2011-07-23

අමුතු ඇටේ දියවන්නාව මහ සත්තුවත්තට යන්නට පස්ට් ස්ටෙප් එකට අද චෑනිස් එක....


මගේ රට ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.. එය එකසිය ගානට අප්සට් ඇටයක්ය.. එහි සිද්දවෙන ඒවාද එකසිය ගානටම අප්සට්ය....
මේ අමුතු ඇටේ අප්සට් කරන්නේ ඇටේ කරවන තැනයයි කියවන දිවන්නාව නැමති සත්තුවත්තක ගාල් වී සිටින අප්සට් ඇනිමල්ලා ටිකකි...

නිලියන් ගණිකා වෘතියේ නියැලෙන අතර ගණිකාවෝ දියවන්නාව මැද සත්තු  වත්තේ සිටිනවාය.... ඒ සත්තුවත්තට පොඩි මෑන්ට කියාගන්න බැරි දිග අමුතු අප්සට් නමක් කියනවාය..
 ඒ සත්තු වත්තේ අප්සට් එක එක ජාතියේ සත්තු රට කරවනවාය... සත්තුන්ටද නම් ගොඩාක් තියෙන අතර වෙන වෙනම ගාල් වී සිටිනවාය....
තවත් එක අප්සට් සිද්දියක්නම් මිනිස්සු තම කැමැත්තෙන්ම මේ සත්තු රට කරවන්නයැයි සත්තුවත්තට යවනව එකය... පිස්සු බම්ප් වී රම්මපට පොරි හැලෙනවාය
රට කොරන්නට යන සමහර සත්තු සිංදු කියනවාය..
ඊට වඩා රෙස්පෙක්ට් සත්තු පගපානවාය..
පැන්ශ්න් යන සත්තු ආන්ඩුකාරයෝ වෙනවාය...
ලොන් හැලී දත් වැටී පුක බිම ඇනුනත් සත්තුවත්තට පය තැබීමේ ආනුභාවයෙන් ඕනෑතරම් කල් ක්‍රිකට් ගහන්නවාය......

සත්තු කුඩු විකුනනවාය.... ඒත් අසරණ මිනිහෙක් කසිප්පු ගොට්ටක් එක්ක මාට්ටු උනොත් පස්ටම බැස්ටිය හම්බ වී හිරේ යනවාය... ඒ සත්තු වටේ සත්තුන්ගේ පදේට නටන හිවල් සෙට් එක වැඩේ ලෙසටම කරනවාය... මේ හිවල් සෙට් එකත් පස්ටම අමුතුම අමුතුය...

ඕනෑම සතෙකුගේ පුක ලෙවකන්නට සැදී පැහැදී ඉනවාය... මිනිස්සුන්ට පඩයක් ගියත් එකසියගානට ගොරවනවාය... නිල් රතු කොල අදින්න පුලුවන් අය ගාවදිනම් මේ ගෙරවිලි බලු වෙනවාය.....
මේ නිසා හිවල් සෙට් එක අප්සට් බව මිනිස්සු සත්තුන්ට උද්ගෝෂණය කොට කියනවාය...
එවිට හිවල් නායකයා මාරු වෙනවාය... අලුත් නායකයා ඇවිත් සිංහනාද දානවාය... අප්සට් හිවල්ලු සුද්ද කර ඔක්කොම සිංහයන් කරනවායි පඩි ටෝක් දෙනවාය.... ඒත් අන්තිමේදි සිංහ හම ගැලවුන හිවල් ලොක්කාම සුද්දවී බලුවී ගෙදර යනවාය.. හිවල්ලු ඒ ලෙසම පසට ලෙස අප්සට් අමුතුවැඩවල යෙදෙනවාය...

සත්තු වත්තට සත්තු තෝරාගන්න කාලය වෙනකොට පස්ටම ආතල්ය... එක එක සත්තු එක එක ආකාරයට හඩතලමින් පස්ට විකාර අමුතු ජෝගි නටනවාය... වැඩියෙන් අමුතු ජෝගි නටනා සත්තු වැව මැද සත්තුවත්තට යනවාය.. අමුතු ඇටේ අමුතු මිනිස්සු කැමති ඒ සත්තුන්ටය.. ආයෙ හෝදන්න දෙයක් නැත්තේය... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වාගේය....

 සතා අමුතු උනත් එක පාරටම වැව මැද මහ සත්තු වත්තට යනට බැරිය... ඒ සදහා පොඩි පොඩි සත්තුවතුවල ස්ටෙප් බයි ස්ටෙප් ට්‍රේනින් කරන්න ඕනෑය...  ට්‍රේනින් කාලය තුල තම ගාලේ ලොක්කා සතාට ප්‍රෝග්‍රස් එක පෙන්නවන්න ඕනෑය... හාල්මැස්සා සේ පොඩි සත්තුවත්තට යන සතා... පස්සෙ බඩ තඩි මෝරා දක්වා වර්දනය වන්නට ඕනෑය... අමුතු ජෝගි නටන්නට හැකිවෙන්නට ඕනෑය...බෝක්කු දෙකතුනකින්ද හිටවන ලයිට්කනු දෙක තුනෙන්ම ප්‍රාඩෝ එකක් ගන්නට පුලුවන් වෙන්නට ඕනෑය...  දත් තිස් දෙකම පේන්නා සිනා වී සිරා ලෙස ගාතය උස්සා ටටා කියන්නට පුලුවන් වෙන්නට ඕනෑය...ඒ සුදුසුකම් සපිරූ විට රැලේ නායකා නියත විවරණ දෙනවාය... මිනිස්සුන්ට ඕනෑත් එච්චරය... දැන් වැඩේ එලකිරි වී සෙට් වී හමාරය... ජෝගි නටා ආතල් එකක් දී  හූ කියා ගොරවා රවා පුප්පා පෙන්නූ විට ලෙසටම කතිරය වැටෙනවාය... ආයෙ හෝදන්න දෙයක් නැතුවාය...

දියවන්නාව සත්තුවත්තට යන්න ප්‍රථම ට්‍රේනින් සත්තු වත්තට අද සත්තු තෝරනවාය... නැටූ ජෝගිවල තරමට.. තාප්ප වල වේලුන තරමට.... ලයිට්කනු වල එල්ලී සිටි තරමට ටේනින් කොලීජි වත්තට යන්නට ඉඩ වැඩිය...

සත්ගුණවත් නැණවත්-පිංබර-සොමිබර-ඉඩම් හිමි-වැවිලිකරු-අවංක-එඩිතර-සුවච කීකරු-දානපති-ගමේ චංඩියා මහතාට සතාට කතිරය පූජාකර එන්නට පොඩිමෑන්ද දැන් යනවාය... පුක උඩදමාගෙන ගොස් කතිරය ගසා සතා පොඩිමෑන්ට කොරනවා ඇතයි කට බලියාගෙන බලාගෙන ඉන්නවාය... සතා මුලදී විරිත්තූ දත් වෙනුවට පුක පෙන්න පෙන්නා යන හැටි දකින විට කස්ටිය සමග කුණුහරුපෙන් බනින්නට පොඩිමෑන්ටද චෑනිස් එක ලැබෙනවාය... ඒත් අවුලක් නැත... ටික දවසකින් කලින් වගේම ඕවා ඔක්කොම අමතක වී අලුත් සතෙක්ට කඩේයෑමට පටන්ගන්නවා ඇතිය... අමුතු ඇටේ කස්ටියගේ හැටි එහෙමය... ඉතිං පොඩිමෑනුත් එහෙමම වෙනවාය... ආයෙ හෝදන්න දෙයක් නැතුවාය... ඇල්වතුරට උල්පිහියෙන් ඇන්නා වගේය....පිස්සු බම්ප් වී රම්පටපොරි හැලෙනවාය..

ඔහේලාට ජයවේවාය...





ප.ලි
අදහස ප්‍රකාශ් සොයුරා එවූ මේලයකින්ය...

7 comments:

  1. ලොල් එකේ උපරිමයි..ඕකෙන් මේකෙන් පේන්නේ මොකක්ද දන්නවද අපි දන්නෙත් නැතිව අපි ආසියාවේ ආශ්චර්යට ලං වෙනවා කියන එක ;)

    ReplyDelete
  2. හැබැයි පොඩි මම ඔය සත්තුවත්තේන් කේක් කැල්ලක් එහේම කලාතියනවා රු.2 කිරිතේ 1ක් රු.5 අයේමත් මම ගියොත් යන්නේ ඔයදේකම බලාපොරෙත්තුවේන් තමයි....ඔකේ වැඩකරන්න හම්බුනත් පිනක් බං .....සිරාවට බත් එක ගේදර උයන ගානට වඩා අඩුබැවිනි..

    ReplyDelete
  3. අපිට නම් ට්‍රේනින් සත්තු තෝරන තරඟ ය තාම නැ , මහ නඟර සත්තු තෝරන්න කල් වැඩි ඇති තාම , නැතන්ම් හොඳ සතෙක් බලල මාත් ට්‍රේනින් යවනව

    ReplyDelete
  4. මේකේ අභාෂය ඊයකින් ගත බවක් පෙනේ. මට ඔය ඊය දවස් කීපයකට කලින් ආව. මොනවා උනත් උපරිමේටම ලියා ඇත. උබේ වචනෙන්ම කිව්වොත් "ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වාගේ" සුපිරිය..

    ReplyDelete
  5. @ chammA :- අනිවා...

    @ දගයා :- හැබැයි පින පඩිසන්දීල ඕකට ගිය අය වැඩි හරියක ලබන ආත්මෙ අපායෙ යනවා ආයෙ හෝදන්න දෙයක් නෑ..

    @ buwa :- එල එල... හොදම සතා යවන්න

    @ ADK කොලුවා :- ඔවු.. ඊයකින් තමයි අදහස ආවෙ...:D

    ReplyDelete
  6. කුජීතයි...කුප්පයි...
    මේ වචන මෙතනට තමා ගැලපෙන්නේ

    ReplyDelete
  7. නියමයි.
    නියමෙට ම ලියලා තියෙනවා. මේක මුතු ඇටයක් නෙමේ වෙන මොකද්ද ඇටයක්ද කොහෙද. හික්ස්. :)

    ReplyDelete