නෙවෙයි.. ගමේ ගොඩේ අංකල්ලත් ඇන්ටි ආදරෙයි...

මුරකාරයට කියල කන්ද නැගගෙන ඇන්ටිගෙ ගෙවල් පැත්තට යනකොටත් අපේ මාතෘකාවත්  " ඇන්ටිම තමයි.... ෆිනෑස් ඉඩම ටික් උසයි.... මේ ඉඩම කොනේම තමයි උණ පදුර තිබුනෙ... ෆිනෑස් ඉඩමෙ මායිම ඇන්ටිගෙ ගේ...ඉඩමෙ අන්තිම තරමක පස් කන්ඩියක් කන්ඩිය මුල උණ පදුර....කන්ඩියෙන් එහා පැත්ත  ඇන්ටිගෙ ගේ...  ඉඩමෙ මායිමටම ආවාම ඇන්ටිගෙ ගෙදර වහලට තිබුනෙ අඩි දෙකක් විතර පරතරයක් විතරයි.. කොටින්ම කන්ඩියේ ඉදල ඇන්ටිගෙ ගෙදර කුස්සියේ වහලට කිසිම කරදරයක් නැතුව ගොඩ වෙන්න පුලුවන්...

අපි උණ පදුර මුල එනකොට ගෙදර ඇතුලෙන් ඇහුනෙ ගෑනියෙක් සද්දෙට හිනා වෙන සද්දයක්... ආයෙ ඉතිං කියන් දෙයක් නෑනෙ... වෙලාව දොලහ මාර විතර වෙලා... ගෑනියෙක් කොක් හඩ දාල හිනාවෙනව කියන්නෙ ..අනිත් එක "ඇන්ටිගෙ" ගේ ඇතුලෙන්  අපි කතා කරපු මාතෘකාවත් ඒකමයි.....

අපේ ඇග පත සීතල වෙලා ගිහින් මයිල්  ස්මයිල් වෙන්න වැඩි වෙලාවක් නෑ... කන්ඩිය උඩටම බඩ ගෑවම පේනව වහලෙ උලු කැටයක් වෙනුවට එක තැනකින් දාපු වීදුරුවක්.. එතනින් පේනව කුස්සියේ ලයිට් දාල විත්තිය... කන්ඩියම අයිනට ඇවිත් එතන තිබුන වල් රඹුටන් ගහක ආදාරයෙන් ඉස්සිල බැලුවාම  අපිට පෙනුනා රෑ ඇදුම විතරක් ඇදගත්තු "ඇන්ටි" සැරක් දෙසරයක් එහාට මෙහාට යනවා...

කොල්ලොන්ගෙ කටවල් වල කෙලත් හිදිලා..... ඒ එක්කම අපිට ඇහෙනව පිරිමි කටහඩකුත්....

" අනිත් ගෑණු .... ...... .....   ...... .... උඹ වගේ ..... ..... ..... .....  මෙහාට වරෙන්කො......

ආයෙමත් ඇන්ටිගෙ හිනා සද්දෙ...

හිකි... හිකි...  හීහිහිහිහිහි....... 


කියන දේවල් පැහැදිලි නැති උනත් ඇහිච්ච ටික හොදටම ඇතිනෙ.... ඔන්න ඔය වෙලාවෙ තමයි අප්ට හිතුනෙ ... මේ ජොකා කියන ඇදුමෙන් තියෙන කරදරේ ගැන....

ආපු වැඩේ අම්තක කරපු  දෙන්නෙක් හිමීට වහලට බැහැල වහල දිගේ ඉදිරියට ඇදුනා සමීප දසුන් සදහා....... හරියට කොටියෙක් ගොදුරට ලං වෙනව වගේ...

මේ වෙනකොට අනිත් එවුන්ගෙත් ඉවසීමෙ කටුවල කෑලිවත් තිබුනෙ නෑ... විනාඩියක් යන්න කලින් පස් දෙනාම අර වීදුරු කෑල්ල වටේ...

ඇන්ටි කුස්සිය අස් කරනවා  රෑ ඇදුම විතරක් ඇදගෙන.. ... සුමනා ගෝමස් වගේ......  තව සද්දන්ත බුවෙක් ඒ ලග ඉදගෙනඇන්ටි එහාට මෙහාට යන හැම සැරේටම කොහෙන් හරි අල්ලනවා... අදිනව... ඒ වෙලාවට තමයි ඇන්ටි මිනි කිංකිනි සොලවන්නෙ.....

වහලෙන් ඇතුලෙ සීන් එක එහෙම වෙද්දි වහලෙන් උඩ සීන් එකනම් බලුකපුටු දානයකට දෙවනි නෑ.... අඩියෙ වීදුරු කෑල්ලට මූන ඔබාගන්න පස්දෙනෙක් දියසෙවෙල් කාපු වහලෙ මාහා පොරයක්....

අන්තිමේදි ඒ අවසනාවන්ත සිදුවීම උනා... පොරකෑම නිසාම කකුල ලිස්සුපු එකෙක් ලිස්සල වහල උඩ ඇදගෙන වැටුනා...

"දඩ බඩස්.... "

වැඩුන මදිවට උලු පේලි දෙකක් විතර පහලට පෙරලිලත් ගියා....
 ඌව අල්ලගන්න දගලපු තව දෙතුන් දෙනෙක් නිසා එක සැරේටම වහල උඩ වදුරො රැලක් දිවුව වගේ උනා...


"දඩ.. බඩ ඩක.. ඩක ඩ්ඩස්.. ටස් බස්....."

ඇතුලෙ ඉදපු දෙන්න උඩ බැලුවෙ එක පාරටම...

 සලුපට අහස ෆිල්ම් එක ගැලරියේ ඉදන් බලන  පැන්ෂන් යන්න ඕන්නෙ මෙන්න තවත් රජයේ ලිපිකරුවන් දෙන්නෙක්ගෙ මූන වීදුරුවට තදවෙලා තියෙනව "ඇන්ටියි"  "පොරයි"  දැක්කද කියලනම් තාම දන්නෙ නෑ... ඒත්  ඊලගට පොරගෙ  කටින් ඊලගට පිටවුනු වචන ටිකට අපේ උච්චස් ස්වරයක්  තිබුන රසාස්වාදය මහා අදුරු පාතාලෙකට වැටුනෙ පට ගාල....

" මොන  හු _ _ _ _ පු තාද ඩෝ වහලෙ...  අම් _ _ _   __ _ _ න   බාවනව ඩෝ.... "

ඒ සුමිහිරි ගීත නාදය අපේ කනඩි පසාරු කරගෙන හිස් ඉඩමෙ තවත් ගොඩක් එහාට යන්න ඇති ... එක නිසාමයි කොහෙවත් නැති බල්ලො රෑනක්  එක පාරට බුරාගෙන ඒ පැත්තට ආවෙ...

ඉඩමට පැනපු අපි ඉඩම කොනට වෙනකන් පන එපා කියල දුවල එහා පැත්තෙ තාප්පෙන් පාරට පැන්නා...  ඒ හරිය කරුවලයි... ටික් වෙලා එහෙම ඉදල සද්දයක් බද්දයක් නැති තැන පාර දිගේ හිමීට ඇවිදගෙන ආවා....

 ආයෙත් පරිසරය පෙර පරිදිමයි.....   ආනන්දනීයයි     ප්‍රේමනීයි.....

අපිට ආයෙත් දැකපු ච්ත්‍රපටිට ඇස් ඉදිරිපිට මැවිල පේන්න ගත්තා.... අපි නොදැනුවත්ම ඇවිදගෙන ආවෙ ඇන්ටිගෙ ගේ ඉස්සරහට...

ඉසාරහ පැත්තෙන් පාරෙ ඉදල ටික් දුර පඩි නැගෙන යන්න ඕනෙ වත්තට... පාරට ගේ පෙනුනෙ යාන්තමට... අපි පඩිය මුල  වාඩි උනා...

" අඩෝ දැන් වැඩේ යනව ඇති ලෙසටම නේ...  අරූ දෙනව ඇති පැලෙන්න..... "

කවදත් රසකතාවට පුරුදු පොඩි මෑන් අනිත් එවුන්ගෙ හැගීම් උද්දීපනය කරණ අරමුනෙන් චිත්‍රපටියෙ නොදුටු දර්ශන කට්ටියගෙ හිතේ ච්ත්ත රූප  මැවුවා....


 කලූට ඒ ච්ත්ත රූප වලින් සෑහීමකට පත්වෙන්න  විනාඩියකට වඩා පුලුවන් උනේ නෑ...

" දැන් අවුලක් නෑ... උඩ ඩ්‍රිල් වලින් බලනව මමනම්... "

එහෙම කියපෞ කලූට පුලුවන් උගේ ගේට්ටුව උඩට නැගන විතරයි.....   කලුවරේ හඹා ආ ගඩොල් බාගා තඩියි අපේ කන් ගාවින් ගිහින් පාරෙ වැටිල කුඩුවෙලා ගියා....

" කීකීකී ස්........ "

 ඉන් පසු නැවත්ත් අර කඩ හඩේන්ම පෙර ගැයුනු මදුර මනෝ හර ගීතයේ දෙවනි කොටස....

" අම් _ _  _ _ _ න   කැ _  බල්ලෝ... දුවන්න එපා... හිටපියවු.... 
අද ඔය ඔඔකොම වේ_ _  පුතාල බාවනව යකෝ....!!!
!@#$@#%$#&%%^*&^(*&)*_*^%^**&))?{"(*)^&9.................................."


 ඊට පස්සෙ තිබුනෙ අපේ සෑම ත්‍රාස ජනක ක්‍රියාන්විතයකම අවසන් ජවනිකාව.....

 පන එපා කියා දිවීම.......

පැය දෙකට පස්සෙ උඹ ගස් නැතුව  ඇවා වරදට ආයෙ කාපු පනිෂ්මන්ට් එක කන එක අර ගඩොල් පාර කෑවට වඩා කොච්චර හොදදැයි හැම එකාගෙම හිත්වල තියෙන්න ඇති...

"ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්...  මම හැමදාම ස්කෝලෙ යනව බං...  යන්න හිතෙන්නෙ නෑ මේක දාල..."

චූටිය ඔන්න ඔහොම කිවුවෙ උදේ අපි ගෙදර එන අතර මගදි.........




මේ ඒ ලෙවල් කාලෙම තවත් කතා දෙකක්


හඳපානෙ නිරුවත් වානරයා 1

හඳපානේ නිරුවත් වානරයා 2

තින්තතෙතයිය දැකල තියෙනවද


මගදිගට 15   දාල තියෙන්

නෙ...

31 comments:

  1. 35 ක වයසක කොල්ලෙක්.... අර ඕනය... දුකා අයිය... අබිය.. අසේලය එහෙම පට්ට වයසයි නේ හපොයි... ඔබා මාම ??

    ඉස්කෝලෙ කාලේ නම් ආයේ නෑ උපරිමයි.

    ඇන්ටි ගැන උබ ලියල තිබ්බෙ නෑනේ බ්ලොගේ... මම මේක කොනක ඉදන් කියෙව්ව නෙව අහු උන දවසෙම.

    ReplyDelete
  2. දැන් ඉතිං මුල ඉඳල ඇන්ටිගෙ කතා හොයහන්කෝ....

    ReplyDelete
  3. @ පිස්සා :- ඇන්ටිගැන ලියන නෑ තමයි.. ඒත් පොඩි මෑන්ගෙ ස්කෝලෙ දන්නවනම් ස්කෝලෙ හා ඒ අවට උන් දන්නව "ඇන්ටි..."

    ඒකයි කිවුවෙ..:D

    ReplyDelete
  4. මම දන්නෙ නෑ.... මම හොඳ ළමයෙක් නිසා වෙන්න ඕනි... :D :D

    ReplyDelete
  5. අනේ දෙයියනේ... ගඩොල් පාරකුත් කෑවානම් නියමයි...

    ReplyDelete
  6. එල ස්ටොරිය :) . කිවුවත් වගේ A/L කාලෙ තමයි ජිවිතේ පට්ටම අමතක නොවෙනම කාලෙ.

    ReplyDelete
  7. ශික් වනචර කොල්ලො

    ReplyDelete
  8. අපරාාාාදෙ! ඔය වයසට ඔහොම සීන් එකක් මිස්වෙනව කියන්නෙ.....කියල වැඩක් නෑ.

    ReplyDelete
  9. පට්ට සීන් එක බොලව්...

    ReplyDelete
  10. හික් කියවෙනවා... කතාවට නෙවේ බොල අර ගඩොල් පාර වැදුන්නම් එහෙම.... කොහොමද කටක් ඇරලා කියන්නේ ඇන්ටි........ බලන්න ගිහින් උනා කියලා... :D :D :D

    ReplyDelete
  11. කාලකන්නි ____ ගෙ පුත්තු.. යකෝ මනුස්සයෙක්ට නිදහසේ වැඩක් කරගන්න දෙන්නැනෙ මුන්.. :D :D :D

    ReplyDelete
  12. අපෝ ගඩොල්භාග පාරකුත් කන්න තිබ්බ නූලෙන් ගැස්සිලා.මොකට ඔව්වට හොට දාන්ඩ ගියෙ :)

    ReplyDelete
  13. @ තාරක :- ඇන්ටිගෙ කතා නෑ බං ඉස්සරහට දාන්නම්

    @ පිස්සා :- අනේ මගෙ කට .. උඹ ඒ ප්‍රාන්තෙ නෙවෙයිනෙ

    @ නිසූපා :- ඔවු අප්ප නියමෙනුත් නියමයි...

    @ ඇනෝ :- ආයෙත් අහල ඇනෝ...

    ReplyDelete
  14. @ ලොකු ජෝන් :- වනචර ??? ඔයවගේ සීන් එකක බලන්න නෙති උන් කොල්ලො නෙවෙයි අප්පා...

    @ රාජ් :- අන්න කතාව.... අපරාදෙදත් අහනව බං.. තාම දුකයි... දගලන්නෙ නැතුව ඉදියනම් කුස්සියේම යන සීන් එකක් ලයිවු බලන්න තිබුනා :D

    ReplyDelete
  15. @ රත්නෙ :- පට්ටදත් අහනව... බලපං මිස් උනානෙ...:)

    @ සිහින කොදෙවුව :- ඒක වැදුනනම් කියන්න ඉතුරුවෙන්නෙ නෑ බං...

    @ බනී :- ඒ මනුස්සයල නිසදසේ ඉදපු අපි කුලප්පු කරාන්නෙ... :D :D

    @ නදී :- කවුද හොට දැම්මෙ... :D

    ReplyDelete
  16. ඉස්කෝලේ කාලේදී හොඳට පිස්සු කෙළලා තියෙනවා උනත් මම ඉස්කෝලේ කාලෙට වැඩියම ආස නැහැ...
    උඹල අර දෙන්නට කරදර කරපු එකේ පලවිපාක ඉදිරියට ලැබෙන්නත් බැරි නැහැ
    ඉස්සරහට පරිස්සමින් :)))

    ReplyDelete
  17. ඔය ඇන්ටි තාමත් ඉන්නවද ? ඉන්නවනම් ඒ කොහේද කියලා දැන ගන්න පුලුවන් ද ? :)

    ReplyDelete
  18. කොලුවා වැල වලට කැමතියි වගේ....

    ReplyDelete
  19. අපරාදේ පොඩි මෑන් මලය අපිටත් කිව්වනම් අපිත් එනවනේ උණබට කපන්න යන්න. ඕක එවෙලේම ලොකු අය්යලන්ට කිව්වනම් එක්කරන් ගිහිල්ල පෙන්නනවා.මාත් ඉතින් ජුන්ඩ කලේ primery gate හිටියේ. ඉතින් දැක්කහම අහක බලන්නත් බැනේ .මොනවා උනත් ඒ ඇන්ටි හිත හොද ගැනී නේ ......

    ReplyDelete
  20. @ dayan :- මෙන්න කට්ටිය සාක්ෂි.... අම්මප ඇත්ත අයියෙ... මට මතක විදියට ඔයා ඉදියෙ නෑ එදා... චොකා අයියා කොමොඩ් උපාංග අයියා කැඩෙට් බෙට්ටා අයිය එහෙම අපිට ඔය ටිකම කියල බැන්නා :D :D

    අරම කිවුවෙ ඇත්ත නම් කියන්න බැරි නිසා ආ... ඇන්ටිගෙ සනුත් හොදට දෙහි කැපුවා,,, :D

    ReplyDelete
  21. @ ලොකු පුතා :- අපේ වහල ෂිට් බං

    @ මදුරංග :- මොක්ද බැරි.. එන්නකො මේ පැත්තෙ... දුන්වලම දෙන්නම්

    @ මාතලබ් :- අයෙත් අහල... ගහේ තියන්ම කන්න චන්ස් එකක් ආවම කවුද අතාරින්නෙ...

    ReplyDelete
  22. වහලක් උඩට නැගල හරි ලයිවු සෝ එකක් බලන්න තියනවනං සනීපෙ . . . හෆ්ෆා . . .
    ඒවගේද හොස්ටල් කාමරේ වැඩක් කර කර ඉද්දි යාලුවො එස්. එම්. එස්. එවද්දි . . . ."machan, pls turn her 2da other side" කියල . . . එපා වෙනව . . .

    ReplyDelete
  23. හප්පේ මාර සීන් එකක් නේ...යන්තං බේරිලා..අර බුවාට අහු උනා නං නෙළනව කස්ටියටම ඇති වෙන්න.....

    ReplyDelete
  24. අපරාදේ ගඩොල් භාගේ!!! :D :D

    මගේ ජීවිතෙත් හොඳ ම කාලයක් තමයි ඉස්කෝලේ කාලෙ. කිසි ම බරපතලක් නැතුව ජීවිතේ වින්ඳේ ඒ කාලෙදි. මටත් හැමදාම ඉස්කෝලේ යන්න හිතෙනවා........ :)

    ReplyDelete
  25. ශිහ්.. අසික්කිත කොල්ලො..... සද්ද නොකර හිටියනං ක්ලයිමැක්ස් එකත් බලල ගෙදර ගොහිං මරනවනෙ අත...... උඹල මහ ඉවසං ඉන්න බැරි වනචරයො ටිකක්නෙ....

    X-Porter

    ReplyDelete
  26. පොඩි මෑන් ... ඔබෙ අදහස් නම් ශ්‍රෙස්ටයි.... සාම්න්ය චින්තනයට එහා දෙයක් ඔබ කියන්න හදනවා...අනර්ඝයි ....මම මේ ටික කියන්නෙ ඔබගේ සියලු heart piercing කවි කියවීමෙන් අනතුරුවයි .මම tubelight නොවුනත් ඔබේ කවි දෙතුන් පාරක් කියවල තම තෙරුම් ගන්නෙ .......


    ඔබ ලියන් කවි අනුන්ට තෙරුම් කරවන එක බොරු වැඩක් ...තමාම තේරුම් ගැනීමයි වැදගත්....ඒකෙන් තම්යි යමක් හිතන්න පුරුදු කරවන්නෙ..

    ReplyDelete
  27. අර සලුපට අහසට ටික නම් මරු අනේ.......බඩත් රිදෙනව හිනා වෙලාම....

    ReplyDelete
  28. හොදම හරිය මිස්‍ වෙලා බොල.. :)

    ජය ශ්‍රී..

    ReplyDelete
  29. Excellent blog here! Also your website loads up fast!
    What web host are you using? Can I get your affiliate
    link to your host? I wish my website loaded up
    as fast as yours lol
    Take a look at my web page - football transfer news for arsenal

    ReplyDelete
  30. Oh my goodness! Amazing article dude! Thank you, However I am encountering issues with your RSS.
    I don't know why I cannot join it. Is there anyone else having similar RSS issues? Anyone who knows the answer will you kindly respond? Thanx!!
    My website - ohio state football news

    ReplyDelete