2011-12-19
මම තවත් විදුහල්පතිතුමාගේ පුකට පයින් නොගසමි
ඒ ජීවිතේ ලස්සනම කාලෙ... ඔවු... ගොඩක් අය ආයෙත් යන්න කැමති ඒත් යන්න බැරි කිය්න්න බැරි තරම් ලස්ස්න මතකයන් ටිකක් විතරක් ඉතුරුවෙච්ච පාසල් කාලෙ.... ඒ කලෙත් හොදම හරිය... ඒ ලෙවල් කරන කාලෙ...
ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ගියාපු පොඩි මෑන් අවුරුදු දෙක පුවාවටම පන්තියේ ඉදියෙ බොහොම ටික දවසයි.... පාසලේ ජේෂ්‍යට ශිෂ්‍ය නායකයෙක් විදියට තේරුනාට පස්සෙ පන්තියට ගියේ අතේ ඇගිලි වලින් ගනින්න පුලුන් දවස් ගානක්...
ඔන්න ඔය කියන පට්ටම ලැබුන මුල් දවස්වල පොඩි මෑන් ඇතුලු අනිත් උදවිය ඉදියෙ පොඩ්ඩක් විතර පොලවට උඩින්... තමනුත් එකොලහ වසරෙදි ඔය කියන ශිෂ්‍ය නායක අයියලගෙ දන්ඩ නීති සංග්‍රහයට යටත් වෙලා උන්ව මරාගෙන කන්න තරම් කේන්තියකින් ඉදපු බව එක මාත්‍රාවක් මතක තිබුනෙ නෑ...
දැන් අයියල අපිනෙ ඩෝ....
ඉස්සර කොච්චර හොදට කොන්ඩෙකපාගෙන සපත්තු පොලිෂ්කරගෙන ගියත් උන්ට මොකක්ම හරි වැරැද්දක් තිබුනා ඒක නිසා ගොඩක් ඉස්කෝලවලට පොදු ධර්මතාවයක් වෙච්ච ශිෂ්‍යනායකයන්ගෙ හා එකොලහවසර ගැටුම් හැම අවුරුද්දෙම කෙලවරක් නෑ... පොඩි මෑන් එකොලහවසරෙත් තිබුනා... පොඩිමෑන් ඇතුලු පිරිස ශිෂ්‍යානායකො උන අවුරුද්දෙත් තිබුනා...
අවුරුදු තුනක ශිෂ්‍ය නායක ජීවිතේ පලවෙනි අවුරුද්ද ඉතිං ජුන්ඩො ... ලොකු අයියලගෙ මහා පාලන තන්ත්‍රයට යටත් වෙලා පාසලේ විනය රකින්න ඇප කැප වෙලා ඉදපු පරමාදර්ශ නායකො උන අපි අපේ බලපරාක්‍රමය පෙන්නුවෙ ඉකෝලෙ අනිත් උන්ට....
මේ සිද්දිය උනේ පට්ටම ලැබිල මුල් කාලෙමයි.... හදපානේ නිරුවත් වානර ජවනිකාව පෙන්නන්න ආසන්න කාලෙක.. ඔය ඇන්ටිගෙ ගෙදර වහලෙන් බැල්මට් දැමීම... ජොකා නැතුව කලිසම විතරක් ඇදල පොලිස් අංකල්ට සසර කලකිරීම වගේ සීන් උනේ මීට මාස ගානකට පස්සෙ... ජුන්ඩ ඉයර් එකේ අන්තිම කාලෙ...
දැන් ලස්සනම කාලෙ කියල හිතුනට ඒ දවස්වලනම් උදේට හිතුනෙනම් ජීවිතේ එපාම කරපු කාලෙ කියලයි...අලුතින්ම ශිෂ්‍යනායකයො පත් උනාම උදේ පාන්දර ඉකෝලෙ ඇවිත් ඩියුටි දාන එක අනිවාර්යි... 7.30 පටන්ගන්න ස්කෝලෙට එන්න ඕනෙ වෙලාව උදේ 6.15
ඇවිත් වෙලාව දාල අත්සන් කරන්න ඕනෙ.. විනාඩියක් පරක්කු උනා කියන්නෙ ඉතිං පුටු තමයි... රූම් එකේ තිබුන අපිට වාඩිවෙන යකඩ පුටු ටික වැඩිහරියක් තිබුනෙ කන්දෙකේ ගෑවෙන්න උස්සපු අපේ අත් උඩ... එක පුටුවක්ද දෙකක්ද... උස්සන වෙලාව විනාඩි දහයද පැයක්ද එහෙමත් නැතිනම් පැය තුනද හතරද... හිටගෙනද දනගහලද ආදිය තීරනය උනේ වැරැද්දෙ සභාවය අනුව....
ඔය පුටු කෙරුවාවෙ අමාරුව දන්න නිසා කොහොමහරි උදේ 6.15 කලින් ස්කෝලෙට එනව බෙල්ල කඩාගෙන හරි... වෙනද නැගිටින වෙලාවට දැන් අපි ඉස්කෝලෙ.. එහෙම ඇවිත් පොත අත්සන් කරලා තමන්ට නියමිත ස්තානවල රාජකාරියට යන්න ඕනෙ... ගේට්ටු වලට එහෙමත් නැතිනම පන්තිවලට...
ගේට්ටුවල ඩියුටි තියෙන අය පාසලේ නීතිසම්ප්‍රදායට අනුකූලව අනිත් ශිෂ්‍යයෝ එනවද නැද්ද... ඉතා විමසුමෙන් ඉන්න ඕනෙ...
පන්තිවලනම් අතුගාන්න නියමිත අයට කියල තුගාවලා... පහන පත්තු කරලා සයිලන්ස් බෙල් වලට සද්ද නවත්තලා ඉන්න මල්ලිලාව යොමුකරවන්න ඕනෙ....
මේ අවාසනාවනත දවසෙ පොඩිමෑන්ට රාජකාරි තිබුනෙ එකොලහවසරෙ පන්තිවල... දහය වසර තිබුනෙත් ඊට එහාපැත්තෙ... උඩ පන්ති තුනයි යට පන්ති තුනයි විදියට ශෙක්ෂන් එකකට පන්ති හයයි... ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නයි... උඩට එක්කෙනයි යටට එක්කෙනයි... ෂෙක්ශන් දෙකට හතරයි...
වැඩි කලබලයක් නැතුව මුල් පැය ගෙවිල ගියා... ඒත් පලවෙනි බෙල් එක ගහන්න කිට්ටුවෙනකොටම යට පන්තිවල මොකක්හරි වලියක පෙරනිමිති දැනුන නිසා පොඩිමෑනුත් හෙමින් හෙමින් පහල පන්ති පැත්තට ඇවිදගෙන ආවා... පහල පන්ති ටික බාරව තිබුනෙ කෑදරට... පොඩි මෑන් එතනට යනකොට... එකොලහවසරෙම උන් වගයක් ආරම්බ කරපු රංඩුව කෑදරගේ දේහදාරී අත්වලින් හා දහයවසර යට පන්ති භාරව ඉදපු ටැංකියවත්ත මැර කලූගේ භයානක හයේ හතරේ කනේ පාරවල් නිසා නිමාව දකිමිනුයි තිබුනෙ...
රංඩුවට සහභාගීවෙච්ච වැරදිකාරයන්ව එලියෙ වැඩිදුර පරීක්ෂන කටයුතු සදහා සිර අඩස්සියේ රදවාගනිමින් ප්‍රේක්ෂක ජනතාව නැවත්තත් පන්තිවලට යොමු කෙරුනා....
එතකොටම පලවෙනි සයිලන්ස් බෙල් එකත් ගහල ඉවරයි...
පහල පන්තිවල සද්දයක් නොතිබුනත්... පොඩිමෑන්ගෙ පාලන තන්ත්‍රයෙන් මිදුන උඩ පන්තිවල උන් තවමත් කෑකෝගහමින් වලියට ප්‍රතිචාර දක්වමින් ඉදියෙ පොඩිමෑන්ගෙ යකා හිස් මුදුනට නග්ගවමින්
උඩ පන්තිවලට යන පඩිපෙල තිබුනෙ බිල්ඩිමේ එහා කොනේ... ඉදපු තැන ඉදල ටිකක් දුරයි... .. වහාම ක්‍රියාතමක් උන පොඩි මෑන් පඩිපෙල තරණය කරලා පාසලේ විනය කඩකරමින් අවිනීත ලෙස හැසිරෙන නොසන්ඩාල ශිෂ්‍යයන් දමනය කිරීමේ උතුම් චේතනාවෙන් පඩිපෙල පැත්තට දුවගෙන ආවා....
පඩිපෙල නගින්න පලවෙනි පඩියට අඩිය තියනවත් එක්කම පන්ති තුනම මීයට පිම්බ වගේ නිෂ්ශබ්ද උනේ එක පාරට... යකා ආවේසයෙන් පඩිපෙල මුලට ආව පොඩි මෑන් පඩිපෙල මුදුනට ආවෙ .., තමාගැන මහත් ආත්ම අභිමානයෙන්... ඇයි යකෝ තමං එනව දැක්කලනෙ මුන් ටිකට බයේ පන්තිවලට දුවල විනීත සුවිනීත ශිෂ්‍යයො උනේ....
තමන් ගැන එසේ ඇතිකරගත් ස්වයං අභිමානයෙන්පඩිපෙලේ මුදුනට ලගාවෙද්දි, දැකපු දර්ශණයෙන් , යටපත් උන යකා... ආයෙත් හිස් මුදුනටම එන්න එක තප්පරයක් ගියේ නෑ...
පොඩිමෑන් වැනි අති ගාම්බීර ශිෂ්‍යනායකයෙකුගේ පැමිනීම තබ සතේකට ගනං නොගනිපු නොසන්ඩාල එකෙක් තාමත් කොරිඩෝවෙන් ලී වැටට අත්දෙකත් තියාගෙන එබිල පහල බලාගෙන ඉන්නවා......
වහාම මේ අවිනීත ශිෂ්‍යාට දඩුවම් කල යුතුයි.... ඒ පොඩි මෑන්ගෙ හිතට ආව සිතුවිල්ල...
අඩියට දෙකට මේ අවිනීත නොසන්ඩාල ශිෂ්‍යා ලගට ගිය පොඩිමෑන් ශිෂ්‍යාගේ පස්චාත් ප්‍රදේශය කරා දැවැන්ත පා පහරක් එල්ල කරා...
වේදානාවෙන් මිරිකුන ශිෂ්‍යා අත් දෙකෙන්ම තම පස්චාත් ප්‍රදේශය අල්ලගෙන පොඩි මෑන්ගෙ දිහාවට හැරුනෙ ශනිකයෙන්
කිරිගෝරිස් ආත මුචලින්ද නයාම කාපිය.... !!!
පොඩිමෑන් ශිෂ්‍යයෙක් කියා පයින් ගහල තිබුනේ එවකට වැඩබලන විදුහල්පති තුමාට.... එතුමාත් වැඩි ඇගපතින් මහත නැති ප්‍රමානයෙන් කුඩා පුද්ගලයෙක්.... ඒ මදිවට දිනපතාම පාසල ඇන්දෙත් සුදු කලිසමත් සුදු ෂර්ට් එකත්... පාසල් ළමයෙක්ගෙන් වෙන්කර අදුනාගැනීමට තිබුන එකම දේ කලිසමට බැදපු පටියයි, ටයි එකයි විතරයි...
අවීනීත ශිෂ්‍යයෝ හරි මගට ගැනීමට තිබූ උතුම් චේතනාවෙන් ඇස් අන්දවීගිය පොඩි මෑන්ට අහෝ....ඒවා නොපෙනී ගිය කරුමෙක මහත.....
විදුහල්පතිතුමාගේ වියපත් දෑසට ප්‍රථමයෙක් පොඩිමෑන්ගේ කකුල් දෙක ක්‍රියාත්මක උනා...
අඩි දෙකකට පඩිපෙලෙන් පහලට පැනපු පොඩි මෑන් නැවතුනේ රූම් එකේ... ශිෂ්‍යනායකයන්ගෙ කාමරේ...
එතැනින් නොනැවතුන පොඩි මෑන් සියලු සබ්බ සකලමානාවත් ඇතිව පාසලේ පිටිපස ප්‍රදේශයෙන් පැදුරටත් නොකියා නිවස දක්වාම පලා ගියා...
දවස් දෙකකට පස්සෙ ආයෙත් පාසලට එනකොට ලොකු අයියලා සින්කෝන් එක දැනගෙන නිසා පැය ගානක් පුටු දෙකක බර බලා හාෆ්ෂිට් සීයක දෙපැත්ත පිරෙන්න "මම තවත් විදුහල්පතිතුමාගෙ පුකට පයින් නොගසමි" කියා ලිවුවත් සයිලන්ස් බෙල් එකට අවනත නොවුවන වරදට තමාට දඩුවම් කල එකා මොකාදැයි තාමත් එතුමා දන්නෙ නෑ...
2011-12-18
තහනම් ගෙඩිය ______ හාට් Piercing...✿•*`¨" ය
ගලේ
රීපු
බළල
වගේ______ හාට් Piercing...✿•*`¨"
කලින් හා(ර්)ට් එකේ Pierce කරපුවා...
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න
මගදිගට 16 බැලුවෙ නැද්ද ??
2011-12-16
මගදිගට 16 "අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි..."
දවස් ගානක් රවුටර් එකේ අවුලක් නිසා මේ පැත්තෙවත් එන්න බැරි උනා.... පෝස්ට් එකක් ලියන්න බැරි උනේ ඒක නිසයි..... ඒකට බලවත් මෙවුව එක... ඔන්න බලන් ඉදපු කොටස...
අද වෙනකන් කතාව....
මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13
මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14
අද එතැන් සිට...
පිස්සු බම්ප් වෙනවා.... දැන්නම මට විකාරයි වගේ... විමංසා කිවුවා........ එතකොට... එතකොට... මේ....
...... ...... ......
මම මාරුවෙන් මාරුවට දෙන්න දිහා බලල තටමද්දි අනිත් එක්කෙනත් අපි ලගට ඇවිත් ඉවරයි.... ඔලුව පිස්සු බම්ප්වෙන තරමට පැටලැවිල ඉන්න වෙලාවෙ දැන් වෙනව රගපාන්නත්....
දැන් එතකොට මෙතන මගේ අතත් අල්ලගෙන මට ආදරෙයි කිය කිය ඇඩුවෙ මගේ තුන් හිතේවත් නොතිබුන විමංස කියල කෙනෙක්.... අනේ මම දන්නෙ නෑ....
"මොකද උනේ විහඟ... කොහොමද තුවාල උනේ මේ.... ??"
මම හිතින් ආදරේ කරපු ඇත්ත ව්‍යංගා තමයි මේ මම දිහා මේ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නෙ... තුවාල වෙලා කියල එයා දන්නෙවත් නෑ.... මේක නිකන් බොබ්මාලිගෙ කොන්ඩෙටත් වඩා ලිහාගන්න බැරි තරමටම පැටලැවිලයි තියෙන්නෙ... පිස්සු හැදිලා ආයෙ හැදෙනවා.... අර වැටිච්ච වෙලාවෙ රෝදෙ ඔලුව උඩින්ම ගියානම් මාර සනීපයි වගේ....
" මුකුත් නෑ.... "
මම නිකන ඕනවට එපාවට වගේ කිවුවා... ඇත්තටම මොනව කරන්නද.. මොනව කියන්නද.. දෙන්නත් එක්ක කොහොම කතාකරන්නද මොනවද උනේ... කිසිදෙයක් තාම හිහාගන්නවත් බෑ... ඒ හෙම වෙලත් ව්‍යංගට මොනවත් කියන්නෙ නෑ කියල විමංසට මම මේ දැන් පොරොන්දු උනා... ඒ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනත් ඒ පොරොන්දුව කඩන්නනම් මට හිතුනෙ නෑ....
"බස් එකෙන් වැටිලලු අක්කි... "
මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු විමංසත් කට ඇරියා... හිනාවෙලා එයා එහෙම කිවුවට කලින් අඩපු පාරවල් කලුවරේ උනත් ඒ සුදු මූනෙ බලාගන්න එච්චර අමාරු උනේ නෑ...
විමංස එහෙම කිවුවාම ව්‍යංග එයා දිහා බලපු බැල්මෙනම් තිබුනෙ සැකයක්... අපි දෙන්න මෙතන කතා කර කර ඉදපු එක මෙයාට එච්චර දිරවන්නෙ නෑ වගේ...
" එතකොට ඔයා අක්කි මෙයා නංගි.... කොහොම කොහොම හරි අක්කල නංගිල එකතු වෙලා ලොකු ලන්නක් දුන්න නේද මට... ??"
මගේ උපරිම භාවාත්මක රංගනයෙන් එහෙම කියල මම කතාව ආයෙමත් ට්‍රැක් එකට ගත්තා... නැතිනම් අක්කල නංගිල මෙතන කෙහිවලු පටලවාගන්නවා ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...
" අනේ නෑ... ඔයාටනෙ අපි දෙන්නව මාරු උනේ.... අපි දෙන්න ඔයාට ඒක කිවුවෙ නෑ එච්චරයි..."
ව්‍යංගා හිනාවෙලා කිවුවා... ව්‍යංගා, විමංස කියල අදුනගන්න පුලුවන් උනේ දෙන්න දෙපැත්තෙ ඉදපු නිසාය.. ආයෙමත් තැනකදි දැක්කොත්නම් ආයෙ හොයනව බොරු...
"ඉතිං කිවුවෙ නැති එක තමයි ඉතිං දීපු ලන්න...."
මම අහක බලාගෙන කිවුවා.... ටික වෙලාවක් යනකම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ...
මමයි ව්‍යංගයි ඉදියෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවගෙන.. අපි දෙන්නගෙ ඉස්සරහ ඉදපු විමංස එක පාරටම ව්‍යංගගෙ අතින් ඇල්ලුවා...
" අක්කි... අම්ම..."
එහෙම කිවුවාම අපි දෙන්නටත් ඒ පැත්ත බැලුනෙ ඉබේටම... ව්‍යංගලගෙ අම්ම දොරෙන් එලිට ආවෙ ඇන්ටිලා තව තුන් හතර දෙනෙකුත් එක්ක... ඇවිත් එතනම තිබුන ලොකු කුඩයක් යටින් වාඩි උනා...
තනියම නොවුනත් කොල්ලෙක් එක්ක මුල්ලකට වෙලා කතාකකරනව දැක්කොත් ඇන්ටි මොනව නොකියාවිද... තව දවස් හතරකින් කපන්න තියෙන මැහුම් ටික ඇන්ටි දැන්මම කපාවි මයෙ හිතේ....
"අපි අරෙහෙට යං.... "
මට හිතුන එක ව්‍යංගටත් හිතිල වගේ....
අපි තුන් දෙනාම දොර පැත්තට ඇවිදගෙන ආවා... දෙන්න කෙලින්ම යන්නෙ අම්ම ලගට... ඇන්ටිත් දනවද දන්නෙ නෑ වෙච්ච දේවල්.... හිමීට මාරුවෙන්නත් බෑ.... දැන් මොකද කරන්නෙ... ඇන්ටිත් දන්නවනම් ඉතිං හොදි ඕනෙ නෑ නෝන්ඩිය...
මම එහෙම හිත හිත හිමීට ඒ දෙන්නගෙ පස්සෙන් ඇවිදගෙන ආවා... එක අතකට මම මොකටද බයවෙන්නෙ.... මම වැරද්දක් කරල නෑනෙ... එහෙම කියල හිත හදාගන්න හැදුවත් මොකක්ක්දෝ හේතුවකට ඇන්ටි ලංවෙනකොට මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කලා...
ඇයි යකෝ වැරද්දක් කරල නෑ කියන්නෙ.. දැන් විනාඩියකට කලින් අර මුල්ලක් පල්ලෙ මගේ කුලුදුල් ආදරේ හොර හොරෙන්ම නිල වසෙන් ස්ටාර්ට් කලේ ඇන්ටිගෙ එක දුවෙක් එක්ක නේද.... එයත් එක්ක ලව ස්ටාර්ට් කරාට... එයා විමංසලු...ඒත් හැම රෑකම මගේ ජීවන ගංගාවෙ පැදයන්න හීන දැකපු ප්‍රේම යාත්ත්‍රාව ව්‍යංගා... දැන් ටිකට කලින් වෙන එක්කෙනෙක් බලෙන්ම වෙන එකට මාව ඇදගත්තා..... අයියෝ විස්කි... මීට වඩා හොදයි කසිප්පු ගැහුවනම්...
ඇන්ටියි අංකලුයි තමයි මේවට වග කියන්න ඕනෙ.... ඇයි හත්වලාමෙ මුන් දෙන්නව දෙපාරකට හදන්න බැරි උනේ....එහෙම උනානම් මගේ දුප්පත් මෝටසයිකලේට හන්දිය දෙපැත්තෙම රෙඩ් ලයිට් වැටෙන්නෙ නෑනෙ ... දැන් කොයි පැත්තකටවත් හරවගන්න බෑ වගේ.......
" අම්මෙ මේ මෙහේ ශ්‍යාමිකගෙ යාලුවෙක්...විගඟ... අපේ ක්ලාස් වලටමයි එන්නෙ.. අර මම අම්මට කිවුවෙ..."
ඇන්ටි ලංවෙනකොටම ව්‍යංගා මාව අම්මට ඉටඩ්‍රිඩියුස් කරල දුන්නෙ එහෙමයි... ... ඈ... ඒ ව්‍යංගද.. නැත්නම් විමංසද.... මල කෙලියයි.... මනෝ පාර ගහන් ආව ඩිංගට මුන් දෙන්නව ආයෙ මාරු උනානෙ.... අම්මප හරියට
අහගෙන කොටන්න හිතෙනව නම නලලෙ... නැතිනම් අපි මැරෙන්නෙ ඉදිආප්ප දාපු තුවක්කුවකින් වෙඩි කෑව වගේ පැටලිල...
ඒක නිකන් බඩේ බත් වගේ.... බුදු ෂුවර්....
ආ... මේ ළමය නේද ලොකු දුවගෙ පර්ස් එක අහුල දුන්න කිවුවෙ.... මොකද පුතේ මේ තුවාල වෙලා.... ??
හරිනෙ වැඩේ... ඒ කියන්නෙ අම්මත් සීන් එක දන්නවා.... අනිත් හරියත් දනනවනම් දැන් මෙතන පට පට ගාල එලියට ඒවි මගේ පැටලුන ප්‍රේම පුරානය.... වටේ ඉදපු ඇන්ටිල ලැන්ටිල ටිකත් බලාගෙන ඉන්නවා....කටවල් ඇරං...
කාල ගිලිනව යකෝ මම මේ ලයිට් වැලේ ලයිට් ඔක්කොම.....
" බස් එකෙන් වැටුන ඇන්ට්.... "
මමත් හිනාවෙලා හෙමීට කිවුවා...
" පරිස්සං වෙන්න එපැයි දරුවෝ... ඔයිට වඩා දෙයක් උනානම්..... "
කොච්චර උනත් ඇන්ටි මාත් එක්ක සිරාවට කතාකරා... වෙන දෙයක් ඇන්ටි දන්නෙ නැතුව ඇති... ඊට පස්සෙ පන්තියේ ඒවයි අරවයි මේවයි බලා බලා ගොඩකට පස්සෙ ඇන්ටි අනිත් ඇන්ටිලත් එක්ක කතාව පටන් ගත්ත නිසා... මම හෙමීට එතනින් ලිස්සල ආවෙ එතන ඉදිය කියල නිදහසේ කතා කරන්න බැරි නිසා... වෙන වෙලාවකනම් මොනවහරි බයිලයක් ගහගන්න තිබුනා... ඒත් තාම අගක් මුලක් දන්නෙ නැතුව
එක්කෙනෙක් එක්ක හොරෙන් ලවු කර කර.... ලටපාවාගන්නෙ නැතුව ඔතන ඉන්න එකනම් ආයෙ මොන දෙයියන්නාන්සෙටවත් කරන්න බැරි වැඩක්...
මම ශේප් එකේ... අපේ එවුන් ඉන්න දිහාවක් ඩයිල් කරත් මීටරේට කිසි ප්‍රතිචාරයක් නෑ.....
කොහේ හරි මුල්ලක සෙට් වෙලා ඇති.... ආයෙ හෝදන්න දෙයක් නෑ...
දැන් ඉතිං කොහොමද මුන්ව හොයාගන්නෙ... ෆෝන් එකක්වත් නැති කොට.....
ආයෙමත් හිමීට ව්‍යංගල ඉන්න තැනට කිට්ටු කරා හිමි හිමීට...
මේ.. පොඩි උදවුවක් කරන්නකො.... ෆෝන් එක චුට්ටක් දෙනවද.... කෝල් එකක ගන්න.. ඔයාලත් එක්ක කතාකරණ වෙලාවෙ අපේ සෙට් එක මොන ලෝකෙට උනාද දන්නෙ නෑ...
කතා නොකරම මම ලගම ඉදපු එක්කෙනා ෆෝන් එක හිමීට දික් කරා මට....
මම කහිරුවගෙ නම්බර් එක ඩයිල් කරනකොටම ෆෝන් එකේ තියෙනව නම්බර් එක සේවු කරල...
Lhiru (V)
ඒ කියන්නෙ මේ විමංසා.... ව්‍යංගා ගාව නම්බර් තියෙන්න විදියක් නෑනෙ....
මම ෆෝන් එක අරන ටිකක් එහාට ගියා...
"හෙලෝ..."
ටික වෙලාවකට පස්සෙ ලහිරුවගෙ මදුර මනෝහර කටහඩ ඇහුන එහා පැත්තෙන්... මූ පැනි හැලියම දාලයි කතාකරන්නෙ කෙල්ල කියල හිතලා...
" කොහෙද බොල මූසලයො ඉන්නෙ... "
ලහිරුවවට එකපාරට හිතාගන්න බැරි උනා වගේ... ව්‍යංගගෙ නම්බර් එකෙන් ඒවගේ සුමිහිරි ආමත්‍රණයක්...
" ආ.. උඹනෙ... වරෙන් පිටිපස්සෙ මඩුව එහාපැත්තට.... "
" මම ෆෝන් එක කට් කරල හෙමීට ව්‍යංගල ලගට ඇවිදගෙන ගියා.. ඔක්කොම ඉනෙ ලොකු කයිය පිට ... ඒක නිසා මම ටක් ගාල ෆෝන් එකේ මැසේජ් වලට ගිහින් මෙහෙම ටයිප් කරා...
yana kalin maawa meet wenna
kohoma hari
thaniyama
ගහල එ ටික එහෙමම තියෙද්දි ස්ක්‍රීන් එක එයාගෙ මූන පැත්තට හරවල ෆෝන් එක දීල ඇහෙන ෆෝන් එක පෙන්නල... අනිත් එක්කෙනාටයි ඇන්ටිටයිත් යන්නම් කියල හිමීට ලහිරුවල ඉදපු දිහාට ඇවිදගෙන ආවා...
ශ්‍යාමිකයලගෙ ගෙදර පිටිපස්සෙ පරන ලට්ට පටස් දාපු මඩුව තිබුනෙ කන්ඩිය අයින හරියට වෙන්න... කන්ඩියයි මඩුවයි අයිනෙ තිබුන පුංචි ඉඩේ අපේ එවුන් පස් දෙනෙක් බෝතලේකුයි කෝප දෙකතුනකුයි වටකරගෙන වාඩිවෙලා....
තිලිණයයි.. නිමේෂයයිත් ඇවිල්ලා....මම දැක්කෙ ඇවිත් වාඩි උනාටත් පස්සෙ... ඒ තරමට එක එකාව අදුන ගන්න බැරිවෙන තරමට මීදුම....
"මොකෝ උනේ...."
පැංච ඇහුවෙ මම මඩුවෙ අයිනක කොටයක් උඩින් වාඩිවෙනකොටම ..
" සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රස්නයක් බොල....."
මම හිනා වෙලා නිමේෂයගෙ අතේ තිබුන සිගරට් එක අරගෙන කටේ ගගෙනම බෝතලේට සම්මාදම් වෙන එක පටන්ගත්තා...
ඊට පස්සෙ ශ්‍යාමිකලගෙ ගේ පිටිපස්සෙ මදුව හා කන්ඩිය අතර අපේ පාර්ලිමේන්තුවේ කතානායක උනේ මේ දිසානායක මුදියන්සෙලාගේ විහඟ නෙත්මික විඳානගමගේ තමයි.... අතේ තියෙන සිගරට් ඔහේ අලුවෙලා යද්ද්දි සැන්ඩි කරන්න අමතක වෙලා බඩු දාගෙන මූනු ඇඹුල් වෙද්දි... ඉතිහාසයේ රනකුරින් ලියවෙන අතිපූජනීය පරම පිවිතුරු ප්‍රේමවෘතාන්තය අහගෙන කට්ටිය සද්ද නැතුව රවුමට ඇන තියාගෙන ඉදියෙ වෙහෙරහේන පන්සලේ පඩිපෙලේ අඹල තියෙන වාමන රූප ටික වගේ....
ඒ වෙනකොටත් පලවෙනි බෝතලේ අඩිය දකිමින් ඉදපු නිසා කට්ටියම ඉදියෙ උඩ සාක්කුවෙ පොඩි සල්ලි ගන්කර කර....
ඔලුව කැරකැවෙන වෙලාවෙ සඳ බොදවෙන කරකැවෙන ලා චෝරු වෙන කතාවක් අහගෙන ඉදපු අපේ සෙට් එකම තව ටිකක් ෆලැකෑන්ස් වෙලා ගියා....
" අඩෝ... පික්ක්...ෂු හැදෙනවනෙ.... දැන් එතකොට උඋඋඹට සෙට් වෙලා තියෙන්නෙ වෙන කෑල්ලක්.... ?? "
"ඔවු බං විමංස .... එයා නංගි... ඒත් මේ දෙන්න මාරු උනේ මොන වෙලාවෙද කියල දෙයියො තමයි දන්නෙ.... "
"දැන් එතකොට හොස්පිටල් එකට ආවෙ.... නංගිද... එයා කොහොම්ද හොස්ස්ස්පිටල් ආවෙ... බස් එකේ ඉදියෙ ව්‍යංගනෙ බං... ව්‍යංග අක්කද නංගිද බං..... එතකොට ඔය විමංස කවුද බං..."
පැංචට ටිකක් වැඩියි වගේ හැමදාම බොන්න ගත්තොත් මූඩියෙන් එකක් වැදුනත් ඇති ගූ ගොඩේ සීනි බනිස්,,,,,
සීනි බනිස් කොච්චර හොඳ උනත් ගූ ගොඩේ වැටුනාම වැඩක නෑ වගේ.. මූත් කොච්චර හොද උනත් බිවුවාම වලි දෙයියා... චාටර් ලෝකයයි... ගූ ලොරියයි...
"මේ පැංච... උඹ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ආයෙ කියල දෙන්නම්.... අපිටත් පටලවන්නෙ නැතුව ඉදපං... .. තව බින්දුවක්වත් බොන්නෙ නෑ උඹ... ඒපාර අපිට යන්න වෙන්නෙත් රෙදි නැතුව....."
වෙනදට හැමදාම ලහිරුවත් එක්ක කියවගත්තට ලහිරුවගෙ ඒ විදානෙට පැංච කට වහගත්තා....
" ඒ මට වැවැවැ ඩීද බංස්... ??? "
ඌ ශ්‍යාමිකයගෙන් ඇහුවෙ රහසින්.... ඌ එක අහපු විදියට ඉන්න තැන අමතක වෙලා අපි ඔක්කොටම හිනා ගියේ මහ හයියෙන්...
දැන්නම් ඉතිං මෙතන ඉදිල්ල සරීර සවුකෙට එච්චරම ආතල් නෑ... අපි එකා දෙන්න විවිද දිසාවන් වලට හෙමීට තාවකාලික විස්ථාපනයන් ලබාගත්තා....
" උඹට කෝල් එකක් මැසේජ් එකක් ආවෙ නෑනෙ... ??"
මම ලහිරුවගෙන් ඇහුවෙ ගේ පැත්ත දිගේ ඉස්සරහට එනගමන්...
" අම්මට හුඩු ආවද දන්නෙ නෑ... මම ෆෝන් එක සයිලන්ට් දාල තිබුනෙ.. සීක්‍රරට් මිෂන් එකකනෙ ඉදියෙ.."
එහෙම කියල ලහිරුව ෆෝන් එක අරන් බලනකොට මිස්කෝල් හතරයි මැසේජ් දෙකයි.... ඔක්කොම ව්‍යංගගෙන්... නෑ වැරදුනා... විමංසගෙන්.....
ai 4n eka answer naththe...
tharahada math ekka...
ane tharaha wenna epaa
oyaa text karanakam balaagena innawaa
හුටා.. නයි කයිද රෝස් පාන්.....
api yanawa... puluwan welaawaka cl karanna
plzz.. mama balaagena innawaa..
tc.bs
අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි....ඒක නිකන් ආයෙ බඩේ බත් ටික වගේ බුදු ෂුවර්..... දැන් මොකද කරන්නෙ...
" සොරි බං මට දැනුනෙ නෑ.. අරක පල්ලෙ ඉදිද්දි මේ හු _ _ _ වැදුනොත් ඉවරයිනෙ.... ඒකයි සයිලන්ට් කරේ... උඹ කෝල් කරාට පස්සෙ ෆෝන් එක සාක්කුවෙ දාගත්තා.... මොකද ව්‍යංගා ගිහිල්ලද...??"
ලහිරුවගෙ මූනත් මැලවිලා....
" මොනව කරන්නද බං.. ගිහිල්ල තමයි... "
මම එහෙම කියල ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තා... වෙලාව 11.04 යි... වෙලාව යනව දැනුනෙවත් නෑ අපට...
මමම මීට් වෙන්න ඕනෙ කියල මටමයි ආන්සර් කරන්න බැරු උනේ... මූට මේක වයිට්බ්‍රේට්වත් දාගන්න බැරි උනානෙ... ෂික්...
ෆෝන් එක දෙසරයක් රින්ග්ස් යන්නත් කලින් එහා පැත්තෙන් ආන්සර් කරා....
“වි..හ..ඟ.... ”
එහාපත්තෙන් ආපු කටහඩ අහපු මගේ.. පපුව කඩා වැටුනෙ ඉබේටම... බිවුවෙත් ටිකයි.. ඒවත් කොහෙන් ගියාද නෑ...
අනේ සොරි... මම යාලුවොත් එක්ක ඉදියෙ.. මේකෙ සද්දෙ නිසා ඇහිල නෑ... ඔයා ගෙදරද ඉන්නෙ... ??
මට කියන්න වෙන බොරුවක් කටට ආවෙත් නෑ ඒ වෙලාවෙ...
“ඔවු....”
කෙල්ල තාමත් අඩනවද කොහෙද...
“සොරි ව්‍යංගා... නෑ.. විමංසා... ඔයාව මීට් වෙන්න විදියක් නැති උනානෙ.. කතා කරන්න.... මම තරහට නෙවෙයි කතා නොකරෙ...ඇත්තමයි.. රත්තරං.... සත්තයි....”
ඉස්සර ඉදලම කොල්ලො කෙල්ලො වස්තුවෙ රත්තරං කිය කිය ආදරේ කරනකොට ඒව පට්ට බොලදයි කියල හිනාවෙවී ආතල් ගත්ත මගේ කටින්ම නොදැනිම ඒ බොලද වචන එලියට පැන්නෙ මටත් නොදැනම.... ආදරේ කියන්න එක සිරාවට බොලද වෙන්න ඇති....ඇත්ත තමයි... හරියට ආදරේ නොකර ඒක ගැන තේරුම් ගන්න බෑ කවදාවත්... ඒක මගේ හිතට දැනෙන නිසා... ඒ ආදරේ දැනෙන නිසා දැන් මම දන්නවා.... මහා පන්ඩිතයෙක් වගේ... මවාපාලා ආදරේ කරන්න ඕනෙ නෑ මට..... ආදරේ බොලදනම්... මගේ හිත ඉල්ලන්නෙ ඒකනම්... ඒ දේවල් වලට මම ඉඩ දෙන්න කැමතියි...... ඒක නිසා වෙන්න ඇති ඒ වචන එහෙම මගේ කටින් පිට වුනේ ....
එහාපැත්තෙන් කෙල්ල ඉකි ගහනව ඇහුනාම මට ඔක්කොම අමතක වෙලා ගියා... ව්‍යංගා තිය විමංස තිය වත්සලා වනමලී උනත් කමක් නෑ... මම බස් එකෙන් වැටුනට පස්සෙ මාව බලන්න දුවගෙන ආවෙ මේ කෙල්ල.... මුලින්ම පර්ස් එක අහුලල දුන්නෙ ව්‍යංගට... මම දන්නව ඒක... එදා තිබුනෙ ව්‍යංගගෙ අයි ඩී එක... ඒත් කොහොම කොහොම හරි පස්සෙ මේ විහඟ, අහන්න මග බලාගෙන ඉදියෙ මේ කටහඩ... ආපු කොහේ හරි මගදිගට එක තැනකදි මාරුවෙලා නොදැනම හරි මම මෙච්චර කල් ආදරේ කරේ මේ හිතට.... ඒක බොරුවක්වත් බලෙන් ඇතිකරපු දෙයක්වත් නෙවෙයි කියල මම හොදටම දන්නවා.... ... ඒ කටහඩේ...ඒ හිතේ.. ඒ ආදරේ අයිති කාරි අඩනව අහගෙන ඉන්න බෑ මට.....
බඩේ තිබුන ඒව නිසාද දන්නෙ නෑ.. මම මවාගෙන ඉදපු බොරු වංඩිය එලවල දාල හිතේ පතුලෙම ගැංගිල ඉදපු නියම විගඟ එලියට ආවා...
නම වැරදුන නිසාද නැතිනම් මම රත්තරං කියපු නිසාද දන්නෙ නෑ කෙල්ලට කොහොම හරි හිනා ගියා.... ඒ හිනා වෙන සද්දෙට මටත් හිනා ගියේ... ඉබේටම...
මම හිනාවෙවී කතාකරනව දැකල ටිකක් එහාට වෙන්න හිටපු ලහිරුවයි කොහෙන්දෝ එතනට ආව නිමේශයයි කම්මුලට අත ගහගෙන අනේ අපොයි කියල මට ඇද කරා...
“ අන්න එහෙම හිනා වෙන්න.... ”
මම කිවුවෙ ටික වෙලාවක් ඒ හිනා හඩ අහගෙන ඉදලා....
“ හ්ම් හ්ම්ම්ම්.....”
දැන්නම් ඒ කටහඩේ දුකක් නෑ....
“ ඔයාගෙන් කතාවෙ ඉතුරු ටික අහගන්න ඉදියෙ.. කොහෙද දැක්කෙ නෑනෙ.... ආයෙ ඉතිං කවද මීට් වෙයිද කතාකරන්න ලැබෙයිද දන්නෙ නෑ... ”
මම කිවුවෙ ඇත්තම දුකෙන්....
“ තාම ඔයා ශ්‍යාමිකලහද ඉන්නෙ..... ”
කෙල්ල කතාකරේ රහසින්.... ටික වෙලාවකට පස්සෙ....
“ ඔවු...”
“ඔයාට පුලුවන්ද පිටිපස්සෙ තාප්පෙ ගාවට එන්න කරපිංච ගහ ගාව... මම එන්නම් එතනට...”
“ඔයා... ඒත් කොහොමද... අම්ම... අක්කි... ??”
“ එයාල නිදි.. ඔයා එනවද... ??”
“හා...”
“මම එලිට ඇවිත් රින්ග් කරන්නම්.....”
එහෙම කියල කෙල්ල ෆෝන් එක තිබ්බා.... ලව ස්ටාර්ට් කරපු මුල්ම දවසෙ මම ඉතිහාස ගතවෙන්නයි හදන්නෙ...
අපේ එවුන් පේන්නත් නෑ.. ආයෙත් ස්ථාන ගතවෙලා ඇති ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... පාටි එකේ කට්ටියත් එච්චර නෑ දැන්... මිදුලෙ නටන උන් ටිකක් ඇරුනාම ගේ ඇතුලෙ ඉදපු කීප දෙනා විතරයි...
මම හෙමින් හෙමින් කරපිංච ගහ ගාවට කලුවරේම ආවා.... එතකොටම ආව ම්ස් කෝල් එකක්...
කෙල්ල ඉන්නව තාප්පෙ එල්ලීගෙන...
රෝසපාට රෑ ඇදුමක් ඇදගෙන කොන්ඩෙ කරල් දෙකට ගොතල හැමදාමමම දැකපු ලස්සනට වඩා වෙනස්ම ලස්සනක්...
තාප්පෙ දෙපැත්තෙ ඉදගෙන අපි විනාඩියක් විතර අත් මිරිකගෙන ඉන්න ඇති....
කුලුදුලේ උපන්න ආදරේ... මංගල දවසෙම මේ වගේ හමුවීමක් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි දෙන්නම...
මටම අයිති වෙච්ච මගේ චූටි රෝසපාට සුරංගනාවියි මායි අතරෙ තිබුනෙ එකම එක සිමෙන්ති ගඩොලක පරතරේ විතරයි.... ආදරේ දරාගන්න බැරි තරමට හිතට දැනෙද්දි.... කවදාවත් විදපු නැති හැගීම වලින් මුලු ඇගම හිරිවැටිල යද්දි තාප්පෙ මෙහාපැත්තට වෙලා ඉන්න තවත් මගේ කොලුකම මට ඉඩ දුන්නෙ නෑ...
ඇහැක් බැරි ගාතෙ තුවාල වෙච්ච කකුලත් උස්සගෙන ගඩොල් පේලි පහේ තාප්පෙ පැනල මගේ පුංචි සුරව්ගනාවි ගාවට එන්න මට වැඩි වෙලා නෑ...
දන හිස ගාවට කොට රෑ ඇදුම විතරක් ඇදගෙන ඉදපු නිසා වෙන්න ඇති කෙල්ල ලැජාවෙන් බිම බලාගෙන.... ඒ හැමදාම මම ආදරේ කරපු රෝස පාට මූන මගේඅත් දෙකෙන් උස්සලා... හැමදාම මගේ හීන වල සෙල්ලම් කරපු ඒ ලොකු වීදුරු ඇස් දෙකට මැද නලලට..අවුරුදු දාහතක මගේ ජීවිතේ කෙල්ලෙක්ට දුන්න මගේ පලවෙන හාද්ද දුන්නෙ වෙවුලන තොල් වලින්....
ආයෙමත් ඒ වීදුරු වැස්වල පියන් කඩාගෙන වැටුන ලොකුම ලොකු කදුලු බිංදු දෙකක්... ඒ කම්බුල් දිගේ පහලට ගලාගෙන යනවත් එක්කම... විමංස අත්දෙකම මගේ ඉනවටේ දාල මට තුරුල් උනා...
මොකක්දෝ විස්තර කරල කියන්න බැරි සුවදක් එක්ක... ඒ රෑ ඇදුමෙන් විතරක් වැහිච්ච පුංචි සිනිදු පපුවෙ රස්නෙ මගේ දාඩියෙන් පෙඟුන ෂර්ට් එකට මැදින් පපුව පලාගෙන මුලු ඇගම හිරි වැටිල යද්දි මගේ පුංචි සුරංගනාවි බදාගෙන මමත් තාප්පෙට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......
ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
පෙම්පාටින් තව තව දිලිසෙනකොට
සිපගන්නැතුවම ඉන්නේ කොහොමද
දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
එක එක තියලා ඇහිපිල්ලම් යට
කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
සරසිමි සිහිනය තව හැඩ වන්නට
මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
නිදියන්නැතුවම දෑස් පියාගෙන
එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම
මගදිගට 17 න්.... ....
Subscribe to:
Posts (Atom)