2011-10-17

එලකිරිය පොඩිමෑන්ගේ හිට් කවුන්ටරේ කඩා දැම්මාය




කලින් හුජ්ජ කොල්ලෙකුගේ කක්ක වැඩක් පොඩි මෑන් ලීවාය.... බ්ලොග් අවකාශයේ කස්ටිය ඒ ගැන කතා කෙරුවේය..
බැන්නේය...  කස්ටිය ඒවට කුණුහරුපයයි කීවේය...  තවත් කට්ටිය එහි වරදක් නැතැයි කීවේය... කොහොමින් කොහොමහරි ඒක එහෙම උනේය..

ඊ‍යේ හවස බ්ලොගයට ගොඩවුන පොඩි මෑන්ගේ ඇස් දෙක දොට්ට පැන්නේය.. මාස හතරහ මාරක බ්ලොග් කෙරුවාව තුල දවසක් තුල ලැබෙන වැඩිම හිට්ස් අද ලැබී තුබුනේය... පෝස්ට් එකක් දැම්මානම් ඒ පෙරේදාය.. පෝස්ට්  එකක් නොදා මේ මොන හත්වලාමක් වෙලාදැයි සර්ච් කොර බලන විට එලකිරියෙන් කස්ටිය හෝ ගා පැමිනි ඇති බව ගූගල් ලොක්කාගේ  ගැජට්ටුවේ වැටී තිබුනාය... බැලින්නම් වැඩේ  මෙන්න මෙහෙමය..

බ්ලොග් එකේ ඉතාමත් ජන-අප්‍රිය   පෝස්ට් 5ක්ම එලකිරියේ පලවී ඇත....

වැල ෆිල්ම් වල නිලියෝ
දියියො දීපු ලබ්බ
සනීපාර්ක්ෂක තුවා ගීතය
මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී


කලින් හුජ්ජ කොල්ල වගේ නෙවේය .. මූ එල කොල්ලෙක්ය... පෝස්ට් එක කස්ටිය සමග බෙදාගත්තේ ලට්ට ලොට්ට  ලින්ක් එකද දාලාය... එල කිරියේ කොල්ලා එලකිරිය..

ලට්ට ලොට්ට ඇතුලත් කර ඇත්තේ සින්ඩි දෙකක විතරය.. අනිත් ඒවාට දාන්න පස්ට කම්මැලිය... ලට්ට ලොට්ට බලන්න වැඩිහරියක් කස්ටිය එන්නෙ මූනුපොතේ ගුරුප් එකේ ශයා කරගන්න ඒවා හරාහාය.....

කලින් එකා පෝස්ට් එක අමු අමුවේ ඉස්සුවාය... ගැටලුවක් නැත... වෙබ් අවකාෂයේ හෝ  මොනයම් මගුලක හෝ නිර්මාණකරුවෙක් යම්කිසි නිර්මාණයක් කරාට පසු එය හුදෙක් නිර්මාණයක් පමනක්යැයි පොඩි මෑන් පිලිගන්නේය.. එයට අයිතිකාරයෙක් සිටිය නොහැකිය...  ඒක හරියට  ළමයා වැදුවායි...  ඇති දැඩි කරායි... කියා අම්මලා තාත්තලා උගේ හැම මගුලටම ඇගිලිගසනවා වගේය...

ළමයා හැදුවානම් ඌට කන්න බොන්න දිය යුතුය.. තමන්ට හැකි පමනින් සමාජයේ කාලකන්නියකු නොවීමට ඉගැන්විය යුතුය... ඒත් උගේ අයිතිවාසිකම් වලට උගේ ජීවිතයට ඇගිලි ගසා ඌට නිතරම උදැල්ල දාන්නේනම් වැරදිය.. ළමයා තමාගේයැයි කියා තම්න්ට ඕනෑදේ කරන්නයයි කීම උගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමක්ය...  දැන් රෙද්ද උස්සගෙන එන  පොරවල් වලට මේ ටිකත් පොඩි මෑන් කියන්නේය... වැරැද්ද සාපේක්ෂය..  අම්මලාට වැරදි දේ ඌට වැරදි නොවන්නට පුලුවන්ය...

"අපි ඔය ළමයට වඩා කරුනු කාරනා දන්න නිසා කියන්නෙ... "
යැයි කීමද පට්ට ගොන්ය

මිනිසා සමාජසීලීසත්වයෙක්ය... ඌ හැමදේම කරන්නෙ සමාජයත් එක්කය... එහෙනම් අම්මලා තාත්තලා ඉන්නේ ළමයාට වඩා පරම්පරාවක් පිටුපස සමාජයකය.. ඒ ඒ සමාජවල තත්ව දෙපාර්ෂවයට තේරුම් නොයන එක පමනක් තේරුම් ගත යුතුය...

 අන්න ඒවගේ නිර්මාණයක් කරාට පසු ඒ නිර්මාණයට කිසිම අයිතියක් නිමාණකරුවාට නැත්තේය.. ඒකෙ හෝදන්න දෙයක් නැත... ඒත් අප තාම පෘථක්ජනයෝය...  තමන් හැදූ ළමයා වෙන එකෙකු විකුනාගෙන කනවා දකින්නට අම්මලා තාත්තලා කැමති නැත්තේය.. ඌ විකිනෙන්න කැමතිනම්  සොරි ඩොට් කොම්ය... ඒත් නිර්මාණකරුවෙකුට තමා වැදූ දරුවා හා සමාන නිර්මානය  දෙකයි පනහේ තුප්පහි වැඩකට විකිනීම නිර්මාණ කරුවාගේ ඇහේ කටු ඇනෙන වැඩක්ය.... දරුවා මෙන් නොව නිර්මාණය අජීවි දෙයක්ය..

බ්ලොග් ගරුවෙකු නිර්මාණයක් කිරීමේ අරමුණ තම ආත්ම තෘප්තිය, අනෙකාට රසවින්දනයක් සැපයීම හෝ යම් පනිවිඩයක් දෙන දෙයක් විය හැකිය.. ( බ්ලොග් කරුවෙක්ට ආර්තික වාසි නොලැබෙනා තරම්ය)

එය අමු අමුවේ හොරකන් කර තුප්පහි දෙකයිපනහේ තමන්ගේ ආර්තික වාසි සදහා යොදාගන්නේ... කිසිම රසවින්දන හැකියාවක් නැති අඳබාල පොන්ටිංලාය .. නමුත් තමන් දුටු නිර්මාණයක් අනෙකා සමග බෙදාගැනීම වරදක් නැත...
එතනදීත් තමන් එය කරායැයි පොරවෙන්න හදනවානම් එය පොර වීමක් නොව කොර වීමක්ය... නමුත් එය අනිත් අය සමග බෙදාගැනීම.. එකෙන්ම එලකිරිය....

බෙදාගැනීමේදී මුලින් කරපු එකා මතක් කරනවානම් එලම එලකිරිය

ඒ නිසා එලකිරියේ කොල්ලා එල කිරිය...

නැත   එලම එල කිරිය......

ප.ලි

අදට දවස් එකසිය දයක් පරණ බ්ලොගයට ෆලෝවර්ස්ලා 200 වෙලාය...
ඉතිං පොඩි මෑන්ට හැපිය



33 comments:

  1. මෑන් පොඩි උනාට කතාව පොඩි නැත. එය එළම එළ කිරිය.. බොක්කටම වදිනවාය.. හොඳ හැකියාවක් ඇති පොඩි එකෙක් බව පැහැදිළිය. දිගටම ලියන්ඩ කිය ඉල්ලනවාය. ඒ එක්කම බොක්කෙන්ම සුබ පතනවාය..

    ReplyDelete
  2. ["අපි ඔය ළමයට වඩා කරුනු කාරනා දන්න නිසා කියන්නෙ... "
    යැයි කීමද පට්ට ගොන්ය]

    අත්දකීමෙන් දනිමි! සහතික සම්පූර්ණ අැත්තය! ඉහත විදියට කියන්නො තම කරුණුකාරණා දන්නකම පෙන්නන්න ගිහිල්ලා අම්බානක නාගැනීම හෝ /සහ ලබාගත් ලබ්බක් නැති කම යන තත්ව තිබුනත් කියන්නේ ඔහොම්මය.

    කටේ දාන්න මට මසුරන් නැත පොඩිමෑන්! :(

    ReplyDelete
  3. @ ඇනෝ :- පට්ට තැන්කූය....

    ReplyDelete
  4. @ තනි අලියා :- ඔය ගැන කතා කොරලාද තවත් වැඩක් නැතිය... මසුරන් වැඩක් නැතිය... කොමෙන්ටුව ඇතිය... :D

    ReplyDelete
  5. පොඩි කිව්වට පොඩිම නෑ වගේ පේන්නෙ.
    ඔහොම යන් ඔහොම යන්.

    ReplyDelete
  6. @පලමු ඇනෝ: උඹ දන්න තරම තමා.. මුගෙ අහවල් එක වෙන්ටැති පොඩි.. මූ පොඩි නැ බං.. මූ ළමයි 7-8 දෙනෙක්ගෙ තාත්තා කෙනෙක් ගානයි :D :D

    ReplyDelete
  7. මුළු හදවතින්ම මට සතුටුය... උබට ජය !!!

    ReplyDelete
  8. පරන කතා ඕනෑ නැතය . . .
    විවිධත්වය ඇති තැන ලස්සනය. . .
    හිටි ගමන් පීලි පැන හැමෝම එකම අච්චුවේ වෙන්න ඕනෑ කියා හිතුවත් . .
    පස්සේ කන පිරෙන්න අහගත් විට ආපහු හරි පීල්ලට එන්න ඇහැක් කම මේ බ්ලොග් කෙරුවාවේ අපූර්වත්වයය . .
    උඹේ විදිහට ලියාගෙන යන්ටය . .
    ජය . .

    ReplyDelete
  9. වැඩේ එල කිරිය. ජය පතමිය. දිගටම ලියන්නේනම් මැනවිය.

    ReplyDelete
  10. පොඩි මෑන්ගේ සතුට අපෙත් සතුටය. උඹ ඒක ලැබිය යුතුමය. මන්ද යත් උඹේ ලේඛන ඉස්ටයිල් එක පට්ට නිසාය.

    ReplyDelete
  11. මැක්සා පොඩ්ඩෝ. මම දැං ඔක්කොම පෝස්ට් බලනවා.

    ReplyDelete
  12. ඩබල් සෙන්චරි ගහපු දෙන්නෙක් ඉන්නවාය. එකෙක් තෝය. අනිකා දේවායා. අපිටත් සන් තෝස ය. තොසේ ද ගනන්ය. ඒ නිසා වඩයක් කා ප්ලේන්ටියක් බොනවාය..

    සුබ අනාගතයක්ය...!!!

    ReplyDelete
  13. ඔබට ජයක්ම වේවා. දිගටම ලිවීමට (ටයිප් කිරීමට) හැකියාව ලැබේවා.

    ReplyDelete
  14. මාගේ බලවත් සන්තෝසය..

    ReplyDelete
  15. නරකද නම වෙනස් කලොත් "ලොකු බෝයි" කියලා.

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් සුබ පැතුම් .....

    ReplyDelete
  17. පොඩ්ඩා එහෙනම් දැන් ලොකු මිනිහෙක් වෙලානේ.. එල එල.. මගෙන් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  18. හැපිය හැපිය මාරම හැපිය.. උබ මට වඩා ගොඩාක් ගොඩාක් ඉස්සරෛහින් මචන්.. මට ගොඩාක් හැපි යාලු... ජයෙන් ජයම වේවා

    ReplyDelete
  19. මගේත් ලිපි කීපයක්ම එලකිරියෙ දාල තිබ්බ... ලගදි දාපු ඒවයෙනුත් 2ක් දාල තියෙනව දැක්ක... හැබැයි ඉස්සර දාපු එව්වො වගේ නෙමෙයි තමා... දැන් නම් ගත්තු තැන එක්ක තමා දාල තිබ්බේ... ඒ දාපු උනුත් එල කිරි ඉතින්... කවුරු හරි මොන සයිට් එකෙන් හරි කියවනවනේ.. මම ගිහින් ඒ දාපු රිප්ලයි ටික කියවල එනවා... කාගෙ උනත් අදහස් ටික වටිනවනේ...

    ReplyDelete
  20. පොඩි මෑන් ලියන ස්ටයිල් එක දෙපැත්ත කැපෙන සුළුය. කෙලින්ම කියනවට වඩා යටි අදහසින් තේරුම් ගැනීමට ලියන කොල්ලෙක් ය.

    ReplyDelete
  21. @ Bunny :- වල් හාවා... පැහැදිලි ඉරිසියාව...

    ReplyDelete
  22. @ හිරු ඒලිය :- ස්තූතියි මචං....

    ReplyDelete
  23. @ දුකා :- අනිවා අනිත් හැම එකාම වැරදියි කිවුවත් මට හිතෙනවනම් හරි කියල මම ලියනවා... කට්ටිය එන්නෙ නැති දවසට නවත්තල දානවා.. එනකන් ලියනව.. ස්තූතියි දුකා අයිය කමෙන්ට් එකට

    ReplyDelete
  24. @ Praසන්ன :- අනිවාර්යෙන්ම ලියනවාය... :) ස්තූතිය

    ReplyDelete
  25. @ පිණිබිදු :- තැන්කූය තැන්කූය... :)

    ReplyDelete
  26. @ එල එල.... : )


    @ මාතලන් :- තෝසෙ ගනං උනාට කමක් නැතිය.. ගන තෝසෙ බෙදාගෙන කන විට තවත් ගනං වැඩිය... ඔහේලාගේ ප්ලේන්ටියෙන් සුට්ටක් බී තෝසෙ බාගය ඔහේලාටත් දෙනවාය.... තෝසෙම කෑවට වඩා එතකොට බඩ පිරෙනවාය... :)

    ReplyDelete
  27. @ නිසූපා :- ස්තූතියි නිසූපා අක්කෙ... :)

    ReplyDelete
  28. @ සාටර් :- අපේ සංතෝසෙට ඔහේලා සංතෝසවෙනකොට අපිට ආයෙ සංතෝසය

    ReplyDelete
  29. @JITHISHYALANKA :- අපේ අම්ම තාම මට කතා කරන්නෙ හිච්චි පුතේ කියල :D ඒ කියන්නෙ තාම මම පොඩි මෑන් පොඩිම තමා...

    ReplyDelete
  30. @ පංසල් හංදිය :- ස්තූතියි :)

    @ dinesh :- පිස්සුවක් ඇතෑ.. තාම පොඩි කොල්ල :D ස්තූතියි

    ReplyDelete
  31. @ දේවා :- තෑන්ක්ස් මචං... ෆලෝවස්ල ගාන එක තමයි මාස තුනක් මට වඩා සීනියර් උනත් උබේ හිට්ස් ගානටනම් මට කිට්ටු කරන්නවත් බෑ ලොක්කා. ඉතිං කොහොමද ඉස්සරහින් කියන්නෙ.... :D :D ඔය ගනං ඉල්ලක්කන් වලින් එච්චර වැඩක් නෑ සහෝ... ඔය කීපදෙනෙක් බලල කමෙට් එකක් දාල යනවනං ඒ මැදෑ.... ඒත් ඉතිං ගනං ඉලක්කන් ලොකු වෙනකොට අර සන්තෝසෙට පොඩ්ඩක් කෑගැහෙනව :D :D අපි තාම පොඩි මිනිස්සුනෙ ඒකයි

    ReplyDelete
  32. @ පිස්සා පලාමල්ල :- අනිවා මචං ... කවුරු හරි රසවිදිනවනම් එච්චරයි.. දෙකයි පනහෙ තුප්පහි වැඩ වලට නැතුව...

    ReplyDelete
  33. @ මධුරංග :- ස්තූතියි මදුරංග අයියා.. ඒත් ගොඩක් අයට තියනෙ "කුණුහරුප" ටික බලල ආතල් එක ගන්නවා... ඒකත් කමක් නෑ කියමුකො... පොඩි මෑන් නිසා... ලියපුවට රිදුන නිසා සද්දයක් දාල.. එයාල ලොකු මෑන්ස්ල වෙන්න දගලනවා....

    පවු අප්ප.. දුකේ බෑ... ලියන ඒව තේරුම් ගන්න කීප දෙනෙක්වත් ඉන්න එක ගොඩක් සතුටුයි.. බ්ලොග් එක පටංගත්ත දවස්වල ඉදලම කියවපු කෙනෙක් විදියට ඔයාගෙ කමෙට් එකට මට මාර සතුටුයි.. :)

    ReplyDelete