2011-11-03

මග දිගට 13 " ලේන්සුව වික වික අඩනවා අම්බානෙක.. ඒකිගෙ ඇදුමෙත් ලේ එකයි..."



මෙන්න කලින් කොටස් ටික කියවල නැති අයට....


මගදිගට 1                            මග දිගට 5                             මගදිගට  9
 
මගදිගට 2                           
මගදිගට 6                             මග දිගට 10

මගදිගට 3 
                         
මග දිගට 7                             මග දිගට 11               

මගදිගට 4
                           මග දිගට 8                            මග දිගට 12       



අද එතැන් සිට....



මාව නිකන් පාවෙනව වගේ..... කොහේ හරි උඩක ඉදල පහත් වෙනව වගේ..... ඔලුවත් බරයි.. ... කැරකෙනව.. ඇස් අරින්න ඕනෙ උනත් අරින්න බෑ බෑ වගෙ...

මම බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරියා.. ඒත් එක පාරට මට මුකුත් පෙනුනෙ නෑ... ටිකෙන් ටික කැරකිල කැරකියල මගේ මූනට එබිල ඉන්න කන්නාඩි දාපු මූනක් මතු උනා...

ඈ....කවුද මේ......
මම වටපිට බලනකොට ඊට ටිකක් එහාට වෙන්න ඉන්න ලහිරුවව දැක්කා....
ආ....
මේ කොහෙද මම.....

ටිකක් වටපිට බලන කොට තමයි වෙච්ච ඔක්කොම ටිකෙන් ටික මගේ ඔලුවට ආවෙ...... 

බස් එකෙන් වැටෙනවා යන්තමට මතකයි... බස් එක නවත්තනවා.... ව්‍යංගා කෑ ගහනවත් මතකයි... මම කතා කරන්න හැදුවට වචන පිටඋනේ නෑ කියලත් මතකයි....

ඔන්න ඊට පස්ස් ඉස්පිරිතාලෙ ඇද උඩ.....

අර පොර තාමත් මගේ මූනට එබිලා..

මම වටපිට බැලුවා.. ලහිරුව විතරක් මගේ ලග.. කෝ අනිත් අය... ගෙදර දන්නවද...නැතිනම් මුන් ටිකද මාව උස්සගෙන ආවෙ...

අම්මට සිරි.. ඔන්න ඔලුව රිදිල්ලකුත් එනවා... ඔලුවෙන් පටන්ගනිපු රිදිල්ල බෙල්ල දිගේ පහලට ඇවිත් මුලු ඇගම පොලීසියෙන් ගුටිකාපු කසිප්පු කාරයෙක්ගෙ වගේ රිදෙන්න යන්න ගියේ තප්පර දෙකයි...

මම ඔලුව අල්ලල බැලුවා.. අහු උනේ බැන්ඩේජ් එකක්...  කටත් රිදෙනව එකසියා ගානට...  අම්මට හුඩු... කට තාම බස් එකෙන් වැටිච්ච තැනද... ??

කටත් අල්ලල බැලුවා... එතනත් ප්ලාස්ටරයක්..  ඒ මදිවට අතේ සෙලයින් බටයක්...

ඒ එක්කම එතන ඉදපු පොර මගේ අතින් අල්ලගත්තා...

" හෝවු හෝවු... ඩෝන්ට් මූවු...
එව්රිතින්ග්  විල් බී ඕල් රයිට්... ඕකෙ..... ජස්ට් කාම් ඩවුන් සන්.. ඕක්...

යකෝ.. සිහිය ඇවිල්ල විනාඩියක් ගියේ නෑ... මූ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යනවා... මගේ ඔලුව ආයෙත් කැරකිලා ගියා වගේ...එතකොටම ලහිරුවට මොනවද කියපු පොර අර කනේ දාන ගැජමරික් එක බෙල්ලට දාගෙන මට ආයෙමත් හිනාවක් දාල..යන්න ගියා....

ලහිරුව හිමින් හිමින් මගේ ලගට ආව....  ඇවිල්ල මගේ මූන දිහාබලාගෙන ඉදියා... මුකුත් කතා කරේ නෑ...
කියන්න දෙයක්  නැති කමට මමත් හිනා උනා... අම්මා... හිනා වෙනකොට කට රිදෙනවා...

" දෙනව එකක් ආයෙ සිහිය නැති වෙන්න දැනගනිං ආයෙ හිනා උනොත් එහෙම....."
ලහිරුව මගෙ මූනට  අත මිටමොලවල චන්ඩිය වගේ කිවුවා...
හැබැයි රහසින්...

නොදකින් මේ වගේ උන්... මෙච්චර දෙයක් වෙලා දැන් සිහිය ආවෙ .. ආපු ගමන් කියන කථා...

"ජංගියක් පස්සෙ දුවල බස් එකට අඩ තියනව තව පොඩ්ඩෙන්... තව එනව විරිත්තන්න...."

මට ආයෙමත් හිනා ගියා.... ඌ ඒක කියපු විදියට...

" ඔවු ඉතිං මේ වගේ අතපය කැඩිල ඇදේ ඉන්න එකෙක්ට තමයි උඹට ගහන්න පුලුවන්.... එදා රබර්ලට ගැහුවද..."

මම බොහොම අමාරුවෙන් හිනාවෙවීම කිවුවා..අන්තිමට පුංචි හූවක් කියන්න ඕනෙ වුනත් කට රිදෙන නිසා ඒකනං කටින් පිට උනේ නෑ...

මම හිනාවෙවී කියනව දැකල ලහිරුවටත් හිනා ගියා....


"තෝනම් මහ මහප්ප්‍රාණ පයන්නක් යකෝ...
තොට ජංගිය පස්සෙ දුවන්න බැරිනම් ඒකිගෙන එකක් ඉල්ලගෙන ඒකෙන් එල්ලිල මැරියං.... ඒත් අපිත් එක්ක ආපු වෙලාවක නෙවෙයි හැබැයි...... මුතූ අක්කගෙ ප්‍රස්නවලය උත්තරදීල අපිටත් සේලයින් දෙන්න වෙනව තව ටිකෙන්... .."



කෙලා හුටස්.. ගිනි විජ්ජුම්බරයයි.... ඒ කියන්නෙ ගෙදරින් දන්නව... ඒ මදිවට  අක්කත් දන්නවා... අයියෝ ඇයි මට සිහිය ආවෙ....

" ගෙදරින් දන්නවද... ඇයි ගං කබරයෝ කිවුවෙ... ??"

සික්.. මොනව කියලද දන්නෙ නෑ.... මේ ගොං අලි ටික... හයියෝ හයියෝ.. සිද්දිය ඔක්කොම ආරංචිවෙලානම් උන්මාද චිත්‍රා පාට් ටූ තමයි.... ආයෙ ගෙදරින් එලියට බහිනව බොරු.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... බුදු ශුවර්...

"හරි හරි කතා නොකර හිටපං ඩොකා කිවුව වැඩියෙ කතා කරන්න දෙන්න එපා කියල උඹට... ඒක මමයි ශ්‍යාමිකයයි ශේප් කරා...දැන් අවුලක් නෑ.."

මම හිනා උනා...

" ආයෙත් හිනාව....කියන්නෙ නැතුව අහවල් මගුලක් කරන්නද... තොට කොහොමත් තව සතියක් විතර මේකෙ ලගින්න වෙයි.. ඔලුවට මැහුම් හයක් දැම්ම.. තොලට දෙකයි... නහයෙන් කනින් ලේ ආවෙ... අපි හිතුවෙ නයිටක් තමයි කියල....අනිත් එක....උඹ දන්නවද දැන් වෙලාව කීයයි කියලද... තොට පැය 4ක් විතර සිහිය නැතුව තිබුනා...  කෝපරේටිවු එකෙන් කිවුව කරාපිටි ගෙනියන්න කියල... ගෙදරට කියන්නෙ නැතුව පිප්පි ගහන්නද කියන්නෙ.... "

 ළහිරුව මට ආයෙත් මට බනින්න ගත්තා....අම්මට සිරි.. එච්චර වෙලා සිහිය නැතුව ඉදියද... ඒක තමයි මෙච්චර ඇග රිදෙන්නෙ...  පාරෙ ඔලුව වදිනව යන්තං මතකයි...

" මොනවද ඉතිං ගෙදරට කිවුවෙ... ඇත්ත සීන් එක කිවුවද...කොහොමද ශේප් කරෙ.... ??

ලහිරුව අමුතු විදියට හිනා උනා...  හොර හිනාවෙන් තේරෙනව මුන් බෝලයක් බස්සල තමයි.. අඩේ.. උම්ම එකක් දෙන්න හිතෙනවා....

"කටවහං ඉදහං ගොන් අලියො... කියනකං.."

මූ කියාවි...

" ඉතිං කියහන්කො මොකක්ද කිවුවෙ...  දැන් අපේ අක්ක ඇවිත් මගෙනුත් කට උත්තරේ ගන්නකොට එක සමාන වෙන්න එපැයි... නැත්නං අපි දෙන්නම ගස් හොදේ.. "

ලහිරුව වට පිට බලල එතන තිබුන පොඩි  බංකුවක් ඇදන් වාඩි උනා...

" හරි හරි කතා නොකර හිටපංකො... උඹ අපේ ගෙදර ආව.. ආවෙත් බයිසිකලේ තල්ලු කරගෙන පැච් එකක් ගිහින් ඊට පස්සෙ අපි තිලිණයලගෙ ගෙදරට යනකොට බහින තැනදි එක සැරේට බස් එක ඇද්දුවා එතකොට වැටුන කියලයි  කිවුවෙ... එච්චර අවුලක් නෑ...  අක්ක ආව කඩාගෙන ...  මෙච්චරවෙලාම කට්ටියත් එක්ක එලියෙ ඉදියා... පස්සෙ උබට අද නවතින්න වෙයි කිවුවාම ඇදුම් මොනවහරි අරන් එන්නම් කියල ආයෙ ගෙදර ගියා...  ශ්‍යාමිකයි පැංචයි එලියෙ ඉන්නවා...
අනිත් උන් ටිකත් ඇවිත් ගියා.... ව්‍යංගත් ටිකකට කලින් ගියා...."

ඈ....... ව්‍යංගත් ආවද..... පිස්සු බම්ප් වෙනව ඕයි.... දැන් ටිකකට කලින් ගියා කියන්නෙ මෙච්චර වෙලා ඉදියද..

මම ලහිරුවගෙ අතේ තිබුන ෆෝන් එක හරවල වෙලාව බැලුවා...

පහට කාලයි.... .. .. අපි තිලිණයලගෙ ගෙදර යනකොට දොලහ මාර විතර වෙලා...  එහේ පැය බාගයක් ඉදියෙ නෑ... ඒ කියන්නෙ එකයි... එතකොට ඒ වෙලාවෙ ඉදලම ව්‍යංග ඉදියද...

"ව්‍යංගත් ආවද බං... ?
එයා කොහොමද ආවෙ...?? ..
මෙච්චර වෙලා ඉදියද එයා....???
කීයටද ගියේ... ???? "

මම මගේ හිතට ආව ප්‍රස්න පත්තරේම ඇත ඇරිය ලහිරුව ඉස්සර...

" කටවහන් ඉදපං යකෝ...... ෂික්... මටත් කටවහන් ඉන්න බෑනෙ..."

ලහිරුව ඇදට ඔලුව ගහ ගත්තා...

"හරි කට වහන් ඉන්නං  උඹ  කියපං කො..."

"තොට ඒ යන්සෙ හින්ද  මෙච්චර දෙයක් වෙලත් චුට්ටක් ඉවසන්න බෑ... අනිත් එක ඒ කෙල්ලගෙ වරදක් නෑ... තොගෙනෙ කොන මොකාද එකා කාල තියෙන්නෙ.... "

මූ මේ මොනවද කියනෙ.....

"අහපු එකට කිය.... "

මම ආයෙත් කතා කරන්න කට අරිනකොටම ලහිරුව මගෙ කටින් අල්ල කතා කරන එක නැවැත්තුවා... ඌ අල්ලපු පාර රිදුනත් එක්ක...

" හරි හරි කටවහන් ඉදපං.. විස්තරේ කියන්නම්... "

ලහිරුව වටපිට බලල උස්මක් ගත්තා...

" උඹ උලම වගේ දුවගෙන යද්දි අපිත් පස්සෙන් ආව තොට මොන මල යකෙක් වැහිලද බලන්න... අපි ගේට් එකෙන් එලියට එනකොටමයි උඹ බස් එකෙන් වැටුනෙ.. වැටෙන කොටම ඩ්‍රයිවරය.. බස් එක නවත්තගත්තා..  නැත්නම් ඉතිං පෙට්ටියත් සීල්...

මට ආයෙමත් හිනා ගියා.... හිනා යන හැම වෙලාවටම කට රිදෙනවා.....

උඹ වැටෙනකොටම ව්‍යංගා මර විලාප දීල කෑ ගැහුව උබේ නම කියල..  අපි දුවල එනකොටත් ඒකි බස් එකෙන් බැහැල උඹව උස්සන්න හදනවා... උඹට සිහිය නෑ...  පවු  වැඩේ  බං.. ඒකිගෙ ඇදුමෙත් ලේ ගෑවුනා...  තිලිණය පටගාල ටුකක්  කතාකරගෙන ආවා මායි ශ්‍යාමිකයයි පැංචයි.. උඹ දාගෙන ආව.. කෝපරේටිවු එකට, ලග නිසා..   ඒත් එතනට එනකොටම උඹට වමනෙ ගියා.. ඒපාර එහෙන් කියාපි කරාපිටි ගෙනියන්න කියල...මොනව කරන්නද.. එහෙමම කරාපිටි ඇද්දා... උඹව ට්‍රොලියෙ දාල ඇඩ්මීට් කරන්න යනකොටම මෙන්න ඒකිත් එතන.. මොන ලෝකෙන් ආවද දන්නෙ නෑ...දාපි හොල්මන් වෙලා ගියා.... පස්සෙ තමයි කිවුවෙ.. අපි උඹව අරන් එනකොටම එයත් ටුකක් කතා කරගෙන අපේ පස්සෙන් ඇවිල්ල...  එතනට වෙලා ලේන්සුව වික වික අඩනව අම්බානෙක... ඒකිගෙ ඇදුමෙත්  ලේ එකයි... මිනිස්සුත් බලනවා... පස්සෙ ශ්‍යාමිකය ශේප් කරල එහාට එක්කගෙන ගියා... පවු බං.... 

"ආ.. තව මගුලක්... ටුකේ ආවට අතේ සල්ලි තිබිලත් නෑ...  ශ්‍යාමිකයත් එක්ක එලියට ගියානෙ ටුකට තුන්සීයක් ඉල්ලලා... දෙසීයයිලු තිබුනෙ.. ඒපාර ඩ්‍රයිවරයට්  කාරයට අයිඩී එක දුන්නලු පස්සෙ ඇවිත් දෙන්නම් කියල... ඌ තිලිණයලගෙ ගෙවල් ගාව එකෙක්  තිලිණය ඉනව දැකල ඌ කතා කරල පස්සෙ ඌ ගිහින්..."

ලහිරුව එක හුස්ම ගන්නෙත් නැතුව කියාගෙන යනවා..... කතා කරන්නෙ නැතුවම ප්‍රස්න මුකුත් නැතුවම මමත් අහගෙන ඉදියා... කතා කරන්න ඕනෙ උනත් කටට වචන ආවෙනම් නෑ.... ඇයි එයා එහෙම කරේ... ??? ඒ කියන්නෙ එයත් මට ආදරෙයි.. නැත්නම් මෙච්චර කට්ටක් කාගෙන මගේ පස්සෙ එන්නෙ මොකටද...

"එපාර උබව වෝඩ් එකට දැම්මාම මෙතනට එනකං ආව.... නර්ස් ගෑනියෙක් ඇවිත් එක්කෙනෙක් ඉදිද්දි අනිත් අයට යන්න කිවුවා...  මම නැවතුනා.. ශ්‍යාමිකයයි පැංචයි එලියෙ ඉන්නම් කියල ගියා...... උඹට  සිහිය ආවම කෝල් කරන්න කියල... ව්‍යංගත් ගියා... මෙන්න හතරට විතර ආයෙ එනවා මෙතනට.... මම ඩිම් උනා....  මම ඇහුව ගියේ නැද්ද කියල... ඔලුව වැනුව විතරයි... උඹ දිහා බලාගෙන ඉදියා... පස්සෙ මගෙන් අහනව ඔයා රෑ ඉන්නවද කියල...   මගේ නම්බර් එකත් ඉල්ලගෙන ගියා...."

ලහිරුව කතාව කියාගෙන යනකොට මට හිනා යන්න ඇති..

" ඔවු ඔවු... ඔක්කොටම පරිප්පු නැව බාල උඹ හිනාවෙයන්....  අහවල් මගුලකටද බොල බිජ්ජෝ  යන බස් එක එල්ලෙන්න ගියෙ..... තොට  අර සිරසෙ මෙගා එකක් මතක් උනාද... බලපං... කෙල්ල තොට පන ඇරල...  එහෙවු එකේ  නිකාන් බෙල්ල ගලවගන්න හදනව..

මුගේ බැනිල්ල කෙලවරක් නෑ...  මේ එකයි.. අනිත් එවුන් ටිකත් ආවම මගෙ කනටත් මැහුම් දාන්න වෙයි...

"ඉතිං ඒකනෙ බං මමත් කෙල්ලට පණ ඇරල නිසානෙ දුවගෙන ගියේ හම්බ වෙන්න..... "

මගේ ෆියෝනා කුමාරිගෙ ආදර පරිත්‍යාගය දැකල ප්‍රීතියෙන ඔකද වෙලා ඉදපු මම එහෙම කිවුවෙ.. මල පැනල ඉන්න ළහිරුවට තවත් මල පනින විත්තිය හොදටම දැනගෙනයි...

" අනේ මගෙන් අහගන්න එපා උඹ... පන ඇරල... අම්මගෙ රෙද්ද.... දැන් මෙතන වැල් බයිල ගහනවා.. කෙල්ල එරෙවුව කියල මූණ පුක කරගෙන මූඩ් ගහ ගහ ඉදල.. ඒකි දැක්ක විතරයි කලිසම ගලවන් ගියත් දන්නෙ නැති උනා තොට... පස්සෙන් දිවුවා.. ඒකිත් එක්ක කතා කරන්න...
දැන් මෙතන  බෙල්ල කඩාගෙන  අපිට දානෙ ගෙදර ආතල් එකත් නැති කරා මදිවට එනව පඩි ටෝක් දෙන්න... තෝ හින්ද  එකෙක් දවල්ට කෑවෙ නෑ.... "

ලහිරුවට සිරාවට මල පැනල...  මට බැන ගෙන බැනගෙන ගියා...  කෑවෙ නැති කතා කිවුවෙ ඒ ගැන දුකකට වඩා.. මම කරගනිපු එකේ තරහට බව දන්නව උනත් එකෙක්වත් මම නිසා කෑවෙ නෑ කියල දැනගත්තාම  හිතට මොකක්දෝ උනා...  ඊට පස්සෙ වචනයක්වත් කිවුවෙ නැත්තෙ ඒකයි මම....

එතකොටම පැංචයි ශ්‍යාමිකයි මතු උනා ඇදගාවින්....

" ආ මස්සිනා.... කොහොමද ඉතිං...  දැන් සනීපද.. ලවු දෙපිටින් ගියාද... ?? "

ආපු ගමන්... පැංච මගේ තුවාල නොවී තිබුන කකුලට ගැහුවා...  ශාමිකය ලහිරුවව එහාට කරගෙන බංකුවේ බාගයක් ගැහුවා...

" උඹල කොහෙද ඉදියෙ... ??"

ශ්‍යාමිකය  මම කියපු එකට උත්තර දෙන්න කට අරිනවත් එක්කම මගේ ඔලුව ගාවින් මතු උනේ අක්කා.. ඊට පිටිපසෙන් අම්මයි තාත්තයිත් ආවා... ගෙනාපු ඒව එතන තියෙන උස මේසෙ උඩින් තියල අක්ක මගේ ඔලුව අත ගෑවා...

"දැන් හොදයිද... ඔලුව රිදෙනවද... ??"

අක්කගෙ කටහඩ තාම ඉකි ගැහෙන්න වගේ... ... වෙනද මට කෑගහල බැනගත්තු ගමන්ම ඉදපු එයා.. එහෙම කතාකරනව ඇහුනාම.. මහාම මහා දුකක් හිතට ආවෙ නිකන්මයි..... වෙනසක් නොතේරෙන්න එකම එක  වචනෙකින් විතරක් මම උත්තර දුන්නෙ ඒ නිසා...

"ටිකක්... "

එයා මට  කොච්චර බැන්නත්.. අම්මට කේලම් කිවුවත්.. මට ලෙඩ ඇද්දත්.. ඒ හැමදෙයක්ම කරේ ආදරේට... 

සමහර විට අම්මටයි තාත්තටයි වඩා එයා මට ආදරේ ඇති...   එයාගෙ අතේ සීතලට ඔලුවෙ රිද්දිල්ල ඔක්කොම නැති වෙලා යනව වගේ.. මම මගේ  අත එයාගෙ ඉන වටේට දාගෙන ඔලුව එයාගෙ ඇගට හේත්තු කරගත්තෙ මොකක්දෝ හේතුවකට මට ඇඩෙන්න වගේ ආව නිසා....

                                                       කොච්චර එයා බැන්නත්.. අක්ක අඩනවනම් බලන් එන්න බෑ මට... කොච්චර මදාවි වැඩ කරත්... දැගලුවත් කෑ ගහුවත්... පඩිටෝක් දුන්නත්... මම මහා බොලද කොල්ලෙක් වෙන්න ඇති....ඉස්කෝලෙන් පැනල ගියත්... හොරෙන්  සිගරට් බිවුවත්... වලි වලට ගියත්...කොල්ලෙක් හැටියට මම සංවේදී වැඩි වෙන්න ඇති... ඒක නිසයි කවදාවත් හිතේ ඇති  නොවිච්ච විදියෙ හැගීමක් ඇති උන ව්‍යංගා  එක සැරයක් කතා නොකර ගියාම දුක හිතෙන්න ඇත්තෙ... කිසිම පලක් නැතුව මේ බෙල්ල කඩාගන්න ඇත්තෙ...  ඒ කරපු බූරු තකතීරු වැඩේට මම තාමදුක් වෙනවා.. ඒත් අක්ක අඩනකොට මගේ ඇහැටත්  කොච්චර මුරංඩු කොලෙක් වෙලත් කදුලු එන්නෙ ඒ සංවේදී කම නිසානම්.... ඒකට මම පට්ට කැමතියි.....

                       ළහිරුවල මට බනිනව මම කරන්න ගියේ පිස්සු වැඩක් කියල... ඔවු මම දන්නව... ඒක පිස්සු වැඩක් තමයි..ඒත් හිතේ තිබුන ප්‍රස්නෙට උත්තරයක් හොයන්නයි මම එහෙම කරේ... ඒක මහා මෝඩ තකතීරු වැඩක් විත්තිය දැන් තේරෙනව.. ඒත් පස්මහ බැලුම් බලල  අපිට ඕනෙ විදියට ලවු කරන්න පුලුවන්නම් අර සාලිය කාරයත් හේමමාල ඕනෙ පුකක් කියල අන්තක් පුරයක්ම දාගෙන ඉන්නවනෙ... ආතල් එකේම...

         මම මගේම හිත සාදාරණිකරනය කරන්න ෆුල් ගේමක් දුන්නා.. අම්මයි තාත්තයිත් ටිකක්වෙලා ඉදල යන්න ගියා යන්න කලින් තාත්ත ලහිරුවට සල්ලි වගයක් දෙන්න හැදුවට ඌ ගත්තෙම නෑ... ...

         ඕනෙ වෙලාවක ගේමට වගේ හිටියට කොච්චර හොද යාලුවො සෙට් එකක් ඉන්නවද කියල හිතිල මටආයෙත්  හිනා ගියේ ඉබේටම... දානෙගෙදර.. කෙල්ලො ... ඔක්කොම  දාල මාව උස්සගෙන ආව මුන් එකෙක්වත් දානෙ කෑවෙ නෑ කියල මම දන්නවා.... දැන් මගේ ගාව රෑට මේ ඉන්න හදන්නෙත් කවුරුවත් කියලත් නෙවෙයි....  උන්ට ඕනවටමයි... තාත්ත වියදමට දෙන සල්ලි ගන්නෙත් නෑ ඒ මදිවට....

තාත්ත ඒ සල්ලි එහෙම ඇදගාවට ඇවිත් මගේ අතේ ගුලි කරල යන්න ගියා...  කොච්චර උනත් තාත්ත දන්නව ඇති කොල්ලොන්ගෙ අවශ්‍යතාවල් නිදිමරණ කොට... 

අක්ක මගේ නනලත් ඉඹල ගියාට පස්සෙ අපේ උන් සෙට් එක වට උනා.. .... ලහිරුව කියපු බණ ඩබල් ට්‍රිබල් වෙලා ආයෙත්  කන පිරෙන්නම අහගත්තා.... ලෙඩා බලන්න උන්ම  ගෙනාපු ඇපල්.. දොඩං.. මට යංතං කෑල්ලක් දෙකක් දීල උන්ම  බෙදාගෙන  කාල වෝඩ් එකෙන් යනකොට හතත් කිට්ටුයි... ඒකත් වෝඩ් එක බාර බතල කොට මේට්‍රන් ගෑනි දෙසරයක් විතර එලෙවුවට පස්සෙ...

කට්ටියම ගියා කිවුවට පැංචයි ශ්‍යාමිකයි ලහිරුවයි තුන්දෙනාම නතර වෙලා...

"ඒයි.. තුන් දෙනෙක්ට ඉන්න දෙන්නෙ  නෑ බං.. අර ගෑනි ලෙඩේ දාවි ආයෙත්.."

" තෝ හිංද නැවතුනේ කවුද... අර එහා ඇදවල් දෙකේම ලෙඩ්ඩු ගාව කවුරුවත් නෑ.. අපිට අනුකම්පා හිතුනා... බලන්න ආව වෙලාවෙ ඒ මිනිස්සුන්ගෙන් අහුවා.. එයාලත් උඩින්ම කැමතියි.. ඉතිං ඒ ලෙඩ්ඩු දෙන්න බලාගන්න අපි ඉදිරිපත් උනා...  සමාජ සේවේ..... අපි හිත හොද පරාර්ථකාමී මිනිස්සු...
නැද්ද අංකල්..... "

පැංච ඒ ටික කිවුවෙ නටල...වැඩ දාල.. එහා ඇදේ අංකල්ටත් එක්කමයි... අංකල්ටත් හිනා උගේ කතාවට...  එතකොටම ලහිරුව හිමීට හිමීට මගේ ලගට ඇවිත් කතා කරා...

"මචං විහඟ.... "

"මොකෝ...."

"ව්‍යංග ලයින් එකේ... "

ලහිරුව කිවුවෙ උගේ ෆෝන් එක මට දික්කරණ ගමන්....



හොර හොරෙන් බැදි නුබේ ආදරෙ
හිනැහි හිනැහී හංගලා...
අඩ අඩා විත් විලස සාගෙරෙ
හෙමි හෙමින් විත් පෙන්නලා.....        

                                              මගදිගට 14න්.. ලගදීම එනවා....




                     


63 comments:

  1. සිරසෙ මෙගා එකකට වඩා පට්ටය....
    මම ගොඩාක් ආසාවෙන් කියවන කතාවක්...:D :D

    ReplyDelete
  2. අයිසම්මා ගුන්ඩු කිවාලු.. කොල්ලා තම පෙම්වතී ලග බටර් වෙනුවට ලේ හලලා.. අම්මේ කොමද ආතල් එක අතක් පයක් හරි කඩාන කෙල්ල ගොඩ කියලා දැන ගත්තාම ... :D ඇඩෙනවා.. :D :D

    ReplyDelete
  3. ඇඳුමෙ ලේ එකයි,ලේන්සුවත් වික වික අඬනව කිවුවම හිතුනෙම වෙන එකක්ය ඕන්.ජය :)

    ReplyDelete
  4. අම්මට සිරි වැඩේ නැගල යනව වගේ ආ :D ඔහොම යං ඔහොම යං :D

    ReplyDelete
  5. අඩේ.. සීන් කරන කෙල්ල ඉස්සෙරහ තුවාල කරගත නම ලව් ද කියල බලාගන්ඩ තිබ්බා...හුරේ කොල්ල ගොඩ...+

    ReplyDelete
  6. අහවල් මගුලකටද බොල බිජ්ජෝ යන බස් එක එල්ලෙන්න ගියෙ..... තොට අර සිරසෙ මෙගා එකක් මතක් උනාද... බලපං... :D:D
    eeth.... සමහර විට අම්මටයි තාත්තටයි වඩා එයා මට ආදරේ ඇති... එයාගෙ අතේ සීතලට ඔලුවෙ රිද්දිල්ල ඔක්කොම නැති වෙලා යනව වගේ.. මම මගේ අත එයාගෙ ඉන වටේට දාගෙන ඔලුව එයාගෙ ඇගට හේත්තු කරගත්තෙ මොකක්දෝ හේතුවකට මට ඇඩෙන්න වගේ ආව නිසා....:(:(
    ada kolla hageem bara wela me hariya kiyawaddi mage as walath kadulu..:'(
    ----------------------
    niyamai podi man.. 14 enakam balan innawa...
    jaya.!!!!!!

    ReplyDelete
  7. පරක්කුයි බං!ඊගාව එක ඉක්මට දාපං!

    ReplyDelete
  8. @ සුදු කොල්ලා :- :D :D තෑන්ක්ස් මචං.... :)

    ReplyDelete
  9. @ Bunny :- දැන් උඹට ඇඩෙන්නෙ කෙල්ල ගොඩ නිසාද... අතක් පයක් කැඩුන නිසාද.. ???

    ReplyDelete
  10. @ සඳ කිදුරා :- අපෝ උඹලගෙ වල් කම චික්..... මාවත් නරක් වෙනවා.. ඕක දානකොට මගේ තුන් හිතකවත් තිබුනෙ නෑ උඹල ඔහොම වෙන දෙයක් හිතාවි කියල... චික්...

    ReplyDelete
  11. @ ChAnDiKa :- කොහෙද බං නැගල යන්නෙ නැගිටගන්න බැරුව ඉන්නකොට :D

    ReplyDelete
  12. @ ශාන :- අන්න කොල්ලො.. ඉගන ගනිං මචං ඉගන ගනිං.. පැනපං බස් එකකින්.... ටග ගාල කැමති වෙනව කෙල්ල...

    ReplyDelete
  13. @ Gayana :- අග්...දැම්මම අඩනවද... ??? ;)

    එල එල පුලුවන් ඉක්මනට දාන්නම්කෝ... ස්තූතියි අක්කෙ...

    ReplyDelete
  14. @ Sabitha :- අඩේ සොරි වේවා බං... අනිත් ඒව වගේ මේක ලොයන්න බෑ බං.... ඒකයි... එලැ... අනිත් එක දානව පුලුවන් ඉක්මනට...

    ReplyDelete
  15. ඇර පොඩි මෑන් ඇර......කතාව යනව ගින්දර වගේ...උඹ ලියන Style එක මරු...14 ඉක්මනට දාන්න.I'm dying to know what happens next.

    ReplyDelete
  16. එපිසෝඩ් 13 ම එක හුස්මට කියවන්න පුළුවන් වෙන විදියට ත්‍රාසය භීතිය කුතුහලය ප්‍රේමය ආලය සිනහව සහ කොමිටල් කෑලි පත අට එකට සිඳවා හොඳට ලියලා තියෙනවා.
    අපිත් සමහර වෙලාවට පන්ති කට් කරලා ගමගේ සෑර්ගෙන් කණේ පාර කාලා තිබුණත් ඒ සිදුවීම් මෙච්චර ත්‍රාසජනක නෑ... කොහොම වුනත් මලයගේ කතාව මාව අතීතෙට අරං ගියා නොදැනීම.. ඒකමයි කොච්චර වැඩ තිබුණත් එක හුස්මට ඔක්කොම කියවලා දැම්මේ...
    දිගටම ලියන්න... හරි ලස්සනයි කතාව...

    ඇල්කෙමියා

    ReplyDelete
  17. Kellage cl ekata ambaanaka bilak ei.. kawada muu anik kotasa daida dannane.. :(

    Thilini akka

    ReplyDelete
  18. අනේ බුදු අයියේ...........

    රෑ හීනෙන් වගේ මතක්වෙලා ආවෙ...උදේ දානව කියල කියපු නිසා....

    අනේ අයියේ.......
    කියන්න වචන නැහැ.ඔයාගෙ මේ කතාවට කිසිදෙයක් කියන්නත් බැහැ.මොකද මේ කමෙන්ට් හැම එකක්ම පොඩි වැඩී...ඔයාගෙ කතාවත් එක්ක බලනකොට..

    කොහොම ලියනවද මන්ද...
    කියවන වෙලාවෙ ඒ කතාව ඇතුලෙ අපි ජීවත් වෙනව අයියේ...

    (පවු පුරෝගන්නෙ නැතුව ඉක්මනට 14 දාන්න හොදේ....)

    හැබැයි ඔයා ලියන්න පටන්ගත්තොත්....
    අර අපේ පොල්සම්බෝලෙට ලුණු ඇඹුල් දාන හැටියි,කිරි හොද්දට කහ දාන හැටියි...
    අයියට රසට තේක හදල දෙන්න ඕන හැටියි ලියන ෆැන්ටසි චෙෆ් මහත්තයගෙ පොත් සේරම කැලේ....

    (එක්කො එපා බං....උගෙ දරුපවුල පව්.....:P)

    ReplyDelete
  19. පොඩි මෑන්, මේ සීරීස් එක මට මිස් වෙලානෙ. හැබය් මේකේ දිග දැක්කම ආපහු ගිහින් මුල ඉඳල කියවන්න හිතන්නවත් බයයි.

    ReplyDelete
  20. පිස්සු බම්ප් වෙනව යකෝ....
    කෙල්ල ලයින් එකේනම් ප්ලේන් එකෙන් බිමට වැටුනත් මොකද නේද බං...

    ReplyDelete
  21. කෙල්ලක් සෙට් වෙන්න නම් බස් එකකට හැප්පෙන්නම ඕන :-D

    ReplyDelete
  22. ශා මරු මරු මරේ මරු,..
    හැප්පුන එකෙන් කොල්ලට ඩබල් බෝනස්,. නියමයිනේ,.

    ReplyDelete
  23. මේක මරු සීරිස් එක, අර අක්ක ගැන ටික කියවනකොට මගෙත් ඇස් දෙක බොඳ උනා. ලොකුවට හිතන් හිටියට අපිත් හරි සැන්ටිමැන්ටල් පොරවල් කියල තෙරුනේ එතකොට.
    හැබැයි යකෝ අර කෙල්ල හේමමාලා නෙමෙයි අශොකමාලා...

    ReplyDelete
  24. හැබැයි මචන් මේක ඕනවට වඩා දික් කරන්න එපා. එතකොට අප්පිරිය වෙයි. ඒක නිසා නිසි වෙලවෙදි ඉවර කරල, අලුත් කතාවක් ලියපන්.
    උඹ කොහොමත් ලෝකය විවිධ විදියට දකින එකානෙ. ඒක නිසා බය නැතිව අලුත් කතාවක් පටන් ගනින්. මොන මාතෘකාවක් යටතේ උනත් ඒකත් රසවත් වේවි.

    ReplyDelete
  25. අප්පේ.... හැප්පුනත් මොකෝ කෙල්ල ගොඩ නම් කිව්වලු... :))))

    ReplyDelete
  26. ආහ් ඔය බඩ පිරෙන්න ඉල්ලන් කාලා තියෙන්නේ

    ReplyDelete
  27. මල්ලියෝ අක්ක කෙනෙක්ගේ ආදරේ මල්ලිලට තේරෙනවා එහෙනම් ඇත්තටම කදුළු ආවා. මොකද මල්ලිලා දෙන්නෙක් ඉන්න අක්ක කෙනෙක් හින්ද උන් දෙන්න මගේ ඇස දෙක වගේ මගේ පොඩි මල්ලිට තුවාල උනාම බඩගින්නේ හිටියේ මම. ඉතින් අහන්න දෙයක් නැහැ. අක්කලට මල්ලිලා කියන්නේ ඒගොල්ලන්ගේ කොල්ලට,මිනිහට වැඩ වටිනා අය. අනික කොල්ලෝ ඕකම වෙනස් විදිහකට මට උනා මගේ කොල්ලගෙ බයික් එක මගේ ඉස්සරහම කැබ් එකකින් හැප්පුවම එයාව උස්සන් ගිහින් හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු වෙලේ මං හිටිය තත්වේ මතක් උනා මේ ටිකනම් හිතටම වැදුන පොඩි මෑන්. ඔබට ජය

    ReplyDelete
  28. ammooo yanthan othanin gihin beruna athi......

    Girl of 27

    ReplyDelete
  29. @ ලොකු අයියා :- තන්කූ තන්කූ.... :D I will try my best ලොකු අයියේ...

    ReplyDelete
  30. @ ඇල්කෙමියා :- අඩේ කෙමි අයියත් තරු කාරයෙක්දැ... :D එලනෙ... ස්තූතියි ස්තූතියි.... මාර සතුටුයි ඈ...

    ReplyDelete
  31. @ තිලිණි අක්කා :- මාම ඉතුරු ටික දානකම් එයා ලයින් එකේ ඉදීවි අවුලක් නෑ....:D :D

    ReplyDelete
  32. @ නිසපුගේ ලෝකය :- මාත් මේ රෙසපි ටිකක් ලියන්නයි හිතාගෙන ඉන්නෙ... හැබැයි ඔය කෑම නෙවෙයි බොනකොට බයිට් හදන විදි එහෙම.. :D
    ස්තූතියි කමෙන්ට් වලට නංගියේ... :)

    ReplyDelete
  33. @ Observer :- ඔබා මාමෙ කමෙන්ට් ටික නැතුව සීරියස් එක විතරක් කියවගෙන ආවොත් පයයි විනාඩි 40 විතර කියන්න පුලුවන්.... ගැරන්ටීඩ්.... ඒකයි එච්චර බයවෙන්න දෙයක් නෑ... :D :D

    ReplyDelete
  34. @ chaw chaw :- ප්ලේන් එකෙන් බිමට වැටුනාම කෙල්ල ලයින් එකේ නෙවෙයි ඔඩොක්කුවේ ඉදියත් මොකටද බං... :D :D

    ReplyDelete
  35. @ නලින් :- කෝච්චියකට හැපුනනම් එක සැරේට කසාදත් බදින්න තිබ්බා...

    ReplyDelete
  36. @ ප්‍රාර්ථනා :- අන්න බලපල්ලකො කෙල්ලො හිතන විදිය... ඌ මේ මස්ත බාල්දුවෙලා ඉන්නව මුන්ට ආතල්... සික්...

    ReplyDelete
  37. @ uwiniran :- අක්ක ගැන කියන ටිකට ගොඩක් කට්ටියට කදුලු ආවලු... හිනාවෙන්න හිතං නොලියන ඒවටත් හිනා වෙනවා.... සමහර ඒව මම හිතලම ලියනව කට්ටියට හිනා වෙන්න... ඉතිං කට්ටිය හිනා වෙනවා.. බඩ අල්ලං.. අඩන්න නොලියන ඒවටත් කට්ටියගෙ අස් වලය කදුලු ආවලු... එතකොට... අනේ මන්දා...

    හරි හරි බං කවුරුහරි මාලනෙ... බස් එකෙන් වටිල ඔලුව වැදිල ඉන්න එකෙක්ට ඔය මාලල පැටලැවෙනවනෙ බං :D

    මෙහෙමයි මචං මම මේකෙ ප්ලවෙනි කොටස බ්ලොග් එකේ දානකොටත් මුලු කතාවම ලියල අවුරුදු දෙකක් විතර ගිහිල්ල.. හැබැයි ඒ ලිවුවෙ පොතක... බ්ලොග් එකක ඒ විදියට රන් කරන්න අමාරු විත්තිය දන්නවා... ඒක නිසා මේ දාන්නෙත් එඩිට් කරල හෙන ගේමක් දීල.. ලියන ස්ටයිල් එක වෙනස් නොකර.. ලියන එක විසි තිස් සැරේ කියව කියව... මොකද මේ මගේ පස්ට් නව කතාවනෙ බං.. අනික මම ෆ්‍රොෆෙෂනල් රයිටර් කෙනෙකුත් නෙවේනෙ බං... හිතේ අදුන කතාව වෙනස් කරන ගියොත් මට පැටලෙනවා.... උඹලට දැන් පටලැවිල තියෙනව වගේ... අහන්න එපා කොහොමද පටලැවුනෙ කියල... ඉස්සරහට පෙනේවි කොච්චර උඹල පටලැවිලද ඉන්නෙ කියල :D :D

    අලුත් කතාවකුත් හිතේ තියෙනවා.... ;)

    ReplyDelete
  38. @ නිසූපා :- ඒකනම් ඇත්ත... ඒත් තුවල වෙච්චා ??

    @ ශානු :- :(

    ReplyDelete
  39. @ දුෂ් :- එච්චරයි ඕනෙ... කතාව සාර්ථකයි කියල දැනෙනව මට මාර සතුටුයි....
    මට ඕනෙ උනේ ෆැන්ටසි වලින් එහාට ගිය ඇත්ත ජීවිතේ කතාවක් ලියන්න... ෆන්ටසි වලින් හීන ලෝක මවනවට වඩා.. තිත්ත ඇත්ත රහට විදින්න පුලුවන් විදියෙ කතාවක් ලියන්න... වෙන්න බෑ කියල හිතුනත් ඇත්ත කතාවක් ලියන්න...
    කට්ටියගෙ කමෙන්ට් කියවනකොට හිතට දැනෙනවා පොඩි මෑන්ගෙ වැඩේ ගොඩ වගේ කියල... ඉතිං පට්ට හැපි.. ස්තූතියි ඉතිං බොක්කෙන්ම...

    ReplyDelete
  40. @ Girl of 27 :- ශුවර්ද ඇති කියල.... මටනම් හිතෙන්නෙ මදි කියල... කියවල බලන්නකො ඊලග කොටසුත් :D

    ReplyDelete
  41. අහවල් මගුලකටද බොල බිජ්ජෝ යන බස් එක එල්ලෙන්න ගියෙ.....?? :D අක්ක ගැන ලියපු ටික කියවනකොට නම් සිරාවටම ඇස් වලට කඳුළු ආව බන්... උඹ ලියන ස්ටයිල් එක එල, උපරිමයි. ඉක්මනට ඊලග කොටස දාපං....

    ReplyDelete
  42. කියවන්න ආශාවෙන් ඉන්නේ ඊළග කොටස.....

    ReplyDelete
  43. එල බ්‍රො එල පට්ට පදිරි කතාව. හැබැයි ටිකක් ඉක්මනට ලියපන්. එන ආත්මෙත් උබ පොඩි වෙලාම ඉන්න ඔනා

    ReplyDelete
  44. ඊලඟ කොටසත් ඉක්මනටම ලියනු

    ReplyDelete
  45. මං එක හුස්මට කියවන ආව.. වෙනද වගේම ෆට්ටය..

    ReplyDelete
  46. උඹේ ස්ටයිල් එක නම් පට්ට.ලොවෙත් නැ.උඹේ blog 1 full කියෙව්වා එක දිගට. ඒ තරම්ම ආස හිතෙනවා. නව කතාව එලම කිරි.ඊලග එක ඉක්මනට දාපන්.

    ReplyDelete
  47. පික්සුද යකෝ.. කෙල්ල ගොඩ ගිය නිසා ඇඩෙන්නෙ.. උමේ අතක් පයක් කැඩු නා නම් මං උඩ පැන පැන හිනා වෙනවා..
    අතන්දි ඇඩෙන්නෙ අර අහිංසක කෙල්ල පවූ නේ කියලා හිතිලා :D :D

    ReplyDelete
  48. අඩේ සුපිරියි බන්.... ස්කෝලෙ කාලෙ මතක් වෙනවා... ඉක්මනට ලියහන්කො රෙද්ද මීට වඩා... සතියකට 2 ක් වත් දැම්මොත් අපි සතුටුයි.. උබට අමාරු උනාට කමක් නෑ... හික් හික්...

    ReplyDelete
  49. මැක්සා මචෝ. සිරාවටම ලියලා තියෙනවා. අනිත් එක ඉක්මනටම දාපන් මචන්....

    ReplyDelete
  50. @ රවිදූ :- ස්තූතියි... :)

    @ සුජානි :- දානවා දානවා...

    ReplyDelete
  51. @ ච්මී :- ඈ.... ඊලග ආත්මෙ.. ??

    @ මධුරංග :- එසේය.. ස්වාමීනි එසේය...

    ReplyDelete
  52. @ ක්සැන්ඩර් :- තැන්කූ...

    @ koba :- තෑන්ක්ස් මචං... දානව දානව... ඉක්මනට දානවා.

    ReplyDelete
  53. @ Bunny :- තොට රිප්ලයි කරන්නෙ නෑ මම

    @ පිස්සා :- උඹ කියාවි... වෙන වැඩක් නැති වෙනවා මට... :D :D

    ReplyDelete
  54. wt i can say... i love this .... cant wait till to get know wt happen next.. great work man..

    ReplyDelete
  55. ඔව් බන්

    ReplyDelete
  56. මලේ මලු බං,,,ස්ටේරිය ගැන කියන්න මෙව්වා නෑ බං...ඉක්මනට අනිත් කෑල්ල දාපං බං පැටියො...........

    ReplyDelete
  57. patta katawa aya hodanna deyak na.mata internet na eth me blog eka dakapu dawase indan mage yaluwekge pc ekakin utath lede dala katawa okkoma kiyewwa.pattama pattai.lawak unama honda atal ekak wenna oni.eka hamoma hamomat ekka bedaganne na.a atin me karana wade pattai..........attatama apita samanyen hitena widihata atdakim walin danna dewal haitata wadenna liyala tiyenwa.ayya karana wadeta kyanna deyak nattatama maru.good luck........meken matat hituna mage love ekat liyala danna.bye................50djchincy@gmail.com

    ReplyDelete
  58. මේක හොය හොය කියවන කතාවක බන්...
    උඹ අතිශය සාර්ථකයි!!

    ReplyDelete
  59. මට මේ කතාවේ කොටා ටිකක් මඟ ඇරිලා. දැනුයි දැක්කේ...
    කතාව ට හොඳ ගලා යෑමක් තියෙනවා. ඉතුරු කොටසත් ඉක්මණ ට දාන්න.......

    "සියල්ල සිදු වන්නේ යහපත සඳහා ය" කියලා පුරාණ පඬිවරු කිව්වේ කට කහනව ට නෙවේ බොලන්............ :D

    ReplyDelete
  60. මචන් මේක නම් පට්ටම පට්ට. මම එහෙම කියන්නෙ ඊට වඩා හොඳ වචනයක් මට හොයාගන්ඩ බැරි උන හින්ද

    ReplyDelete
  61. This post is invaluable. How can I find out more?
    Feel free to surf my blog post - latest transfer news soccer summer 2010

    ReplyDelete