2011-12-05

මග දිගට 15 " කැ _ ඩබල් ඇක්ටින් සීන් එකක්නෙ බං... මේක... "






අද වෙනකන් කතාව.......

මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14
   
මගදිගට 3 
         
මග දිගට 7              මග දිගට 11               

මගදිගට 4
            මග දිගට 8             මග දිගට 12       
 
 
අද එතැන් සිට 


මෙච්චර වෙලා තිබුන සද්දෙ මුකුත් නෑ..... හතර වටේටම පාට පාට ලයිට් දාල තිබුනත්  සාලෙට ආව දෙන්න දිස්නෙ ගහනව.... ඇවිත් ඉන්න හැමෝම කටවල් ඇරගෙන  කරන වැඩ නවත්තලා ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නවා.... සද්දෙකට ඇහුන එකම දේ...... බිබී ඉදපු බීම එක හිරවෙලා නවත්ත ගන්න බැරුව මම කහින හඩ විතරයි....

පපවුව අල්ලගෙන  අමාරුවෙන් කහින එක  නවත්තලා  මම ආයෙමත් ඔලුව උස්සල බැලුවා මේ මම දකින්නෙ හීනයක්ද කියලා...  බීම වීදුරුව වටේ තිබුන වතුර බිංදු එක අතකින් පිහිදාල ඒ අතින්නම මම මූනත් පිහිදුවා....  අනේ මේක හීනයක්ම වෙයං...  මම ගාගනිපු වතුරවල පිං බලෙන් මාවම ඇහැරියං....

මූන පිහිදාල බැලුවත්  මට පෙනුනෙ කලින් පෙනුන දර්ෂනේමයි.... ඇස් දෙකත් බොදවෙලා... කැස්ස පාරට කදුලුත් ඇවිල්ලා...  මම ආයෙමත් මූන පිහිදැම්මා....

තාමත් ව්‍යංගල දෙන්නම මගේ ඉස්සරහ....  දෙකට නැවිල බුරිය විකාගෙන මැරෙන්න හිතනව යකෝ.... මේක මාර හුට්ටප්පරයක්නෙ....
 
එතකොටම දෙන්නම අපේ දිහා බැලුවා....  ඒ වෙනද තිබුන ලොකු වීදුරු ඇස්මයි.. වෙනසකට තිබුනෙ කලින් දෙකයි.. දැන් හතරයි......

මාරුවෙන මාරුවට ඒ දිහා බැලුවත් කිසිම වෙනසක් හොයාගන්නනම් පුලුවන් උනේ නෑ.... එකම විදියෙ  මල් තියෙන ගවුම් දෙකක් ඇදල.. වෙනද වගේම බෙල්ලෙ මාලයක්වත් නැතුව ඉදියට මොකද හතරවටේම බල්බ් දාල තිබුන ගෙදර ඒ දෙන්නම දිලිසුනේ හරියට තොරන මැද්දෑවෙ බුදුරැස් වලල්ල වගේ.....

ශ්‍යාමිකලගෙ අම්මයි නංගියි ඒ දෙන්නයි අම්මයි එක්ක කතා කරාට පස්සෙ දොර හරියෙම පුටුවකින් තුන් දෙනාම වාඩි උනා....  වාඩිවෙන්න කලින් ඒ ලොකු වීදුරු ඇස් හතරම මගේ දිහා තව පාරක්  බැලුවා....  හිනාවෙන්නද අඩන්නද  කියල හිතාගන්න බැරුව ඉදපු මම  කලින් වගේම පිලිමයක් වගේ හෙලවෙන්නෙ නතුව ඉන්න ඇති... මගේ මූනෙ කිසිම වෙනස්ක් නොදැකපු ඒ ඇස් බිම බලාගත්තා... හැබැයි ඒ ඇස් දෙකක් විතරයි....  එක්කෙනෙක් වාඩිවෙනකනුත් එක්කෙන්ක් මගේ දිහා බලාගෙන ඉදියා... හරියට පුදුමෙන් වගේ....

" පිස්සු හැදෙනවා.... කවුද බං ව්‍යංගා.... "

අපේ සෙට් එකෙන් මුලින්ම කතාකරේ ශ්‍යාමිකය....

" උඹ මගෙන්ද අහන්නෙ බං... අල්ලපු ගෙදර මෙච්චර දවස් ඉදලත් උඹ  දන්නෙ නැති කොට මම දන්නෙ මම උන්ගෙ තාත්තද.... "

අල්ලපු ගෙදර ඉදල මෙච්චරකලක් මූ දන්නෙත් නැතිනම් මම දන්නෙ කොහොමද.... ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවෙ මූ අහන්නෙත්  මහ රට බයිල තමයි...

"  උන්ගෙ තාත්තටවත් බැරුව ඇති අදුනන්න බං.... පිස්සු හැදෙනවා... හින්දි ෆිල්ම් එකකවත් වෙන්නෙ නැති වැඩකනෙ  මේ... "

මගේ පිටිපස්සෙ ඉදපු  පැංච ශ්‍යාමිකයට කිවුවා...  මම ඉදියෙ තාමත් ඒ දෙන්න දිහා බලාගෙන... සාලෙ අයගෙ කතාව ආයෙමත් ටික ටික ඇහෙද්දි  හිටගෙන ඉදපු ව්‍යංගත්  අනිත් එක්කෙනා ගාවින්ම වාඩි උනා...  වාඩිවෙලා බිම බලාගත්තෙ  මුලු පාටි එකේම අය බලාගෙන කතාකරන්නෙ ඒ දෙන්න ගැන කියල දැනුන නිසා වෙන්න ඇති....

මම හෙමීට එතන තිබුන පුටුවෙන් වාඩි උනා... වාඩි වෙලා මගේ එහාපැත්තෙ ඉදපු ලහිරුව දිහා බැලුවා...   ඌත් නිකන් රිච්ටමාපකේ කට්ට කැඩිල යන සයිස් එකේ භූමිකම්පාවකට අහු වෙච්ච පොමනේරියන් බල්ලෙක් වගේ  කන් කඩා වැටිල ඇස් ලොකුවෙලා ඉදියෙ...

" කැ _ ඩබල් ඇක්ටින්  සීන් එකක්නෙ බං... මේක... "

ඌ කතා කරේ රහසින්... කියාගන්න දෙයක් නැතුව මම ආයෙත් ඒ දෙන්න වාඩිවෙලා ඉදපු දිහා බැලුවා... දෙන්නම සැරින් සැරේ මේ පැත්ත බලනවා... බිම බලනවා..  අනිත් එක්කෙනාට කුටු කුටු ගානවා...

" මචං විහඟ  තරහවෙන්න එපා මචං මෙහෙම කිවුවට... දෙන්නම  අපිව හොදට අදුනනවා...  පේනව නේද අපේ දිහා බලාගෙන කුටු කුටු ගාන හැටි....  දෙන්නම එකතුවෙලා අපිට ආයෙ දීල තියෙන්නෙ නැවු කඹයක් සයිස් ලන්නක් මචං...  ව්‍යංග එක්කෙන්ක්නං  අනිත් කෙනා අපිව අදුන්න විදියක් නෑනෙ.. දෙන්නම පලෑන් කරල ෆුල් බයිට් එකක් දීල තියෙන්නෙ... මටවත් පේන්නෙ නැතුව ඉදියනෙ මෙච්චර කාලයක්... ආයෙ හෝදන්න දෙයක් නෑ... බඩේ බත් වගේ මටනම් බුදු ෂුවර්... "

ශ්‍යාමිකය කියපු දේ ඒ වෙනකොටත් මට  තේරිලයි තිබුනෙ...  ඒත්... මම තුවලා වෙච්ච වෙලාවෙ අඩාගෙන ආවෙ මේ දෙන්නගෙන් එක්කෙනෙක්ම නේද... ?? මාව බයිට් කරනවනම්  එහෙම කරන්නෙ ඇයි... ??

ඒ දෙන්න ආයෙත් සැරින් සැරේ අපේ දිහා බලනවා... එතන ඉන්න බෑ බෑ වගේ මොකක්දෝ හිතීගෙන ආව නිසා පුටුවෙන් නැගිටල මම හිමීට ගේ පිටිපස්සට ආවා... ශ්‍යාමිකයලගෙ අම්මටත් හිනා වේගෙන පිටිපස්සෙ දොරෙන් ඇවිත් පිටිපස්සට වෙන්න කලුවරේ තිබුන පුටුවක වාඩි උනා...
පැංච ලහිරු ශ්‍යාමික ඔක්කොමලත් ඇවිත්....

"ඒත් මමනං හිතන්නෙ නෑ බං එහෙම කරන්න ඇති කියල...  එදා මූ වැටුන වෙලාවෙ  එහෙනම් අරම පස්සෙන් දුවගෙන එන්නෙ අහවල් එකකටද..."

ලහිරුව ශ්‍යාමිකයට කිවුවෙ මගේ හිත තේරිල වගේ...

" අනේ මම දන්නෙ නෑ බං... බලහංකො ගෙවල් එහා පැත්තෙ... මාස එකහමාරක් විතර ගිහිල්ලත් නිකමටවත් දැනගන්න බැරි උනානෙ..
 මොලේ නරක් වෙනවා...."

පැංචයි ලහිරුවයි වාඩි උනාට  ශ්‍යාමිකයට වාඩි වෙන එකත් අමතක වෙලා...   මාත් මුකුත් කියන්නෙ නැතුවවම බලාගෙන ඉදියා... දුකක් ලැජාවක් තරහක්... කියන්න බැරි මොකක්දෝ දෙයක් හිතේ තියෙනව වගේ...

" මමත් කියන්නෙ  උන් දෙන්න කරේ කැ_ වඩේ තමයි....  දෙන්න ඕනෙ හොද රිටන් එකක්  හු _ _ _ න් ට...  බලහංකො බං.. මුන් ආච්චිගෙ කෙල්ලොනෙ..."

පැංචත් කට ඇරියා...

" අනේ මේ පැංචො.... දන්නෙ නැති ලබ්බවල් වලට කට නොදා ඉදිං... ඒකි මාත් එක්කත් කතා කරා... එහෙම කරන කෙල්ලෙක් නෙවෙයි ... මමත් එදා ඉදියනෙ ලග මුගේ... එදා එහෙනම් අරම කට්ටක් කාල එන්න ඕනෙ නෑනෙ මුගේ පස්සෙ ඒකි සිරාවට මූට ලවු නැත්තං... "

ලහිරුව බැන්නාම පැංචත් කටවහගත්තා... මගෙත් නිකං මොලේ අවුල් වෙලා වගේ... ව්‍ය්ංගා එහෙම කරනෙ එකක් නෑ... මට බුදු ෂුවර්... ඒත්.... අර දෙන්න අර විදියට අතන හැසිරුනේ ඇයි... ??  ෂික්... එකක් ඉවර වෙනකොට එකක්...  හිතාගන්න බෑ මොලේ නරක් වෙනවා....

" විහඟ උඹ කියපං...  උඹත් එක්ක කතා කරානෙ ඒකි.. අපිට වඩා උඹනෙ දන්නෙ... උඹට මොකද හිතෙන්නෙ... "

ශ්‍යාමිකයත් ටිකක් එහාට වෙන්න තියෙන හිස් පුටුවක් අරන ඇවිත් මගේ ලගින් වාඩි උනා...

" මම දන්නෙ නෑ බං..  මට තේරෙන්නෙත් නෑ... "

මම කිවුවෙ උගේ දිහාවත් නොබල පුටුවට හේත්තුවෙන ගමන්..... 

ඇත්ත... ව්‍යංගට  මම ඇත්තටම ආදරෙයි...වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතෙන්නෙ නැති විදියට  වි‍යංග ගැන මට හිතුනා... කැමැත්තක් ඇති උනා.... ඒ මොකටද කියන්න මම දන්නෙ නෑ...  ව්‍යංගට වඩා ලස්සන කෙල්ලො දැකල තිබුනත් මට ලංවෙන්න පුලුන් උන ලස්සනම කෙල්ල එයා නිසා වෙන්න ඇති... නැතිනම් මාත් එක්ක ඉක්මනටම ෆිට් උන හින්ද මගේ කොලු කම නිසා වෙන්න ඇති.. ඒ මොන මගුල උනත් මම ව්‍යංගට ආදරෙයි.... එයාත් එහෙමම මට කැමතියි ආදරෙයි කියල මට දැනෙනවා... එයාට මට බොරුවක් කරන්න පුලුවන් කියලනම් හිතන්න අමාරුයි... එත් එහම දෙයක් වෙලා තිබුනොත්....

අනිත් උන් තුන් දෙනා කතා කරද්දි මම දහ අතේ කල්පනා කරා...  එහෙම  මට ලන්නක් දීලනම් ව්‍යංගට කොච්චර ආදරේ කිවුවත් මට ඇති උනේනම් මහා තරහක්...  එහෙම කරානම් අඩුම ගානෙ මම තුවාල වෙච්ච වෙලාවෙන් පස්සෙ හරි ඒ සෙල්ලම නවත්තන්න තිබුනා.. දිගට දිගට මැසේජ් නොකර කෝල් නොකර මාව නටවන්නෙ නැතුව....

" මෙහෙම කල්පනා කර කර ඉදල වැඩක් නෑ බං....  හරියට ප්‍රභාකරන් කාරය කොළබ අල්ලගත්ත වගේනෙ...  මම ගිහින් කතා කරනව ඕනෙ 
හු _ _ _ වෙන්න කියල..."

මම කිවුවෙ බැරිම තැන.... අපේ එකෙක්වත් මොනවත් කිවුවෙ නෑ... මම නැගිටින්න හදනකොටම ලහිරුව මාව අල්ල ගත්තා...

" ඕනම හු _ _ _ ක් උනාට කමක් නෑ තමයි... ඒත් නිකන් හරි උන් දෙන්න උඹව අන්දලනම් උඹ ආයෙත් නෝන්ඩි වෙනව නේද... උඹට එහෙම වෙන එක නිසා තමයි අපිටත් අමාරු... නැතිනම් ඔය හු _ _ _ ලොකු නෑ තමයි....

ලහිරුව කිවුවෙ මාව වාඩිකරවන ගමන්... කෙල්ලො නෙවෙයි මොකා නැති උනත් මුන් ටික මගේ ෆිට් එකට ඉන්නව නේද කියල මගේ හිතේ මුන් ගැන ආදරයක් ඇති උනේ ඉබේටම...  ව්‍යංගල දෙන්නෙක් නෙවෙයි සීයක් දාල ගියත් මුන් ටික මගේ ලග ඉදීවි....

" මෙහෙම  වෙන්න බැරිද.....  එදා කලාස් එකේදි  උදේ එරෙවුවෙ.. කතා නොකර ගියෙ.. අර බුක් ෂොප් එකේදි  එරෙවුව කිවුවෙ උඹල දෙන්නට.. ඒ ව්‍යංග නෙවෙයි අනිත් කෙනා වෙන්න බැරිද.. ?? "

ලහිරුව ආයෙමත් ඇහුවා... ඒත් එහෙම වෙන්නෙ කොහොමද... ?

"මට තේරෙන්නෙ නෑ බං... එයාම තමයි මම පොත ගන්න ඉස්සරහට යනකොට මාත් එක්ක හිනා උනේ...  එයා හිනා වෙලා පස්සෙ ඔරවන්න හේතුවක් නෑනෙ... "

මේක විසදන්න යන එකෙන් වෙන්නෙ තව තවත් පැටලෙන එකයි....

" හරි...  එහෙම කරන්න ඇත්තෙ කපටි කමට... උඹලව පටලවන්න..."

පැංචටනම් ධනාත්මක චින්තනේ ගෑවිලාවත් නෑ...

"නෝන්ඩි වෙනවනම් තව වෙන්න දෙයක් නෑනෙ බං... ගිහින් කතා කරන්නම්...  එතකොට හරිනෙ..."

එහෙම කියල මම පුටුවෙන් නැගිටල ආපු පාරෙම ආයෙත් සාලෙට ආවා... ශ්‍යාමිකලගෙ නංගියි තව යාලුවො ටික දෙනෙකුයි වට කරගෙන දෙන්නම කතාව...  චන්ඩිය වගේ යන්න නැගිටල ආවට  මගේ කකුල් දෙක මට තව අඩියක්වත් ඉස්සරහට තියන්න නොදී දොරගාව නවත්ත ගත්තා... .. මම ටිකක් වෙලා එතන හිටගෙන ඉන්න ඇති....

නංගිල වට කරගෙන කතා කර කර ඉදපු ව්‍යංගල දෙන්නගෙන් එක්කෙන්ක් මාව දැක්කෙ මම යන්න හැරෙන්න හදනකොටමයි... එයා එයාගෙ අතේ තිබුන ෆෝන් මට පේන්න හිමීට වැනුවා....

ඒ කියන්නෙ මට කෝල් කරන්න කියලනෙ...  දැන් ඉතිං ලහිරුව සරණං ගච්චාමි තමයි...

මම ආයෙත් හැරිල කලින් වාඩිවෙලා ඉදපු පැත්තට එන්න හැරෙනකොටම ලහිරුව මගේ ගාව...

" මෙන්න ව්‍යංගගෙන් මැසේජ් එකක් උඹට...."

ඒ කියන්නෙ එයා මට මැසේජ් එකක් එවලා ඒක බලන්න තමයි කියල තියෙන්නෙ... මම ලහිරුවගෙ අතින් ෆෝන් එක ගත්තෙ උදුරලා...

vihagata kiyanna
ape gewal paththata wenna  midule
thiyena lowi gaha yatata
enna kiyala
ikmanata
plz enna kiyanna

මම මැසේජ් එක කියවනකොට ලහිරුවත් බෙල්ල දික් කරගෙන බලාගෙන ඉදියෙ...  මම ඒක කියවල ඉවර වෙලා උගේ  මූන දිහා බැලුවා..

" ඉතිං පල.. "

 ඌ හිනා වෙලා මගේ පිටට ගැහුවා...


මම ගේ වටෙන් හිමි හෙමීට අපි හැමදාම ශ්‍යාමිකයලගෙ ගෙදර  ආවම වාඩිවෙලා ඉන්න ලොවිගහ පැත්තට ඇවිද ගෙන ආවා...  වත්තෙ හැමතැනම ලයිට් දාල තිබුනත් ලොවි ගහ යටට වෙන්න කරුවලයි...  ඒ හරියෙ වැඩියෙ කවුරුවත් ඇත්තෙත නෑ....

මම එතනට යන්නත් කලින්ම ව්‍යංග එතනට ඇවිත්...

හැමදාම වගේ අර පුරුදු සුවදමයි එයාගාව ආවෙ...  එයා ලගටම ඇවිත් එතන බංකුවෙ මම වාඩි උනා.... එයා තම හිටගෙන මගේ දිහා බලාගෙන ඉනවා... මමත් එයා දිහා බලාගෙන ඉන්නව .....  කතාකරන්න කියල මුලින් ආවට දැන්නම් මොනව කියන්නද  මොනව අහන්නද කියල හිතාගන්න බෑ.... අපි දෙන්නම කතා නැතුව විනාඩියක් විතර එහෙම ඉන්න ඇති....  ඒ ලොකු වීදුරු ඇස් කලුවරෙත් පුරුදු විදියටම දිස්නෙ ගැහුවා.... ඒත්... මේ ඒ මම හැමදාපු දැකපු ඇස් දෙකමද... හිතේ ඇදිල තිබුනෙ එක ඇස් දෙක උනාට මේ ඇස් වෙනස් උනේ නැද්ද...

කිසි දෙයක් හිතා ගන්න බෑ.... මම එහම කල්පනා කර කර ඉදිද්දි අන්තිමට පුරුදු විදියටම එයාම කතාව පටන ගත්තා....

"විහඟ "

ඒ කටහඩ අර වෙනද බස් කතා කරන ව්‍යංගගෙ නෙවෙයි.... අර මම හොස්පිටල් එකේ බෙල්ල කඩාගෙන ඉන්න දවසෙ මුලින්ම ෆෝන් එකෙන් කතා කරපු ව්‍යංගගෙ...  අඩන්න ඔන මෙන්න...

" කියන්න "

එයා ලෑස්තිවෙන්නෙ පාපොච්චාරනේට කියල කටහඩෙන්ම තේරිල තියෙද්දි මම මොකටද ප්‍රස්න අහල උදැල්ල දාන්නෙ... එයාම කියන්නෙ  නැතෑ...

" මතකද මම ඔයාට කෝල් කරපු පලවෙනි දවස....  ඔයා හොස්පිටල් එකේ ඉන්නකොට..."

ඒ කටහඩ තාම වෙවුලනවා....

" ඒ ඔයාමද....  "

කෙල්ල බයවෙලා ඉන්නව වගේ දැකලත් මට එහෙම කියවුනේ ඇයිද මංද...

" මම දන්නව... ඔයා හිතන දේ...  ඔයාට එහෙම හිතෙන එක සාදාරණයි...   මම ඉක්මනට යන්න ඕනෙ.. අක්කි බලාවි මම කොහෙද කියල..."

හරි නේන්නං....  මෙයා එදා බස් එකේදි කිවුවෙ අක්කත් ගෙදර ලෙඩ වෙලා ඒක නිසා තනියම කලාස් ආවෙ කියල...  දැන්නෙ ඕව මතක් වෙන්නෙ...

" එදා කතා කරේ මම තමයි...   ඔයාට අපි දෙන්නවම මීට් වෙලා තිබුනට ඔයත් එක්ක කතා කරල තිඑන්නෙ ෆෝන් එකෙන්... ඔයාට මෙච්චර දවස් කතා කරේ මම විතරයි.... ඔයා තුවාල වෙලා කියල එයා දන්නෙ නෑ... ඒකයි එයා පුදුම වෙලා ඔයා දිහා බලං ඉදියෙ...  ඊට පස්සෙ අපි දෙන්න කතා කරනව බලාගෙන ඔයාල යන්න ගියාම මම දැන ගත්ත ඔයා  ඉන්නෙ  තරහෙන් කියල...  "

එයා මීට් වෙලා තියෙනවලු... කතා කරේ මෙයාලු... ඒ කොහේද.... එතකොට  කොයි වෙලාවෙද.. එතකොට මෙයාව මීට් උනේ කොහෙදිද... ඔලුව නරක් වෙලා ම පිස්සෙක් වෙනව මේක ඉවරවෙලා තියෙද්දි ඒකනම් ආයෙ හෝදන්න දෙයක් නෑ...

ඒත් එක දෙයක් නම්  හරි... හොස්පිටල් එකට ආවෙ මෙයා... ඒකනෙ මෙයා මම තුවාල උන විත්තිය දන්නෙ...  ඒත් දෙන්නම සැරින් සැරේ මීට් වෙලානම් ඒ කියන්නෙ දෙන්න එක්ක මාව රවට්ටල කියන එකනෙ...

" ඔයාල දෙන්න කොයි වෙලාවෙ මාරුවෙන් මාරුව මීට් උනාද කියල මම දන්නෙ නෑ... ඒත් ඒ කොහොම හරි...  ඔය කියන විදියට වෙලා තියෙන්නෙ... ඔයාල දෙන්නා එකතු වෙලා මාව රැවට්ටුව  එකනෙ... "

මම එහෙම කිවුවාම.. ව්‍යංගා බිම බලාගත්තා.. ටික වෙලාවක් බිම බලාගෙන ඉදල ආයෙ මූන උස්සන කොටම ඇස් දෙකන් වැටුන කදුලු පාරවල් දෙකක් ඒ සුදු කම්බුල් උඩින් ගලාගෙන ගියා..

අනේ දෙයියනෙ.... කොච්චර වැරද්දක් කරත් .. මගේ හීන කුමාරි අඩනව බලන් ඉන්නෙ කොහොමද......

" හරි හරි.... අඩන්න එපා ......... "

මගේ කටට වෙන වචන මොනවත් ආවෙ නෑ... එතකොටම ව්‍යංග  මගේ අතින් අල්ල ගත්තා...

" ඔයාව රැවැට්ටුවෙ නෑ විහඟ... ඇත්තමයි....  එහෙම කරන්න ඕනෙ උනේ නෑ...  මම දන්නව  සමහර විට ඇත්ත දැනගත්තාම ඔයා අපි දෙන්නටම බනීවි කියල.. එහෙමනැතිනම් ඔයා අක්කිට කැමති වෙයි කියල...

ඒත්......"

මම අක්කිට කැමති වෙයි.... ??  ඒ මොකද ඒ... මට කිසිම දෙයක් තේරුනේ නෑ මොනවද මෙයා කියන්නෙ කියල... ඒත් කෙල්ල ඉකි ගහ ගහ අඩනව දැක්කම පපුවනම් හෝස් ගාල ගියේ... ඉබේටම...

" මම ඔයාට ආදරෙයි විහඟ....  ඔයාට ආදරේ කරන්න ගත්තෙ මොන වෙලාවෙද කියල මට හිතාගන්න බෑ.. ඒත් මම ඔයාට ආදරෙයි කියල විතරක් මම හොදටම දන්නවා...  ඒකයි මම ඒක ඔයාගෙන් හැංගුවෙ... අක්කි අද මේකට එන්න බෑ කිය කිය ඉදියෙ... ඒක නිසා මම හිතුව පස්සෙ ඔයාට හොද වෙලා ඔයාව මීට් උන දවසකම කියනව කියල.. ඒත් එයා හදිස්සියේම ලේස්ති උනා එන්න.. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ විගඟ..... "

කෙල්ල ඉකි ගහ ගහ අඩනව හොදටම මගේ අතත් අල්ල ගෙන.. හොද වෙලාවට් වැඩියෙ කාටවත් පෙනුනෙ නෑ අපි දෙන්න ඉදපු තැන...   ඒ එක්කම ව්‍යංග මගේ අත ඇත ඇරියා....

 "අක්කි එලියට ආව...." 

 මම දොරකොඩ පැත්ත බැලුවාමයි දැක්කෙ.. අනිත් ව්‍යංග එලිය බැහැල  වටපිට බලනවා... ඒ එක්කම මගේ ලග ඉදපු කෙනා   ෆෝන් එක ඔබන්න ගත්තා...

"විගඟ... "

ව්‍යංග ආයෙත් මට කතා කරා...

"අනේ මම මේ කියපුව මුකුත් කියන්න එපා එයාට ...  නිකන් පුදුම වෙලා වගේ  ඉන්න...  අනේ ප්ලීස්...."

එහෙම කියල කෙල්ල කරුවලේ මට අත් දෙක එකතු කරල වැන්දා...   මෙයා මොකටද මෙච්චර බය වෙන්නෙ... හරියට මිනියක් මරල වගේ....  ඒ කොහොම උනත් කෙල්ල අත්දෙක එකතු කරල මට වැදපු හැටි දැක්කමනම් මගේ හිතට මොකකද එකකින් අනිනව වගේ උනේ ඉබේටම...

" බයවෙන්න එපා ව්‍යංගා... මම කියන්නෙ නෑ..."

මම එයාගෙ අත්දෙක අල්ලල පහලට දාන ගමන්  කිවුවෙ බොහොම සිරා විදියට... කලින් මගේ හිතේ තිබුන තරහ මටවත් නොදැනි කොහෙදෝ ගිහිල්ල වගේ...

 එතකොටම දොරලග හිටගෙන ඉදපු කෙනා  ෆෝන් එක බලල මේ පැත්තට එන්න ගත්තා... ඒ කියන්නෙ මෙයා දැන් එයාට තමයි එන්න කියල මැසේජ් එක යවල තියෙන්න..

" මමයි අක්කිට එන්න කියල මැසේජ් එක යැවුවෙ...  එයා නංගිලත් එක්ක කතා කරන කොට ඔයාකොහේද බලන්නම් කියලයි මම එලියට බැස්සෙ...."

මම හිනා උනා...

"විහඟ"

කෙල්ල ආයෙත් මට කතා කරා...

" මම ව්‍යංග නෙවෙයි.... අක්කි තමයි ව්‍යංගා.... .."

දෙන්නව එකට දැක්ක වෙලාවෙ වගේ ආයෙමත් මගේ කට ඇරුනෙ මටත් නොදැනිම....

" එයාට කියන්න එපා හොදේ........ "

"එතකොට ඔයා......."

කෙල්ල ආයෙත් බිම බැලුවා....

" මම  විමංසා....."


එයාගෙයි මෙයාගෙයි ලටපැවුන කතාවේ ඉතුරු ටික  ලිහාගෙන
මගදිගට 16  ලගදීම එනවා...


67 comments:

  1. හයියෝ දැන් මොකෝ කරන්නේ

    ReplyDelete
  2. යකෝ ඔක්කොම ලටපැවෙනවනේ මොන මගුලක්ද?
    කරකැවිල්ල වගේ බන

    ReplyDelete
  3. අම්මියෝ... නිකං කරකෝලා අතෑරියා වගේ...
    එළ එළස්.......

    ReplyDelete
  4. මේ මොකද බන් වෙන්නේ.....

    ReplyDelete
  5. meke patalilla lihaaganna kaalak gahannama wenawa ban....:(

    ReplyDelete
  6. අනේ අම්මෝ.....මොලේ විකාරයි වගේ.... :O

    ReplyDelete
  7. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු.....

    ReplyDelete
  8. අයියෝ සල්ලි මට නිකන් හුටන් දෙහුටන් වගේ :O

    ReplyDelete
  9. ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා
    මට නිකන් පිස්සු වගේ

    ReplyDelete
  10. :O:O
    අනේ අම්මෝ... කරකෝලා අතෑරියා වගේ.........

    ReplyDelete
  11. ෆට්ට කතාව පොඩ්ඩෝ...........

    L. Punch

    ReplyDelete
  12. huta.. kela una neda?

    ReplyDelete
  13. අනේ.... ලනුවක් ගෙනත් දියන්කෝ බෙල්ලෙ වැල දාගන්න...

    ReplyDelete
  14. බුදු අම්මෝ..මේ මොකද්ද වෙන්න යන්නේ??? O.o
    පිස්සු වගේ දැන් නම්..ඉක්මනට අනිත් හරියත් දාන්නෝ..

    ReplyDelete
  15. කැ----නිඹුල්ලු සීන් එකක් නේ..හික් හික් .....

    ReplyDelete
  16. අඳුනගන්න අමාරු වුනේ, මූන දිහා විතරක් බලපු නිසා, හොඳට බැලුවනං එක්කෙනෙක්ගෙ ඩිකිය ලොකුයි.

    [පින්තුරේ හැටියට]

    ReplyDelete
  17. මං ආවේ නකාව තියනවද බලන්න! 16ත් ඉක්මණට දාපං! මේක පට්ට සීන් එකක්! හම්! යකෝ ලොවෙත් නෑ මෙහෙම ලව් එකක්! එල! එළ!

    ReplyDelete
  18. මොන හු----ක්ද් බන්.. 4 5 දෙනෙක් ඔලුවට ගැහුවා වගේ.. එල එල එලටම ලියනවා...

    ReplyDelete
  19. පංසලේ මකරතොරණ පලවෙනි පාර දැක්ක පොඩි එකෙක් වගේ අප්ප ඔළුව....ජොසපිං අක්කට ජැස්මින් පවුඩර් කිව්වලු....
    16 ඉක්මණට දාපියෝ.....මේපාර සතියකට වඩා ගියා...
    ඇය අප්ප එක්සෑම් වගේද කතාව.....;)

    ReplyDelete
  20. මට නම් යසටම තෙරනවා.. උඹටත් තිබ්බෙ ටුවින්ස් ලා වෙන්න :D
    අඩෝ ලෝකෙ ගොඩක් ටුවින්ස්ලාට මෙහෙම කේස් ඇතිනේද බං ? මං අහලාතියෙනවා දෙගොල්ලන්ටම එකම විදියට හැගීම් එන්නෙ කියලා.. ඒ මාරයි ඕයි.. !! :D :D
    මාව නලියනවා ඕයි.. !! :D

    ReplyDelete
  21. .කා .... මට පිස්සු වගේ මචං.....

    ReplyDelete
  22. apoy deyane me moko wela thiyenne,, mawath nikan kare kewela athe ariya wage .. :( ikmnate 16 post ekak danneeeeeeeeeee

    ReplyDelete
  23. පෘථිවිය භ්‍රමණය, පරිභ්‍රමණය වෙනවා කියලා දැන් නම් හොඳට ම තේරෙනවා. මට කැරකිල්ල වගේ දැනෙනේ ලෝකෙත් කැරකෙන නිසා වෙන්නැති..... :D

    ReplyDelete
  24. මේක කියවපු මට පික්සුද උඹට පික්සුද කියලා මට තාම හිතාගන්න බැහැ.. ලොකු පොල්ලකින් ඔලුවට ගහලා ආයෙත් හිමිහිට ඔලුව අතගානවා වගේ දැනෙනවා .. :P

    අනික් කොටස ඉක්මනට ලියපන් මචෝ එල .. :D

    @Observer

    ආසයි නේ .. :P ඒකාලේ කුරුණෑගල ඩිකියේ ඔබා කිව්වේ මාමටද ? :D

    Ali patiya @ Elakiri.com

    ReplyDelete
  25. මචන් මුලින්ම මට අග මුල හොයාගන්න බැරි උනා මොකද කතාව ටිකක් පරක්කු උනු නිසා. ඉතින් හිතහන්කො අමතක් උනු කතාවකුත් එක්ක මේක කියෙව්වම මට වෙන දේ. ඇයි බන් අපි පව් නැද්ද මට උතුර දකුන මාරු වෙලා තියෙන්නෙ. එල එල ඉක්මනට අනික දාපන් මොකද අලි හුට්ටප්පරයයි නෙ වෙලා තියෙන්නෙ. ඉක්මනට මේ මකුලු දැල ලිහපන්. ව්‍යංගා හම්බුනේ මොන වෙලාවෙද විමන්සා හම්බුනේ මොන වෙලාවෙද.. අර අරු ජනෙලෙන් බැලුවෙ කා දිහද වගෙ ඒවා :D :D :D

    ReplyDelete
  26. ඔබා මාමේ ඩිකිය කිව්වේ?. කෝ මේ පින්තුරේ වාහනයක් පෙන්න නැනේ . අනේ මන්ද වයසට යනකොට සිහිය විකල් වෙනවා කියන්නේ ඕක තමා .

    ReplyDelete
  27. අම්මා ගහයි බැට් එකෙන්,,,,
    දැන් ඉතිං උඹට තියෙන්නෙ ආදර උප්පැන්නෙ නම විමංසා කියල වෙනස් කරන එක තමා....
    ඒ කෝක උනත් කමක් නෑ ආදර උප්පැන්නෙ නම වෙනස් කරන්න කලින් මේකෙ ඉතුරු කෑල්ල දාපං,,,
    නැත්තම් මම තොගෙ උප්පැන්නෙ වෙනස් කරනවා,
    බලපං උඹ මේක දාන්න ගත්ත කල්...මට දැන් මේ කොටස් ටික කට පාඩම් උඹ පෝස්ට් දානකල් කියවලාම...

    ReplyDelete
  28. හරි හු--- කෙලියක්නේ....... ඇති එකාට දෙයියෝ පැන පැන දෙනවා [දෙක දෙක], නැති එකාට මුකුත් නැහැ....

    ReplyDelete
  29. අප්පටසිරි හින්දි ‍ෆිල්ම් එකකුත් නෙවෙයිලු.... මෙක මාර අවුලක් නේ... ඇඩෙනවා ඔයි..නින්ද යන්නෙ නෑ බන් ඉක්මණට දාන්න.....

    ReplyDelete
  30. ඇත්ත කතාවක්ද ලියන්නෙ?පොඩි අවුල් තැන් ටිකක් තිනවා...

    ReplyDelete
  31. ඒක් පූල් දෝ මාලි නෙමෙයි ඒක් මාලි දෝ පූල් :D @සුජානි

    ReplyDelete
  32. ටිකක් සීරියස් සීන් එකක්......නගා අක්කන්ඩිගෙ ලවට ටිකක් එක දෙන්න වගෙ හදන්නෙ...

    ReplyDelete
  33. වසිලිස්සාDecember 6, 2011 at 12:17 PM

    නියම කතාව.ඉතුරු ටික ඉක්මනට දාන්න.
    මට පෙන්නේ දෙන්නම විහඟට ආදරේ වගේ :)

    ReplyDelete
  34. අයියෝ පටලලා ටපලලා ආයෙත් පටලනවානේ.... ඔලුවත් කැරකෙනවා වගේ.... මැක්සා බන්... ඊලඟ එක පරක්කු නොකර දාපන්කෝ....

    ReplyDelete
  35. යකෝ නිකන් බුල්ඩෝසරේකට අහු උන වගේ නේ... තාම ඔලුව කැරකෙනවා...

    දැන් වියංග නේද හොස්පිටල් එනකල් හිටියේ ??

    හොස්පිටල් ආවෙ නගා... විමංස හරිනේ...

    කියපන් යකො...

    ඔබා මාම නම් අනේ අප්පේ... හක් හක්

    ReplyDelete
  36. කරාඹුවෝ..
    දැන් මගේ සද මෝල් වෙලා එක්කොම කර්පට් වෙලා...
    එකි මට ලව්..
    මම වෙන එකියෙක්ට ලව්...
    මොන මගුලක්ද බන්...
    මම තෝව මරනවා.. ඈ...
    විමන්සාටයි විහයටයි බම්බු ගහ ගන්න කියලා ව්‍යංගාව මට දීපන්...

    ReplyDelete
  37. යකෝ අක්කගෙ නම දාලා නංගිනේ ගේම දෙන්නෙ.......
    මොකක්ද බං මේ හුටස්පාලු වැඩේ....

    ReplyDelete
  38. ඈ..පිටස්තර කසුවෝ..බලන් ඉන්නෙ ඒකිව ගන්නද...හි..හී
    අන්න a/l රිසාල්ට් ඇවිත්ලු..........:D:D

    ReplyDelete
  39. ethakota meke thiyena widihata akkai nangi dennama vihagata love da...... mona unath oyata mara hithiwili tikak thamai enne podi man.... niamai...
    Girl of 27

    ReplyDelete
  40. එල එල හොදට script කරල තියෙනවා ඉස්ටෝරිය.කැත නැතිව කියන්න පුඑවන්

    ReplyDelete
  41. @ Dush :- මොනව කරන්නද කියල හිතගන්න බැරුව ඉන්නෙ...

    @ මහිම :- කොයි පැත්තටද කරකැවෙන්නෙ... ??

    @ නෝටියා :- ඔහොඅ ඉදපංකො ඊලග එකෙන් හරියාවි

    @ තාරක :- කවුද දන්නෙ බං

    @ සුරංග :- කාලකින් පුලුවන් කියල ෂුවර්ද ?

    ReplyDelete
  42. @ නිසූපා :- ආයෙත් අහලා... :D

    @ soda ගුනේ :- කාගෙ කිරි අප්පටද බං ?

    @ ශානු :- ඈ.... හුටන් දෙහුටං ???

    @ NIpz :- ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා-ව්‍යංගා-විමංසා

    @ ගායනා :- හැමෝක කරකලව ඇතෑරලා :D

    ReplyDelete
  43. @ ඇනෝ L puncha :- තැන්කෝ තැන්කෝ...

    @ ඇනෝ :- නෑ නෑ තාම නෑ... :D

    @ චවු චවු :- පොඩ්ඩක් හිවසල හිටපං.... :D

    @ මුචලින්ද :- හුටාම තමයි

    @ ගිනි කුරුල්ලා :- දානව දානව පුලුවන් ඉක්මනට දානවා...

    @ නොදුටු ලොවක් :- ආයෙත් අහලා... :D

    ReplyDelete
  44. @ Observer :- අන්න ඒකනෙ කියන්නෙ... ඔබා මාම ඔච්චර එක්ස්පීරියන්ස් තියෙන පොර වෙලත් රැවටිලනෙ.. ඒ ඉන්න ඈන්ගල් එකට එහෙම පේන්නෙ..

    @ ඇනෝ 2 :- තැන්කූ තැන්කූ....

    @ ඇනෝ 3 :- එල්ස්..

    @ නිසපු :- උඹනම් කියයි නංගියේ... මගේ ජාල ප්‍රතිපාදනත් ගෙදරින් අහෝසි කරල දාවි... මග දිගට තමයි ඉන්න වෙන්නෙ ගෙදරින් එලවල දැම්මාම

    @ සුජානි :- එක විලේ මල් දෙකද ??

    ReplyDelete
  45. @ බනී :- විහඟගේ තාත්තට කියපං.. හැබැයි ඒත් දැන් පරක්කුයි බං

    @ හර්ෂන :- උඹට විතාරද බං... :D

    @ Glimmr girl :- තාම උනේ නෑ තාම උනේ නෑ... :D

    @ මහී :- එහෙම වෙන්න ඇති...

    @ ඇනෝ 4 :-උඹට නෑ මට පික්සු... :P කුරුනෑගල ඩිකියෙ ඔබා... ෆුල් ආතල්... :D :D

    ReplyDelete
  46. @ සිහින කොදෙවුව :- ඒකටනෙ බං ලින්ක්ස් දාල තියෙන්නෙ :D :D ඉවසල හිටපංකො....

    @ රාවනා :- ඇයි බං ඔය තියෙන්නෙ වාහන දෙකක්ම

    @ පිස්සු/ මෝඩ කොල්ලා :- මේකත් පාඩම් කරගනිං....:D හරි හරි මචං ඉක්මනට දානවා :D

    @ uwiniran :- දෙක දෙක දුන්නට පටලවලනෙ බං දීල තියෙන්නෙ...

    ReplyDelete
  47. @ රහස්පරික්ෂකයා :- ඇයි උඹටත් මුලින් රූකාන්තට තිබිලා පස්සෙ ෂිහාන්ට බෝවුන ලෙඩේ හැදිලද ?

    මොකකද අවුල් තැන් ටික ??

    @ චරිත් :- පූල් දෙකයි එක මලයි... ?? තේරෙන්නෙ නෑ බං

    @ ලොකු අයියා :- එවුව කියන්න බෑ :D

    ReplyDelete
  48. @ වසලිස්සා :- දානව දානව... දැම්මාමම බලන්නකො

    @ @ ධනුෂ්ක :- පුලුවන් ඉක්මනට දාන්නම් බං :D

    @ පිස්සා :- ව්‍යංග හොස්පිටල් එනකං හිටිය ?? නගා හොස්පිටල් ආව... ?? මොනවද බං කියන්නෙ උඹ මටත් පටලවනවනෙ..

    @ පිටස්තරයා :- වරෙන්..

    @ සුදු කොල්ලා :- දෙයියො දනී...

    @ ගායනා :- ඔවු ඔවු.. ගෙදරින් රිස්ල්ට් ෆදැකල කිවුවලු කසාදයක් කරල දෙනව කියල කොල්ලට

    ReplyDelete
  49. @ girl of 27 :- ස්තූතියි... :)

    @ ෆ්‍රෙන්ඩ්ස් :- තෑක්ස් මචං.... :)

    ReplyDelete
  50. කතාවනම් ෆට්ට අද තමයි ඔක්කොම කියෙව්වෙ සිරාවටම ලියල තියනව, ඊලග කොටස කවද්ද එන්නෙ

    ReplyDelete
  51. එකෙන්ම පිස්සු බම්ප් වෙනවා නේන්නම්.සිරාම සුපිරි කතාවක්.මේක ඇත්ත කතාවක්ද මචන්?

    ReplyDelete
  52. හ්ම්ම්ම්.. විමංසා හරි ව්‍යංගා හරි කවුරුහරි... විහඟ කැමති කෙනා විහඟට කැමතිනේ.. එහෙම හොඳයි.. මම කැමතී සභාතොමෝ සතුටින් විසිර යනවට :)

    ReplyDelete
  53. වැඩේ කියන්නේ විහඟ කැමති කාටද කියල ඌ දන්නේත් නෑනේ... :D

    ReplyDelete
  54. ෆට්ට මචෝ ෆට්ට ඇති යාන්තං අනිත් එකීගෙ නමවත් අහගත්තා.... 16 ඉක්මනට දාපන් මචෝ ආසාවෙන් කියවන කතාව බන්

    ReplyDelete
  55. පොතෙත් නෑ බන් මේ වන ඒව.. එක හුස්මට 15ම කියෙවුවා...
    පිස්සු වගේ.. උබ හොදින් ඉන්න එක ගැනනම් පට්ට සතුටුයි.. මෙහෙම වෙලා..

    ඉතුරු ටිකත් ඉක්මනට දාමු...

    ReplyDelete
  56. do me a small favor
    plz like this page ane
    http://www.facebook.com/AraliyaWeddings

    ReplyDelete
  57. කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි

    ReplyDelete
  58. මොකක්ද අනේ මේ වෙන්නේ......????ඉක්මනට ඊලඟ කොටසත් දාන්නකෝ.....

    ReplyDelete
  59. ko ban.ane dapanko.maga digata maga bala bala inne

    ReplyDelete
  60. Its like you read my mind! You seem to know a lot about this, like you wrote the book in it or something.
    I think that you can do with some pics to drive the message home a bit,
    but instead of that, this is fantastic blog. A great read. I'll certainly be back.
    Also visit my blog :: transfer news football england

    ReplyDelete
  61. Undeniably believe that which you stated. Your
    favourite reason seemed to be on the net the simplest factor to keep in mind of.

    I say to you, I definitely get irked even as people think about issues that they just do not recognize
    about. You controlled to hit the nail upon the highest as well as
    outlined out the whole thing with no need side-effects ,
    folks can take a signal. Will likely be again to get more.
    Thanks
    Here is my web page - latest mufc transfer news man utd

    ReplyDelete
  62. Hello there! I could have sworn I've visited this blog before but after browsing through a few of the posts I realized it's new to me.
    Nonetheless, I'm certainly delighted I came across it and I'll be bookmarking it and checking back regularly!
    My website > liverpool transfer news 2012

    ReplyDelete
  63. මම ෂර්ලොක් හොම්ස්ට් පස්සේ අසවෙන්ම කියවපු කතාව. maxxa

    ReplyDelete
  64. කුරිඥ්ඥන් උනා...ආයේ කියවන්න ඕනේ...

    ReplyDelete