2011-10-18

මග දිගට 12 " තොපිගෙ වල් කම.. තොපිල බලන්නෙම කෙල්ලොන්ගෙ අරව මේව ලොකුද කියල."..



මෙන්න කලින් කොටස් ටික කියවල නැති අයට....



මගදිගට 1                            මග දිගට 5                             මගදිගට  9
 
මගදිගට 2                           
මගදිගට 6                             මග දිගට 10

මගදිගට 3 
                         
මග දිගට 7                             මග දිගට 11               

මගදිගට 4
                           මග දිගට 8                     


අද එතැන් සිට....


 පර්ස් එක අහුලල දීපු දවසෙ ඉදලම කොලු කමට හැමදේම කලාට ඒ හැමදේම කොලුකමකට වඩා දුර ගිහින් කියල මට තේරෙන්නෙ දැනුයි... මගේ හිතේ ව්‍යංග වෙනුවෙන් තිබුනෙ ආදරයක්ද නැතිනම එයා අහම්බෙන් හම්බ උන නිසා හිතේ ඇදුන දෙයක්ද කියල වෙලාවකට හිතුනත් වෙන කිසිම කෙල්ලෙක් ගැන මට මේ විදියට හිතිල නෑ මීට කලින්... අපේ ස්කෝලෙ කෙල්ලො නැති උනාට දහම්පාසලේදී ඕලෙවල්  කලාස් වලදි ඕනෙතරම් කෙල්ලො මීටත් වඩා ආස්රේ කරල ඇති... එයින් කෙල්ලො තුන හතරකටම ට්‍රයි කරලත් ඇති... බස් වල යනකොට  කෙල්ලොන්ට නම්බර් දීලත් ඇති.. .. නම්බර් දීපු කෙල්ලො කතා කරලත් ඇති.. ඒත් ඒ කිසිම කෙල්ලෙක්ගෙන යාලුවෙමුද කියල අහන්න මට කවදාවත් හිතුනෙ නෑ...

ඒ මගේ හිතේ ඒ වෙලාවට හිතුනට.. හිතුන දේ කරාට පස්සෙ ඒ ගැන කවදාවත් මෙච්චර දුරකට හිතුනෙ නැති නිසා වෙන්න ඇති... අනේ මම දන්නෙ නෑ...  ආදරේ ඇති උනාම පිස්සු කෙලිනව නින්ද යන්නෙ නෑ අරව වෙනව මේව වෙනව කියල නවකතා පොත්වල තියෙන ඒවට මම ඕනෙ තරම් හිනා වෙලා තියෙනවා... ඒත් දැන්නම් ඉතිං හිනාවක්නම් එන්නෙ නෑ....

දෙපාරකට වඩා කතා කරල නැතු උනාට, හතර පස් වතාවකට වඩා දැකල නැති උනාට , ඒ මූන .. හුලගට මූන පුරාම දුවන ඒ කොන්ඩෙ... ඒ ගමන... සේරටම වඩා ඒ ලොකු වීදුරු ඇස්... ඒ ඇස්වලින් බලන බැල්ම... ??
මගේ හිත මෙච්චර තදට බදාගෙන කියල මම දන්නෙ දැනුයි...

ඔරලෝසුවේ රෑ දෙක වදින සද්දෙත් ඇහුනා...

එක අතකට මම මෙච්චර පුංචි දේකට මොකට හිත රිද්දගන්නවද... ව්‍යංග මාත් එක්ක කතා කරේ නැතුව විතරයි..
මීට පස්සෙ දවසක දැක්කොත් කතා කරනවා.... අනික මම කොච්චර කැමති උනත් එයා මට කැමති නැත්නම්... ..?? ඒත් දෙයියනේ අර ඇස් වලින් ඒ විදියට කොහොමද බලන්නෙ මගේ දිහා එයාගෙ හිතේ කැමැත්තක් නැතිනම්...

පර්ස් එක අහුලල දීපු වෙලාවෙ මගේ දිහා බලපු හැටි.. ටිකට් නෑ කියල මගේ අතත් අල්ලගෙන ඇස් ලොකු කරල බලපු හැටි.... ටික්කට බෝලෙ දාල එයාව බේරගත්තට පස්සෙ මගේ දිහා බලපු හැටි ...

අයියෝ.. මගේ ඔලුව පැලෙන්න වගේ...

මම ලාච්චුවෙන් පැනඩෝල් දෙකක් අරගෙන බිව්වා... ආයෙ ඇදේ හාන්සි වෙන්න හදනකොටම දැක්කෙ අද එයා පොතේ ලියල තිබුන මම ඉරාගනිපු කොලෙයි...

ඔවු... එයා මට කැමති නැත්නම් ඇයි  මගේ පොතට කවරයක් දැම්මෙ ?? පොතේ අර විදියට ලිවුවෙ... ??

එහෙනම් ඇයි එයා පොත සර්ට දුන්නෙ.. පන්තියේදි පොත අරගෙන එනකොට අර විදියට හිනාවෙලා හවසට මට අර විදියට එරෙවුවෙ.. ??

මම පුටුව ඇදගෙන වාඩිවෙලා  ඒ කොලේ ආයෙමත් දිග ඇරල බලාගෙන ඉදියා.... හවස ආපු හැටියෙම ඒ කොලේ පිටිපස්සෙම මම ලියපු පද පේලි හතර ආයෙ මටම රිද්දුවා...

විටක හිනැහෙන  විටක ඔරවන
උබේ අදරෙ ඇයි ගනං
මටම නොවෙමද නුඹේ හිතෙ ඉඩ
කදුලු විතරද ඉතිරි දැං ........  .....

කොලේ නවල තියල ලයිට් එකත් ඕෆ් කරල ඇදට ඇවිත් කොට්ටෙත් බදාගෙන ඇස් දෙක පියාගත්තා... ඒ ලොකු වීදුරු ඇස් දෙක හීනෙන් පෙනි පෙනි නින්ද යන්න කලින් ඔරලෝසුවේ තුන වදිනවත් මම අහගෙන...

උදේ නැගිටිනකොට නමයත් පහු වෙලා... අද ඉරිද නිසා ගෙදර කට්ටිය ඔක්කෝම ඉන්නව..
 ඇදේ පෙරලි පෙරලි ඉදල ඇති උනාම මම නැගිටල කාමරෙන් එලියට ආවා...

අක්ක කාමරේද.......

මම එයාගෙ කාමරේ දොර රෙද්ද ඈත් කරල ඔලුව දාල බැලුවා...  එයා පොතකට ඔලුව ඔබාගෙන පාඩම් කරනවා...

එයානම් ගොඩයයි..

මම හැරෙනවත් එක්කම  අක්ක මාව දැක්ක..

"ආ දැන්ද නැගිට්ටෙ මෝඩයා...
නියමයි ඒ ලෙවල් කරන ළමයෙක්ගෙ නින්ද... පාස් වෙයි විභාගෙ නියමෙටම..."

අක්ක දැක්ක ගමන් බර බරේ දාන්න පටන් ගත්තා.. වෙන වෙලාවටනම් මම ඒ වගේ වෙලාවට කරන්නෙ පැත්ත පලාතක ඉන්නෙ නැතුව කොහේ හරි එයාට නොපෙනෙන හරියකට යන එක...  අපේ අක්ක බනින්නෙ හරියට අර වේල් කරත්තෙ වටේ මායං වෙල අරෝ හරා කිය කිය යන  කපුච්චියො වගේ... කොන්ඩෙ කඩාගෙන කෑ ගහනව ලවක් දෙවක් නැතුව....

ඒපාර නිකන් හරි ඉහල උසාවියට අපේ අම්මට නඩුව ගියොත්....  ෆිල්ටරේ ගෝල්ඩ්ලිෆ් පැකට් එකක් වෙලා තමයි අම්ම ගාවට යන්නෙ අපෙ අක්කගෙ කටින්....

දේවාලෙ කපුව මෙහෙමනං දෙවියො කොහොම ඇද්ද... පුදුමාතලං වලදි ආමි එක කොටින්ට ගහන මල්ටිබැරල් එකකට කන තියාගෙන අහන් ඉන්නව ඊට වඩා සනීපයි......

ඒත් ව්‍යංග මගේ ඔලුවම කනපිට ගහල.... වෙනද හැංගෙනව වෙනුවට අද අවසිහියෙන් වගේ මම අක්කගෙ කාමරේට ගිහිං එයාගෙ ඇදෙන් හාන්සි උනා....

" ඒ පාර මෙතනත් ඇවිත් හාන්සි උනාද... ?? පොතක් බලගත්තනම් නරකයි නේ... ?"

මෙයාගෙ කැසට් එකේ කොයිවෙලාවෙත් දුවන්නෙ ඔය වචන සෙට් එක තමයි පොත පොත පොත.....

" මොනවද ඕයි නිතරම පොත පොත පොත... වෙන දෙයක් කියනවකො.. තමුසෙ වෙන වචනයක් දන්නෙම නැද්ද.... අපිට තාම ඒලෙවල් පටන් අරගෙන මාසයයි පාඩං කරන්න තියෙන්නෙ බම්බුව තමයි...."

වෙනදනම් මම මෙහෙම ලේසියෙන් අපේ අක්කට කෑ ගහන්නෙ නෑ... ඒත්..... අනේ මංදා...

" මෝඩයා... එදිනෙදා දෙන දේවල් එදාම බලනවා... ට්වුට් ටිකයි දෙන ගනං ටිකයි හදල සෙට් වෙනව ඒ ටිකට එදාම... එතකොට විභාගෙ ලං උනා කියල මැරීගෙන දගලන්න ඕනෙ නෑ...  මේ අපට වෙලා තියෙන දේ පේන්නෙ නැද්ද... අපිත් හිතුවෙ ඔහොම තමා.. දන්නෙම නෑ වැඩ ගොඩ ගැහෙනකං.... මම දැකල නෑ පොතක් අල්ලනවවත්.. ඒකයි කෑගහන්නෙ..."

"හරි හරි අනිත් දවසෙ පාඩම් කරනකොට මම ගේ වටේ මුලින්ම අඩබෙරයක් ගහල ඉන්නම්කෝ... එතකොට තමුසෙට ඇවිත් බලන්න පුලුවන්නෙ... "

මම අක්ක දිහා නොබලම කිවුවා...

මම සාමාන්‍යයෙන් අක්ක එක්ක කටගහගෙන යන්නෙ නෑ.. ඒ මොකද ඊට වඩා හොදයි  කොන්ක්‍රීට් කරපු පාරක් ලෑටිගානවා....

ඒත් අද ඔය සාමාන්‍ය දේවල් ඔලුවට එන්නෙම නෑ වගේ... මොකක් හරි හේතුවක් නිසා මම ඉදියෙ හැමෝම එක්ක තරහින්.. මටවත් හිතාගන්න බෑ.... 

" ඔය දැන් ඉතිං අලිය වෙලානෙ ... කිසි දෙයක් කියන්න බෑ.... "

අක්ක නැගිටල ඇවිත් මගේ ඇද ගාවින් වාඩි උනා...

" බලන්න  අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද අපි දෙන්නට උගන්නන්න... කොච්චර වියදමක්ද... ?? ඔයාට තේරෙන්නෙ නැත්තෙ නෑනෙ මල්ලි... ඔයා හැමදේ ගැනම සැහැල්ලුවෙන් බලන්නෙ.. එහෙම ඉන්න තියෙනවනම් හොදයි තමයි... ඒත් අපිට එහෙම බෑ..  මොකද අම්මයි තාත්තයි මහන්සියෙන් හොයන දේවල් වලින් තමයි අපි හැමදේම කරන්නෙ... අපිට පරම්පරාගත බූදල් නෑනෙ....."

"එක්සෑම් එකසැරෙන් ගොඩ යන්නෙ නැතුව ආයෙමත් කරන්න ගියොත්...  තව අවුරුද්දක්... තව නිකන් වියදමක්.. ඒත් එයාල කරාවි... ඒත් අපි  ටිකක් මහන්සි උනොත් ඒක නැති කරගන්න පුලුවන් වෙයි නේද... අපිටත් වගකීමක් තියෙනව මල්ලී... අපි පොඩි ළමයි නෙවෙයි... "



අක්ක එකදිගට කියාගෙන ගියා....  හිතේ තිබුන බර වෙනුවට තවත් මොනවදෝ එකතු උනා වගේ... මගේ හිත මටම දරාගන්න බැරි බරකින් මිරිකියල ගියා...

ඔවු.. පුංචිකාලෙ ඉදලම මට ඕනෙ දේවල් මම කොහොම හරි ගෙදරින් රංඩුවෙලා හරි ඉල්ලනවා.. ඒත් අක්ක එහෙම නෑ... එයා මට වඩා කොච්චර හිතනවද... මම මේ හරියට ආතක් පාතක් දන්නෙ නැති කෙල්ලෙක් වෙනුවෙන් මනෝ ගහගෙන ඉනව.. අක්කගෙ පස්සෙන් කොච්චර කොල්ලො එන්වද...  එයා නෙවෙයි එකෙක්වත් ගනං ගන්නෙ... 

මට මම ගැනම ලැජ්ජ හිතුවනා... ඒ මොනව උනත්......

ව්‍යංගගෙ එක බැල්මට මේ ඔක්කොම වෙනස් කරල දාන්න පුලුවන් කියල මගේ කොලු හිත මට හූ තිය තිය හිනා උනා...

කියන්න දෙයක් කටට එන්නෙත් නෑ.. තවත් මට අක්ක ඉස්සරහ ඉන්නත් මොකදෝ වගේ...

"මේ  කොහෙවත් යනවද ඔයා අද ?"

වචනයක්වත් කතා නොකර මම ඇදෙන් නැගිටල කාමරෙන් එලියට එන්න  එනකොටම අක්ක ඇහුවා..

"ලහිරුලගෙ ගෙදර පැත්තට යන්න ඕනෙ... "

මම එහෙම දෙයක් හිතාගෙන ඉදියෙ නැති උනත්  මගේ කටින් නිකන්ම එහෙම පිට උනා.. ඔවු.. මනෝගහගෙන ඉදියොත් මේ විදියට ගෙදරට වෙලා මට පිස්සු වැටේවි....

"මේ පොත් ටිකක් තියෙනවා.. ඒ ටික දිලිණිලගෙ ගෙදරට දීල එහේ ටිකක් ඇති ඉල්ලන් එනවද... මම එයාට ටෙක්ස්ට් එකක් දාන්නම්.."

අක්ක ටිකක් කිවුවට පොත් දහයක් විතර මේසෙ අයිනෙන් තියන ගමන් මගෙන් ඇහුවෙ...

"හොද ටික..."

මම පොත් ටික අරගෙන මගේ කාමරේට ආවා...

මම ඩෙනිමක් දාගෙන අක්ක දීපු පොත් ටිකත් බෑග් එකක ඔබාගෙන  මගේ නිල ප්‍රවාහන සහකරුවත් පිටෙන් ලහිරුවගෙ ගෙදර පැත්තට ගියා.. .. මම යනකොටම ඌත් කොහේද යන්න එලියට බහිනවා...

"කොහෙද යන්නෙ.... "

මම බයිසිකලේ ඉදගෙනම ගේට්ටුව අල්ලගෙන නතරවෙලා උගෙන් ඇහුවා...

"ඇයි මන්දයො  තිලිණයගෙ දානෙ ගෙදර කිවුව උඹට මතක නැද්ද ?"

ලහිරුව බයිසිකලේ තල්ලු කරගෙන එන ගමන් මගේ ඇගට කඩන් පැන්නා... ඇත්ත තමයි එදා ස්ටෑන්ඩ් එකේ දි කිවුව නේන්නං... කොහෙද ඕව මතක් වෙන්නෙ මගේ සිස්ටම් ඔක්කොම අවුල් වෙලානෙ මේ වයිරස් එකක් ඇවිත්...

"අම්මප... මට අමතක උනා බං...."

මම කිවුවෙ ඔලුව කහන ගමන්...

"කොහේ මතක තියෙන්නෙද... තොට ඔලුවෙ තියෙන්නෙ අර ජංගියමනෙ...  අම්මප මචං විහඟ.... මටනං උබත් එක්ක එපා වෙනව හොදේ... එදා එනකං මූන එල්ලගෙන...  හරියට ගෑනි පිටගිහින් වගේ... මේ දවස් දෙක තුනක දැකපු කෙල්ලෙක්ට..."


"ඒකි සැර පාටිය විත්තිය ඇත්ත... ඒත් යකෝ මට වගේ ඔහොම චාටරයක් දුන්නනම් මම කියනව බඩ වෙන්න..... "

ඊයෙ බස් එකෙන් බැහැල එනකොටත් මම මූඩ් ගහල ඉදියට ලහිරුව බැන බැනයි ආවෙ...

"ඒකි චාටරයක් දුන්නෙ නෑ බං මොකක හරි අප්සට් එකක තියෙනවා... මම මේ කල්පනා කරේ ඇදුම් අදින එක දැකපු එක මෙයාට පස්සෙවත් මීටර් වෙලාද කියල... "

ව්‍යංගට නොදැන හරි වරදක් කරල තියෙනවනම් එච්චරයි... ඒත් ඉතිං මම මොනව කරන්නද... එයා දැනගන්න එපැයි කාමරේ වහගෙන ඇදුම් අදින්න.... ඔයවගේ සීන් එකක් දැක්කම හිතත් ඔටෝ පයිලට වැටෙනවනෙ නිකන්ම... අපිට ඕනෙ දේවල් කොරන්න පුලුවන්යැ එතකොට...

" අර කිවුවත් වගේ.... ඊකිට මුලින්ම හිතිල උඹට චාටරයක් දෙන්නම උබේ පොත ඉල්ලගත්තද දන්නෙ නෑ...  ඔය කෙල්ලො කියන ජාතිය විස්වාස කරන්න පුලුවන්ද බං... අර ගුත්තිල කාව්‍‍යේ කියල තියෙනවනෙ බෝම්බය සුරූපී වෙසින් පැමිනිය හැක කියල..."

ඈ යකෝ  ගුත්තිල කාව්යේ එහෙම  හරුපයක් තියෙනවද..?... මට ඔක්කොම අමතක වෙලා හිනා ගියා...

" කොහෙද බොල ගොං අලියො ගුත්තිලේ එහෙම තියෙන්නෙ... ඒ කාලෙ කොහෙද යුද්දයක් තිබුනෙ.... ඒක අර ටී වී එකේ යන ඇඩ් එකක්නෙ....

මම හිනා වෙලාම කිවුවා.. ඌටත් හිනා වැඩේට...

හරි හරි කතාව ඇත්තනෙ.. අන්න යමං පැංචල ඇවිල්ලත් ඇති දැං...

මුගේ ගොන් කතාවට හිතේ හිනාවෙලා හිතේ තියෙන බර ටිකක් විතර අඩු උනා... .. අපි දෙන්න කයියක් දාගෙනම තිලිණයලගෙ ගෙදරට එනකොට අපේ පන්තියෙන බාගයක් විතර එහේ...

"ආ...... සපුමල් කුමාරයා... වඩින්න....."

අපි ඇතුලට එනකොටම නිමේෂය කෑ ගැහුවා....

අපි දෙන්නත් හිමීට පුටු දෙකක් ඇදගෙන  සෙට් එක ගාවින් වාඩි උනා...

"හා හා.. ඔතනින් එහාට වෙයං.. දර්ශන පථයට බාදා කරන්න එපා... ෆලයිට් එක නග්ගන්නයි යන්නෙ... "

මම වාඩිවෙනවත් එක්කම ශ්‍යාමිකය මාව තල්ලු කරනව... මොන කෙහෙල්මල් ෆලයිට් එකකද...  මම එහාට වෙලා  වාඩිවෙන ගමන් ඌ බලාගෙන ඉදපු දිහා බැලුවා... තාප්පෙ අයිනට වෙන්න ඉන්නව කෙල්ලො තුන් දෙනෙක්... ආ.. ඒකයි මේ....

"අරක දැකලද තොගෙ ෆලයිට් එක නැග්ගෙ.. ??"

අපේ සෙට් එකටම හිනා....

" අර බලපං තෝ කියපු වනචර කතාව... යකෝ මම  කිවුවෙ වැඩේ ගොඩ යාගෙන යනව කියල... "

ශාමිකය මගේ දිහා නොබලම ඒ පැත්ත බලාගෙන  කිවුවා.. ඌට ඕනෙ මගුලක් කරන්න කියල මම පුටුව අනිත් පැත්තට හරවගත්තා...

"උඹල කන වෙලාවටම තමයි එන්නෙ නේ..."

මනෝජය එහෙම අහන ගමන් ලහිරුවගෙ  උකුලෙ තිබුන මගේ බෑග් එක අරං තියෙන්නෙ මොනවද බැලුවා...

" එහෙම තමයි ඩෝ දානෙ ගෙවල් තියෙන්නෙ නැතිනම අහවල් මගුලකටද... හෙදරින් අතත් හෝදගෙන ආවෙ...
 මම උගෙන් බෑග් එක උදුර ගත්තා..

" ඕනෙ නැති මගුලක් නෑ තොට"

" ඒ වුනාට මල්ලී වෙලාසන ආවාම අමතර වාසි සෙට් වෙනව.. අර බලපං.. ශ්‍යාමිකයට එක්ක වැඩ වගේ... "

ගුනය කිවුවෙ මට ඇහෙන් ටෙන්ට් එකේ එහාට වෙන්න ඉදපු කෙල්ලො සෙට් එක පෙන්නන ගමන්...

"කෝ මොන එකද... "

ලහිරුව ශ්‍යාමිකයට කකුලෙන් ඇනල සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න හස්ත මුද්‍ර භාසාවෙන ඇහුවා...

" නිල් පාට ගවුම.. අර කොනේම ඉන්නෙ... "

ශ්‍යාමිකයගෙ කට කනේ...

"අපෝ ඒකද... බෝල්පොයින්ට් පෑනක්නෙ ඩෝ...."

ලහිරුව කට ඇද කරල කියපු විදියට අපි ඔක්කොටම හිනා පැන්නෙ දානෙ ගෙදර බව අමතක වෙලා... ටෙන්ට් එකේ ඉදපු අනිත් මිනිස්සු අපිට ඔරවද්දි යන්තං කටවල් තදකරගෙන හිනාව හංගගත්තෙ බොහොම අමාරුවෙන්...

තිලිණයලගෙ ගෙදර තිබුනෙ ප්‍රධාන පාර අයිනෙමයි.. ගේ ඉස්සරහම හෝල්ට් එක... අපි හිටියෙත් තාප්පෙ අයිනෙම නිසා එතන නවත්තන බස් වල මිනිස්සුන්ට අපිව හොදට පේනවා...

ඒ වෙලාවෙම නවත්තපු බස් එකක මිනිස්සුත් අපි දිහා බලනව... කොහෙද ඉතිං ආතල් ගන්න ගියාම අපේ උන්ට ඉන්න තැන මතක නෑනෙ...

" අනේ පල හැලපය යන්න... තොගේ ඔය නරි පැඩපු මූන කෙල්ලෙක් බලන්නෙ නැති නිසා තොගෙ ඉරිසියාව... බෝල්පොයින්ට් පෑනක් තිය පෑන් බටයක්වත් ඉන්නවද තොට...  අනික තොගෙ වල් කම.. තොපිල බලන්නෙම කෙල්ලොන්ගෙ අරව මේව ලොකුද කියල... පනහක් හැටක් බර ඇදල දාඩියමහන්සියෙන් පොල්ගෙඩි සයිස් එකට හදපු චක්කෙක් තමයි උඹලට හොද..... ඒවගේ  බලපං හිනාවෙනකොට ඒකිගෙ මූනෙ තියෙන සිරියාව...  අවංක පිවිතුරු නිර්මල ආදරේ එහෙමයි ඩෝ... "

ශ්‍යාමිකයත් කාපු නෝන්ඩියෙන් බේරෙන්න කියවගෙන කියවගෙන ගියා... කෙල්ල ටිකක් කෙට්ටුයි...කෙට්ටු උනාට ලස්සනයි  තිළිණයගෙ නංගිගෙ යාලුවො වෙන්න ඇති... ඒකිත් මේ පැත්ත බල බල සැරින් සැරේ හිනා වෙනවා... ඒක තමයි ශ්‍යාමිකයත් බරටම ඒ පැත්තටම ඇන්ටනාව කරකවාගෙන ඉන්නෙ...

"ආ... උඹට දැන් ඒකිගෙ අර සිරියාවන්ත හිනාවට අර කියපුව ඔක්කොම ඇතිවෙලාද තියෙන්නෙ.. අනේ නිකන් පලයන් බං යන්න... හිනාවෙනකොට මොන සිරියාවද... කටේ දත් තියෙනව දහ අට පැත්තටම..  බෙල්ල පාගගත්තනම් පොල්බෑයක් ගාගන්න පුලුවන් පට ගාල... "

පැංචත් කොහේද අස්සක ඉදගෙන ඔලුව දැම්මා... ඌට ඉතිං කටවහගන්න ඇහැක් නිල් වෙන්න කාගෙන් හරි ගුටි කන්නම ඕනෙ...

" තෝ පල කොටා යන්න.. තොගේ සයිස් එකට දාගන්න වෙන්නෙ හෝඩියෙන් තමයි කෑල්ලක්.... ඉරිසියාකර යක්කු... උඹ කියපං විහඟ... අවංකව... ලස්ස්නයි නේද කෙල්ල... "

කෙල්ල කොච්චර ලස්සන උනත් බයිට් වෙන වෙලාවට ඌව නැති බංගස්තාන වෙන්නම බයිට් කරණ එක අපේ එවුන්ගෙ හැටියක්... වෙනදනම් මමත් අරුන්ගෙ පැත්ත අරගෙන ශ්‍යාමිකව බයිට් කරනව.. ඒත් අද තාම එච්චර මූඩ් එකක් නෑ... මම හිනා උනා විතරයි...

"හරි එකාගෙන් මූ ඇහුවෙ... ඔය අවංක පිවිතුරු ඔක්කොම ඒව ඇතිවෙලා තමයි ඔය ඇටේ කපපු බල්ලෙක් වගේ කන් කඩා වැටිල ඉන්නෙ... උඹටත් ඒ සෙතේම තමයි.... "

ලහිරුව මටත් කින්ඩිය දැම්මා ඒ අස්සෙ ගානට... කෝපි බිවුවනම් තටමාපං පොඩිනම කිවුවලු... මොනව කරන්නද... මමත් කටවහගෙන ඉදියා...

"එහෙම තමයි යකෝ අවංකව ආදරේ කරණ කොල්ලො... උබලවගේ ගල් හිපාටුවොන්ට තේරෙන්නෙ නෑ ඕවා... ඉරිසියාකාරයො.. අන්න බලපං....  ආයෙ හිනා උනා මේ පැත්ත බලල.. කොච්චර සිරියාවන්තයිද.... දැක්කද ඒ හිනාවෙ අවංක පිවිතුරු ආදරේ....


කෙල්ල මේ පැත්ත බලල හිනා උනා... ඇත්තටම හිනාවෙනකොට කෙල්ල ලස්සනයි...

"අම්මප... තියෙනව නේන්නම් අවංක පිවිතුරු ආදරේ... අර නල දත හරියට වෙන්න අම්බානෙක තියෙනවා....."

කලින් වෙච්ච දේවල් අමතක වෙලා වගේ.... අපේ සෙට් එක මහ සද්දෙට ආයෙත් බල බක ගාල හිනා වෙන්න ගත්තා....  පුරුදු විදියට කට්ටියගෙ ඔරවපු මූනු අපේ පැත්තට හැරවුනේ පට ගාලා...

 ඒ මදිවට ආයෙමත් බස් එකක් ඇවිත් නතර කරා.. බස් එකේම සෙනග අපි දිහා බලනවා... ඔරවන මූනවල් වලින් බේරෙන්න අපි අපේ මූනු හංගගද්දි... එකපාරටම බස් එකේ තුබුන ලොකු වීදුරු ඇස් දෙකක් අනිත් හැම දෙයක් අස්සන්ම මට පෙනුනෙ හිතාගන්නවත් බැරි විදියට.....

ව්‍යංගා......!!!

හරියටම මගේ කෙලින්ම බස් එකේ ජනේලෙ ගාව වාඩිවෙලා එයාගෙ අර ලොකු වීදුරු ඇස් දෙකෙන් මාරම මාර දුක හිතෙන විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා.....  හරියට අනේ මට සමාවෙන්න කියන්න වගේ......

එදා කලාස් එකේ පොත අරන් එද්දි මගේ දිහා බැලුවෙත් එයා ඒ විදියටමයි.....

යටිපතුලෙන් පටන්ගනිපු සීතලක් මගේ ඇග පුරාම දුවල මාව සීතල වෙලා යද්දි බස් එක ඇද්දුවා....

දුක හිතෙන විදිය තවත් වැඩිවෙන්න මූන බෙරි කරණ ගමන් යන බස් එකේ ජනේලෙන් එබිල එයා මගේ දිහාම බලාගෙන ඉදියා.... හරියට අම්මගෙන් වෙන් කරල අරගෙන අය මුව පැටියෙක් වගේ......

මගේ ඔලුවට පොලු පාරක් වැදුන වගේ.... මට ඉන්න තැන අමතක වෙලා ගියේ ඉබේටමයි...

හිනාවෙවී ඉදපු අපේ එකෙක්වත් තල්ලුකරගෙන ගේට්ටුවෙන් පැනපු මම යන බස් එක පස්සෙන් දුවන්න ගත්තෙ පිස්සෙක් වගේ...

මොනව කරන්නද මොකට දුවනවද මොනවත්ම කල්පනාවක් ආවෙ නෑ ඒ වෙලාවෙ.. මට ඕනෙ උනේ ඒ ඇස් දෙකට එබිලා මගේ හිතේ ඇදිල තිබුන ආදරේ තියෙනවද බලන්න විතරයි....

" ඒයි විහඟ... ඔහොම හිටපාංංංං........"

මගේ පස්සෙන් කවුදෝ කෑගහනව මට ඇහුනෙ යන්තමට.... .. වේගෙන් යන බස් එකේ දුවල ගිහිල්ල එල්ලෙනවත් එක්කම බස් එක බ්‍රේක් ගැහුවා....

බේරේක් පාරට මම ඉස්සරහට විසිවෙලා යද්දි බස් එකේ බාර් එක මගේ අතින් ලිස්සල යනව මට යන්තමට වගේ දැනුනා...

" අනේ විහඟ.........

පොලව මගේ කකුල් දෙක යටින් ලිස්සල ගිහින් ඔක්කොම කැරකිලා යද්දි... ජනේලෙන් එබිල බලං ඉදපු ලොකු වීදුරු ඇස් දෙකක අයිතිකාරියෙක් මගේ නම කියල කෑගහනව මට යන්නතමට වගේ මගේ කනට වැටුනා....

ලෝකෙම ටික ටික කරුවල වෙලා යද්දි.. මගේ ලේවල රස මගේම කටට දැනෙද්දි මට යන්තමට කියවගන්න පුලුවන් උනේ එකම එක වචනයයි....

" ව්‍යංගා.........!!! "




ඔය දිලෙන ඇස් වල කතාවට
නැවතුනා හිත මටත් නොදැනිම..
ඒ මගේ හිත මග දමා උඹ
නොකිය රහසෙම දුර ගිහින්වද ...... 
                                   
                                               මගදිගට 13 න් බලාපොරොත්තු වන්න



62 comments:

  1. " අනේ විහඟ.........:'(
    apee sihina kumaarayata mokada unee.??
    aiyoo..
    පොඩි මෑන්.. ikmanin 13 liyanna.. dukbara eelaga kotasa balanakam sihiyak na..
    harima lassanai kathawa..
    mata hina giya niyama tana tamai me..
    මම සාමාන්‍යයෙන් අක්ක එක්ක කටගහගෙන යන්නෙ නෑ.. ඒ මොකද ඊට වඩා හොදයි කොන්ක්‍රීට් කරපු පාරක් ලෑටිගානවා....:D:D
    elazz

    ReplyDelete
  2. අද නම් ටිකක් සිරා ලිවිල්ලක් තියෙන්නේ.... අක්ක ගෙ චරිතෙ දීපු වදන් ටික නම් එලමකිරි... ඔය ඒ ලෙවල් ඕ ලෙවල් කරන කෙල්ලො කොල්ලොන්ට නියම උපදෙස් ටික... අපිට ඔහොම කිව්වෙ නෑනේ එකෙක් ඒ කාලේ... ශික්... කිව්ව්වදත් මන්ද ඇහෙව්වෙ නැතුවට...

    අඩේ ඉක්මනට දාපන්.. උබට එච්චර ලොකු අවුලක් වෙන්න විදියක් නැනේ ඇක්සිඩන්ට් එකෙන්.... නේද...

    ReplyDelete
  3. උඹලයි අක්කා නම්.. අපේ අක්කාම තමා.. ඔයිට වඩා අන්තයි.. හනේ අම්මේ.. :D

    ඉක්මනට නෙක්ස්ට්‍ එක දාපං.. උඹ වෙදනාවෙන් පෙලෙනවා අහන්න ආසයි :D :D :P

    ReplyDelete
  4. හුස්ම හිරවුනා රිද්ම අයියෙ......
    හැබැයි ඒ වෙනදට හිනාවෙලා....
    ඒත් අද......(මාර අස්පට්)

    ඉක්මනට ඊළග කොටස දාන්න අයියො......

    ReplyDelete
  5. අරු ඇනුන පාරට දත් අන්ද ගැලවුනාද දන්නෙන නැ.ඉක්මනට 13 දාපන්.

    ReplyDelete
  6. @ gaayana :- පෝස්ට් එක දානකොට පාන්දර දෙකහ මාරත් පහුවෙලා.. මම ඉදියත් නැතත අලුතින් පෝස්ට් එකක් දාපු ගමන් කියපං මලයෝ කියල තියෙන නිසා හැමදාම මම ස්කයිප් එකට දානවා... ගොඩක් දවසට මුලින්ම පෝස්ට් එක කියවල අකුරු වැරදි අඩුපාඩු තියෙන තැන් වචනෙන් වචනෙට පෙන්නනව විතරක් නෙවෙයි හදන හැටිත් කියල දෙනවා...

    ගොඩක් ස්තූතියි ගායනා අක්කෙ... 13 ඉක්මනට දානවා ...

    ReplyDelete
  7. @ පිස්සා පලා මල්ල :- කීදෙනෙක් කිවුවද බං අහන්නෙ නැති උනාට.. අපිට නෙවෙයි 99% ඕකම ත්මයි සෙතේ.. අපිට උන නිසා කිය කිය අපිත් දැන් අපේ බාල උන්ට කියනව.. උනුත් උන්ගෙ බාල උන්ට කියන්නෙ කෙලෞනා කියල තමයි :D :D

    ඊලග කොටසින් තමයි අවුල බලන්න වෙන්නෙ... :P

    ReplyDelete
  8. @ Bunny :- අනේ ඇත්තද... උඹට ආසද... ඉදපංකො

    ReplyDelete
  9. @ Nisapu :- හැමදාම කමෙට් එකක් නොදා කියවල ගියපු මෙයා.. අලුත් කොටසක් ආව ගමන් මෙයාට ලින්ක් එක දුන්නෙ නැති උනොත් මාත් එක්ක වලි අල්ලන මෙයා.. හිනාවෙල බිම පෙරලිල ඔලු පලාගන්න මෙයා.. අද කමෙට් එකකුත දාල ගිහින්.. :D :D

    ReplyDelete
  10. @ නලින්- සමනලුන්ට වෙඩි තියන්න :- ඒව කියනන බෑ ...ඒක නෙමෙයි මොකද උඹ මේ සමනලුන්ට වෙඩි තියන්නෙ :D :D

    ReplyDelete
  11. patta storya ban ohoma yan

    ReplyDelete
  12. මම බ්ලොග් එකට නමක් මාස දෙකක් තිස්සේ හෙව්වා ඒත් හරියන එකක් හම්බ උනේ නැ.නමක් කල්පනා කරලා බ්ලොග් කෙරුවාවත් එපා උනා.දවසක් පත්තරේ බලනකොට දැක්ක නමක් තමයි ඕක "සමනලුන්ට වෙඩි තියන්න"ඊට පස්සේ ඔය නමින් බ්ලොග් තියනවද බැලුවා ඒ නමින් බ්ලොග් නැති හින්ද ඔය නම දැම්මා

    ReplyDelete
  13. @ නලින් :- හැක හැක.. විහිලුව්ට බං කිවුවෙ.... මම අදයි උබේ බ්ලොග් එකට ගොඩ උනේ පෝස්ට් තුනම කියවලයි ආවෙ.. :) :)

    ReplyDelete
  14. @ chamee :- තෑන්ක්ස් මචං... :)

    ReplyDelete
  15. අප්පේ අනේ විහගට අතුරු අන්තරාවක් නම් කරන්න එපා ඔන්න...:(((

    ReplyDelete
  16. අදනම් කතව ටිකක් සීරියස් වෙලා
    ඉතින් ඊට පස්සෙ.....
    ඉක්මනට ඉතුරු ටිකත් දාපං මචෝ

    ReplyDelete
  17. @ නිසූපා :- දැන් ඉතිං වෙන්න ඕනෙ හරිය වෙලානෙ... බලමුකො මොකද වෙලා තියෙන්නෙ කියල ඊලගට :)

    ReplyDelete
  18. @ කුංකුම :- මොනව කරන්නද දුක සැප නිති පෙරලේ කියනවනෙ... හැමදාම හිනාවෙලා ජොලියෙ ඉන්න ආස උනත් එහෙම බෑනෙ..

    ReplyDelete
  19. කතාව අද ටිකක් සීරියස් පැත්තට හැරිලා... අනිත් කොටසත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
  20. මම බලාපොරොත්තු උන ටික නෙමෙයිනේ මේ කොටසින් කියවිලා තියෙන්නේ

    - ශානු -

    ReplyDelete
  21. අනේ මේ යන්න.....
    මේ කතාවපටන්ගත්ත දවසෙ ඊළග කොටස එනකම් හැමදාම ඇගිලි ගැන ගැන ඉන්න අයගෙන් එක්කෙනෙක්නෙ මම.....:(

    ReplyDelete
  22. අඩෝ පට්ටම ලස්සනයි...
    තව ලියූ

    ReplyDelete
  23. අනිත් කොටස බලන්න කවදා... වෙනකන් ඉන්න ඕනද?

    ReplyDelete
  24. අද එකනං පට්ටම පට්ටයි මං දන්නෑ බොගේ මේ මෙගා සීරීස් එකේ මගේ හිතට අල්ලලම ගිය පෝස්ට් එක මේක උපරිමයි

    ReplyDelete
  25. :'( aneeeee mokada vihanga ta une.....:'(

    ReplyDelete
  26. විහඟට මොකද කරන්න හදන්නෙ? කොහොම උනත් ලස්සන අවසානයක් තියේවි නේ.. කතාව ගොඩක් ලස්සනයි.. හැමදාමත් කියවනවා. අද කොටස කියෙවුවාම නම් කමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙ නෑ..

    ReplyDelete
  27. bada palanna hina wewi inna kota... appa nikan pollakin gahuwa wage anthima tika...
    anyway elatama liyalathiyenawa...
    nidimaran hari kamak na hudi jana pahan sanwegaya udesa ikmanata thawa kotasak liyapan mcn... hee :D :D

    ReplyDelete
  28. හම්මා ඉවසපං පපුව.....හොඳ වෙලාවට අධික රිධිර පීඩනය නෑ......නැත්තං තොගේ..මේ ඉලවුපොස්ට් දෙකක් තුනක් කියවනකොට අපි මැරිල... දත් කඩාගෙන හකු පන්නගෙන...කං ඈත් කොරගෙන ... ඉක පුරාගෙන..... අඩෝ ඉක්මන්ට 13 දාපං.... සරම වික වික බලං ඉන්නෙ මොකෑ උනේ කියල දැනගන්න........

    නොකිය බෑ උඹේ ලියවිල්ල නං පට්ටම පට්ට කොල්ලො ..... ඔය (ලාන්තරස්) මූන නොපෙන්නා ලියුං ලිව්වොත් ඕන කෙල්ලෙක් සැට්වෙනව මෙහෙම කොරනකොට..හොක ...හොක....... මූන දැක්ක ගමං ජලාහුටස් අඤ්ඤ කොරොස්...හැක...හැක....

    X-Porter

    ReplyDelete
  29. "..තොට ඔලුවෙ තියෙන්නෙ අර ජංගියමනෙ..." අම්මප එදා එනකං මූන එල්ලගෙන... හරියට ගෑනි පිටගිහින් වගේ... මේ දවස් දෙක තුනක දැකපු කෙල්ලෙක්ට..."

    චා...ටර්.... ගූ හැත්තෑවයි

    ReplyDelete
  30. අහ්හ්හ් හුග කාලෙකින් මෙහාට අඅවෙ.කතවනම් ව්එන්දා වගේම සුපිරියි සහෝ... ජය වේවා

    ReplyDelete
  31. @ Dinesh :- දානවා දානවා..

    @ ඇනෝ ශානු :- බලාපොරොත්තුවෙන දේවල් කීයෙන් කීයද වෙන්නෙ.... ඉස්සරහටත් එහෙමම වේවි

    ReplyDelete
  32. @ නිසපු :- කවුද ඉතිං දැන් නෑ කිවුවෙ... :D

    ReplyDelete
  33. @ බිඟු :- තැන්කූ පොඩාක් ඉවසල හිටූ

    ReplyDelete
  34. @ ඇනෝ :- ම්ම්ම්ම්ම්ම්ම් බලන්නකො පුලුවන් ඉක්මනට දානවා

    ReplyDelete
  35. @ ක්සැන්ඩර් :- තැන්කූ... :)

    ReplyDelete
  36. @ කිඩෝ :- කීඩෑවට මේ පැත්ත මතක් වෙලා.. :D :D තෑන්ක්ස් තෑන්ක්ස්...

    ReplyDelete
  37. @ Danu :- වැටුනනෙ අනේ....

    ReplyDelete
  38. @ හංසි :- කතාව සීරියස් වෙනවට ගෑනු ළමයි කැමතියි වගේ...

    ReplyDelete
  39. @ ජීවන්ත :- ඉදිමරං තමයි බං ලියන්න වෙන්නෙ.... ලියනව ලියනව.. තැන්කූ කමෙට් එකට හොදේ...

    ReplyDelete
  40. @ ඇනෝ x- porter :- හැක හැක... ඉක පුරිල හින්ද දැන් සරම පට්ට ගඳ ඇතිනෙ.. ඒක වික විකද ඉන්නෙ... ඇයි ඩෝ මූනට මොනව වෙලාද... ඉදපංකො තෝ කවුද කියල හොයාගන්න මම මූනට විතරක් දැපනෙ වැටුන කෙල්ලොත් ඉන්නවඩෝ.. ඉරිසියාකාර යක්කු... :P

    ReplyDelete
  41. @ ඇනෝ :- වැලි එකක් නැද්ද ??

    ReplyDelete
  42. @ :- හිතුවක්කාරි :- ඒකනෙ ම්ම බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල.. ස්තූතියි කමෙට් එකට... :)

    ReplyDelete
  43. හ්ම්ම්... ඉලන්දාරි ශබ්දකෝෂේ නම් නියමයි.. ඒත් කරුනාකරල පෝස්ට් එක යුගයේ ආදරනීය නවකතා කරුගේ "කම්මුලේ හොටු" වගේ සීනි බෝලයක් කරන්න නම් එපා.. මම හිතන්නේ නෑ මෙලෝම කෙල්ලෙක් අනේ විහඟ කියල කෑ ගහයි කියල පටස් ගාල බස් එකෙන් බහිනවා ඇරෙන්න :/ කෙල්ල කෑගැහුවත් කොල්ලෙක් නම් මැරුවත් ව්‍යංගාආආආ කියල විලාප තියන්නේ නෑ ... මන්දා ඒ මට හිතෙන හැටි :)
    කොහොම උනත් AL කාලෙ හිටපු කොල්ලො යාලුවෝ ටික එක පෝලිමට මතක් වෙනවා මල්ලිගේ පෝස්ට් කියෙව්වම.. ඒකට ස්තූතියි :)

    ReplyDelete
  44. අම්මපා මලයෝ උබනම් සිරාවටම ලියනවා...
    අදම තමයි උබෙ බ්ලොග් එක කියෙව්වෙ... කතාව එක හුස්මට කියෙව්වා ඔ‍ෆිස් එකේදිම...
    ඉක්මනට ඉතුරු කොටස දාපන්... නැත්නම් උබව කොග්ගල කඩේ හන්දියේ තියන් ගහනවා....
    :)
    මොන දිල්ලියක ගියත් ගාල්ල අමතක වෙන්නෑ බන්.. ඔය කතාවෙ තියෙන විදියෙම අතීතයක් මටත් තිබුනා.. කුනු ඇල පාර, රේල් පාර, සදර්න් ක්ලාස් එක, කො‍ටුව..... ඔයවගේ තැන්වල අපි කොච්චර වල ගහන්න ඇත්ද..... පුදුම සුන්දර කාලයක් ඒක... ඒවා මගෙ බ්ලොග් එකේ ලියන්න වෙලාවක් නෑ බන්... ගාල්ලෙ මතකය ගාල්ලෙ කොල්ලෙක්ට අමතක වෙන්නනම් එකා මැරිල උපදින්න වෙයි....
    එල එල... දිගටම ලියන්න...

    ReplyDelete
  45. ane pau ane.... meyata wena dewal... aththatama podi man meke vihaga kauda...oyada...
    girl of 27

    ReplyDelete
  46. Chapters 12 ම එක පාරට කියෙව්ව මචන්. Story එකනම් සිරා..

    ReplyDelete
  47. බස් එකෙන් වැටුනත් මොකෝ කෙල්ල නම කියල නෑ ගැහුවනේ...
    සින් එක අක්කට ආරන්චි වුනාම තමයි ඊලඟ ඩ්‍රාම එක පටන් ගන්නේ :D

    ReplyDelete
  48. Next scene eka patan ganna wenne hospital eken thamai..

    ReplyDelete
  49. උඹ නං සිරාම ලිවිල්ලක් ලියන්නෙ බං. පට්ට. ඇයිද මන්දා මේවා කියවනකොට පරණ දේවල් ෆිල්ම් එකක් වගෙ මතකෙට එනවා. ඉතුරු ටික ඉක්මනට ලියපං...

    ReplyDelete
  50. පට්ටයිනෙ.. තනි ඈහැට ඈඩෙනවා.. අද තමයි මේක දැක්කෙ. ඔක්කොම හුස්ම 4කට 5කට කියෙව්වා මරු ආ.. ඉක්මනට ඊලග එකත් ලියන්න.

    ReplyDelete
  51. අදයි මුළු කතාවම කියවල ඉවර වුනේ.....
    කතාව නම් පට්ට පට පට .. \m/
    ඒත් Wasana Sewwandiත් එක්ක මාත් එකඟයි.. දැනට කතාවේ ලියවෙලා තියෙන රටාවේ වෙනසක් කරන්න නම් එපා.. :D :D

    ReplyDelete
  52. kooo aiyoooo thama ithuru kella dala nene...

    Girl of 27

    ReplyDelete
  53. අනේ මම මේකට දාපු කමෙන්ට් එක නෑනේ,. :(

    ReplyDelete
  54. ඒ පට්ට බං උඹේ මෙව්වා එක නම්,,,එලකිරි වගෙ ගලාගෙන යනවා.ඇස් දෙකටම ඇඩෙනවා,,,,,,,මං අද තමා උඹේ බ්ලොග් කෑල්ල දැක්කෙ...පට්ට කියන්නෙ මරාගෙන මැරෙන්න තරම් පට්ට බංස්......දැං ඉතිං මටත් කියන්න තියෙන්නෙ අනිත් හැම එකාම කියන කතාව තමා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉක්මනට දාපං යකෝ NEXT කෑල්ල.....................

    ReplyDelete
  55. ඇඩෙනවා ඔයි.... ඉතුරු ටික දාන්න ඉක්මනට... පිස්සෙක්නෙ..

    ReplyDelete
  56. ඇඩෙනවා අප්පා සිරාම ලිවිල්ලක් මරූ..........කියන්න වචන නෑ උපරිමයි සුපිරියි

    ReplyDelete
  57. elaga kalla dandoooo

    ReplyDelete
  58. Please let me know if you're looking for a article author for your weblog. You have some really great articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd absolutely
    love to write some articles for your blog in exchange for a link back to mine.
    Please shoot me an email if interested. Kudos!
    Here is my homepage ... transfer news chelsea falcao

    ReplyDelete
  59. We're a group of volunteers and starting a new scheme in our community. Your site provided us with valuable info to work on. You have done an impressive job and our whole community will be grateful to you.
    Also see my web site: transfer news man utd 2011

    ReplyDelete
  60. When I originally commented I clicked the "Notify me when new comments are added" checkbox and now each time a comment is
    added I get four e-mails with the same comment. Is there any
    way you can remove me from that service? Thanks a lot!
    My site :: pizza games to make

    ReplyDelete