කතාව කියවන්න ආවෙ අද නම් ඉතිං කලින් කොටස් ටික කියවල එන්න වේවි........කලින් කොටස් මතක නැති අයටත් එක්කම ඔන්න කලින් කොටස් ටික...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
අද එතැන් සිට...
ශ්යාමිකලගෙ ගෙවල් තිබුනෙත් අපේ ගෙවල් වලට යන පාරෙමයි.. හැබැයි ගාල්ලෙ ඉදල යනකොට ඉස්සෙල්ලම බහින්නෙ ශ්යාමිකය... ලහිරුවයි මායි බහින්නෙ ඊට විනාඩි දහයකට පාලවකට පස්ස්සෙයි...
ළහිරුවයි මායි ශ්යාමිකයගෙ ගෙදරට යන්න හැරෙන තැන ස්කෝලෙ ගාවින් බහිනකොට වෙලාව දහයට විතර ඇති.. දෙන්නම ශ්යාමිකයලහට යනකන් වැඩියෙ කතා කරේ නෑ... ශ්යාමිකලගෙ ගෙට ඇතුල් වෙනකොටම සාලෙ ශ්යාමිකලගෙ නංගි පොතක් තියාගෙන පාඩම් කරනවා...
"ආ... වෙලාසනින් ඉකෝලෙ ඇරල වගේ... "
අපි දැකල නංගි හිනා වෙවී කිවුවා... ඇරෙන්න ඉතිං අපි ස්කෝලෙ යන්න එපැයි... නංගිට කියන්න පුලුවන්ද ඕවා... කිවුවත් නැතත් එයා දන්නව ඉතිං අපේ පැටිකිරිය.. ඒව කොහොම උනත් ඉරිච්ච ෂර්ට් එක වැහෙන්න මම ලහිරුවට කවර් උනා..
"කෝ අයියා..."
"අන්න කාමරේ... නිදිද කොහෙද ආයෙමත්...."
අපි කාමරේට යනකොට ජනෙලුත් වහගෙන කොට්ටෙකුත් බදාගෙන ශ්යාමිකය දුන් දාදා නිදි.... ඌව දැක්කම මට මතක් උනේ මීට පැය ගානකට කලින් මම දැකපු හීනෙ... හීනෙ හැබෑ වෙලා ඒ පවට ඇස්ස්ටි හැලෙන ටොපියකුත් කාලනෙ දැන් මේ ඉන්නෙ...
" මූත් නිදි... මූටත් දෙන්න ඕනෙ උඹට දීපු බෙහෙතම තමයි..."
එහෙම කියපු ලහිරුව පොත් ටිකත් මේසෙ උඩ තියල කාමරෙන් එලිය ගියා... දැන් ඒවි වතුර බාල්දියකුත් අරගෙන... ශ්යාමිකයටත් ඉතිං තව ටිකකින් ගංවතුර ආදාර පෝලිමට සෙට් වෙන්නයි වෙන්නෙ.... ඒ පෝලිමෙ රස මම දන්න හින්ද මම උගේ කකුලෙන් ඇද්දා...
" ඒයි නැගිටපං..."
කොට්ටෙ බදාගෙනම මගේ පැත්ත හැරිල සූරියග්රහනයක් බලනව වගේ මගේ දිහා බලපු ශ්යාමිකය කහ කහ නැගිට්ටා...
"මෙච්චර් ඉකමට ආවද.... බලපං නිදාගන්න හාන්සි උනා විතරයි...."
" නිදාගන්න හාන්සි උනා විතරයි ...?? ඇයි යකෝ රෑ අහවල් එකක් කොරාටද ..? ඇයි උඹ රෑ නිදාගත්තෙ නෑ වගේනෙ කතාව??"
"නෑ බං වස කම්මැලියි ඒකයි... නංගිට හවස විභාගෙලු එයා තනියම නිසා මම අද නැවතුනේ බං..."
ශ්යාමිකය තාමත් නිදිමතේ...
"ඇයි වෙනද ආච්චිලහට යනව නේද ... ??"
මම එහෙම ඇහුවෙ ශ්යාමිකයලගෙ ආච්චිල ඉදියෙ අල්ලපු ගෙදර නිසා...
"ආච්චිල එහේ නෑ බං දැන්.. ගෙවල් අස්කරගෙන ගියා..."
එතකොටම මම හිතපු විදියටම ලහිරුව කාමරේට ආව වතුර කෝප්පෙකුත් අරගෙන...
" උඹ මූව නැගිට්ටෙවුව නේ.... ඇයි උඹට දුක හිතුනද..."
ලහිරුව කෝප්පෙ මේස උඩින් තියල හිනාවෙවී පුටුවක් ඇදන් වාඩි උනා...
" අඩෝ උඹ මට වතුර ගහන්නද ආවෙ.... කාලකන්නි ඉකෝලෙ නොගිහින් එනව මෙතන අපිට පවු දෙන්න.. වතුර ගැහුවනම්නෙ බලාගන්නෙ..."
"ඇයි උඹ මොනව කරන්නද.... එකෙක්ගෙ නින්දක් නිසා අද දවසම මස්ත බාල්දුවෙලා ඉන්නෙ... ඌට දීපු බෙහෙතම තමයි උඹටත් දෙන්න හැදුවෙ..."
ලහිරුව කිවුවෙ ඌ හරි වීරකමක් කරා වගේ... අම්මප ඔන්න මට දැන් මූත් එක්ක ආයෙත් යකා නගිනවා... මූ මට වතුර ගහල ඇහැරවගෙන ගියේ නැත්නම් අද මේ මුකුත් නෑනෙ... ෂික්.... පර්ස් කෑල්ල වගේද මගේ ෆෝන් එක... ඒත් ඉතිං මම ඕක දැන් ඇදල අරගෙන මුගේ බෝක්ක්කුව ඇරගන්නවට වඩා හොදයි දැකට නැමිල බුරිය විකාගන්නවා...