සිංහල බ්ලොග් ගැන මම දැනගත්තෙ තරිඳු විජේරත්න මගේ මිතුරගෙන් .. මූණු පොතේ ගෲප් හදාගෙන පිස්සු විකාර ලියනකොට එක එක ස්ටේටස් දානකොට ඌ තමයි මට කෝල් කරල කිවුවෙ උඹට හරියන්නෙ බ්ලොග් කියල...
ඌ කියල දුන්න විදියට බ්ලොග් එකක හදාගෙන ලියන්න කියල අත ගැහුවට ඒක වැඩි කාලයක් කෙරුන වැඩක් නෙවෙයි... පෝස්ට් දෙකයිද කොහෙද දැම්මෙ... ඒක එහෙමම ඉවර උනා...
ඒත් බ්ලොග් කියවිල්ලටනම් දිගින් දිගටම ඇබ්බැයි උනා... මුලින් වෙබ් සයිට් එකක් කියල හිතාගෙන ඉදපු ටැබූ සබ්ජෙක්ට් කත්නදර එහෙමත් බ්ලොග් බව දැනගත්තෙ පස්සෙයි...
ඒත් බ්ලොග් කලාව කියන්නෙ රාමුවකට කොටුවෙච්ච දෙයක් නෙවෙයි අපි වගේ ඒවුන්ටත් ලියන්න දේවල් තියෙනව කියල හිතුනෙ පූසංගෙ බ්ලොග් ගඩොල් බ්ලොග් එක දැක්කට පස්සෙයි...
ඒත් කම්මැලි කම නිසාම ආයෙත් බ්ලොග් එකක් හදාගන්න වැඩේ දවසින් දවස කල් ගියා....
ඒ කාලෙ තමයි ප්‍රාර්ථනත් සිත් අහස කියල බ්ලොග් එකක පටන් අරගෙන මටත් ලියන්න කියල බ්ලොග් එකක හදල දුන්නෙ...
ඒ හරියටම ගිය අවුරුද්දෙ අද වගේ දවසක...
දාපු පලවෙනි පෝස්ට් එකටම හැමදාම කැමැත්තෙන් කියවපු බ්ලොග් අවකාසෙ දැවැන්තයන් වෙච්ච කතනදර බ්ලොග් ගඩොල් පුරු පුරු වගේ අය ඇවිත් කමෙන්ට් එකක් දැම්මාම දැනුන සතුට කියල වැඩක් නෑ...
ඒ ලැබිච්ච කික් එකත් එක්ක පොඩිමෑන් පටන්ගත්ත බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දයි....
ඒ අවුරුද්ද ඇතුලත මේ පෝස්ට් එකත් එක්ක ලියපු පෝස්ට් 171ට ලැබුන ප්‍රතිචාර අමුතුවෙන් කියන්න ඕනෙ නෑ...
බ්ලොග් එකේ දකුණු පැත්ත බැලුවාම හිතාගන්න පුලුවන්...
හැබැයි සමහර පෝස්ට් ගාලුපාර වගේ දිග වෙද්දි සමරහ ඒව වචන තුන හතරකට සීමා උනා...
බ්ලොග් ලියන එක ආතල් එකට කරත් බ්ලොග් කියන්නෙ මහලොකු දෙයක් නොවුනත් බ්ලොග් නිසා ජීවිතේට ලොකු දේවල් ටිකක් ලැබුනා...
හිටිස් පස්සෙ යන පෝස්ට් .. කුනුහරුප පෝස්ට් ලියනව කියල කොච්චර අය උඩ පැන්නත් කෑගැහුවත් මටනං බ්ලොග් එක නිසා ලැබුන දේවල් වලින් වැදගත් වෙන්න කාරනා දෙකක් විතරයි...
ඒ සොඳුරු මිනිස්සු ටිකක් අදුනගන්න ලැබීමත්... බ්ලොග් ලියද්දි බලාපොරොත්තු වෙච්ච ආතල් එකත් මට මාවම වඩා හොදින් අඳුනගන්න ලැබීමත් විතරයි...
ඒ අතරින් බ්ලොග් ලිවීමෙන් ලැබුන ලොකුම දේ විදියට මම මට දැනෙන්න මදුෂාණි සහෝදරීට උදවුකරන්න ලැබීමත් සහ ඒ උදවුවෙන් ඇය දැන් සනීපවෙලා ඉන්න නිසා ලැබුන සතුටයි...
නැතුව හිට්ස් කියන ඉලක්කං ටික නිසා ලැනුනෙනං මම ලියන දේවල් මිනිස්සු කියවනව කියන දැනීම නිසා තව තව ලියන්න හිතුන එක විතරයි...
වෙනද වගේ දැන් ලියන්න වෙලාවක් නැති උනත් ඉඩ තියෙන වෙලාවට මොනව මොනව හරි ලියනවා අනිවාර්යෙන්ම
මේ අවුරුද්ද ඇතුලත ලැබුන දේවල් වලට .. බ්ලොග් ගැන කියල දුන්න විජේරත්න මිතුරාටත්... බ්ලොග් වලට මාව තල්ලු කරපු ප්‍රාර්ථනාටත් මූනුපොතෙන් මාව දිරිමත් කරපු බ්ලොග් ගඩොල් පුරුපුරුවටත් බ්ලොගේ ප්‍රසිද්ද වෙන්න පටන්ගනිද්දිම තල්ලුවක් දුන්න වැප්ටත් කියවාපු.. කමෙට් කරපු කෝල ,ඊමේල් වලින් දිරිමත් කරපු හැමෝටම කියන්න තියෙන්නෙ උඹලටත් බ්ලොග් අවකාශයටත් මම ආදරෙයි කියල විතරමයි.....
ඔන්න දැන් දැන් පොඩි මෑන් ලොකුයි හරිය.....
මතකද මීට මාස තුනකට විතර ඉහතදි ලට්ට ලොට්ට අඩවියෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරා ජීවිතයක් බේරගන්න උදවුවක් දෙන්න කියල... ??
ඔවු... තයිරොයිඩ් පිලිකාවෙන් පීඩා විදපු මදුෂාණි සහෝදරීට ප්‍රතිකාර කරන්න එකතුවෙන්න කියලයි අපි හැමෝම ඉල්ලා සිටියෙ...
මේ ගැන මුලින්ම පොඩිමෑන්ට කිවුවෙ දේවායි... නිශාන්ත මහත්තයා මගින් තමයි දේවා මේක දැනගත්තෙත්....
සහෝදර පාසලේ සහෝදරියක් නිසාත් ලබා දී තිබුණු ලිපිනය ටිකක් ලඟ පහතක එකක නිසාත් වැඩේ ආරංචි උන දවසට පහුවෙනිද හැන්දෑවෙ කල්හාර කොලුවයි පොඩි මමයි ඇයව හොයාගෙන ගියා....
බලාපොරොත්තු උන විදියටම අපිට ඇයව මුන ගැහුනා.. ඇගේ මව අපිට සියලු වෛද්‍ය සහතික පෙන්වමින් අපිත් එක්ක කතා කරා...
ඒ සියල්ල සොයාගත්තට පස්සෙ දේවාත් මමත් අපේ බ්ලොග් අඩවිය මගින් ඇයගි ජීවිතය බේරාගන්න උදවු ඉල්ලුවා...
ගොඩක් දෙනෙක් ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ පලවෙල තිබුන පෝස්ටුව මූණූ පොතේද ශ්‍යාකරමින් අපිත් එක්ක ඇයව බේරගන්න එකතු උනා..
ඒ අතරට ලංකාවෙන් එපිට ඉදපු අයත් ගොඩක් ඇයට උපකාර කරා...
ඇය රෝහල් ගතවීමට දිනකට පෙර අවශ්‍ය මුදලටත් වඩා ප්‍රමාණයක් එකතුකර ඇය අතට පත් කරන්නට මටත් නිශාන්ත මහතා මගින් අපිට මේ ගැන දැන්වූ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උන සුමිත් මහතාටත් පුලුවන් උනේ මේක කියවන ඔබ සියලු දෙනා නිසයි.... ශල්‍යකර්මයට පසුව කෙරෙන අනෙක් ප්‍රතිකාර සදහාත් ඇයට මුදල් ලැබුනෙ උණුවෙන හිත් ඇති මිණිස්සු ඉදපු නිසයි....
මාස තුනකට පස්සෙ අද ඇය පිලිකා මාරයා පරදා සතුටු සිනා සලන බව දන්වන්නෙ උතුරා යන සතුටත් සමගම බ්ලොග් පෝස්ට් දෙක තුනකින් ඇයගෙ ජීවිතය බේරගන්න විශාල වශයෙන් දායක වෙන්න අපිට පුලුවන් උනා කියන පුංචි ආඩම්බරයත් එක්කමයි...
ඇයව බේරාගන්න උදවු කර ලංකාවෙන් එපිට සිටින බ්ලොග් පාඨකයන් ඇතුලු සියලු දෙනාටම ඇගේ හිනාව දිහා බලල හිනා වෙන්න පුලුවන් දවසක් අද....
අපි ඇයට සුභ අනාගතයක් පතමු....... !!!
ජීවිතේ එකම එක වරක් දැකපු..
හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපු
උඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාම
මගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...
බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියට
වෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දි
සමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...
මමත් බ්ලොග් එකක පටන් ගත්තාම
උඹේ කමෙට් එකක් වැටුන දවසෙ
ඒක මට මහා ලොකු කමක් උනා...
ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් " වෙලා ඉදපු නිසයි...
උඹ පොරක් උනේ වයස් සීමාවෙන් වෙන් කරන්න බැරි වෙච්ච යාලු කමට...
උඹ පොරක් උනේ හිතවත්කමට....
උඹ පොරක් උනේ මනුස්ස කමට....
එදා උඹත් එක්ක හිනා උන හැමෝම
ඇස්වල කදුළු පුරෝගෙන
බලාගෙන ඉදිද්දි...
තව ටිකකින්
උඹ හිනාවෙලාම යන්න යාවි....
උඹ විතරක් හිනා වෙද්දි
අපි ඔක්කොම අඩාවි...
අද ඉදං... බ්ලොග් අවකාශයේ හිනාව අඩුවේවි....
ඔබා මාමේ....
උඹ අපේ හිත් තුල හැමදාටම අමරණීයයි.....
උඹට නිවන සුව....!!!
මේකත් අර වෙසක් දවසෙ රස කතා වටයෙන්ම අහුල ගනුපු එකක් තමයි අර " බීප් බීප්" කතාව වගේ එහෙම කිවුවෙමේකත් ඉතිං අතිශයින්ම වැඩිහිටියනට පමණයි හින්ද....
බලාගෙන යනකොට වෙසක් එකට ලෝකෙ පුරාම උන්දල කරල තියෙන්නෙ රස කතා කියන එකනෙ.. පර්ත් පන්සලේ ඔබා මාමල දාපු රස කතා වටයෙ කතාවක් මෙතනින් ගිහිල්ලත් බලන්න පුලුවන්...
පොඩි එවුන් එහෙම ඉන්නවනං ආයෙ හොදින් කියන්නෙ පලයල්ල යන්න...
ඔය හෙළයේ ඉතිහාසය ලියන යසිරු මලයටත් එක්ක තමයි කියන්නෙ... බරසාර බ්ලොග් එකක ලිවුවට මේ පොඩි කොලුව ස්කෝලෙ 8 වසරෙලු ඉන්නෙ... ඉතිං මේවට ඇවිල්ල නරක් උනාම .....
හරි ඔන්න කතාව ...
ඔන්න එකමත් එක රටක පොඩි එකෙක් ඉදියලු... මේ පොඩි එකා ඉදපු ගමේ හැම අවුරුද්දකටම වරක් පන්සලේ ලොකු පිංකමක් තියෙනවලු .. දවස් තුන හතරක් තිස්සෙ පෙරහැර එහෙමත් තියෙනවලු..... ඔන්න මේ සැරේ අවුරුද්දෙ පෙර හැර අලි ඇතුන් සහිතව ඉතාමත් ජයට කරනව කියල තමයිලු ආරංචිය...
ඔන්න මේ පොඩි එකාගෙන් මල කරදරේලු පෙර හැර බලන්න යන්න කියල... තාත්තත් ගෙදර නැති දවසක් නිසා අම්ම පොඩ්ඩක් අදි මදි කරත් පස්සෙ මුගෙන් බේරෙන්නම බැරි තැන පෙර හැර බලන්න එක්කන් ගිහින්..
ගිහිල්ල විතරක් මැදැයි.. දන්නවනෙ ඉතිං පොඩි උන්.. ප්‍රස්න කෝටියයි... අම්මෙ අරක මොක්ද්ද..? මේක මොකද්ද..?? ඇයි එහෙම කරන්නෙ...??? කොහොමද එහෙම කරන්නෙ.....???? ඉවරයක් නෑ..
අම්මත් ඉතිං පුලුවන් පුලුවන් විදියට උත්තර දෙනවලු....
ඒ තමයි කූළු නැටුම... මේ තමයි කරඩුව... එහෙම කරන්නෙ දෙවියන්ට වන්දනා කරන්න... ඒ ගොල්ලො ඒව පුරුදු වෙලා කරන්නෙ... ඔන්න ඔය වගේ...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට අලියෙක් එනවලු ... හැබැයි මේ අලියට කකුල් පහයි... අමුතුවෙන් කියන්නන ඕනෙ නෑනෙ ..ඒ කියන්නෙ අලිය එන්නෙ අලි ජුංඩව එලිය දාගෙන.. ජුංඩ කොච්චර පොඩිද කියනවනං බිම ගෑවෙන සයිස්...
උපන්තේකට කකුල් පහක අලියෙක් දැකපු නැති එකා අම්මගෙන් ඇහුවලු..
" අර මොකද්ද අම්මෙ අලියගෙ අර බඩ මැදින් ඇවිල්ල තියෙන්නෙ.... "
පොඩි එකා සද්දෙට එහෙම අහුවාම අහල පහල ඉදපු අවලං කොල්ලො කුරුට්ටො හිනා වෙන්නත් ගත්තලු.. අම්මට දැන් ලැජ්ජත් එක්ක.. අම්ම කිවුවලු..
" හා හා.. පුතා ඒක එච්චර ගන ගන්න දෙයක් නෙවෙයි ඒක සුළු දෙයක් කියල.. "
යන්තන් ඒ උත්තරෙන් පොඩි එකාව ශේප් කරගෙන එදා පෙරහැර බලල ගෙදර ආවලු...
ඔන්න ඊලග දවසෙත් කොල්ලට යන්න ඕනෙලු පෙර හැර බලන්න...
මුහෙන් දැන් එක වදයයි යන්නම ඕනෙයි කියල... ඊට කලින් දවසෙ මූත් එක්ක ගිහින් කාපු පරිප්පුව දන්න නිසා අම්ම සද්ද නැතුව ඉදියලු.. එදා පොඩි එකාගෙ තාත්තත් ගෙදර... පොඩි එකා අඩනකොට අම්ම කිවුවලු තාත්ත එක්ක යන්න කියල... වැඩට ගිහින් ඇවිත් ටිකක පාඩුවෙ ඉන්න නැතුව ඒ වැඩෙත් තමට පැවරුව එක ගැන තරහක් තිබුනත් මූ අඩන එක නතර කරන්නෙ නැති නිසා තාත්ත පොඩි එකාව එක්කන් ගියාලු පෙරහැර බලන්න...
වෙනද වගේම තමයි අදත් ඉතිං කොල්ලගෙන් ප්‍රස්න ප්‍රස්න ප්‍රස්න....
දැන් ඉතිං තාත්තට මල පැනලලු ඉන්නෙ මුගේ ප්‍රස්න වලට උත්තර දීලම.... මූත් එක්කයි ඊට වඩා මූව එවුව පොරගෙ ගෑණිත් එක්කයි..
වැඩි වෙලාවක් ගියේ නෑ ඔන්න එදත් එනවලු අර අලිය අලි ජුංඩව එලියෙ දාගෙන බිම ගෑවි ගෑවි...
ඔන්න ඊලගට පොඩි එකා හා පොඩි එකාගෙ කෙලවරක් නැති ප්‍රස්න වලින් පල පැනල ඉදපු තාත්තගෙ දෙබස...
පොඩි එකා - "තාත්තෙ තාත්තෙ... අර මොකද... අර අලියගෙ බඩ මැදින් තියෙන්නෙ.. "
තාත්තා - " හා හා ඒව පොඩි කට්ටියට ඕනෙ දෙයක් නෙවෙයි.. ලොකු උනාම කියල දෙන්නම්... "
තාත්ත දීපු උත්තරේ පොඩි එකාට එච්චර ඇල්ලුවෙ නෑ.... අම්ම කිවුවනං මොකද තාත්තට කියන්න බැරි...
පොඩි එකා - " ඒ උනාට මම දන්නව මොකද්ද කියල .. අම්ම කියල දුන්න මට... "
ඔන්න තාත්තට තරු විසි වෙච්ච තැන... මල පැන්න පාර පොර මෙහෙම ඇහුවලු...
තාත්තා - " ඈ... අම්ම කියල දුන්න.. මොකද්ද අම්ම කිවුවෙ... කියපං බලන්න...... ?? "
දැන් වටේ පිටේ උනුත් පෙර හැර පැත්තක තියල බලාගෙන ඉන්නවලු සීන් එක හිනා වෙවී
පොඩි එකා - " ඔවු.. අම්ම කිවුවා.. ඒක එච්චර ගනං ගන්න තරං දෙයක් නෙවෙයි ඕක සුළු දෙයක් කියල... "
තාත්තට දැන් ඉතිං මල උපරිමයි.. මල පැන්න පාර කොච්චරද කියනව පොර මහ හයියෙන් කිවුවලු මෙහෙම...
" ඔවු ඉතිං උඹලයි අම්මට කොහොමත් ඒක එච්චර ගනන් ගන්න ඕනෙ නැති සුළු එකක් වෙන්න ඇති...
මම නොදන්නවැයි... "
අභිෂේක් බච්චන්
අයියෝ....
උඹ දන්නවනං
උඹේ ගෑනි
මගේ ඇඳට එන හැටි
රෑට රෑට
හොරෙන් හොරෙන් ...
නැගල මම
අපේ ගෑනිගෙ
බඩ උඩ
බලද්දි
බෝතලේක අඩියෙන්....
______ හාට් Piercing...✿•*`¨"
ඊයෙ දාපු කතාව
බීප් බීප් ( 18+ )
මේ දවස්වල මුකුත් ලියන්න වෙලාවක් ඇත්තෙම නෑ... වෙලාවක් තිබුනත් නිකන් කම්මැලියි කම්මැලියි වගේ... හැම පාරම වෙසක් එකට ගමේ දන්සැල දෙන නිසා ඒකෙ වැඩ කරල ඉවර වෙලා රෑ අපේ සෙට් එකත් එක්ක ගියා වෙන දන්සැල්වල තත්වෙ කොහොමද කියල බලාගෙන එන්නත් එක්ක... ඔය ඔක්කොම ඉවර වෙලා කවුරුත් වගේ ඇදෙන්නෙ ගාල්ලෙ කොටුව පැත්තටනෙ... දවල්ටවත් දැකල නෑ එච්චර සෙගඟක්..
කෑම දිරවන්නත් එක්ක වාඩිවෙලා සතුටු සාමිච්චියේ ඉන්න කොට පුරුදු විදියට ඇදෙන්නෙ රසකතා වටය.... හැම එකාම තමන් දන්න දන්න කතා කියනවා... ඔය කාලෙකට ඉස්සර කාගෙන්ද අහල මතකෙ තිබිල ආයෙමත් ඊයෙ එලියට ආපු පුංචි කතා කෑල්ලක් තමයි අද කියන්න යන්නෙ...
සමහරවිට අහල ඇති.... මේ අහපු නැති අයට... හැබැයි මේක 18+ කතාවක්... ...
ඔන්න එක මනුස්සයෙක් ඉන්නවලු බොහෝම හිතේ දුකින් කල් ගෙවන... මිනිහ දුකෙන් ඉන්න හේතුව තමයි මිනිහට තියෙනව අර ලිංගික අප්‍රානිකත්වය කියන රෝගෙ.. ඒ කියන්නෙ කෙලිං වෙන්නෙ නෑ...
දන්න කියන වෙද හෙදකං කරත් මිනිහට මේක හොද කරගන්න බැරි උනාලු... ජීවිතේ එපාවෙලා ඉන්න මේ මිනිහට ලඟකදි ඉදල තවත් කරදරයක්.... ඒ තමයි කල වයස හරි නිසා ගෙදරින් මනමාලියෙක් හොයල බන්දන්න හදන එක...
කෙලිං වෙනෙ නැති එකාට මොන පවුල් කෑමක්ද... .... දැන් ඉතිං මිනිහ දහ අතේ කල්පනා කරනවලු... ගෙදරින් බේරිල්ලකුත් නැතිලු... පවුලටත් ඉන්න එකම පුතා.. පරම්පරාව ගෙනියන්න එකෙක් ඕනෙ නිසා අපි ඇස් දෙක පියාගන්න කලින් බැදල මූනුපුරෙක් හරි මීනිපිරියක් හරි හදපං කියල මේ පොරගෙ දෙමාපියො නිතරම කියනවනවලු...
අම්මගෙ තාත්තගෙ හිත් රිද්දන්නත් බැරි නිසා ඔන්න මිනිහ අන්තිමේදි කසාදෙත් බැන්ද කියමුකො... හනිමුන් එකේදි තමයි ඔන්න සීන් එක...
දැන් කලුවර වැටීගෙන එනවා... අලුත් වයිපරෙත් නාල කියල විනිවිද පේන රෑ ගවුමක් එහෙම ඇදගෙන සුවද පැන් ඉහගෙන ඉන්නවලු කොමල හිනා දදා....... කොමල හිනා තියා මොන මගුලටත් මේක කෙලිං වෙල තියෙන්න එපැයි... බැන්ද දවසෙම ගෑනිට කියන්නද ඩාලිං බඩු කෙලිං වෙන්නෙ නෑ කියල...
හිතේ ලැජ්ජාවටම පොර අන්තිමේ හෙමින් එලියට බැස්සලු.. බැහැල හොටෙල් එකේ වත්ත පහලට වෙන්න ගලාගෙන යන ගඟ ලගට ආවලු...
දැන් හෙට උදේ වෙනකොට මුලු ලෝකෙම මේක දැනගනීවි... කොල්ලො නෝන්ඩි කරාවි.. ගෑනිත් යාවි යන්නෙ.. ඒ ලැජ්ජාවට මූන දෙනවට වඩා හොදයි මේ ගඟේ පැනල මැරෙනවා....
ඔන්න මිනිහගෙ අන්තිම තීරනෙ...
පොර ඇස් දෙක වහගෙන දෙවියන් එහෙම සිහි කරල ගඟට පනින්න ලෑස්ති උනා විතරයි.. මෙන්න බොලේ කවුද ඉන්නව දිලිසි දිලිසි ඇස් ඉස්සරහ....
" තමුසෙ කවුද .. ? "
පොර එහෙම ඇහුවලු....
" මම තමයි මේ ගහට අධිපති රුක් දෙවියා මම දැක්ක මේ දරුවගෙ දුක.. ඔබේ වටිනා ජීවිතේ විනාස කරගන්න එපා.... මට පුලුවනි ඔබට යම් තාක් දුරකට පිහිට වෙන්න... "
දෙවිය එහෙම කිවුවාම අපේ පොරටත් පොඩි කික් එකක් ආවලු.. පොර අත් දෙක එකතු කරල වැදල එහෙම මෙහෙම කිවුවලු...
" අනේ දිවියනෙ ඔබ වහන්සේට බොහෝම පින් මට ඒ උදවුව කරනවනං... "
ඊට පස්සෙ දෙවියො මෙහෙම කිවුවලු...
" හොදයි මම ඔබට අවස්තා තුනක් දෙන්නම්... ඔය දරුවට තියෙන්නෙ වැඩේ කරගන්න බඩු කෙලිං කරගන්න ඕනෙ වෙලාවට හෙමීට " බීප් බීප් " කියන්න එක... එතකොට ඔය පන නැති වෙච්ච ඒව හොදට කෙලිං වෙලා හිටීවි.. වැඩේ ඉවර වෙලා ආයෙමත් " බීප් බීප් " කියල තිබුන වගේම කරගන්න පුලුවන්... හැබැයි මම දෙන්නෙ අවස්තා 3ක් විතරයි... කැමතිද "
දැන් පොර කල්පනා කරාලු යකෝ නිකන් මැරෙනවට වඩා ඔය ලැබිල තියෙන තුන් සැරෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ කියල
එහෙම හිතල වැඩේට කැමති උනාලු...
ඔබගේ ආශාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියල දෙවියා නොපෙනී ගියාලු....
ඔන්න දැන් පොර හෙන හැපි එකේ හොටෙල් එකට එනවලු... එන අතර මගදි පොරට නිකන් හිතුනලු.. යකෝ මේ දෙවිය බොරුවක්වත් කිවුවද කියල...
පොර පොඩි ටෙස්ටිං පාරකටත් එක්ක " බීප් බීප් " ගාල බැලුවලු....
අම්මට හුඩු... ඔය තියෙන්නෙ මෝල ගහ වගේ ...
දැන් පොරට හෙන හැපි... ජීවිත කාලෙටම මල්ලි ඔහොම කෙලිං කටිං ඉන්නව දැක්කමයි... දැන් මෙහෙමම හොටෙල් එක ඇතුලට යන්න බැරි නිසා " බීප් බීප් " කියල මල්ලිව තිබුන විදියටම පත්කරගෙන ඔන්න දැන් තමාගෙ අලුත් ප්‍රිය භාර්යාව හොයාගෙන පිටත් උනාලු....
හොටෙල් එකට ඇතුල් වෙන්න ලේස්ති වෙනකොටම කොහේදෝ ඉදල කටින් වාහනයක් එලවනව වගේ සද්ද දාඅගෙන ආපු ඇට්ටර මදාවි කොල්ලෙක් මිදුලෙදි අපේ පොරව දැකල " බීප් බීප් කියල හෝන් පාරක් ගැහුවලු...
මල හත්වලාමයි... මෙන්න බඩු ආයෙත් කෙලිං වෙලා...
දැන් ඉතිං පොරට අර කොල්ලත් එක්ක යක්ස කේන්තියි... නිකන් චාන්ස් එකක අපතේ යන නිසා... මොනව කරන්න ද ඉතිං ....පොර දැන් ආයෙත් පැත්තකට හැරිල " බීප් බීප් " කියල මල්ලිව යතා තත්වයට පත්කරගෙන ගියාලු බිරිදි හොයාගෙන...
දැන් තව එක චාන්ස් එකයි තියෙන්නෙ... අර ඇට්ටර කොල්ල මේ හරියත් කඩා පාත් වෙන්න බැරි නෑ ... ඒක නිසා මේ චාන්ස් එකත් විනාස කරන්න කලිං පොර ආව ගමන් වැඩේට එන්ටර් උනාලු...
වයිපරේට උම්ම එකක එහෙම දීල ඇදේ හාන්සිකරල වස්තර එහෙම පිලිවෙලකට අයින් කරල කියල ඔක්කොම රෙඩි වෙලා හෙමීට " බීප් බීප් " කියල මල්ලිවත් කෙලිං කරගෙන ඔන්න දැන් සේරම ලේස්තියි...
පොර ලංවෙලා මල්ලිව කිට්ටු කරල වැඩේ පටං ගන්න හදනකොටම ගෑනි ඇහුවලු...
" ඇයි ඩාලිං ඔයා " බීප් බීප් " කිවුවෙ..... "