2011-10-31

අන්න බොල වේසාවී... _________ හාට් Piercing...✿•*`¨" ය ( 18+ ය )



චංඩිය බඩට දාවී..
නොන්ඩියො චංඩි වේවී
ගෑනි මදි වේවී
මම හොයං ඒවී..

මොනර කොළ පාවී
ඇග උඩදි දගලාවී
සද්ද කෝ අහවී
ෆැන්ටසිය ඉල්ලාවී...


බමන මත යාවී
චන්ඩිය නොංඩි වේවි
චික් කියා යාවී
ආයෙ දවසක ඒවී

ගෑණූ ඔරවාවී
බිමට කෙල ගහවී
බැනල දෙස් දේවී
නොදෝකින් වේසාවී


උඹලත් වේසකං පාවී
නිල් කොළ යටිං හැංගේවී
ඇග මසේ දිය වේවී
මමම වෙයි වේසාවී


නුඹලම කෙරූ වේසාවී
නුඹලගෙ වේසකං වහවී
සුදන මහතුන් කියාවී
අන්න බොල වේසාවී....


සුදනො වී මුර ගාවී
අන්න බොල වේසාවී...
   
                                                 _______ හාට් Piercing...✿•*`¨"
 


නිදාන කථාව

ලට්ට ලොට්ට පාඨිකාවකගෙ ඉල්ලීමක් තිබුන දවසක් මැසේජ් එකක් විදියට මූණූ පොතේ....

" ඔයාගේ _________ හාට් Piercing...✿•*`¨"  එකක් විදියට මේක දාන්න පුලුවන්නම්... අනේ මගේ නමනම් දාන්න එපා .. කෙල්ලෙක් වෙලත් ගෑනුන්ට වෙන අසාදාරණකම් ලියාගන්න විදියක් නෑ අපිට... .. පුලුවන්ම් මෙන්න මේ ගැන ලියන්න...   "

ටික කලකට කලින් ආව මේ ඉල්ලීම ඔන්න අද එලියට දානවා ...

සමාජ සම්මත කෙහෙල්මන් රෙද්දෙන් එපිට ඔලුව දාපු ඇයට පොඩි මෑන්ගේ ආචාරය....

අදාල පුද්ගලයන් එක්කෙනෙක්ගේ හෝ හාට් Piers වේවා....



           _______________________________________


මොකක හෝ ප්‍රස්නයක් නිසා කලින් දාපු පෝස්ට් දෙකම  හරියට පබ්ලිෂ් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ...
දැක්කෙ නැතිනම් කියවන්න...

මහරජතුමාට කළවැද්දාවන මම සෙනෙහසින් ලියන වගනම්
වදාපු ගෑණි _____ හාට් Piercing...✿•*`¨" ය



කලින් හාට් එකේ  Pierce කරපුවා... 

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨" 

38 comments:

  1. චන්ඩි බංඩි
    ප්‍රී බයොටික් තියෙන යෝගට් කාලාද ?
    මට පාවුලෝ කොයියෝ ගේ මිනිත්තු 11 කතාව මතක් උනා.. ඔය උඩ එකේ හැම සෙල්ලමක්ම දාන්නෙ මිනි 11 යි ඒ පොතේ හැටියට.. !!

    එයාට මං කිවා කියන්න මේක හෙන අපුරුයි..!!

    ReplyDelete
  2. මට අමරසිරි පීරිස්ගෙ "ලඳුනේ" මතක් වුනා...

    ReplyDelete
  3. පොඩි මෑන්ට ගොඩක් ස්තුති.. මගේ හිතේ තිබ්බ අදහස ලස්සන විදිහට ලිව්වට. ඒ වගේම තමා ඒ අදහසට හාර්ට් piercing එකේ ඉඩක් දුන්නට.

    ReplyDelete
  4. @ Bunny :- චන්ඩි බංඩි වෙන්නෙ ඒව කෑවම විතරද... ?? ඇයි ඇල්කොහොල් තියෙන අරක්කු බීවුවම.. :D

    ReplyDelete
  5. @ නිසූපා :- මාතෘකාව එකයි අක්කෙ... ඒත් අදහස වෙනස්.. :)

    ReplyDelete
  6. @ Bunny :- මි 11 කිවුව... නෑ ඌට වැරදිලා... :P

    ReplyDelete
  7. නිසූපා කිව්ව වගේම මටත් මතක් උනේ ලදුනේ ගීතය....

    ReplyDelete
  8. ලස්සනයි.......කෝ මග දිගට??????

    ReplyDelete
  9. සමාජයේ තවත් එක පැත්තක්... මේ ගැන සාධාරණ විදියට හිතුවට පොඩි මෑන්ට මගේ ප්‍රණාමය... ජය වේවා!!!

    ReplyDelete
  10. නියමෙට ලියලා තියෙනවා. අපේ සමාජයේ එක් පැතිකඩක්... එල එල

    ReplyDelete
  11. දම්රුවන්October 31, 2011 at 5:02 PM

    නියමයි මචං. කියලා වැඩක් නෑ. එළ!

    ReplyDelete
  12. ජනප්‍රිය මතයක් නං තියනව අඳුරේ පව් කරන දනා එලියෙ රවන ලඳුනේ කියල! ..... මේ විශය ගැන වැඩි යමක් දන්නෑ! අත්දැකීමුත් නෑනෙ! ;)

    ReplyDelete
  13. මේක කියවද්දි මට මතක් වුනේ ගිය ඉරිදා උදේ මම උයන ගමන් අහපු බණ කථාව එක් රේඩියෝ චැනල් එහෙක...ඒකේ කිව්වේ පුණ්ණ මහධන සිටාණන් ගේ කථාව.මේ පුණ්න මහධන සිටාණන්ගේ දුව උත්තරාට බදින්න වෙන්නේ ඒ නගරයේ හිටපු මරුමුස් මිත්යාණදෘෂ්ටික සුමන සිටාණන්ගේ ඒ වගේම ගතිගුණ ඇති පුතාව..උත්තරා ගේ මුලු පවුලම බුදුන් සරණ ගිය දනට පිනට ලැදි උදවිය...ඒත් කසාදෙන් පස්සේ උරුම වුණ ජිවි‍තේ නිසා දනක් පිනක් කරගෙන බණක් දහමක් අහන්න හැකියාවක් උත්තරාට ලැබෙන්නේ නැහැ..අදාළ කොටස ඊට පස්සේ...
    ඉතින් උත්තරා යනවා පුණ්ණ සිටාණන් (පියා)ගාවට මේ දුක කියලා විසදුමක් හොයාගන්න..පුණ්ණ සිටාණන් කියනවා දුව උත්තරාට.. දියණියනි සිරිමා නම් නගරශෝභිණිය ඉතා ලස්සනයි..ඇය එක් රැයකට කහවණු දහසක් අය කරනවා..ඇයව අඩ මසකට ගෙදර තබාගෙන ඔබගේ සැමියාගේ සේවය සදහා ‍යොදවන්න....ඒ අඩමස ඔබට රිසි අයුරින් පින් දහම් කරගන්න එවිට හැකි වෙයි...ඉතින් උත්තරා සිරිමා නගර ශොභිණිය එක්කන් යනවා තමන්ගේ නිවසට....අන්තිමට අඩමස ඉවර වුණාම සිරිමා සදහටම සිටු වෙන්න සිතාගෙන උත්තරා මරන්න යනවා..ඒත් ඒ හැමදේකටම මෛත්රිවය කරන උත්තරා සිරිමා ඇතුලු පන්සීයක් පිරිස ට බුදුන් සරණ යන්න මග පෙන්වනවා..ඒ එක්කම තමන්ගේ සැමියාත් නිසි මගට ගන්නවා...
    ඉතින් මම කියන්න හැදුවේ ඒ කාලේ සිටුවරු පවා නගර ශෝභිණියන්ගෙන් උදව් ගත්තා කියලා මේ කථාවෙන් පේනවා නේද?

    ReplyDelete
  14. මම නං කවදාවත් ඔය රස්සාව කරන ගෑනියෙක් දිහෑ ඔය "වේස" කියන ඈංගල් එකෙං බලල නෑ . . . මගෙ පුද්ගලික අදහස තමයි , අපි හැමෝම ජීවත් වෙන්න අපේ ශරීරයේ විකුනන්න පුලුවං කොටස විකුනල . . . උදාහරනයක් විදියට මම විකුනන්නෙ මගෙ මොලේ . . . කුලී වැඩ කරන මනුස්සයෙක් එයාගෙ දෑත්, ශරීර ශක්තිය විකුනනව වෙන්න පුලුවන්. ඒ නිසා ඔය රස්සාවෙ මම දකින කිසිම "වේස" කමක් නෑ .. . .

    ප.ලි.
    සංස්කෘතිය, සදාචාරය කියන ගූ ගඳ ගහන තිරයෙං චුට්ටක් හරි එහා මෙහා වෙලා හිතපු, පොඩි මෑන් ට මේ අදහස දුන්න ඒ සහෝදරියට මගේ උත්තමාචාරය . . . . .

    ReplyDelete
  15. වැරැද්දට යොමු කරන මිනිස්සුම ආයෙම ඇගිල්ල දික කරලා බනිනනවා වැරදි කාරයයි කියලා...

    ReplyDelete
  16. මේ රස්සාවට කියන්නේ වේස කම තමයි. ලිංග බේදයක් නැතුව. නමුත් කාන්තා පාර්ෂවේ අය මේ නමින් නිග්‍රහයට ලක් කරන ගෑණුත් වේසියෝ. පිරිමි වේසාවෝ....

    ReplyDelete
  17. අයෙ හොදන්න දෙයක් නැ. පොඩි මැන් උබට මොකක් හරි දෙන්න වටිනවා.අර සහොදරිට කියපන් අපිට එයා ගැන ඇත්තටම කනගටුයි. එත් දුක් වෙන්න එපා එ වගෙ අය ගැන වපර ඇහින් නොබලන අයත් ඉන්නව කියල . ආ තව මග දිගට එනකම් එන්නෙ

    ReplyDelete
  18. කවුරු උනත් ඇත්ත ඇති හැටියෙන් ලියලා තියෙනවා. වෙනදා වගේ ලිපියක් කියවන්න කියලා ආවා. ඒ උනාට එහෙම හිතෙන්නේ නෑ බොලවු. මෙහෙවු පිරිමි ගන කලකිරීමක් ඇති වෙනවා

    ReplyDelete
  19. @ පිස්සා :- හ්ම්ම්ම්ම්...

    @ ඇනෝ :- ස්තූතියි.. දානව දානවා...

    ReplyDelete
  20. @ අයේෂා :- අදහස දුන්නෙ පාඨ්කාවියක්.... මේකම මම වෙනස් පැත්තකින් ලියල තියෙනවා.. මං වේසිගෙ පුතා කියල.. :)

    ReplyDelete
  21. @ DReeZone & දම්රුවන් :- ස්තූතියි...

    ReplyDelete
  22. @ තනි අලියා :- අත්දැකීම ඕනෙ නෑ බං සමාජෙ දිහා බලපං... ගණිකාවක් ඉන්නවන් ඒ ගෑනි ගණිකාවක් උනේ පිරිමි හින්දනෙ... පිරිමි ඒ ගෑනිත් එක්ක නිදාගනිපු නිසා ගණිකාව... නැතිනම් ගනිකාවක් වෙනවද.. ??

    ReplyDelete
  23. @ සුජානි :- ඇයි අම්බපාලි.... ?? අජාසත්තගෙ ට්‍රයි එක.. :D

    ReplyDelete
  24. @ ඕනයා :- අනිවාර්යෙන්ම... පිට්පොකට් ගහන එකා... මාලයක් කඩා ඒව සුලු වැරදි කියලයි මිනිස්සු කියන්නෙ... උන් තමයි අසමජ්ජාතියො.. අතපය හොදට තියෙද්දි මිනිහෙක් මාසයක් මහන්සිවෙලා තන්ගෙ පවුල වෙනුවෙන් හම්බකරපු පඩි පැකට් එකට විදපු උන්... උනුයි වේස බල්ලෝ... ඒත් සමාජෙ අනුන්ගෙ වැරැද්දෙන්නෙ තමන්ගෙ වැරද්ද වහගන්නෙ... :D උදාහරණයක් ගත්තොත් මේ බ්ලොග් එක... මග දිගට ඇරුනාම වැඩිම හිට්ස්.. වැල ෆිල්ම්වල නිලියෝ... :D
    බලන්න එනව කඩාගෙන.. අන්තිමට බැනලයනව.. මූ ලියන්නෙම කුනුහරුප කියල... ම එකෙක්ගෙ මූනට හුව ඔය කතාව දවසක්... අහම්බෙන්ලු ආවෙ... නැතුව ඕනෙ කමෙන් ආව නෙවෙයි ලු :D :D

    ReplyDelete
  25. @ Dinesh :- ඒක තමයි බං කියන්නෙ...

    ReplyDelete
  26. @ මාතලං :- හරියට හරි.. උන් තමයි වේසියෝ වේසාවො... එහෙම බැලුවාම බැදුපු ගෑනි මිනිහට කරන්නෙත් වේසකම.. ඇයි ඌ කන්න බොන්න දෙනවා.. අදින්න දෙනවා.. ඉන්න හිටින්න දෙනවා.. ඒකට ඌට වැඩේ කොරන්න දෙනවා... වෙනසකට තියෙන්නෙ අර කොලේ ලියල ඕනෙ වෙලාවට මාරු කරන්න බෑ කියල :D :D

    ReplyDelete
  27. @ චමී :- වැරදියට ගන්න එපා බුදුමහත්තයෝ.. එයා මේ ගැන විවෘත මනසකින් බැලුව විතරයි... එයාගෙ අත්දැකීම් නෙවෙයි... :D

    මග දිගට එනවා...

    ReplyDelete
  28. @ මධුරංග :- කවුරු ලිවුවත් කියන්නෙ.. පොඩිමෑන්ම තමයි ඉතිං ලිවුවෙ.. අර සහෝදරීගෙයි අදහස :) මටනම් මේව අහද්දි මනුස්ස සත්වයා ගැනම කලකිරෙනව අයියෙ...

    ReplyDelete
  29. @ All :- මෙන්න සතුටුදායක පුවතක්... මේ දිරිගැන්වීම මත මේකට අදහස දුන්න සහෝදරී පටන් අරගෙන තියෙනව බ්ලොග් එකක්.. "වෛශ්‍යාවක් නොවේ.." වැඩි විස්තර කියන්නම්කො...

    ReplyDelete
  30. එ්ක හරි, එ්ක හරි!

    ReplyDelete
  31. නියමෙටම ලියලා.. නියමයි..!!!

    ReplyDelete
  32. එලට ලියලා තියෙනවා..හැමදාම වගේ ඉතින් හද්ද වල් :D

    ReplyDelete
  33. කලකිරෙන එක සාධාරණයි මලේ !!

    ReplyDelete
  34. waishawaknowe.blogspot.com/මේ තියෙන්නේ බ්ලොග් එක

    ReplyDelete
  35. My relatives every time say that I am wasting my time here at
    web, but I know I am getting familiarity all the time
    by reading thes pleasant content.
    Here is my web page ; transfer news football 2011

    ReplyDelete
  36. This piece of writing will assist the internet viewers for creating new website
    or even a weblog from start to end.
    My web-site :: transfer news arsenal m'vila

    ReplyDelete
  37. Hello would you mind stating which blog platform you're using? I'm going to
    start my own blog in the near future but I'm having a tough time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal. The reason I ask is because your design and style seems different then most blogs and I'm looking for something unique.
    P.S My apologies for getting off-topic but I had to ask!
    My page ; soccer transfer news 2012

    ReplyDelete