2012-01-13

මගදිගට 17 "ඇයි උඹට අමාරුද.. ඒක ඉතිං මගේ පුකනෙ "



අද වෙනකන් කතාව....


මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14



 අද එතැන් සිට....
  දෙවනි සැරත් මට හායි කියල ඈනුමක් ගියා... එහා පැත්තෙ ඉදපු ඇන්ටි මගේ දිහා බැලුවෙ හරියට පබාවතී කුස රජ්ජුරුවො දිහා බලපු වගේ... ...

එයා ලිප්ස්ටික් කිවුටෙක්ස් ගාල මූන නිකන් හෝඩියේ එකෙක්ගෙ චිත්‍ර පොතක් වගේ.. ඒ මදිවට පේමට් එකේ තල්ලුකරන් යන බයිසිකල් කඩයක් වගේ කෑලි බෑලි එක්කෙනව එකසිය ගානට...  .. උදේම නාලා කොන්ඩෙ කඩා දාලා බැබලි බැබලි ඔෆිස් යනකොට  රැවුලවත් හරියට නොකපපු එකෙක් ලග ඉදගෙන මූසල කමට හතරවරිගෙම පාලුවෙන්න හායි ගාල කට අරිනකොට ඉතිං ආයෙ බුදු මල ඇති... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කට ඇරෙන එකට මම මොනව කරන්නද.. ලවු කරන්න පටන් ගත්තාම නින්ද කියන එක ෆුල්ම ෆුල් ඇලජික් කියල ඇන්ටිත් දන්නව ඇතිනෙ... සිරාවට ලවු කිරිල්ල මාර ලෙඩක් අම්මප... ලව ඔලුවට ගහපු ගමන් නින්ද ඩිසේබල් වෙනවනෙ...  ඉස්සරනං එයා  මට කැමතිද... අරකද මේකද.. ඇයි එරෙවුවෙ.. ඔය ඔක්කොම කල්පනා කරල නින්ද යන්නෙ නෑ.. දැන්  ඒ ඔක්කොම සෙටල් ඩවුන් වෙල තියෙද්දිත් නින්ද යන්නෙ නෑ... සික් ... ඊයෙ කීයටද ඇදට ගියේ...  උදේ එලිවෙන ජාමෙ තමයි යන්තං ඇහ පියවුනේ... දැන් ඉතිං කාල්ස් එකේදි නින්ද ගියොත් සබ්බේ ලබං තමයි.... සර් කාරය ගනීවි ඉස්සරහට....

බස් එක ගාල්ලෙන් නවත්තන්නත් ඉස්සෙල්ල මම බස් එකෙන් පැනල කුණු ඇල පාරට පැත්තට ඇවිදගෙන ආවා. වෙනද සදන් එකට යන්නෙ බස් එකේ... ඒත් අද වෙලාව වැඩියි.. අපේ එකෙක්වත් තාම ගෙදරින්වත් ඇවිත් නැතුව ඇති.. ඔන්න ලවේ පල විපාක... උදේ පාන්දරම කලාස්...වෙනද මේ වෙනකොට නැගිටලවත් නෑ මයෙ හිතේ..

රේල් පාර දිගේ ඇවිදගෙන යනකොට ආයෙමත් මගේ ඔලුවට ආවෙ ව්‍යංගව... නෑ නෑ.. විමසංසව... ෂික් තාම මේක පැටලෙනවනෙ...  එක පාරට නම එන්නෙම නෑ ඔලුවට... කොච්චර කරත් මුලින් කියවෙන්නෙ ව්‍යංගව.. ඒකෙත් ඉතිං අප්සට් එකක නෑ බලාගෙන ගියාම..  ඇයි ඉතිං කුලුදුල් ආදර මෙවුව එක හිතට ආවෙ ඔය නම ඉස්සරහින්නෙ.. කවුද දන්නෙ මේක නිකන් ෂර්ලොක් හෝම්ස්ගෙ ලෝහිත පරීක්ෂනේ වගේ පැටලුන එකක් කියල...

පෙරේද රෑ මතක වෙලා ආයෙමත් මට හිනා ගියා... ඒ එක්කම සිල්බර කොටමක පැටලිලා වැටෙන්නත් ගියා... තව පොඩ්ඩෙන් තුවාලෙටත් බඩු හරි මම කලින් ලන්නක් දුන්න කියල මල පැන්නත් බලාගෙන ගියාම කෙලොලො දෙන්න දීපු ලන්නක් නෑ...  එදා බස් එකේදි මීට් උන වෙලාවෙ නම කියපු නැති එක විතරයි.. අපිනෙ ඉතිං හත්පොලේ ගාගත්තෙ...  ඒකට ඉතිං වැරදිකාරයො අපිමයි..

මනෝ පාර දාගෙන මම සදන් එක එහා පැත්තෙ තියෙන පුංචි කඩේ ගාවටත් ඇවිත්... පන්තිය අල්ලපු වැටේ ඉන්න බෝල්ල ඉන්නව කඩේ ගාව...

" අග් උඹලට අද කාල්ස් නෙග්..... මොකෝ අද උඹ උදෙන්ම  කෝ පැංචල සෙට් එක... "

මම දකින කොටම බෝල්ල ඇහුවෙ කෑගහලා... ඌට ගම උනාට මට පන්තිය නිසා මම හිනාවක් දාගෙන උගේ ලගට ගියා...

" වාඩිවෙයං "

කඩේ පැත්තෙ ගහල තිබුන පුංචි බංකුවෙ ඌ එහාට වෙලා මට ඉඩ දුන්නා..  බෝල්ල ඕලෙවල් වලින්ම අපේ ස්කෝලෙ ඕල් බෝයිස් ඇසෝෂියේෂන් එකට බැදුන එකෙක්... ඌ ඕලෙවල් වෙනකන්වත් ආව එකයි පුදුමෙ  තාත්තත් එක්ක ජුවලරි බිස්නස් කරගෙන තමන්ටම කියල බයික් එකක් තියාගෙන රත්තරන් චේන් එකක් දාගෙන සරම ගහල ඉදපු ඌ හරියට දෙදරු පියෙක් වගේ...

" පත්තු කරපං " මම වාඩිවෙච්ච හැටියෙම ඌ ගෝල්ඩ්ලිෆ් එකක් දික්  කරා"

" මේ උදේ පාන්දර සිගරට් බොන්න පුලුවන්ද යකෝ...... තොගේ වගේ අපේ පපුවත් ගල් අගුරු ඇන්ජිමක් කියල හිතුවද...."



හැබැයි මම එහෙම කිඋවෙ උගේ අතින් සිගරට් එක අරගෙන.,..

" පල පල... උඹල ගැන මම නොදන්නවද..   ඉදා ..."
ඌ මට ලයිටරෙත් දික් කරා....

පන්ති පටන් ගන්න තව පැයක්වත් ඇති... ඒත් උදේ පාන්දර උනත් එකා දෙන්න රේල් පාර දිගේ පන්තියට එනව.. කොහොමත් පෝලිමෙත් විනාඩි හතලිස් පහක් විතර ඉන්න ඕනෙ නැතිනම්.. උදේම ආවම පැත්තෙන් ඇතුලට පනින්න පුලුවන් නිසා කෙල්ලො සහ කෙල්ලො වගේ කොල්ලො හයහ මාර වෙනකොට කලාස් එකේ...

"කාලාස් එකේ උන් එනව බං... යමන් පිටිපස්සට"

මම එහෙම කියාගෙන බෝල්ල  ඉදපු තැනින් නැගිටලා කඩේ පිටිපස්සෙ කොටේ උඩට ආවා... ඒ වෙලාවෙම මට මතක් උනේ සර් කියන කතාව

" පුතේ මේ.. ඔය එක එක අහු මුලු පල්ලෙ ඉදල සිගරට් බීල එහෙම එනව නෙවෙයි උඹල කලාස් එකට හොදෙයි... ආයෙ පුකට පයින් ගහල එලවන්නෙ හොදෙයි... කතා දෙකක් නෑ... "

ඒක නිසා මම ආයෙමත් වටපිට බලල සිගරට් එක පත්තු කරා....

" මොකෝ අද උඹ උදේ පාන්දරම... ස්ටෑන්ඩ් එකෙද නිදාගත්තෙ... "

බෝල්ල මගෙන් ඇහුවෙ කින්ඩි බැල්මට් එක් දාන ගමන්

"නෑ බං උදේ පාන්දර තාත්තත් එක්ක ටවුන් එකට ආව පොඩි වැඩකටත් එක්ක ආයෙ ගිහිල්ල එන්න වෙලාවක් නෑනෙ..."

මූට ඉතිං කියන්න පුලුවන්ද කෙල්ලෙක් දාගෙන ලවු සික් එකේ නින්ද ගියේ නෑ කියල...

" ඒක මිසක්.. නැතිනම් උඹ කීයටවත් එනවද මේ වෙලාවට... "

බෝල්ලයි මායි කයිය ගහගෙන සිගරට් එකක් නෙමෙයි දෙකක්ම බීල ඉවර වෙනකොට තමයි කඩේ පිටිපස්සට අපේ සෙට් එක කඩා පාත් උනේ...

" මෙන්න බලපං කොල්ලො... වෙනද පරක්කු වෙලා අපිටත් එක්ක චාට්ර් සෙට් කරන එකා අද වේලාසනම ඇවිත්..."

පැංච මගේ පිටට ගහගෙන කඩේ ලෑලි බිත්තියට හේත්තු උනා....

"නෑ බං තාත්තත් එක්ක පොඩි වැඩකටත් එක්ක ආවෙ.."

උදේ පාන්දරම බුදු නෝන්ඩියක් කන්නයි වෙන්නෙ...

" අනේ පල... අපිටත් එනව පොත පෙරලන්න...  කෑල්ලක් දාගෙන.... දාගනිපු දවසෙම රජ කොටුවක් පැනල එනව මෙතන අපිට ටොමැක් එක දාන්න..... උඹට තාම නින්ද යන්නෙ නෑ නේ... මතක් වෙනව ඇති උබේ කන්‍යාභාවය නැති වෙච්ච හැටි..."

හරිනෙ ඉතිං... දැන් කාල වරෙන්කො....

"යකෝ කන්‍යාභාවය නැති වෙන්න මම කෙල්ලෙක්ද... ල**ක් කතා කරනවා... "

මම එහෙම කියාගෙන වාඩිවෙලා ඉදපු තැනින් නැගිටටා....

" කොහෙද යන්නෙ කොහෙද යන්නෙ.... ඔහොම ඉදපං...."

බෝල්ල මගේ අතින් ඇල්ලුවා...

" දීපන් ඩෝ අපිට පාටියක්.. කෑලි දාගෙන කොටුත් පැනල අපිට බෝලෙ බස්සනව..... මූ උදේ පාන්දර ආවෙ මොකද ඇහුවාම මටත් ඔය බෝලෙ තමයි බැස්සුවෙ..."

බෝල්ල මගෙ අතින් අල්ලගෙන...

"අතැරපං ඇත ඇරපං... තෝත් ඉතිං මුන්ගෙ ලනු කනවනෙ.... කන්‍යාභාවයක් නැති වෙන්නෙ අහවල් මගුලක් කරලද,..."

මම කිවුවෙ හිනා වෙවී...  අපේ උවුන් නෝන්ඩි කරන්න එක එක ඒව කිවුවත් ඒ ගැන මටත් ආවෙත් පොඩි ආතල් එකක්...

" ආ.. වැරදුනා කන්‍යාභවය නැති උනා නෙවෙයි මූ අර කෙල්ලගෙ නැති කරා...  වෙනද කට්ටිය සෙට් උනාම අනිත් උන්ට කෝල් එකක්වත් ගන්න දෙන්නෙ නැති එකා.. අපි අරෙහෙ සෙට් වෙලා ඉදිද්දිදි කොහෙද පල්ලක රිංගල පිටෙයි පුකෙයි දියසෙවෙල් නාගෙන ආවෙ..."

දැන්නම ඉතිං ඉස්සරහ තියෙන තාප්පෙ සිමෙන්ති ගඩොල් දෙකක් ලෑටිගාගෙන කාල මැරෙනව ගොඩක් සනීපයි වගේ...

" අම්මට හුඩු එච්චර සීන් එකක්ද... මොකද උනේ බං පැංච කියපංකො.."

අම්මප පැංවත් කටවහගෙන ඉන්න බෑනෙ.. ඌටම හරියන අභිලිං නැකතෙ එකෙකුත් සෙට් වෙලා ඒ මදිවට...

" උඹටත් ඕනෙ නැති මීට් බෝලයක් නෑ බං... උබත් මුගේ ජාතියේම තනිකර ජංගියක්ම තමයි..."

මම කිවුවෙ බෝල්ලට පැංචව පෙන්නන ගමන්...

අනිත් එවුන් සීන් එකට මහ හයියෙන් හිනාවෙන ගමන් පන්තිය ඇතුලෙ තිබුන ගෝසාව නැතිවෙලා ගියා එක පාරටම...

"අම්මට හුඩු... සර් ආවද කොහෙද... යමං කලාස් එකට..."

ලහිරුව කොටේ උඩ තිබුන පොත් ටිකකත් අරන් කාල්ස් එක පැත්තට යන්න ගත්තෙ පැංචගෙත් අතින් ඇදගෙන...

 වෙලාව හොදයි සුමන සේන... උඹ යනතං බේරුනා විහඟ....

මම හිතින් මටම එහෙම කියාගන්න ගමන් මාව අල්ලගන්න හදන බෝල්ලගෙනුත් බේරිල පන්තිය පැත්තට දිවුවා...

" ඉදපංකො අල්ලගන්න මම උඹලව පංති ඇරුනාම..."

බෝල්ල එහෙම කෑගහනකොට මම ඇගිලිදෙක එකතු කරල ඌට චන්ද්‍රිකාගෙ කාසිය පෙන්නන ගමන් රේල්පාර පැත්තෙන් තියෙන පුංචි ගේට්ටුවෙන් පන්තියේ වත්ත ඇතුලට දිවුවා...

අපි පන්තිය වටෙන් ගිහින් පෝලිමේ අගට එකතුවෙලා කලාස් එක ඇතුලට යනකොට සර් පාඩම පටන් අරගෙනත් ඉවරයි...... හැමදාම වගේ අන්තිම පේලිය තමයි ඉතිං...

චාමික, ලහිරු , මම ,පැංච අන්තිම පේලියේ පෙරලිල තිබුන ඩෙස් එකත් කෙලිං කරගෙන සැදැහැවත් සිතින් බන අහන්න පේ වෙන උපාසකයො වගේ හෙමීට වාඩි උනා....

" මේ කියපංකො විස්තරේ... උඹ පැටලැවිල්ල බේරගත්තද මොකද උනේ.... ව්‍යංග කවුද විමංස කවුද  කියපං යකෝ...එදත් උඹ කිවුවෙ නෑනෙ.."

මම හිතන්නෙ මේ පැටලැවිල්ල බේරගන්නකං පැංචටත් නින්ද යන්නෙ නැතුව ඇති... ඌට ඉතිං උපතින් පිහිටි ජංගියමය ලක්සනේනෙ ඒක....

" එදා කියන්න කොහොමද ... බීල බීල කබරය අදාගෙන මල පෙරේත කුම්භාන්ඩයො වගේ නිදිනෙ මම එනකොටත්... "

පාටිය දවසෙ මම කාමරේට එනකොත් පැංච ඩවුන්... අනිත් උනිත් කෙලින් ඉදියෙ බොහොම අමාරුවෙ... ශ්‍යාමිකයගෙ කාමරේ අපි හත් දෙනෙක් සැමන් අඩුක් කරල වගේ නිදාගෙන උදේ පාන්දර නිමේශය යනකොට ඌගේ බයිසිකලේ මම ආවෙ තුවාලෙත් එක්ක බස් එකේ යනවට වඩා ලේසි නිසා... එතකොට එකෙක්වත් නැගිටල ඉදියෙ නෑ...

" හරි එදා කතා වැඩක් නෑ දැන්  කතාව කියපංකො...."

පැංච මගේ පැත්තටත් හැරිල ඉවරයි... මම සර් දිහා බලල ඔලුව පහත් කරල රහසින් කතාව පටන් ගත්තා...

" මෙන්න මේකයි කතාව.... ව්‍යංගා අක්කා.. විමංස නංගි...  මට පලවෙනියටම මීට වෙලා තියෙන්නෙ වි‍යංගාව... අර පර්ස් එක අහුලල දුන්නෙ ව්‍යංගට...."

"එතකොට දැන් උඹට එදා කොටු පැන්නෙ විමංස එක්කනෙ..."

පැංච පැනපු ගමන් මගෙන් ඇහුවා...

ද්‍යාමිකයත් බෙල්ල දාගෙන මේ පැත්තට... ලහිරුවත් එහා කොනේ ඉදං එබිල අහගෙන ඉන්නවා... අද අපේ එකෙක්වත් ඉගන ගන්නෙනම් නෑ... සර් අරෙහෙ උගන්නනවා.. මුන් මගේ ප්‍රේම පුරානය අහනවා...

"ඉතිං හිටපං ගොන් අලියො කියනකං...."

මම කිවුවෙ පැංචගෙ ඔලුවට එකක් ගහලා... එහා පැත්තෙ නිමේශයත් උගේ ඔලුවට එකක ගැහුවා...

"අහගෙන ඉදපං... තෝ දන්නෙ ඔක්කොම වැඩ මස්තබාල්දු  කරන්න තමයි අපේ ගෙදරත් තව චුට්ටෙන් චාටර්.. කන මදය වගේ බීල කබරය දාල තෝ... ගොං අලියා...."

"අනේ පල යන්න... මම හින්ද තමයි චාටර් වෙන්නෙ... "

පැංච කිවුවෙ ශ්‍යාමිකයගෙ පැත්තට හැරිලා...

" අන්න ඒකටනං මමත් එකක ගහන්න ඕනෙ තොට මම කබරය දැම්මට චාටර් උනාද... "

ලහිරුවත් එහා කොනේ ඉදල ඇදිල පැංචගෙ ඔලුවට එකක ගැහුවා.... ඒ කියන්න ලහිරුවත් කබරයා දාල චාටර් වෙලා ඒකන් ඌට පැංච අරම කියපු ගමන් තද උනේ...

පුල් ආතාල්....

" ඒ චාටර් බං.. උබත් කබරය දැම්මද මූට පොර ටෝක් දිදී... හික් හික්...."

මමත් ඒ අස්සෙ ලහිරුවට කින්ඩිය දැම්මා.... ලහිරුවට මල පැනල වගේ...

"කබරය දැම්ම තමයි... චාටර් උනේ නෑ ඩෝ මූ වගේ... .. අර පිටිපස්සෙ පේමන්ට් එකේ වැටිල හාන්සි වෙලා කබරය දානවා... ආයෙත් කබරයා අතින් මෙහෙම එහාට කරල ආයෙත් එතනම බුදි... කබරය අයින් කරපු අත පුකේ පිහිදගන්නව  ගන්දස්කාරෙ බෑ.... "

මුන්දෙන්නගෙ වලියට ඉස්සරහ පේලියේ උනුත් හැරි හැරි හිනා වෙනව උන්ට ඒක ගානක් නෑ... අපි හැම එකාටම ඉන්නෙ පන්තියේ බව අමතක වෙලා තිබුනෙ සීන් එකේ ආතල් එකට... යකෝ මට ඒව මේව කියපු මුන්නෙ ගූ චාටර් ඔය එන්නෙ  පැටිකිරිය එලියට ඉතිං ආතල් නැද්ද... කමෝන් පුතා.... ...

"අනේ පල ඩෝ යන්න... ඉතිං මගේ පුකේ පිහිදුවාම තොට මොකද....මගේ නෙ පුක...  තෝනෙ සේරටම කලින් කබරය දැම්මෙ  අපිට කොහෙන්ද විහඟයට වගේ කෑලි... අපිට ඉන්න කෑලි තමයි මේ.. කිය කිය අර පත කෙහෙල් ගහක් බදාගෙන ඉඹින ගමන්...."

ආතල් එක කොච්චරද කියනවනම් ඒ වෙනකොට එකෙක්ටවත් පංතියේ ඉන්න බවනං මතක තිබුනෙ නෑ.. ව්‍යංගා විමංස පටලැවිල්ල බේරගන්න ගිහින් කොහෙවත් නැති කබරය කතාවක් ඇදිල දෙපැත්තෙ ඉතිං මඩ ගහගන්නව හෝ ගාල.. මමයි ශ්‍යාමිකයි පහේ එව දදා ආතල් ගන්නවා...

" කොහෙද යකෝ මම එහෙම කතාවක් කිවුවෙ... "

ලහිරුව ආයෙත් පැංචට ගහන්න ච්‍යාමිකයගෙ එහාපැත්තෙ ඉදං මේ පැත්තට ඇදුනා... උගෙන බේරෙන්න ඩෙස් එකේ අනිත් පැත්තට පැනපු පැංච වැදුනේ මගේ ඇගේ...ඩෙස් එකේ කොනේ සීන් එක බලන්න පැත්තට හැරිල ඉදපු මම උගේ බරත් එක්ක වැටෙන්න යනවත් එක්කම අපි ඉසරහ පේලියෙ පිටිපස්ස හැරිල ඉදපු එවුන් අත දික්කරල අපිව බේරගන්න හැදුවත් පැංචගෙයි මගෙයි බර උන්ට අල්ලගන්න පුලුවන් උනේ නෑ...

කොහොමින් කොහොම හරි සීන් එක ඉවර උනේ ලහිරුවයි ශ්‍යාමිකයත් එක්කම ඩෙස් එකත් පෙරලගෙන පැංචත් එක්ක මමත්  බිම වැටිලයි....

"දඩ බඩාංංංංං....."

සද්දයක් නැතුව තිබුන පන්තියේ අන්තිම පේලියේ ඩෙස් බංකු මහ සද්දිටෙ පෙරලගෙන අපි වැටෙද්දි ළමයි දෙදාහකගෙ විතර හිනා සද්දෙට මුලු ක්ලාස් එකම හෙලවිලා ගියා....

 දැන් ඉතිං කලිසම ගලවල ජඨාවක් බැදගන්නව ඔලුවෙ සික් කාරයෙක් වගේ... ඒක මීට වඩා සනීපයි....

" ආ... ඒ බල්ට් ගහපු පුතාල ඩෙස් එකත් කර තියගෙන එන්න පංතිය ඉස්සරහට... "

අපි දඩිපඬි ගාල නැගිටිද්දි සර් මයික් එකෙක් කියනව ඇහෙනකොට මගේ මුලු ඇඟම සීතල වෙලා ගියා...

මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම සයන්ස් කරන කොල්ලො කෙල්ලො ඉන්න කෙමෙස්ට්‍රි කාලාස් එකේ අති බයංකර ගුරුබවතෙක් ගෙ අති අපේ රෙදි ගැලවෙන්නයි යන්නෙ...  අදින් පස්සෙ මේ පංති එන්න වෙන්නෙ නෑ ඉතිං... ඒක ජාපල කෑවම බඩයනව වගේ බුදු ෂුවර්... හෝදන්න දෙයක් ඇත්තෙම නෑ ඒකෙ...

එහෙවු එකේ කලිසම ගලවගෙන යනවට වඩා කලිසම බේරගෙන යන එකයි හොදම දේ...

" දුවපං යකෝ....."

මම ඒවෙනකොටත් දඩි පඩි ගගහ නැගින්න වෙරදරපු පැංච
තල්ලු කරා එලිය පැත්තට එහාපැත්තෙ කෙල්ලංගෙ පිටිපස්සෙම පේලියේ ඩෙස් එක උඩට නැගල  දුවගෙන ඇවිත් පංතියේ කොට තාප්පෙ උඩින් එලියට පනින්න ගියේ තප්පර දහයයි....

ටික්ක හෝවු හෝවු කියද්දි පෝලිමට එන්න ගහල තිබුන එලියෙ යකඩ වැටෙන්නුත් පනින ගමන් මගේ අනිත් සගයන් තිදෙනාත් මාව අනුගමනය කරනව යන්තම් හෙවනැල්ලක් වගේ දැක්ක මතකයි...

දැන් ඉතිං ආපසු හැරීමක් කොයිබද.....

අපි හතර දෙනා පන එපා කියල දුවද්දි කොල්ලොන්ගෙ විසිල් සද්දෙයි වනචර කෙල්ලොන්ගෙ හිනා සද්දෙයි මැදින් සර් මයික් එකෙන් කියන අපේ ගුණ වරුනනාව  සදන් එකේ ගේට්ටුවෙන් එලියට එනකම්ම අඩුවක් නැතුව ඇහුනා...

ගැලවෙන්න ගිය රෙදි ඇත්තටම බේරුනාද නැද්ද...?? ව්‍යංගා විමංසා පැටලැවිල්ල පැංචට ඊලගටවත් බේරගන්න පුලුවන් වෙයිද...

මගදිගට 18 න්   බ
ලාපොරොත්තු වන්න...

මෙන්න කට්ටිය සයිබර් ස්‍රමධානයක් දානවලු... පොඩි සප් එකක් දෙන්න මෙතනින් ඒ  පැත්තටත් ගිහින්...
 

77 comments:

  1. හිටපං හිටපං.. අද වැඩ.. පස්සෙ බලන්නම් :D

    ReplyDelete
    Replies
    1. බයවෙන්න දෙයක් නෑ.. මේක උඹට මඩ නෑනෙ.. :D

      Delete
  2. අම්මට සිරි. බද්දයට අහු උනානං බොලාට කලිසන් කරේ තමා අරන් එන්න වෙන්නේ :D

    ReplyDelete
  3. හපොයි දෙයියනේ මෙහෙමත් කොල්ලෝ එල එල

    ReplyDelete
  4. හයියෝ සංසාරේ.. ආයෙ ක්ලාස් එක දිහා හැරිලවත් බලන්න බැරි වෙන්න ඇති නේද

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද... හැරිලබලන්න තියා ඒ පැත්ත පලාතක ගියේ නෑ...

      Delete
  5. ඇති යන්තන් මඟදිගට ලියන්න හිතුනා...නියමයි..!!!!

    ReplyDelete
    Replies
    1. ලියන්නනම් හිතෙනව සහෝදරී/සහෝදරයා ඒත් වෙලාව තමයි ප්‍රස්නෙ... ඊයෙ හවස ඉදල ලියල මේ දාගත්තෙ මේක... :D

      Delete
  6. දැන් ඉතින් ඊඑළඟ ඒක එනකන් බලන ඉන්න එපැයි...........
    ඉක්මනට දාන්න.............:)

    ReplyDelete
  7. එල එල!
    ඒක නෙමෙයි ඔය ගෝලිෆ් ඒක ගහන්නේ හැමදාම නිහාල් මැතිතුමාගේ කඩේ එහා පැත්තේද??:///
    ඔය කියන පොට් ඒක මීටර් නෑ නෙව!

    ReplyDelete
  8. දුවපු දිවිල්ල මැවිලා පේනවා. සර්ට මාට්ටු උනා නම් ඊට හොදා කුණු ඇලට පැනලා බෙල්ල මිරිකගන මැරෙනවා හික් හික් හික් :-)

    ReplyDelete
    Replies
    1. කට්ටිය කෙසේ වෙතත් පොත් ටිකනම් අනිවා කුනු ඇලේ තමයි....

      Delete
    2. අපේ බැජ් එකේ ඔහොම කරන්න එකෙක් නෑනෙ.
      එහෙනං අපිටත් ෆන් එකක් ගන්න තිබුන.

      Delete
  9. එල...එල... දුවපල්ලා....
    මේක දාන්න උඹ ගත්ත කාලය බොහොම වැඩියි, ඒක නිසා ඊලඟ කොටස ඉක්මනට දාපිය....

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවේවැඩ විභාග වැඩ නිසා හිර උනා.... බලමු පුලුවන් ඉක්මනට දාන්න...:D

      Delete
  10. මගදීගට................පට්ටය.......ලොල්ය.

    සංවේගයෙන් දැනුම්දීමයි- chemistry නම්chemistry
    බද්දේ යනු බෙලහීනයෙකි.
    දන්නෝ දනිති.

    comment කිරීමට profile එකක් නැත.

    මේ කතාවේ එන ~බොගී~ ගේ ශිශ්ෂයෙක් වෙමි.
    ඉක්මනට ඊළඟ එකත් දාපිය......

    ReplyDelete
    Replies
    1. යටින් නම දාල පලයං... :D

      සේම් හියර්...:D

      Delete
    2. ලොක්කා බද්දේ බලහිනයෙක් කිව්වේ මොකටද නම් දන්නෙ නෑ. ඒලෙවල් අවුරුදු 3යි. රිවිෂන් අවුරුද්දටමයි හම්බ වෙච්ච නියම කෙම් ගුරා බද්දේ. ඒකේ ආයේ දෙකක් නෑ.

      Delete
  11. අත ඇරිච්ච කොටස් ගාන වැඩියි ආපහු ගිහින් කියවන්න.

    සුභ ගමන්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....!!! නිකන් වෙලාවක් බලල කියවන්න ඔබා මාමෙ...:D

      Delete
  12. ඔය වගේ වැඩක් අපිටත් උනා එකවුන්ට්ස් ක්ලාස් එකේ අපේ හොඳම කොල්ලො යාළුවො ටික තමා පිටිපස්සෙ ඉන්නෙ සර්ට කෝල් එකක් ඇවිත් එළියට ගිය ටිකට අපි කොල්ලො ටික එක්ක වලියක් දාගෙන උන් ටික තල්ලු කළා උන් ඩෙස් පෙරලන් බිම සද්දෙට සර් ඇවිත් බැලුවා මුකුත් කීවේ නෑ අපේ පෙර වැරදි නැති නිසයි සර්ගේ ෆස්ට බැජ් එකේ හොඳම ගෝලයා මගේ අයියා නිසයි අපි බේරුනා

    ReplyDelete
    Replies
    1. මොකද මේ දෙක දෙක දාලා... ??

      Delete
  13. ඔය වගේ වැඩක් අපිටත් උනා එකවුන්ට්ස් ක්ලාස් එකේ අපේ හොඳම කොල්ලො යාළුවො ටික තමා පිටිපස්සෙ ඉන්නෙ සර්ට කෝල් එකක් ඇවිත් එළියට ගිය ටිකට අපි කොල්ලො ටික එක්ක වලියක් දාගෙන උන් ටික තල්ලු කළා උන් ඩෙස් පෙරලන් බිම සද්දෙට සර් ඇවිත් බැලුවා මුකුත් කීවේ නෑ අපේ පෙර වැරදි නැති නිසයි සර්ගේ ෆස්ට බැජ් එකේ හොඳම ගෝලයා මගේ අයියා නිසයි අපි බේරුනා

    ReplyDelete
    Replies
    1. දැක්කද අයියලගෙ කාඩ් වලට නන්ගිල කෙලින හැටි... පවු අර අසරණ කොල්ලො....

      වල් වනචර ටෙල්ලො ...

      Delete
  14. නියමෙට ලියාල තියෙනවා පොඩි මෑන්.
    අම්මෝ A/L පන්ති කාලේ ගත්ත ආතල් ආයේ කවදා ගන්නද.
    කරන තරමක් කලේ අලුගුත්තේරු වැඩ තමා මොකද අපේ සෙට් එකේ හිටියෙම පට්ටම අලුගුත්තෙරුවෝ ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඬේකට කියන්නෙ අලුකුත්තේරු කමට වඩා කොලු කම කියලයි මමනම් දකින විදියට...

      Delete
    2. ඒක නම් ඇත්ත පොඩි මෑන්. ඔය ආතල් ඒ/ල් කාලෙ ගන්නෙ නැතුව අපි කැම්පස් ගිහින් ගන්න‍යෑ. නේ ?

      Delete
  15. අක්ෂර වින්‍යාසයේ පොඩි පොඩි අවුල් තිබුණට කතාව නම් ෂෝයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ... අක්ෂර ව්න්‍යාසයනම් මගේ අතින් වෙන බරපතල වැරැහ්ඩ්දක් තමයි... වැඩිහරියක් කම්මැලි කම නිසායි වෙලාව මදිකම නිසායි.. මේ පෝස්ට් එක ගලප ගලප ලියන්න මට පැය 6ක්වත් යන්න ඇති ආඋඑ උඩ ඉදල කියවන්න එපා වෙන තරමට මට ඒක ඇති වෙලයි තියෙන්නෙ ඒකයි ප්‍රධාන හේතුව... :)

      Delete
  16. අපිට පිස්සු වට්ටන්නද හදන්නේ????? ... බද්දේගේ පන්ති .., ඔය කඩේත් නිකන් ගෙදර වගේ,,, රෝෂිත අයියාගේ කඩේ ගාව... හී හී...

    මරු ඩයල් ටිකක් ඉදලා තිනවා මොනවා උනත්... පස්ට කතාව අප්පා.. ලව් සික් එක නම් පට්ටම ලෙඩක් තමයි...

    ReplyDelete
  17. ශහ්.. නියමයි නෙ......
    අපරාදෙ.... උඹලට ඊලඟ සතියෙ පන්ති යන්ඩ බං තිබ්බෙ... එහෙමයි ෆන් එකක් ගන්න ඕන...

    ReplyDelete
  18. හපොය් බ මේ මොකද කොරන් තියෙන්නේ,යකෝ බද්දෙගේ ක්ලාස් එකේ ඔහොම බුලක් කෙලියා කියන්නේ ආයි හොදි ඕන නෑ,

    ReplyDelete
  19. elane podddo
    ewunata uba meka danna kal gaththa wadi

    ReplyDelete
    Replies
    1. බලමු ඉස්සරහට ඉක්මනට දාන්න පුලුවන් වෙයිද කියල :D

      Delete
  20. eka husmata kiyawala iwara kala poddo... aaye font maru karannawath oni na kiyala hithuna. ane kathawe ithuru tikath ikmanata liyanna harima harima lassana kathawak....!

    ReplyDelete
    Replies
    1. akane affa me podi akata mn kiparak kiyalada liyawa gaththe.............ithuru tikath iwara kara nam hoda neh :D

      Delete
    2. මෙක ලියන්න කොච්චර අමාරුද කොච්චර කම්මැලිද කියල දන්නෙ මමනෙ බොල...

      Delete
  21. අද නම් කථාව මම හිතපු තරම් දිග නෑ ඒත් පට්ට ආතල්. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.(හික්ස්)

    ReplyDelete
    Replies
    1. කුතුහලය රැගත් අවසානයක් තියන්න කියල තමයි අපේ අම්ම මට කියල තියෙන්නෙ :D

      Delete
  22. ගින්දර ටිකය....නමුත් කොටය....අනික ඉක්මනට දානවනම් හොදය....

    ReplyDelete
    Replies
    1. මේකත් කොටයි කියනවනම් දිග ගාන කියපං ජලනලේ.,..

      Delete
  23. හම්මෝ....ඇති යන්තම් නිවන් ගියා වගේ....
    දැනුයි යංතන් හුස්මටිකක් ගත්තෙ....
    අනේ ඊළඟ එක ඉක්මණට දාන්න සුදු අයියෝ.....

    ReplyDelete
    Replies
    1. තොට මොකද වෙලා තියෙන්නෙ... FB එකේවත් පේන්න නෑ...

      Delete
  24. හහ් හහ් ෆට්ට ඕයි..... :D

    ReplyDelete
  25. ඔන්න මුල සිට ඔක්ෙකාම කිෙයවුවා අද...පට්ටයි..සිරා..ෙම්ක ෙම් ලගදි ෙවච්චි එකක් ද?? අන්ත් එකත් ඉක්මනටම ඔ්නා

    ReplyDelete
  26. සැහෙන කාලෙකින් ආවේ...ෆට්ට ලිපි සෙට් එක බන් ...ඒ කලේ මතක් වෙනවා...ජය වේවා දිගටම ලියහාන්....

    ReplyDelete
  27. මටත් තියෙන්නේ රොෂාන්ගේ ප්‍රශ්නයමයි, ඇත්තට පොඩ්ස් මේක ලඟදි උණු සීන් එකක්ද? මුල ඒවා නම් කියෙව්වේ නෑ..

    ReplyDelete
    Replies
    1. මුල ඒවත් කියවල එන්නකො... ඔයාටත් එයාට දුඋන්න උත්තරේම තමයි කියන්න තියෙන්නෙ :D

      Delete
  28. හම්මෝ...... ඔන්න අද යන්තම් මේකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නැත්තන් ලැපත් ස්ටක් වෙනවා මේ බ්ලොගේට ආවම. (ගොඩක් අයට එහෙම වෙලා තියෙන නිසා පොඩ්ඩක් ඇයි කියල බැලුවොත් හොඳ නැද්ද අයියා?)

    කතාව නම් වෙනද වගේම පට්ටය.. ඉතුරු ටිකත් ඉක්මනට ලිව්වොත් තවත් පට්ටය.. :DD

    ReplyDelete
    Replies
    1. ෆ්ලෑස් ඇනිමේශන් අයින් කරා..ටෙම්ප්ලේට් අවුල් හැදුවා.. දැන්නම බොහෝවිට හරි සහෝදරී.. ස්තූතියි ඈ... :)

      Delete
  29. අම්මට හුඩු බද්දයා... ඌ අපිව ඉසෙල්ලම දවසෙ ගෙන්නුවනේ ඉස්සරහට...

    16 - 17 දෙකම කියෙව්ව අද... මේ %#%#@%@ සතියකට කොටසක් වත් දාපන් මේකෙ...

    මේ එතකොට අර වැල්ල දිගට ගියේ කව්ද බන් ?

    ReplyDelete
    Replies
    1. බලමු බලමු....

      වැල්ල දිගට කෝ කවුද ??? ;)

      Delete
  30. Replies
    1. මොකද ෂ්,, පුෂ්... ගන්නෙ... එහෙනම් ප්‍රයිවෙට් මැසේජ් කොරපිය

      Delete
  31. නියමයි පොඩි මෑන් ඒක හුස්මට කියෙව්ව නිකන් කතරගම ප්‍රයිවට් එකක් ඉස්සරහෙන් යන සීටීබී එක අල්ලන්න යනව වගේ. අඩේ අනිත් එකත් ඉක්මනට දාමුකො බන්....

    ReplyDelete
  32. මේ ටික නම් කියෙව්වා..ඒත් තේරෙන්නේ නෑ..ඔක්කොම කියවලා හරියට කමෙන්ට් කරන්නම් පොඩ්ඩෝ..අර උඩම අලුත් පොස්ට් එකට කමෙන්ට් කරන්න මට බෑනේ..එකේ කොහෙද කමෙන්ට් කරන්න තියෙන්නේ.

    ReplyDelete
  33. එල ඉස්ටෝරිය මචෝ, අනෙක් කොටසත් ඉක්මනටම දාපන්...ජය වේවා

    ReplyDelete
  34. පොඩි මෑනෝ .. මුල ඉදන්ම සේරම කියෙව්වා.. පට්ට බන්...උඹ මගේ රිවිෂන් අවුරුද්ද මතක් කරනවා. බස් එකෙන් නොවැටුනාට වැටුනේ ක්ලාස් එකේ පඩි පෙලෙන්

    ReplyDelete
  35. ඉක්මනට ඊලඟ එක ඕනි

    ReplyDelete
  36. සැහෙන කාලෙකින් ආවේ.. 16 17 දෙකම මිස් වෙලා.. දෙකම කියවල කොමෙන්ට් එක දැම්මේ. 18 ඉක්මනට දාපන් මචන්.. මැක්සා කතාව

    ReplyDelete
  37. Onna Ithin Bala Inna Eketh Uparima Balan Hitiya Honde. Dan Dapan 18. Monada Bn Iwasanawa Kiyala Mehema Iwasanna Bane. Dapan Dapan. Meka Tharjanayak. Ammapa Tharjanayak......Comment Diha Balan Inna Eka Iskuruppuwen Ahata Anininawa Wage Yaksha Podi Eko, Dapan 18 Daaaaaaaaaaaaaapannnnn.....

    ReplyDelete
  38. සබ්බේ ලබං

    ReplyDelete