2011-07-16

මග දිගට 2


පලවෙනි කොටස දාල දෙවනි එක දාන්න කල් ගියා... මීට කලින් කීප වතාවක් දානව කිවුවට දාන්න උනේ නෑ ...මොකද කියල බ්ලොග් එක කියවපු අය දන්නව ඇතිනෙ... ඔන්න දැම්මා...
පලවෙනි කොටස බැලුවෙ නැති අය දුවල ගිහින් බල එන්න

මගදිගට 1    

ඔන්න අද එතැන් සිට...... 

බස් එකේ කවුරුවත් නෑ... අපි දෙන්න විතරයි..බස් එකත් හැටට හැටේ යනවා... මොන දීපංකරේක යනවද දන්නෙ නෑ මට ඒවයින් වැඩක් නෑ මොකද  ව්‍යංගාත් මගේ ලගම වාඩි වෙලා ඉන්නවා....
එයා හිනා වෙනවා... මාත් හිනා වෙනව...
කතා කරපන් යකෝ... මගේ හිත මටම කෑ ගහල කියනවා... මම කට ඇරල දිව හපල කොච්චර ට්‍රයි කරත් කටට වචන එන්නෙ නෑනෙ... ශික් විතරක්... යකෝ ආයෙ මෙච්චර හොද චාන්ස් එකක් එනවද... එදා පර්ස් එක අහුලල දීල මම ගන්න පුලුවන් උපරිම ලකුණු දාගෙන ඉන්නෙ... ඉතිං මට බැරිද චන්ඩිය වගේ ටෝක දාන්න.. ඒත් මේ කෙල්මල් දිව නැවෙන්නෙම නෑනෙ අප්පා... කපල විසිකරන්න හිතෙනව ජනේලෙන් එලියට.... බම්බුව...

එයා දිගටම හිනාවෙනව නවත්තන්නෙම නෑ... අදත් අර චොකලට් පාට සකර්ට් එකයි කහපාට බලවුස් එකයි ඇදගෙන ඉන්නෙ... අර මූනපුරා වැටෙන කොන්ඩ කෑල්ල අදත් එහෙමමයි... හුලගට මූන පුරාම දුවනවා... එයා ඒක හදනවා... මම බලන් ඉන්නව කටුපොල් කාල දිරවගන්න බැරි වෙච්ච  උගුඩුවෙක් වගේ.....

ඔන්න එක පාරට හීතලක්..... ආ...... බස් එක නුවර එලියෙද යන්නෙ... මම වටපිට බැලුවා.. නෑ වතුරනෙ වැටෙන්නෙ.... වහිනව වත්ද....ඒත් බස් එක ඇතුලට කොහොමද මල හත්වලාමෙ වතුර වැටෙන්නෙ......ව්‍යංගානම් හිනාවෙනව... හිනාවෙනව... ඉවරයක් නෑ... මේ මොන හෝම්කමින් එකක්ද වෙන්නෙ....??

මගේ එහාපැත්තෙ වාඩිවෙලා ඉදපු එයා ඔන්න ටික ටික ඈතට යනවා... ඒ එක්කම... අර ලස්සන සුදු මූන ටික ටික බොද වෙලා යනව... අයියෝ... මොකද මේ වෙන්නෙ.... ඒ සුදු මූන එහෙමමම බොදවෙලා යද්දි ටිකෙන් ටික  ලහිරුවගෙ හැප්පිච්ච මොරිස් මයිනර් කාර් එකක පස්සපැත්ත වගේ මූන ටිකෙන් ටික මතු උනා...

"නැගිටපිය ගොං අලියා... තෝ අද ඉකෝලෙ යන්නෙ නැද්ද ? "

ලහිරුව ඉන්නව මගේ ඇදගාව වතුර කෝප්පෙකුත් තියාගෙන ස්කූල් යුනිෆෝම් එකෙන්.....
නයි කයිද රෝස් පාං... එතකොට මම දැකල තියෙන්නෙ හීනයක්... මගේ හීනෙට ගංවතුරාදාර දීල මාව ඇහැරවල තියෙන්නෙ මේ පුක රෝස බැබුමද ...???? මුගේ බඩමාලු කන්න එපැයි යකෝ......#@$%^&*())_)(*&^%

"තෝව නයා කාලද බොල.. අද සෙනසුරාද කොහෙන්ද ස්කෝලෙ.... ශික් පට්ට ආතල් හීනයක් බල බල ඉදියෙ... තෝ කෑව එකේ.... "
"අද සිකුරාද බූරුවො.... තෝ ඊයෙ මට කිවුවා අද අනිවා එනව, තෝ එනකන් යන්න එපා කියල... මම අරෙහෙ බලන් ඉදල බලන් ඉදල බැරිම තැන ගෙදර එනකොට... මැලේරියා කාරයෙක් වගේ පෙරවන් නිදි... "

ඇත්ත නේන්නං... මම මූට ඊයෙ එහෙම කිවුවනෙ...  කොහෙද මම තාම හීනෙනෙ ඉන්නෙ.... ශික්... ඒක කෑවනෙ මූ... ස්කෝලෙ කවද යන්න බැරිද.. ඒවගේද හීනෙ... පර්ස් එක අහුලල දුන්නට පස්සෙ අතුරුදහන් උනා උනාමයි... හීනෙන්වත් බලාගන්න ඉඩක් දෙන්නෙ නැති හැටි... මුනුත් යාලුවොනෙ... නොදකින්...
ම ඌට හිතින් බැන බැන ඇදෙන් නැගිටා... වෙලාව හතට දහයයි.... දැන් ඉතිං යයි කෝලෙම..



"බලපං.. උඹ ඇද සේරම තෙමුවනෙ..."

සේරම තෙමුවා... වෙලාවට මට අහු උනේ මේ කෝප්පෙ... නැත්නම් මම හලනව තෝව ගහගෙන යන්න... මම අරෙහෙ බලාගෙන ඉන්නවා තෝ මෙතන නිදි.. ඔන්න පුතෝ දැන් යන්න බෑ කියන්න එපා... කෝප්ප පාරක් දෙන්නෙ.....

දැන් කොහෙද යකෝ යන්නෙ බලපං වෙලාව හතයි... දැන් ගිහිල්ල ගමේ පොලිස්ගෙන් පීටී පාරක් කන්නයි වෙන්නෙ...උඹ වේලාසන ඇවිත් මට කතා කරන්න එපැයි..

"මගෙන් කුනුහරුප අහන්න එපා.... තොට කතා කරන්න  මම එන්න ඕනෙද මීමින්නෝ... වෙනදත් පරක්කුවෙලා ගිහින් නෑ වගේ... අර ප්‍රැක්ටිකල් එක අද දුන්නෙ නැත්නම් අර ගෑනි ලකුනු දාන්නෙත් නෑ කිවුවා... ඔන්න පුතේ මම මුතු අක්කට කියනවා....උඹ ආවෙ නැතොත් දැන්


හරිනෙ ඉතිං....අම්මප මට මුගේ කට වැටෙන්න ගහතෑකි... මගෙ ආතල් හීනෙ කෑව මදිවට අපෙ අක්කට කියනව කියලත් මූ මාව බය කරනවනෙ...  ශීක්... හැමදාම මට කියල එක එක ඒව කරන්නෙ මූ ඕක කියල මාව බයකරල  තමයි... මොනව කරන්නද මූ මේක කිවුවොත් අර වේල කරත්තෙ වටේට මායන් වෙන කපුච්චියො වගේ අපේ අක්ක කොන්ඩෙ කඩාගෙන කියවන්න පටන්ගන්නවනෙ... ඒව අහගෙන ඉන්නවට වඩා හොදයි  තොරණක ලවුස් පීකර දෙක බෙල්ලෙ බැදන් ඉන්නවා ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

දැන් ඉතින් මොනව කරන්නද.. මූ අපේ අක්ක වගේ ප්‍රබල බර අවි පාවිච් කරද්දි මගේ වතුර විදින තුවක්කු විසිකරල සීග්‍රයෙන් පසු බසිනව ඇරෙන්න...

මම ටවල් එකත් අරගෙන බාත් රූම් ප්‍රාන්තයට සුකානම කැරකැවුවා........

"ඉක්මන් කරපං... "
මම උගේ බර අවි ප්‍රහාරය හමුවෙ පසු බසිනව දැකලා ලහිරුවා තවත් විදානයක් නිකුත් කරා...

ඉදපංකො... මමත් ඕවට බලාගන්නංකෝ...

ලහිරුවගෙ දිරි ගැන්වීමේ ජය ගෝෂා මැද විනාඩි දහයක ඇතුලත දත කට එක්කම බඩත් සුද්ද කරගෙන එලියට බහින්න මට පුලුවන් උනා... හංදියට එනකම්ම දෙන්නගෙන් එකෙක්වත් කතා කරේ නෑ... පරක්කු උනාට ලහිරුවා ඇහෙන නෑහෙන ගානට මට බැන බැන ආවා... මගේ හීනෙ කෑවට මම ඌට දෙස් තිය තිය ආව...

ශික් හීනෙත් කලින් පේන්න බැරිද අප්පා.. එලිවෙන්න කිට්ටුවම පෙනුනෙ.. එහෙනම් ජපානෙට ආව සුනාමිය මගේ හීනෙට එන්නෙ නැතුව් ආතල් එකේ සිරසෙ මෙගාවක් වගේ එලිවෙනකන් බලනවනෙ... එයා හිනාවුන විදියට  පැනි බූන්දි වගේ වැඩේ නැගල යන්න තිබුනා.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ඇල් වතුරට උල්පිහියෙන් ඇන්න වගේ බුදු ෂුවර්... කොහෙද ඉතිං... අපිට නිකන් හම්බෙන ප්ලේන්ටියේ හැමදාම කැරපොත්තෙක්නෙ... ෂිකේ ෂිකේ...

හංදියට ඇවිල්ලත් විනාඩි පහක් විතර යනකම් බස් එකක් නෑ.. ලහිරුවා ප්‍රවාහන ඇමතිගෙ ඉදලා මගේ නින්ද දක්කවා ප්‍රසංසා මුකයෙන් වර්නනාව ආයෙ ඇරබුවා... වෙලාවට වැඩි වෙලා යන්න කලින් වංගුවෙන් බස් එකක් මතු උනේ...  ආවෙත් ප්‍රයිවෙටයක්.... මොනව කරන්නද දැන් සී ටී බී එකක  යමු කියනවට වඩා හොදයි ඒ දිවෙන් මී කතුරක පොල් කෑල්ල ගන්න ට්‍රයියක් දෙනවා...

ආපු බස් එකට දෙන්නම නැග්ගා... ම්හුග්.. වාඩිවෙන්න ශීට් නෑ හරියටම ෂීට් ගානටම කට්ටිය වාඩිවෙලා.. දැන් ඉතිං අපි දෙන්න විතරයි හිටගෙන  මිසපොතේනියානු රිලවු දෙන්නෙක් වගේ බස්සෙකේ උඩ පොල්ලෙ එල්ලිලා ඉන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද.... බස් එක ඇද්දුවා...

මට තාමත් මතක් වෙන්නෙ හීනෙ...  අනේ අම්මා පල්ල මට මේකත් එක්ක එන තරහක්..
මම උගේ දිහා බලල ඔරවනව දැකලද කොහෙද ඌ ජනේලෙන් එපිට බලාගත්තා... මමත් මොකටද උගේ අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ මූන බලාගෙන යන්නෙ ... මමත් බලාගත්ත ජනේලෙන් එලිය.. එතකොටම බස් එක නැවත්තුවා හෝල් එකේ..... ඒ එක්කම බස් එකට නගින්න ආපු කෙනා දැක්කාම මගේ ඇහැට ඉස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා..

රම්මපට පොරි ඉද්ද කැකිරි... නයි කයිද රෝස් පාන්... පිස්සු බම්ප් වෙනවා...

  මගේ පර්ස් කෑල්ල     ව්‍යංගා.......!!!




28 comments:

  1. හිනාකාල මැරෙනව යකෝ... එල එල...

    ReplyDelete
  2. @ සාතන් :-හැකෑස්.... එච්චරයි ඕනෙ.. මැරෙන්න නෙවෙයි හිනා වෙන්න :D

    ReplyDelete
  3. ව්‍යංගාගෙ වෙන මුකක් හරි වැටිලා තිබුන නම් තමයි වැඩේ,,, හුට්ටප්පරයයි... වෙල් ඩොන් පොඩි මෑන්....

    ReplyDelete
  4. හෙහ් හෙහ්.එල කතාව.උඔ උබේ පර්ස් කෑල්ල ගැන හීන දැක දැක ඉන්න අතරේ මම උබේ රෙසිප්ශන් ඉන්න කෑල්ලව දාගත්තා.මොකද බන් ඒකි මම මවුස් පොයින්ටරය ගත්ත ගමන් අහක බලාගන්නේ

    ReplyDelete
  5. @ පාදඩයා :- ඒත් දෙනවා යකෝ... කිවුවොත් කියන්නෙ පාදඩ කතාවක්මයි :D

    @ අලුත් කොල්ල :- තැන්කූ මචං..

    @ පාල :- කෙල්ලොන්ගෙ හැටි බන්.. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් අහක බලන්නෙ...

    ReplyDelete
  6. ශහ් පට්ටයි ආ... දැන් හැමදාම පරක්කුවෙලා යන්න පටන් ගන්න ඇති මේකා...

    ReplyDelete
  7. නියමයි පොඩ්ඩො !!!! නියමයි !!!! ඔය තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න. අඩේ මරුවට ලියලා තියෙන්නේ. කියවලා ඉවර වෙනකන්ම හිතුනේ නෑ හීනයක් ය කියලා. ඒ තරමටම පට්ට සහගතය !!!!!

    ReplyDelete
  8. අඩේ පට්ට පට්ට බන... සුපිරියටම ලියල තියනවා... උදේ තේක බොනගමන් කියෙව්වේ තේකත් මොලොස්සේ ගියා... ලොලේ ලොල්ය.. උපරිමය,

    ReplyDelete
  9. යකෝ මුල් ටික කියව්වද්දි මං හිතව්වෙ මට කොටසක් මිස් වෙලාද කියලා.. තෝ මේ මංගල්ලයක් කරලානේ..!
    යකෝ හීනයක් දාද්දි කියලා දාපංකො.. මං අරහේ පරන පොස්ට් හොයනවා.. නොදොකිං තෝට නම් පායන කාලෙත් හෙනම ගහපං..!!!

    ReplyDelete
  10. @ චාටර් කොල්ලා :- තෑන්ක්ස් මචං

    @ කිඩෝ :- පිස්සුද එහෙම කරනවද

    @ මධුරංග :-තැන්කූ තැන්කූ

    @ ADK :- අපරාදෙ තේ එක :D

    @ Bunny :- කිය කිය හීන පේනවද යකෝ... :D

    ReplyDelete
  11. බොහොම සතුටුයි මචං..උඹේ කතාවලට මම කොහොමත් කැමතියිනේ..මේකත් මරු..මම කියවනවා දිගටම

    ReplyDelete
  12. @ ජනරඟ :- බොහොම ස්තූතියි මචං.....

    ReplyDelete
  13. මරු මරු . . . අනිකත් දාපන් කොලුවෝ ඉක්මන්ට .

    ReplyDelete
  14. හිකිස්... මරු මරු... නියමෙට ලියල තියෙනවා..

    ReplyDelete
  15. පට්ට ඉස්ටෝරිය මචෝ!හිනා කාලා මැරෙනවා තමා සාතන් කිව්වා වගේ..

    ReplyDelete
  16. පශ්ටයි හොඳේ.උඹේ ඉස්කෝලෙ මොකක්ද බං?

    ReplyDelete
  17. @ සුශාන් :- එල එල.. දාන්නම් දානම්

    @ ප්‍රාර්ථනා :- තැන්කූ සහෝදරී...

    @ සබිත් :- එල එල තැන්කූ වේවා...

    @ බෙලෙකා :- අලපලාව බාලක :D

    ReplyDelete
  18. හික් හික්
    මාර බාසාවක්නෙ මේක :D

    ReplyDelete
  19. අද බන් මේකෙ ඉතුරු ට්ක කියවන්නේ....
    මුල ටික අමතක වෙලත් තිබුනේ..

    ReplyDelete
  20. mama hithuwa mata kotasak maga arila kiyala eeye ra ninden kiyawapu nisa..
    he..he..meeka heenayak ne.:D
    mama deweni paarath kiyawanawa.. niyamai "podi man"..............
    oyalage baasawen "patta"...:D:D

    ReplyDelete
  21. ඔයාටනම් තියෙන්නෙ පුදුම ලස්සනට ලිවීමේ හැකියාවක්...ජය..!!!

    ReplyDelete
  22. මෙක මාර රහයිනේ.... කො ඉතුරු ටික

    ReplyDelete
  23. පට්ටයි හොදේ.... මාරම දක්ෂතාවයක්

    ReplyDelete
  24. මමත් Bunny වගේ පරන පෝස්ට් හෙව්ව නොවැ. පස්ට කතාව ඈ.

    ReplyDelete
  25. pattai podi man...pattai

    ReplyDelete