පලවෙනි කොටස් දෙක බැලුවෙ නැත්නම් කරකවල ඇත ඇරිය වගේ වෙයි... ඒක නිසා ටග් ගාල දුවල් ගිහින් කියවල එන්න...
මග දිගට 1
මගදිගට 2
අද ඇතැන් සිට.....
යකෝ ලහිරුව මාව වතුර ගහලා ඇහැරෙවුවා නේද... ඒත් හීනෙන් දැකපු ව්‍යංගා මේ නගින්නෙ බස් එකට බැබලි බැබලි....
මේකත් ශුවර් නෑ ආයෙ හීනයක්ද දන්නෙ නෑ... අරූගෙන් වතුර පාර කාගෙනම මම ආයෙ නිදාගෙනද ? එහෙම උනොත් සුනාමි තමයි...ආයෙ හෝදන්න දෙයක් නේ ඒකෙ... මම මගේ අතම කොනිත්තගෙන බැලුවා...
ඈ... නෑනෙ... එතකොට හීනයක් නෙවෙයි... අර ඉන්නෙ ලහිරුවත් බස් එකේ තාපස බැබුමෙක් වගේ පොල්ලෙ එල්ලිලා... හීනයක් උනත් ඌව මට හීනෙන් පේන්න මාව පිස්සු වදුරෙක් කන්න ඕනෙ... එහෙම දෙයක් වෙලා නෑනෙ... එහෙනම් මේ ඇත්තටම ව්‍යංගා තමයි බස් එකට නගින්නෙ....... පිස්සු බම්ප් වෙනව යකෝ....
මම හිටියෙ බස් එකේ මැද්දට වෙන්න... ලහිරුව දොර ගාවම හිටගෙන... කෙල්ල දැක්ක විතරයි මස් කඩේ තඩි අබ්දුල්ල කාරය හරකෙක් දිහා බලනව වගේ ලහිරුවත් කටින් බලන් ඉන්නවා... අම්මපා.. මූට දෙකක් දෙන්න විදියක් නැති හැටි...
එයා ලහිරුවත් පාස් කරගෙන ඇවිත් මට ශීට් 3ක් විතර එහායින් එක අතකින් ශීට් එකක් අල්ලගෙන අනිත් අතින් පොත් ටිකත් තුරුල් කරගෙන හිටගෙන ඉන්නවා... මේ පැත්තනම් බැලුවෙ නෑ.....
බලනවකො ඕයි....... මගේ හිත කෑ ගහල කිවුවා... ඒත් එයාට ඇහෙනව එකක් යැ...
දැන් කොහොමද මෙයාට මේ පැත්ත බලවන්නෙ....
ලහිරුවනම් මගේ පැත්ත බලල ඇස් දෙක ලොකු කරා... ගලවනව මම තොගේ ඇස් දෙක......
මෙයා බලන්නෙම නෑනෙ... කතා කරන්නත් බෑ... ලගට යනත් බෑ බස් එකටම ඇඩ් එක... මොකද බස් එකේ හිටගෙන ඉන්නෙ අපි තුන් දෙනා විතරයි... මොකට මම මෙච්චර දුරක් ආවද බස් එකේ අච්චර ඉඩ තියෙද්දි.... ෂික්...
හරි මට පොඩි අදහසක් ආවා.... බස් එක පොඩ්ඩක් ගැස්සෙන වෙලාවක් බලල මගේ අතේ තිබුන පොත් ටික බැරිවෙලා වැටෙනව වගේ මම දඩස් ගාල බිම ඇත ඇරියා..... දැන්වත් බලනව ඕයි... මේ බස් එකේ එකෙක් වැටෙන්න යනවා....
පොත් ටික වැටෙන සද්දෙට යන්තන් මේ පැත්ත බලපු එයා ආයෙ ඉස්සරහ බලා ගත්තා...
නයාම කාපිය.... මෙයා මාව අදුනගත්තෙ නැද්ද... මම පහත්වෙලා පොත් ටික අහුල ගනිද්දි හිමීට තව පාරක් ඒ පැත්ත් දිහා බැලුවා... අදනම් ඩෙනිමක් ගහල රෝස පාර ටොප් එකක් ඇදල... කොන්ඩෙනම් වෙනසක් නෑ... ඒදා වගේමයි... අර පනාව එක්ක තරහ කොන්ඩ කෑල්ල... මූන පුරාම... කොච්චරවත් ඒක හදනවා... ඒත් මේ පැත්ත බලන්නෙ නෑ... කපන්න හිතෙනව මට කොන්ඩෙ අල්ලලා....
මම පොත් ටිකත් අරන් නැගිටින කොටම ආයෙත් නිකමට වගේ එයා මේ පැත්ත බැලුවා... මමත් ඒ පැත්තබලාගෙනමයි ඉදියෙ... රුහුණුකුමාරියි රජරට රැජිනයි එකම රේල පාරෙ ඇවිත් මූනට මූන හැප්පෙනව වගේ අපේ ඇස් හැප්පුනා...... දඩෝංංංංංංංං.....
මම පොත් ටිකත් අරන් නැගිටින කොටම ආයෙත් නිකමට වගේ එයා මේ පැත්ත බැලුවා... මමත් ඒ පැත්තබලාගෙනමයි ඉදියෙ... රුහුණුකුමාරියි රජරට රැජිනයි එකම රේල පාරෙ ඇවිත් මූනට මූන හැප්පෙනව වගේ අපේ ඇස් හැප්පුනා...... දඩෝංංංංංංංං.....