2011-12-16

මගදිගට 16 "අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි..."



දවස් ගානක් රවුටර් එකේ අවුලක් නිසා මේ පැත්තෙවත් එන්න බැරි උනා....  පෝස්ට් එකක් ලියන්න බැරි උනේ ඒක නිසයි..... ඒකට බලවත් මෙවුව එක... ඔන්න බලන් ඉදපු කොටස...

අද වෙනකන් කතාව....


මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14



අද එතැන් සිට...


පිස්සු බම්ප් වෙනවා.... දැන්නම මට විකාරයි වගේ...    විමංසා කිවුවා........  එතකොට... එතකොට... මේ....
...... ...... ......

මම මාරුවෙන් මාරුවට දෙන්න දිහා බලල තටමද්දි අනිත් එක්කෙනත් අපි ලගට ඇවිත් ඉවරයි.... ඔලුව පිස්සු බම්ප්වෙන තරමට පැටලැවිල ඉන්න වෙලාවෙ දැන් වෙනව රගපාන්නත්....

දැන් එතකොට මෙතන මගේ අතත් අල්ලගෙන මට ආදරෙයි කිය කිය ඇඩුවෙ මගේ තුන් හිතේවත් නොතිබුන විමංස කියල කෙනෙක්....  අනේ මම දන්නෙ නෑ.... 

"මොකද උනේ විහඟ...  කොහොමද තුවාල උනේ මේ....   ??"

 මම හිතින් ආදරේ කරපු ඇත්ත ව්‍යංගා තමයි මේ මම දිහා මේ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නෙ... තුවාල වෙලා කියල එයා දන්නෙවත් නෑ....  මේක නිකන් බොබ්මාලිගෙ කොන්ඩෙටත් වඩා  ලිහාගන්න බැරි තරමටම පැටලැවිලයි තියෙන්නෙ...  පිස්සු හැදිලා ආයෙ හැදෙනවා.... අර වැටිච්ච වෙලාවෙ රෝදෙ ඔලුව උඩින්ම ගියානම් මාර සනීපයි වගේ....

" මුකුත් නෑ.... "

මම නිකන ඕනවට එපාවට වගේ කිවුවා...  ඇත්තටම මොනව කරන්නද.. මොනව කියන්නද.. දෙන්නත් එක්ක කොහොම කතාකරන්නද මොනවද උනේ... කිසිදෙයක් තාම හිහාගන්නවත් බෑ... ඒ හෙම වෙලත් ව්‍යංගට මොනවත් කියන්නෙ නෑ කියල විමංසට මම මේ දැන් පොරොන්දු උනා...   ඒ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනත් ඒ පොරොන්දුව  කඩන්නනම් මට හිතුනෙ නෑ....

"බස් එකෙන් වැටිලලු අක්කි... "

මෙච්චර වෙලා  සද්ද නැතුව ඉදපු වි‍මංසත් කට ඇරියා... හිනාවෙලා එයා එහෙම කිවුවට කලින් අඩපු පාරවල් කලුවරේ උනත් ඒ සුදු මූනෙ බලාගන්න එච්චර අමාරු උනේ නෑ...

විමංස එහෙම කිවුවාම ව්‍යංග එයා දිහා බලපු බැල්මෙනම් තිබුනෙ සැකයක්... අපි දෙන්න මෙතන කතා කර කර ඉදපු එක මෙයාට එච්චර දිරවන්නෙ නෑ වගේ...

" එතකොට ඔයා අක්කි මෙයා නංගි....  කොහොම කොහොම හරි අක්කල නංගිල එකතු වෙලා ලොකු ලන්නක් දුන්න නේද මට... ??"

 මගේ උපරිම භාවාත්මක රංගනයෙන් එහෙම කියල මම කතාව ආයෙමත් ට්‍රැක් එකට ගත්තා... නැතිනම් අක්කල නංගිල  මෙතන කෙහිවලු පටලවාගන්නවා  ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

" අනේ නෑ...  ඔයාටනෙ අපි දෙන්නව මාරු උනේ....  අපි දෙන්න ඔයාට ඒක කිවුවෙ නෑ එච්චරයි..."

ව්‍යංගා හිනාවෙලා  කිවුවා... ව්‍යංගා, විමංස කියල අදුනගන්න පුලුවන් උනේ දෙන්න දෙපැත්තෙ ඉදපු නිසාය.. ආයෙමත් තැනකදි දැක්කොත්නම් ආයෙ හොයනව බොරු...

"ඉතිං කිවුවෙ නැති එක තමයි ඉතිං දීපු ලන්න...."

මම අහක බලාගෙන කිවුවා....  ටික වෙලාවක් යනකම්  දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ...

මමයි ව්‍යංගයි ඉදියෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවගෙන.. අපි දෙන්නගෙ ඉස්සරහ ඉදපු විමංස එක පාරටම ව්‍යංගගෙ අතින් ඇල්ලුවා...

" අක්කි... අම්ම..."

එහෙම කිවුවාම අපි දෙන්නටත් ඒ පැත්ත බැලුනෙ ඉබේටම... ව්‍යංගලගෙ අම්ම දොරෙන් එලිට ආවෙ ඇන්ටිලා තව තුන් හතර දෙනෙකුත් එක්ක... ඇවිත් එතනම තිබුන ලොකු කුඩයක් යටින් වාඩි උනා...

තනියම නොවුනත් කොල්ලෙක් එක්ක මුල්ලකට වෙලා කතාකකරනව දැක්කොත් ඇන්ටි මොනව නොකියාවිද... තව දවස් හතරකින් කපන්න තියෙන මැහුම් ටික ඇන්ටි දැන්මම කපාවි මයෙ හිතේ....

"අපි අරෙහෙට යං.... "

මට හිතුන එක ව්‍යංගටත් හිතිල වගේ....

අපි තුන් දෙනාම දොර පැත්තට ඇවිදගෙන ආවා... දෙන්න කෙලින්ම යන්නෙ අම්ම ලගට...  ඇන්ටිත් දනවද දන්නෙ නෑ වෙච්ච දේවල්.... හිමීට මාරුවෙන්නත් බෑ....  දැන් මොකද කරන්නෙ...  ඇන්ටිත් දන්නවනම්  ඉතිං හොදි ඕනෙ නෑ නෝන්ඩිය...

මම එහෙම හිත හිත හිමීට ඒ දෙන්නගෙ පස්සෙන් ඇවිදගෙන ආවා... එක අතකට මම මොකටද බයවෙන්නෙ.... මම වැරද්දක් කරල නෑනෙ...   එහෙම කියල හිත හදාගන්න හැදුවත් මොකක්ක්දෝ හේතුවකට ඇන්ටි ලංවෙනකොට මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කලා...

ඇයි යකෝ වැරද්දක් කරල නෑ කියන්නෙ.. දැන් විනාඩියකට කලින් අර මුල්ලක් පල්ලෙ මගේ කුලුදුල් ආදරේ හොර හොරෙන්ම නිල වසෙන් ස්ටාර්ට් කලේ ඇන්ටිගෙ එක දුවෙක් එක්ක නේද.... එයත් එක්ක ලව ස්ටාර්ට් කරාට... එයා විමංසලු...ඒත් හැම  රෑකම  මගේ ජීවන ගංගාවෙ පැදයන්න හීන දැකපු  ප්‍රේම යාත්ත්‍රාව  ව්‍යංගා... දැන් ටිකට කලින් වෙන එක්කෙනෙක් බලෙන්ම වෙන එකට මාව ඇදගත්තා..... අයියෝ විස්කි... මීට වඩා හොදයි කසිප්පු ගැහුවනම්...  

ඇන්ටියි අංකලුයි තමයි මේවට වග කියන්න ඕනෙ....  ඇයි හත්වලාමෙ මුන් දෙන්නව දෙපාරකට හදන්න බැරි උනේ....එහෙම උනානම් මගේ දුප්පත් මෝටසයිකලේට හන්දිය දෙපැත්තෙම රෙඩ් ලයිට් වැටෙන්නෙ නෑනෙ ... දැන් කොයි පැත්තකටවත් හරවගන්න බෑ වගේ.......

" අම්මෙ මේ මෙහේ ශ්‍යාමිකගෙ යාලුවෙක්...විගඟ... අපේ ක්ලාස් වලටමයි එන්නෙ.. අර මම  අම්මට කිවුවෙ..."

ඇන්ටි ලංවෙනකොටම ව්‍යංගා මාව අම්මට ඉටඩ්‍රිඩියුස් කරල දුන්නෙ එහෙමයි...  ... ඈ... ඒ ව්‍යංගද.. නැත්නම් විමංසද.... මල කෙලියයි.... මනෝ පාර ගහන් ආව ඩිංගට මුන් දෙන්නව ආයෙ මාරු  උනානෙ.... අම්මප හරියට
 අහගෙන කොටන්න  හිතෙනව නම  නලලෙ... නැතිනම් අපි මැරෙන්නෙ ඉදිආප්ප දාපු තුවක්කුවකින් වෙඩි කෑව වගේ පැටලිල...
ඒක නිකන් බඩේ බත් වගේ.... බුදු ෂුවර්....

ආ... මේ ළමය නේද ලොකු දුවගෙ පර්ස් එක අහුල දුන්න කිවුවෙ.... මොකද පුතේ මේ තුවාල වෙලා.... ??

හරිනෙ වැඩේ... ඒ කියන්නෙ අම්මත් සීන් එක දන්නවා.... අනිත් හරියත් දනනවනම් දැන් මෙතන පට පට ගාල එලියට ඒවි මගේ පැටලුන ප්‍රේම පුරානය.... වටේ ඉදපු ඇන්ටිල ලැන්ටිල ටිකත් බලාගෙන ඉන්නවා....කටවල් ඇරං...
කාල ගිලිනව යකෝ මම මේ ලයිට් වැලේ ලයිට් ඔක්කොම.....

" බස් එකෙන් වැටුන ඇන්ට්.... "

මමත් හිනාවෙලා හෙමීට කිවුවා... 

" පරිස්සං වෙන්න එපැයි දරුවෝ...  ඔයිට වඩා දෙයක් උනානම්..... "

කොච්චර උනත් ඇන්ටි මාත් එක්ක සිරාවට කතාකරා... වෙන දෙයක් ඇන්ටි දන්නෙ නැතුව ඇති... ඊට පස්සෙ පන්තියේ ඒවයි අරවයි මේවයි බලා බලා ගොඩකට පස්සෙ ඇන්ටි අනිත් ඇන්ටිලත් එක්ක කතාව පටන් ගත්ත නිසා... මම හෙමීට එතනින් ලිස්සල ආවෙ එතන ඉදිය කියල නිදහසේ කතා කරන්න බැරි නිසා... වෙන වෙලාවකනම් මොනවහරි බයිලයක් ගහගන්න තිබුනා... ඒත් තාම අගක් මුලක්  දන්නෙ නැතුව
එක්කෙනෙක් එක්ක හොරෙන් ලවු කර කර.... ලටපාවාගන්නෙ නැතුව ඔතන ඉන්න එකනම් ආයෙ මොන දෙයියන්නාන්සෙටවත් කරන්න බැරි වැඩක්...

මම ශේප් එකේ... අපේ එවුන් ඉන්න දිහාවක් ඩයිල් කරත් මීටරේට කිසි ප්‍රතිචාරයක් නෑ.....

කොහේ හරි මුල්ලක සෙට් වෙලා ඇති.... ආයෙ හෝදන්න දෙයක් නෑ...

දැන් ඉතිං කොහොමද  මුන්ව හොයාගන්නෙ... ෆෝන් එකක්වත් නැති කොට.....

ආයෙමත් හිමීට ව්‍යංගල ඉන්න තැනට කිට්ටු කරා හිමි හිමීට... 

මේ.. පොඩි උදවුවක් කරන්නකො....  ෆෝන් එක චුට්ටක් දෙනවද....  කෝල් එකක ගන්න.. ඔයාලත් එක්ක කතාකරණ වෙලාවෙ අපේ සෙට් එක මොන ලෝකෙට උනාද දන්නෙ නෑ... 

කතා නොකරම  මම ලගම ඉදපු එක්කෙනා  ෆෝන් එක හිමීට දික් කරා මට....

මම කහිරුවගෙ නම්බර් එක ඩයිල් කරනකොටම ෆෝන් එකේ තියෙනව නම්බර් එක සේවු කරල...

Lhiru (V)

 ඒ කියන්නෙ මේ විමංසා....  ව්‍යංගා ගාව නම්බර් තියෙන්න විදියක් නෑනෙ....

මම ෆෝන් එක අරන ටිකක් එහාට ගියා...

"හෙලෝ..."

ටික වෙලාවකට පස්සෙ ලහිරුවගෙ මදුර මනෝහර කටහඩ ඇහුන එහා පැත්තෙන්... මූ පැනි හැලියම දාලයි කතාකරන්නෙ  කෙල්ල කියල හිතලා...

" කොහෙද බොල මූසලයො ඉන්නෙ... "

ලහිරුවවට එකපාරට හිතාගන්න බැරි උනා  වගේ... ව්‍යංගගෙ නම්බර් එකෙන් ඒවගේ සුමිහිරි ආමත්‍රණයක්...

" ආ.. උඹනෙ... වරෙන් පිටිපස්සෙ මඩුව එහාපැත්තට.... "

" මම ෆෝන් එක කට් කරල හෙමීට ව්‍යංගල ලගට  ඇවිදගෙන ගියා.. ඔක්කොම ඉනෙ ලොකු කයිය පිට ... ඒක නිසා මම ටක් ගාල ෆෝන් එකේ මැසේජ් වලට ගිහින් මෙහෙම ටයිප් කරා...

yana kalin maawa meet wenna
kohoma hari
thaniyama

 ගහල එ ටික එහෙමම තියෙද්දි ස්ක්‍රීන් එක එයාගෙ මූන පැත්තට හරවල ෆෝන් එක දීල ඇහෙන ෆෝන් එක පෙන්නල... අනිත් එක්කෙනාටයි ඇන්ටිටයිත් යන්නම් කියල හිමීට ලහිරුවල ඉදපු දිහාට ඇවිදගෙන ආවා...

ශ්‍යාමිකයලගෙ ගෙදර පිටිපස්සෙ පරන ලට්ට පටස් දාපු මඩුව තිබුනෙ කන්ඩිය අයින හරියට වෙන්න... කන්ඩියයි මඩුවයි අයිනෙ තිබුන පුංචි ඉඩේ අපේ එවුන්  පස් දෙනෙක්  බෝතලේකුයි කෝප දෙකතුනකුයි වටකරගෙන වාඩිවෙලා....

තිලිණයයි.. නිමේෂයයිත් ඇවිල්ලා....මම දැක්කෙ ඇවිත් වාඩි උනාටත් පස්සෙ... ඒ තරමට එක එකාව අදුන ගන්න බැරිවෙන තරමට මීදුම....

"මොකෝ උනේ...."

පැංච ඇහුවෙ මම මඩුවෙ අයිනක කොටයක් උඩින් වාඩිවෙනකොටම ..

" සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රස්නයක් බොල....."

මම හිනා වෙලා   නිමේෂයගෙ  අතේ තිබුන සිගරට් එක අරගෙන කටේ ගගෙනම  බෝතලේට සම්මාදම් වෙන එක පටන්ගත්තා...

ඊට පස්සෙ ශ්‍යාමිකලගෙ ගේ පිටිපස්සෙ මදුව හා කන්ඩිය අතර අපේ පාර්ලිමේන්තුවේ කතානායක උනේ මේ දිසානායක මුදියන්සෙලාගේ විහඟ නෙත්මික විඳානගමගේ තමයි.... අතේ තියෙන සිගරට් ඔහේ අලුවෙලා යද්ද්දි  සැන්ඩි කරන්න අමතක වෙලා බඩු දාගෙන මූනු ඇඹුල් වෙද්දි... ඉතිහාසයේ රනකුරින් ලියවෙන අතිපූජනීය පරම පිවිතුරු ප්‍රේමවෘතාන්තය අහගෙන කට්ටිය සද්ද නැතුව රවුමට ඇන තියාගෙන ඉදියෙ වෙහෙරහේන පන්සලේ පඩිපෙලේ අඹල තියෙන වාමන රූප ටික වගේ....

ඒ වෙනකොටත් පලවෙනි බෝතලේ අඩිය දකිමින් ඉදපු නිසා කට්ටියම ඉදියෙ උඩ සාක්කුවෙ පොඩි සල්ලි ගන්කර කර....
ඔලුව කැරකැවෙන වෙලාවෙ සඳ බොදවෙන කරකැවෙන ලා චෝරු වෙන කතාවක් අහගෙන ඉදපු අපේ සෙට් එකම තව ටිකක් ෆලැකෑන්ස් වෙලා ගියා....

" අඩෝ... පික්ක්...ෂු හැදෙනවනෙ....  දැන් එතකොට උඋඋඹට සෙට් වෙලා තියෙන්නෙ වෙන කෑල්ලක්.... ?? "

"ඔවු බං විමංස .... එයා නංගි... ඒත් මේ දෙන්න මාරු උනේ මොන වෙලාවෙද කියල දෙයියො තමයි දන්නෙ.... "

"දැන් එතකොට හොස්පිටල් එකට ආවෙ.... නංගිද... එයා කොහොම්ද හොස්ස්ස්පිටල් ආවෙ... බස් එකේ ඉදියෙ ව්‍යංගනෙ බං... ව්‍යංග අක්කද නංගිද බං..... එතකොට ඔය විමංස කවුද බං..."

පැංචට ටිකක් වැඩියි වගේ හැමදාම බොන්න ගත්තොත් මූඩියෙන් එකක් වැදුනත් ඇති  ගූ ගොඩේ සීනි බනිස්,,,,,
සීනි බනිස් කොච්චර හොඳ උනත් ගූ ගොඩේ වැටුනාම වැඩක නෑ වගේ.. මූත් කොච්චර හොද උනත් බිවුවාම වලි දෙයියා... චාටර් ලෝකයයි... ගූ ලොරියයි...

 "මේ පැංච... උඹ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ආයෙ කියල දෙන්නම්.... අපිටත් පටලවන්නෙ නැතුව ඉදපං... .. තව බින්දුවක්වත් බොන්නෙ නෑ උඹ... ඒපාර අපිට යන්න වෙන්නෙත් රෙදි නැතුව....."

වෙනදට හැමදාම ලහිරුවත් එක්ක කියවගත්තට ලහිරුවගෙ ඒ විදානෙට පැංච කට වහගත්තා....

" ඒ මට වැවැවැ ඩීද බංස්... ??? "

ඌ ශ්‍යාමිකයගෙන් ඇහුවෙ රහසින්....  ඌ එක අහපු විදියට ඉන්න තැන අමතක වෙලා අපි ඔක්කොටම හිනා ගියේ මහ හයියෙන්...

දැන්නම් ඉතිං මෙතන ඉදිල්ල සරීර සවුකෙට එච්චරම ආතල් නෑ... අපි එකා දෙන්න විවිද දිසාවන් වලට හෙමීට තාවකාලික විස්ථාපනයන් ලබාගත්තා....

" උඹට කෝල් එකක් මැසේජ් එකක් ආවෙ නෑනෙ... ??"

මම ලහිරුවගෙන් ඇහුවෙ ගේ පැත්ත දිගේ ඉස්සරහට එනගමන්... 

" අම්මට හුඩු ආවද දන්නෙ නෑ...  මම ෆෝන් එක සයිලන්ට් දාල තිබුනෙ.. සීක්‍රරට් මිෂන් එකකනෙ ඉදියෙ.."

එහෙම කියල ලහිරුව ෆෝන් එක අරන් බලනකොට මිස්කෝල් හතරයි මැසේජ් දෙකයි.... ඔක්කොම ව්‍යංගගෙන්... නෑ වැරදුනා... විමංසගෙන්.....

ai 4n eka answer naththe...
tharahada math ekka...
ane tharaha wenna epaa
oyaa text karanakam balaagena innawaa

හුටා.. නයි කයිද රෝස් පාන්..... 

api yanawa... puluwan welaawaka cl karanna
plzz.. mama  balaagena innawaa..

tc.bs

අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි....ඒක නිකන් ආයෙ බඩේ බත් ටික වගේ බුදු ෂුවර්..... දැන් මොකද කරන්නෙ...

" සොරි බං මට දැනුනෙ නෑ.. අරක පල්ලෙ ඉදිද්දි මේ හු _ _ _ වැදුනොත් ඉවරයිනෙ.... ඒකයි සයිලන්ට් කරේ... උඹ කෝල් කරාට පස්සෙ ෆෝන් එක සාක්කුවෙ දාගත්තා.... මොකද ව්‍යංගා ගිහිල්ලද...??"

ලහිරුවගෙ මූනත් මැලවිලා....

" මොනව කරන්නද බං.. ගිහිල්ල තමයි... "

මම එහෙම කියල ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තා... වෙලාව 11.04 යි...  වෙලාව යනව දැනුනෙවත් නෑ අපට...
මමම මීට් වෙන්න ඕනෙ කියල මටමයි ආන්සර් කරන්න බැරු උනේ... මූට මේක වයිට්බ්‍රේට්වත් දාගන්න බැරි උනානෙ... ෂික්...

ෆෝන් එක දෙසරයක් රින්ග්ස් යන්නත් කලින් එහා පැත්තෙන් ආන්සර් කරා....

 “වි..හ..ඟ.... ”

එහාපත්තෙන් ආපු කටහඩ අහපු මගේ.. පපුව කඩා වැටුනෙ ඉබේටම... බිවුවෙත් ටිකයි.. ඒවත් කොහෙන් ගියාද නෑ...

අනේ සොරි... මම යාලුවොත් එක්ක ඉදියෙ.. මේකෙ සද්දෙ නිසා ඇහිල නෑ... ඔයා ගෙදරද ඉන්නෙ... ??

මට කියන්න වෙන බොරුවක් කටට ආවෙත් නෑ ඒ වෙලාවෙ...

“ඔවු....”

කෙල්ල තාමත් අඩනවද කොහෙද...

“සොරි ව්‍යංගා... නෑ.. විමංසා...  ඔයාව මීට් වෙන්න විදියක් නැති උනානෙ.. කතා කරන්න....  මම තරහට නෙවෙයි කතා නොකරෙ...ඇත්තමයි.. රත්තරං.... සත්තයි....”

ඉස්සර ඉදලම කොල්ලො කෙල්ලො වස්තුවෙ රත්තරං කිය කිය ආදරේ කරනකොට ඒව පට්ට බොලදයි කියල හිනාවෙවී ආතල් ගත්ත මගේ කටින්ම නොදැනිම ඒ බොලද වචන එලියට පැන්නෙ මටත් නොදැනම.... ආදරේ කියන්න එක සිරාවට බොලද වෙන්න ඇති....ඇත්ත තමයි... හරියට ආදරේ නොකර ඒක ගැන තේරුම් ගන්න බෑ කවදාවත්... ඒක මගේ හිතට දැනෙන නිසා... ඒ ආදරේ දැනෙන නිසා දැන් මම දන්නවා.... මහා පන්ඩිතයෙක් වගේ... මවාපාලා ආදරේ කරන්න ඕනෙ නෑ මට..... ආදරේ බොලදනම්... මගේ හිත ඉල්ලන්නෙ ඒකනම්... ඒ දේවල් වලට මම ඉඩ දෙන්න කැමතියි...... ඒක නිසා වෙන්න ඇති ඒ වචන එහෙම මගේ  කටින් පිට වුනේ ....

එහාපැත්තෙන් කෙල්ල ඉකි ගහනව ඇහුනාම මට ඔක්කොම අමතක වෙලා ගියා... ව්‍යංගා තිය විමංස තිය   වත්සලා වනමලී   උනත් කමක්  නෑ...   මම බස් එකෙන් වැටුනට පස්සෙ මාව බලන්න දුවගෙන ආවෙ මේ කෙල්ල....  මුලින්ම පර්ස් එක අහුලල දුන්නෙ ව්‍යංගට... මම දන්නව ඒක...  එදා තිබුනෙ  ව්‍යංගගෙ අයි ඩී එක... ඒත් කොහොම කොහොම හරි පස්සෙ මේ විහඟ, අහන්න මග බලාගෙන ඉදියෙ මේ කටහඩ... ආපු කොහේ හරි මගදිගට එක තැනකදි  මාරුවෙලා නොදැනම හරි මම මෙච්චර කල් ආදරේ කරේ මේ හිතට.... ඒක බොරුවක්වත් බලෙන් ඇතිකරපු දෙයක්වත් නෙවෙයි කියල මම හොදටම දන්නවා....   ... ඒ කටහඩේ...ඒ හිතේ.. ඒ ආදරේ අයිති කාරි අඩනව අහගෙන ඉන්න බෑ මට.....

බඩේ තිබුන ඒව නිසාද දන්නෙ නෑ.. මම මවාගෙන ඉදපු බොරු වංඩිය එලවල දාල හිතේ පතුලෙම ගැංගිල ඉදපු නියම විගඟ එලියට ආවා...

නම වැරදුන නිසාද  නැතිනම් මම රත්තරං කියපු නිසාද දන්නෙ නෑ කෙල්ලට කොහොම හරි හිනා ගියා.... ඒ හිනා වෙන සද්දෙට මටත් හිනා ගියේ... ඉබේටම...

මම හිනාවෙවී කතාකරනව දැකල  ටිකක් එහාට වෙන්න හිටපු ලහිරුවයි කොහෙන්දෝ එතනට ආව නිමේශයයි කම්මුලට අත ගහගෙන අනේ අපොයි කියල මට ඇද කරා...

“ අන්න එහෙම හිනා වෙන්න.... ”

මම කිවුවෙ ටික වෙලාවක් ඒ හිනා හඩ අහගෙන ඉදලා....

“ හ්ම් හ්ම්ම්ම්.....”

දැන්නම් ඒ  කටහඩේ දුකක් නෑ....

“ ඔයාගෙන් කතාවෙ ඉතුරු ටික අහගන්න ඉදියෙ.. කොහෙද දැක්කෙ නෑනෙ.... ආයෙ ඉතිං කවද මීට් වෙයිද කතාකරන්න ලැබෙයිද දන්නෙ නෑ... ”

මම කිවුවෙ ඇත්තම දුකෙන්....

“ තාම ඔයා ශ්‍යාමිකලහද ඉන්නෙ..... ”

කෙල්ල කතාකරේ රහසින්....  ටික වෙලාවකට පස්සෙ....

“ ඔවු...”

“ඔයාට පුලුවන්ද පිටිපස්සෙ තාප්පෙ ගාවට එන්න කරපිංච ගහ ගාව... මම එන්නම් එතනට...”

“ඔයා... ඒත් කොහොමද... අම්ම... අක්කි... ??”

“ එයාල නිදි.. ඔයා එනවද... ??”

 “හා...”
 
“මම එලිට ඇවිත් රින්ග් කරන්නම්.....”


එහෙම කියල කෙල්ල ෆෝන් එක තිබ්බා.... ලව ස්ටාර්ට් කරපු මුල්ම දවසෙ මම ඉතිහාස ගතවෙන්නයි හදන්නෙ...
අපේ එවුන් පේන්නත් නෑ.. ආයෙත් ස්ථාන ගතවෙලා ඇති ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... පාටි එකේ කට්ටියත් එච්චර නෑ දැන්... මිදුලෙ නටන උන් ටිකක් ඇරුනාම ගේ ඇතුලෙ ඉදපු කීප දෙනා විතරයි...

මම හෙමින් හෙමින්  කරපිංච ගහ ගාවට කලුවරේම ආවා.... එතකොටම ආව ම්ස් කෝල් එකක්...

කෙල්ල ඉන්නව තාප්පෙ එල්ලීගෙන...

රෝසපාට රෑ ඇදුමක්  ඇදගෙන කොන්ඩෙ කරල් දෙකට ගොතල හැමදාමමම දැකපු ලස්සනට වඩා වෙනස්ම ලස්සනක්...
 තාප්පෙ දෙපැත්තෙ ඉදගෙන අපි විනාඩියක් විතර අත් මිරිකගෙන ඉන්න ඇති....

කුලුදුලේ උපන්න ආදරේ... මංගල දවසෙම මේ වගේ හමුවීමක් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි දෙන්නම...
මටම අයිති වෙච්ච මගේ චූටි රෝසපාට සුරංගනාවියි මායි අතරෙ තිබුනෙ එකම එක සිමෙන්ති ගඩොලක පරතරේ විතරයි.... ආදරේ  දරාගන්න බැරි තරමට හිතට දැනෙද්දි.... කවදාවත් විදපු නැති හැගීම වලින් මුලු ඇගම හිරිවැටිල යද්දි තාප්පෙ මෙහාපැත්තට වෙලා ඉන්න තවත් මගේ කොලුකම මට ඉඩ දුන්නෙ නෑ...

ඇහැක් බැරි ගාතෙ තුවාල වෙච්ච කකුලත් උස්සගෙන ගඩොල් පේලි පහේ තාප්පෙ පැනල මගේ පුංචි සුරව්ගනාවි ගාවට එන්න මට වැඩි වෙලා නෑ...
දන හිස ගාවට කොට රෑ ඇදුම විතරක් ඇදගෙන  ඉදපු නිසා වෙන්න ඇති කෙල්ල ලැජාවෙන් බිම බලාගෙන....  ඒ හැමදාම මම ආදරේ කරපු රෝස පාට මූන මගේඅත් දෙකෙන් උස්සලා... හැමදාම මගේ හීන වල සෙල්ලම් කරපු ඒ ලොකු වීදුරු ඇස් දෙකට  මැද නලලට..අවුරුදු දාහතක මගේ ජීවිතේ කෙල්ලෙක්ට දුන්න මගේ පලවෙන හාද්ද දුන්නෙ වෙවුලන තොල් වලින්....

ආයෙමත් ඒ වීදුරු වැස්වල පියන් කඩාගෙන වැටුන ලොකුම ලොකු  කදුලු බිංදු දෙකක්... ඒ කම්බුල් දිගේ පහලට ගලාගෙන යනවත් එක්කම... විමංස අත්දෙකම මගේ ඉනවටේ දාල මට තුරුල් උනා...

මොකක්දෝ විස්තර කරල කියන්න බැරි සුවදක් එක්ක... ඒ රෑ ඇදුමෙන් විතරක් වැහිච්ච   පුංචි සිනිදු පපුවෙ රස්නෙ මගේ දාඩියෙන් පෙඟුන ෂර්ට් එකට මැදින් පපුව පලාගෙන මුලු ඇගම හිරි වැටිල යද්දි මගේ පුංචි සුරංගනාවි බදාගෙන මමත් තාප්පෙට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......


ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
පෙම්පාටින් තව තව දිලිසෙනකොට
සිපගන්නැතුවම ඉන්නේ කොහොමද

දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
එක එක තියලා ඇහිපිල්ලම් යට
කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
සරසිමි සිහිනය තව හැඩ වන්නට

මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
නිදියන්නැතුවම දෑස් පියාගෙන
එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම


මගදිගට 17 න්.... ....






66 comments:

  1. මල්ලි සතුටුයි ලියු එක ගැන
    කියවලා ආය ලියන්නම්

    ReplyDelete
  2. ඉවරද ?
    මං මොනාද බං කියන්නෙ ?

    ReplyDelete
  3. පට්ට පට පට.....
    කොල්ලා අඬු කඩාගෙනත් තාප්පෙන් පැන්නා එහෙනම්...
    ඉතිරි කොටසුත් ඉක්මනට දාන්න....

    ReplyDelete
  4. ලස්සනයි රිද්ම...

    ReplyDelete
  5. අම්මපා බන් උබ ලියන ලිවිල්ලනම් අයිත් එලම එල.... මට උබත් එක්ක තරහත් එක්ක බන් හැමදාම මොකක් හරි හොද සීන් එකක් ගාවින්ම නවත්වනවා අයිත් ෆුල් අන්දුස් වෙන්න.. උතුර දකුන මාරු වෙලා ඉන්නෙ බ්න් පුලුවන් ඉක්මනට ගැට ටික ලිහපන්.. :D :D ජය වේවා...
    ප.ලි. සිරාවට උබ මේ කතාව ලියලා ඉවර වෙලා පොතක් විදියට එලියට දාපන් අයිත් ඇස්වහක් කටවහක් නෑ උනු කැවුම් වගෙ විකිනෙයි බන් සිරවට කියන්නේ.

    ReplyDelete
  6. උම්මා......................
    ඇයි හත්වලාමෙ ක්සෑම් එකට ගිහිල්ලත් මේක ගැන සිහියෙන් හිටියෙ...

    අනේ අයියේ පරක්කුකරන්න එපෝ.........ඉක්මණට 17 දාන්ඩෝ.......................................

    (අනේ කතාව තව චුට්ටක් දිග වුනානම්...)

    ReplyDelete
  7. ane ow malli me uda thiyena comment eke kiwwa wage meka novel ekak widiyata publish karanna, godak famous wei.. hariyata api scole yana kale asawen kiyopu "sulanga wage awidin" ekata wada lassanai..ane adumagne dawas deka thunkata sarayakwath eka kotask dannnako maalli puluwannam, iwasillak na meka kiyawanna..

    hamadama me kathawa asawen kiyona akka kenek

    ReplyDelete
  8. ඔන්න ඔන්න ඉතින් පුදනකොටම පැන්නා නේද කොටුවක්? හිකිස්... පට්ටයි..

    ReplyDelete
  9. සිරා කියන්නේ කියන්න වචන නෑ.....පට්ටම පට්ටයි...

    ReplyDelete
  10. එළකිරි ටික වගේ කතාව....
    ලස්සනයි.. දිගටම ලියන්න

    ReplyDelete
  11. මචං ප්‍රශ්න දෙකතුනක් තියනවා
    1. උබ එදා බලපු අර බ්‍රා ඇඩ් එකේ හිටියේ ව්‍යංගද නැත්තං විමංසද?
    2. මේ සීන් සම්පූර්නයෙන්ම නැතත් සමහර දේවල් ඇත්තටම වුනු දේවල්නෙ ඇත්ත ජීවිතේ කතාවට මොකද වුනේ?
    3. (හැමදාම අහන ප්‍රශ්නෙ ඉතින්) උබ ඊලග කොටස දාන්නෙ කවදද?

    අමුතුවෙන් කියන්න දෙයක් නැ වෙනදා වගේම පස්ට

    ReplyDelete
  12. කියන්න වචන නෑ පොඩි මෑන්......මල් හත්සීයයි....අනිත් කොටසත් ඉක්මනට දාන්ඩෝ....

    ReplyDelete
  13. //මටම අයිති වෙච්ච මගේ චූටි රෝසපාට සුරංගනාවියි මායි අතරෙ තිබුනෙ එකම එක සිමෙන්ති ගඩොලක පරතරේ විතරයි.... //

    ලස්සනම වචන සැට් එක කොල්ලො...ලියපිය ලියපිය මරේ මරු බොල...

    ReplyDelete
  14. අර මල් පත්තර කාරයෝ ලියන චූ කතා වලට වඩා නං මේක අම්බානකට හොඳයි මලයෝ...
    මම වැඩිය මේ වගේ කතා කියවන්නෙ නැති වුනත් මේ සීරීස් එක නං අත නෑර කියවනවා... ඒ තරම් හොඳයි... බස් රේඩියෝවෙ ගිය මගේ ඉන්ටවීවු එකේදීත් මම කිවුවා මේ කතා ගැන....
    දිගටම ලියන්න... මේ ඔක්කොම එකතු කරලා පොඩි පොතක් හදලා දාන්නත් අමතක කරන්න එපා අන්තිමට...
    ඇල්කෙමියා

    ReplyDelete
  15. ලකුණු 10 යි...


    දේව්දාස්...

    ReplyDelete
  16. @ අරුණ :-සතුටියි අරුන අයිය කියවන එක ගැන.... :)

    @ බනී :- උඹ කියන්න ඕනෙ ටික බුකියෙ කිවුවනෙ... :)

    @ සුදු කොල්ලා :- අඬු කඩාගෙන හරි දාන්නම්

    @ ඇනෝ :- තැන්කූ ඈ... :)

    ReplyDelete
  17. @ සිහින කොදෙවුව :- මේ කතාව මගේ හිතට ඇවිත් පොතක ලියනකොට බ්ලොග් ගැන මම අහලවත් තිබුනෙ නෑ... මෙච්චර දුරට පොතේ ලියල තිබුනෙත් නෑ... ඒ වුනාට කතාව තිබුන මගේ හිතේ... පස්සෙ බ්ලොග් එක පට අරගෙන අහම්බෙන් වගේ දාපු පලවෙනි කොටසට ලැබුන ප්‍රතිචාර නිසාම දිගටල ලිවුවා... හිතේ තිබුන කතාවෙ පොඩි පොඩි වෙනස්කම් උනා තමයි... ඒත් මුලින් පටන් ගනිපු ගුනාත්මක බාවයම තාම තියෙනව කියල දැනෙනවා.. ප්‍රතිචාර වලින්..
    පොතක් විදියට ගහන්න හිතාගෙන තමයි මේක මුලින්ම ලිවුවෙ... බලමු බලමු ඉස්සරහට... තැන්කූ හොදේ...

    ReplyDelete
  18. @ නිසපු :- හා... උඹ එක්සෑම් එකේ ලිවුඅද පොඩි එකා මකර තොරණ බලපු හැටි... වරකො...

    @ ඇනෝ :- පොතක් විදියට ගහන්න අයිඩියා එකක් තියෙනව අක්කෙ.... :) බලමු... දවස් දෙකජට තුනකට සැරයක්නම් දාන්න තමා අමාරු.... :D :D පුලුවන් ඉක්මනට දාන්නම්කො... ස්තූතියි අක්කෙ... :)

    @ අයේෂා :- කොටුවක්... කෝ කොටුවක්.. පැන්නෙ තාප්පයක්නෙ...

    ReplyDelete
  19. @ උදාර :- මලයන්ඩි... තැන්කෝ....

    @ තැන්කෝ තැන්කෝ... බෙල්ල ගැලවුනත් දානව මේක... දැන්නම් මාත් ආසයි මේකට...

    @ කිඩෝ :- ඉවසන දනා රුපුයුදයට අහවල් එක කියල අහල නැද්ද.... ඉවසා හිටු... ඔක්කොම ප්‍රස්නවලට පිලිතුරු ඉස්සරහට :D

    ReplyDelete
  20. @ ලොකු අයියා :- තැන්කූ තැන්කූ... :) දානව දානවා

    @ වැලිමැඩියා :- ඒකද ලස්සන ටික :D :D හැක හැක

    ReplyDelete
  21. @ ඇල්කෙමියා :- ලගදියි දන්නෙ ඔබතුමත් අපේ පාසලේම සිසුනයුවෙල් බව... අහුව ඇහුවා... බොහොම සතුටුයි මේ පැත්තෙ ආවට .... :) පොතක් ගහන එකටත් අයිඩියා එකක් තියෙනවා... බලමු... :)

    @ දේව්දාස් සර්,,,,,, :)

    ReplyDelete
  22. යකෝ පිස්සු හැදිලා ආයෙත් හැදෙනවනේ...O.o
    කොහොම උනත් පට්ටයි බන්..
    අන්තිමට දාපු කවි ටිකත් මාරම මාරයි..
    එක නෙවෙයි අන්තිම හරියේ ඒකි රෑ ඇඳුමක් ඇඳන් ඉන්නවා දැක්කම උබට ඕනේ නැති මගුල් හිතුනේ නැති එක නම් ටිකක් අතත්ත්විකයි වගේ..;)
    පට්ට පට්ට..ඉතුරු ටිකත් ඉක්මනට දැම්මොත් පින් අයිති වෙයි..:)

    ReplyDelete
  23. තව එකක්...බොන එකයි බට ගහන එකයි දැන්ම නවත්තාපන් බන්...යාලුවෙක් විදියට කියන්නේ... මාත් එක්ක ඉන්න ගොඩක් උනුත් ඊය වැඩේ කරනවා..එත් ඉතින් කියල හදන්නද??. හැදෙනවද?? ..නිකන් හරි උබලවත් අහයි කියල කිව්වේ..සිරාවටම මං නම් කැමති නෑ බන් දන්න එකෙක් වත් බොනවට...

    ReplyDelete
  24. @ ගිහි කුරුල්ලා :- යකෝ රෑ ඇදුම ඇදගෙන ඉන්නව දැකල එවුව මෙවුව උන නිසානෙ තාප්පෙ පැන්නෙ....

    තාම ලව ස්ටර්ට් කරල පැය දෙක තුනකට වඩා නෑ... අනික ෆස්ට් ටයිම්...

    හිතල බලපං අතාත්විකද කියල... වයසත් 17යි... :D

    ReplyDelete
  25. මේකේ මුල කියවල නැති හිංද මග ඉඳන් පටන් ගන්න හිතුවෙ වත් නැහැ, උඩ පින්තුරෙ 'චයිල්ඩ් පෝනොග්‍රැෆි' වලට අහුවෙන්න ඉඩ තියෙනව....බලාගෙන ...පොඩි මෑන්, හිරේ විලංගුවෙ තපින්න වෙයි හෙහ්...හෙහ්...

    ReplyDelete
  26. කොල්ල රොමෑන්ටික් වෙලා ඈ.. මරු මරු.

    @ Observer - ඔබා මාමා කතාව කියවන්න නෙමෙයි පින්තූරෙ පස්සෙන් වහ වැටිල ඇවිත් වගේ. අනෙ අම්මපා වයසටද වැඩ.

    ReplyDelete
  27. ලෙඩා මැරෙනකම් ඉන්නව කියනවනෙ ඇඳ ගන්න. ඒ වගේ තමයි... උඹත් චාන්ස් එකක් ලබුන ගමන් පැන්න නේද කොටුවක්...

    ReplyDelete
  28. @ පිණිබිඳු...
    තාම 60 පැනල නෑ, 60 ට ඔන්න මෙන්න

    ReplyDelete
  29. නියමයි පොඩි මෑන්.... ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න....

    ReplyDelete
  30. එල එල මචාං.....ඊලග එකත් ඉක්මනට දාහන්....!!

    ReplyDelete
  31. අනේ,මොකද අනේ ඉවර කලේ,තව ටිකක් කතාව දිග උනා නම් නියමයි....අනේ ඉක්මනට ඉතුරු ටිකත් දාන්න....ඇත්තටම මේක පොතක් විදියට එලියට දාන්න......මම නම් ගන්නවා,මම ආසයි මේ කතාවට....

    ReplyDelete
  32. අයියේ මේ ඔයාගේ ඇත්තම කතාවද?ගොඩක් ලස්සනයි අයියේ.සුබ පතනව ඔයාට දිගටම ලියන්න....

    ReplyDelete
  33. උම්මා වේවා.. ජප.. පට්ට පට පටපටපටපටපටපට

    ReplyDelete
  34. apoy ayye your story is getting so complicated but still nice,, keep writing :) take care

    ReplyDelete
  35. ෆට්ටයි යකෝ . ඊලඟ එකත් ඉක්මනට දාපන්.. :D :D

    අවුරුදු 17 දිම කෙල්ලට උම්මා එකක් දෙන්න ලැබුනා නේද ? :P
    මට 23 ක් බන්, උම්මා <3 එකක් දෙන්න තියා කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ. :(

    { නිකන් මැලේරියා මදුරුවෙක්ට(anopheles mosquito) වගේ
    මට ඇනෝ.. ඇනෝ.. කියලා රිප්ලයි දාන්න එපා බන්. කවුද කියලා යටින් දාලා ඇති :D }


    Ali patiya @ Elakiri.com

    ReplyDelete
  36. ඔන්න මචන් මන් උඹව ෆලොව් කරා... :D

    ReplyDelete
  37. එල මචන්,
    කතාව දාන්න වැඩිය කල් ගන්න එපා. ඒක රසයට බාදාවක්.

    ReplyDelete
  38. කාලෙකට පස්සෙ ඔක්කොම මඟ ඇරිච්ච කොටස් එක්ක කියෙව්වා..:D මාර වැඩක්නෙ ව්එලා තියෙන්නෙ..ව්‍යාංගායි, විමංසයි...:D

    මාරම ලස්සනට ලියනවා අයියේ ඔයා.. කියන්න වච්න නෑ... සුපිරියි!!!!!

    ReplyDelete
  39. @ observer :- ඔබා මාමකගෙ කාලෙ තමයි මේක චයිඩ් ෆෝනෝ ග්‍රැෆි වලට වැටෙන්නෙ... දැන් කාලෙ උන්ගෙ හැටියට මස්කඩයක්ම ඕනෙ... :P කාල වෙනස්... තාල අලුත්..

    @ පිණීබිදු :- රෝ.. මෑ... ඇන්ටික්...

    @ චවු චවු :- කෝ මෙතන මොකෙකෙවත් මැරුනද... ??

    @ මහී :- එල... ලියමු ලියමු...

    ReplyDelete
  40. @ කල්ප :- හිටහන්...

    @ Danu :- තෑන්ක්ස් දනූ.. දාමු දාමු එලියට දාමු ඉවර කරගන්න එපැයි ඊට කලින්... ඔයා මේ පිස්සුවක් කිය්නව... දවස් තුන හතරක් කොල්ලට කෙල්ලව බදාගෙන ඉන්න දෙන්න...

    @ පිටස්තරයා.. :- ඈයියා... සික්.... ... SLS කාරයා.. පල යන්න.

    @ නලින් :- එලම තමයි

    ReplyDelete
  41. @ Glimmer Girl :- the chaotic is the key thing in this story... thats why you are saying " still nice "

    thank you for the comment... :)

    ReplyDelete
  42. @ අලි පැටියා ඇනෝ :- උම්ම එකක් විතරද... :P :P මට නෙවෙයි බං... විහඟටනෙ... කිවුවාම මොකද මටත් 23 මට කෙල්ලෙක්ගෙ හුලගවත් වැදිල නෑ...

    තැන්කූ සනා තැන්කූ... :D

    @Uwiniran :- ඉතිං මක්කයි කොරන්නෙ.. පුලුවන් වෙලාවට තමයි මේ ලියන්නෙ.. ෆුල් හොලිඩේ දවසක තමයි මේක ලියල දාන්න ඕනෙ...

    තරහ අවසර...

    ReplyDelete
  43. @ හිතුවක්කාරි :- හිතූගෙ කතාවනම් ඉවර කරගත්ත නේද... ?? මගේ එක තාම යනව අප්ප... :)

    ස්තූතියි.... :):)

    ReplyDelete
  44. අත්දැකීමෙන්ම කියනවානම් මල්ලි ඊලඟ කොටස පටන් ගනින් වෙන පරිච්ඡේදයකින්.. නැත්නම් සින්ඩි වලිනුත් උඹව අයින් කරලා රජයෙනුත් උඹේ බ්ලොග් එක තහනම් කරයි ජුගුප්සාජනක දේවල් පාඨක මනසට ඇතුල් කරනවා කියලා...

    පේනවානේ ඔය කිඩෝවා දිවත් එලියට දාගෙන බලාගෙන ඉන්න කැත..

    ReplyDelete
  45. Ela machan..!! thnks..!!

    ReplyDelete
  46. @ අභීත :- අම්මප අභීත අයියා.... කතාව සහතික ඇත්ත,,,, :D

    @ ඇනෝ :- එලම තමයි මචං

    ReplyDelete
  47. @ ඇනෝ 1 :- උඹව දැක්කෙ නෑනෙ බං.... ( කෙල්ලෙක්ද දන්නෙ නෑ,,,, )

    තැන්කූ හොදේ... ;)

    ReplyDelete
  48. මම මේක කියෙව්වා... එල කිරි කියල තමයි කියන්න තියෙන්නේ... සම්පූර්ණ කතාවෙම ‍හොඳ ගලාගෙන යාමක් තියනවා... ඉදිරියට මීටත් වඩා හොඳ වේ යැයි සිතනවා... well done පොඩි මෑන්....

    ReplyDelete
  49. ඔලුව අවුල් වෙනවා බන්....,, අනෙ මන්දා...!! ඔය කෙල්ලො 2 ගේ ඇත්ත පොටො දාපන්කො..

    ReplyDelete
  50. @ රහස් පරීක්ශකයා,
    මග දිගට 15, ඇත්ත ෆොටෝ එකක් දාල තියෙනවා බන්,

    ReplyDelete
    Replies
    1. @ uwiniran : oyage pic eka gathi

      Girl of 27

      Delete
  51. anaaaa darling... 17yrs waladi me wage experience ekak matath thiyenawa. tanx eka mathak karala dnnata.

    Girl of 27

    ReplyDelete
  52. @ uwiniran : oyage pic eka gathi
    Girl of 27

    ReplyDelete
  53. මගෙ ආදර අන්දරෙත් ඔයිට දෙවෙනි නෑ පොඩි මෑන් අයියා... ඒකත් හිතෙ තියගෙනම මේක කියෙව්වෙ, ඈත්තෙන්ම පට්ටයි... ඉක්මනටම 'මග දිගට-17'ත් Post කරන්න... උම්මා... හිකිස්...

    ReplyDelete
  54. aththatama sira kathawa kiyawanna kiyawanna asai etha podi awlakata thiyenne seen eke hodama thenin nawaththana ekai. 17 ikmanata danna kuthuhalaya wediwelai thiyenne

    ReplyDelete
  55. ෂා ! නියමයි පොඩිමෑන්. මුළු කථා ටිකම ඊයෙයි අදයි කියවලා ඉවර කලා. කලින් ඒවෑ කමෙන්ටුවක් දැම්මෙ නැත්තෙ ඒකයි. පළවෙනි කථාවෙ ඉඳන් මේ කොටස වෙනකන් පට්ට, පුපිරි, මල් හතයි ඈ. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ (හික්ස්)

    ReplyDelete
  56. ඕහ් ! කියන්න අමතක වුණා. අද ගාල්ලෙ ගෙට්ටුවනේ. ඒකේ ඉන්න හැමෝටම උපරිමෙන්ම ෆන් ගන්න කියලා මතක් කරනවා. අනේ අපිටත් බලන්න ගෙට්ටුවෙ ෆො‍ටෝ ටිකක් දාපල්ලා.

    ReplyDelete
  57. machan.... ube kathawa nam elakiri... mama kotas 17 ekawera beluwa. machan uba liyana style eka nam pahara machooOO..! DIGATAMA LIYANNA.... JAYA WEWA..!!!!

    ReplyDelete
  58. fattai oiii

    මොකක්දෝ විස්තර කරල කියන්න බැරි සුවදක් එක්ක... ඒ රෑ ඇදුමෙන් විතරක් වැහිච්ච පුංචි සිනිදු පපුවෙ රස්නෙ මගේ දාඩියෙන් පෙඟුන ෂර්ට් එකට මැදින් පපුව පලාගෙන මුලු ඇගම හිරි වැටිල යද්දි මගේ පුංචි සුරංගනාවි බදාගෙන මමත් තාප්පෙට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......

    mata 1 week ago wechcha siddiyak mathak una :)

    ReplyDelete
  59. Greetings! Very useful advice in this particular post!
    It's the little changes that make the largest changes. Many thanks for sharing!
    Feel free to surf my webpage ; michigan football news

    ReplyDelete
  60. Excellent beat ! I would like to apprentice even as
    you amend your site, how could i subscribe for
    a weblog website? The account aided me a applicable deal.
    I were tiny bit acquainted of this your broadcast offered vivid transparent idea
    Take a look at my website - man utd transfer news 2011

    ReplyDelete
  61. I've learn a few excellent stuff here. Certainly value bookmarking for revisiting. I wonder how much effort you place to create one of these great informative site.
    Also visit my weblog : pizza games online free

    ReplyDelete
  62. Keep on writing, great job!
    Also visit my page :: pizza ninja games

    ReplyDelete
  63. ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
    හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
    පෙම්පාටින් තව තව දිලිසෙනකොට
    සිපගන්නැතුවම ඉන්නේ කොහොමද

    දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
    එක එක තියලා ඇහිපිල්ලම් යට
    කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
    සරසිමි සිහිනය තව හැඩ වන්නට

    මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
    සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
    නිදියන්නැතුවම දෑස් පියාගෙන
    එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම

    ReplyDelete