මෙතෙක් කථාව..
මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 17
මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14
අද එතැන් සිට....
ගේට්ටුවෙන් එලියට ඇවිත් අනිත් කලාස්වලට තාමත් පාරෙන් එන ළමයිනුත් පෙරලගෙන වක්වැල්ල පාරෙත් ටික දුරක් දුවලයි අපි නැවතුනේ...
" ඒ යි නැවතියං.. මගෙ පෙනහැල්ල කටින් එන්න වගේ..."
සේරටම පස්සෙ දුවගෙන එන පැංච කෑගහනවා...
පැංචගෙ කෑගැහිල්ලට.... අපි ටික දෙනත් නැවතුනා... නැවතුනාට හතරදෙනාටම විනාඩි 5ක් විතර යනකන් හති නිසා හරියට කතා කගන්න උනේ නෑ...
" මෙතන ඉන්න එක ඉතිං සරීර සෞඛ්‍යට එච්චර ආතල් නෑ... යමන් කොහේට හරි... "
ඉස්සෙල්ලම කතාකරේ ශ්‍යාමිකයා... අපි වක්කවැල්ල පාරෙන් අතුරුපාරකට හැරිල කුණුපිට්ටෙන්න දිගේ ඇවිත් කොනේම කොට්ටම්බ ගහ යට වාඩි උනා...
"ආයෙනං කලාස් යනව බොරු... ... පොරගෙ නෙවෙයි සදන් එක පැත්ත පලාතෙ යනව බොරු... "
"ඒ කියන්නෙ විභාගෙ කරන එකත් බොරුම තමයි..."
කොට්ටම්බ ගහ යට කුණූඇලේ කොන්ක්‍රීට් ගැට්ට උඩ අපි හතරදෙනා පේලියට වාඩිවෙලා ඉදියෙ ඊලගට කරන්නෙ මොකද කියල හිතාගන්න බැරුව...
" මොන ල*** බං... ඕක විතරද කෙමෙස්ට්‍රි කාලාස් තියෙනෙ.. ඔන්න වෙන එකක් හොයාගෙන යමු බං... මටනං කොහොමත් පොරගෙ දර්ශනේ දිරවන්නෙ නැතුව ඉදියෙ..."
අර බඩ යන්න හැදුන මිනිහත් කිවුවලු කොහොමත් මම බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න ඉදියෙ කියල...
ළහිරුවගෙ කතාවට මමයි පැංචයි මහ සද්දෙට හිනා උනා... ඒක දිහා බලල ශ්‍යාමිකයත් ලහිරුවත් හිනාවට එකතු උනා...
පාරෙ ගියපු ඇන්ටිල දෙන්නෙක් අපේ දිහා බලාගෙන ඔරවගෙන ගියේ හරියට මුන්ට පිස්සු කියන්න වගේ....
අපි හතර දෙනා විනාඩියක්වත් හිනා වෙන්න ඇති...
"හිනා වෙන්න නෙවෙයි යකෝ අඩන්න වෙලා තියෙන්නෙ..."
ශ්‍යාමිකය එහෙම කිවුවෙත් හිනාවෙන ගමන්මයි...
" හරි පස්සෙ අඩමු.. දැන් හිනාවෙමු.. සර් තාම අපේ පලු අරිනව ඇති... "
මම එහෙම කිවුවෙ ශ්‍යාමිකය දිහා බලාගෙනයි... හිනාවෙලා ඉවර වෙලා පැංච නැගිට්ටා
" මෙතන ඉදල හරියන්නෙ නෑ... අපි යමු පාර්ක් එකට.. ගිහින් පිලිවෙලක් ඇතුව මුගේ කතාව අහමු අර ගල් බංකුවක් උඩ වාඩිවෙලා... ඒව පෙරලෙන්නෙ නෑනෙ... "
අපි ආයෙත් මහ සද්දෙට හිනා උනා... ලහිරුව නැගිටල පැංචගෙ ඔලුව නවල උගේ පිට එකක් ගහල කරට අත දාගත්ත... ඊට පස්සෙ අපිටත් ඉස්සරවෙලා සිංදුවකුත් කියාගෙන පාර පැත්තට යන්න ගියා...
දැනට විනාඩි 10 විතර කලින් දෙන්නගෙ වැඩකෑලි කිය කිය මරාගන්න හදපු මුන්දෙන්න දෙන් කරට අතදාගෙන යනව නිකන් වන්නි මානුසීය මෙහෙයුමේ 53 වෙනි සේනාංකෙයි 58 සේනාංකෙයි එකට එකතු උන වෙලාවෙ සෙබලු දෙන්නෙක් වගේ...
අම්මප ටී 56 තියා ගල් කටස් එකක්වත් නෑනෙ මුන් දෙන්නගෙ පුකට වෙඩි තියල මරල දාන්න...
"බලපං විහඟ මුන් දෙන්න අපිටත් එක්ක බාල්දිය පෙරලලා දැන් උන්ට මාර ආතල්... දෙන්න හිතයි ඇලට විසිවෙන්න අර පැංචයට... ඌ තමයි ඔක්කොම කරන්නෙ..."
ශ්‍යාමිකට හිතිල තියෙන්නෙත් මට හිතුන දේමයි....
" අඩෝ... උඹල දෙන්නට හෙන ආතල් නේද තොපිල දෙන්න කෙලගෙන ඩෙස් එක පෙරලලා අපිවත් කාල්ස් එකෙන් එලවලා.. දැන් මෙතන ටීටර් එකක වගේ සිංදු කියන්නෙ..."
මම කෑගහුවා...
"කවුද ඩෝ එලෙවුවෙ... උඹනෙ දිවුවෙ... "
පැංච එහෙම කිවුවෙ ගත් කටටම.. ලහිරුවත් ඌට 5ක් දැම්මා...
මුගේ කුඩප්පචිට... වටපිට බලල මම හිස් බියර් ටින් එකක් අහුලගනිද්දි ශ්‍යාමිකයා වෙන මොකද්ද එකකින් උන් දෙන්නට විසිකරල ගහලත් ඉවරයි.. උඩ පැනල එකෙන් බේරුන පැංචා අපි දෙන්නට ටීෂර්ට් එක උස්සල පුකත් පෙන්නල පිට්ටනිය දිගේ දුවගෙන ගියා... අපිත් වෙච්ච ඔක්කොම දේවල් අමතක කරල උන් දෙන්නගෙ පස්සෙන් එලෙවුවා...
කොහොමහරි විකාර කර කර අපි හතර දෙනාට පයින් ගාල්ලට එන්න පැය බාගයක්වත් යන්න ඇති.. එහෙම ඇවිත් ඕලෙවල් යන කාලෙ ඉදලම නොකඩවා ගියපු එකම පන්තිය... ධර්මපාල සර්ගෙ පන්තියට ඇතුල් වෙනකොට උදේ නමයටවත් වෙලා ඇති...
අවුවට වැස්සට , දුකට සැපට, වලට ආතල්එකට ,අපිට තිබුන එකම නවාතැන.... ගාල්ලෙ පාර්ක් එක ... එහෙමත් නැතිනම් ධර්මපාල උද්‍යානය...
සති අන්ත දවසක් නිසා... පාර්ක් එකේ අම්බානෙක සෙනග... ඒත් පිටිපස්සෙ කොනට වෙන්න පාර්ක් එක තනිකරම අයිතිකරගෙන තිබුනෙ එක පැත්තක් ආදරවන්තයො.. අනිත් පැත්ත ධර්මපාල සර්ගෙ ශිෂ්‍යයෝ...
අඳුනන උන් කීප දෙනෙක්ත් හායි බායි කියාගෙන අපිත් ඇවිත් නැවතුනේ ගල් බැම්මෙ එහා කොනටම...
"දැන් ඉතිං තෙමිච්ච ගෝල් ලිෆ් වලට අඬා පලක් නැත... ලද බීඩියෙන් සතුටුවෙන්න උබේ අර පැටලිච්ච නූල් බෝලයක් වගේ මඟුල අපිට ලිහල තේරුම් බේරුම කරල දීපං..."
වාඩිවෙන තැන පිහිදාල සෙරෙප්පු දෙකත් ගලවල උඩ පැනල බැම්ම උඩින් වාඩිවෙන ගමන් පැංච කිවුවා...
මුන්ටත් ඉතිං ඒක අහගන්නකං නින්ද යන්නෙ නෑ... එස් ටී එෆ් එක දැක්කාම දුවන පොට්ටු අම්මාන්ගෙ ලාබාල පිස්තෝල කල්ලි සාමාජිකයො ටිකක් වගේ දුවල ගාල්ල දිස්ත්‍රික්කෙම ඉස්සරහ ගැලවෙන්න ගිය වස්තරේ බේර ගත්ත් දැන් ටිකකට කලින්... ඒත් මුන්ට මතක වෙන්නෙ මේකමයි.. කොච්චර උනත් හැම මගුලකටම ඉන්නෙ මුන් ටික නිසා මම ආයෙත් කතාව පටන ගත්තා..
" මෙන්න මේකයි ස්ටෝරියේ ෆුල් කල්යිමැක්ස් එක... "
" මොකක් "
එහෙම ඇහුවෙ ඉංග්‍රීසි භාෂාව පිලිබද පස්චාත් උපාධිදාරී පැංචා...
" නෑ නෑ මුකුත් නෑ කතාව අහපංකෝ... එතකොට උබට තේරෙයි..."
දැන් ඕක ඌට සිංහලෙන් තේරුම් කරනවට වැඩියෙ හොදයි ආයෙත් කාලාස් එකට යන එක... ඒක නිසා වෙන්න ඇති සේරටම කලින් ලහිරුව පැංචගෙ කතාව නැවත්තුවෙ...
" බස් එකේ දි මට මුලින්ම හම්බවුනේ ව්‍යංගව..... එයාගෙ පර්ස් එක තමයි මම ඇහිදල දුන්නෙ..... ඊට පස්සෙ ටිකට් නැතුව ටිකට් එක දීල බේරගත්තෙ විමංසව..."
හැමදාම මොකක හරි කියනකොට වගේම පැංච උගේ ගොන් ප්‍රස්නයක් එලියට දැම්ම එතකොටම...
" එතකොට උඹ අදුනගත්තෙ නැද්ද මේ විමංස ඉන්නෙ කියල... "
උගේ ඇගේ තරමටවත් මොලේ තිබුනනං කොච්චර දෙයක්ද...
" ගොං අලියො... මම දන්නෙ කොහොමද ඒ විමංස කියල.. දන්නවනම් මේක මෙච්චර පටලගන්නවද අපි.."
"ආ ඇත්ත තමයි...."
පැංච එහෙම කිවුවෙ මහා බැරෑරුම් දෙයක් තේරුම් ගත්ත වගේ...
" අනේ බං මේ පැංචො දැන්වත් කටවහගෙන ඉදපංකො... කාල්ස් එකට කෙල්වුනා තොගේ ඔය වලත්ත කට නිසා.. සිකුරුට්ට මේකෙනුත් එකවල දානව තොගේ කට නිසා..."
ලහිරුවා එහෙම කිවුවෙ මගේ එහා පැත්තෙ ඉදගෙන එබිලා.. පැංච ඉදියෙ එහා කොනේම...
" කොහේද ඩො මම හින්ද කලාස් එකට එලෙවුවෙ.. අනික අහවල් මගුලකටද සික්ක අපිව එලවල දාන්නෙ.. උගෙ ආච්චිගෙ දෑවැද්දට ඌට මේක ලියල දීලද... ල *** තමයි.. නොදන්න දේ අසා ගැනීම තමයි මගෙ සාර්ථකත්වයේ රහස නිකන් ඉරිසියාකරන්න එපා බං.... "
මුන් දෙන්නටනං ඉතිං කටවහගෙන ඉන්නම බෑ.. කාන්දන් දෙකක විරුද්ද ඩ්‍රැව දෙක වගේ මුන් දෙන්න යන්නෙම හරහට..
"සික්කගෙ ආච්චිගෙ දෑවැද්ද කොහෙද ඩෝ ඌට අයිතිවෙන්නෙ... ඒක උගේ සීයටනෙ අයිතිවෙන්න.. අනේ උබේ සාර්ථකත්වෙ කෙසේ වෙත්ත අසාර්ථකත්වයට මුලනං උබේ ල *** තමයි .. ඇගේ සයිස් එක බැලුවාම ඕක චූ දාන්න ඇතිවෙන්නවත් තියෙනවද දන්නෙත් නෑ.."
මුන්දෙන්න එක තැන ඉන්න වෙලාවක කිසිම දෙයක් කරන්න බෑ.. අර නිකන් පොලේ එකම තැන එකම ජාතිය විකුණන වට්ටි අම්මල දෙන්නෙක් වගේ...
" මොන මගුලක්ද බං.. හැම තිස්සෙම පොඩි උන් වගේ.. එපා වෙනවනෙ.. දැපැත්තෙ වාඩිවෙල කෙල ගන්නෙ.. පලයල්ලකො අර පිට්ටෙන්නට ගිහි කෙලගෙන වරෙන්..."
ශ්‍යාමිකය එහෙම කිවුවෙ සිරාවටම වගේ.. ඇත්ත තමයි මුන්ගෙ ආතල් වලට ඉතිං මල නොපැන තියෙන්නනං අද ගොළු බීරෙක් වෙන්න ඕනෙ..
" හරි හරි කථාව කියපං... "
පැංච අන්තිමට එහෙම කිවුවා... මමත් කතාව පටන් ගත්තා...
" ව්‍යංග ගෙදර ගිහිං විමංසත් එක්ක සීන් එක කියල... ඊට පස්සෙන්ද මම උඹලගෙ ගෙදර ආව වෙලාවක ජනේලෙන් මාව පෙන්නල... ඒකයි විමංස මාව අඳුන ගත්තෙ එක පාරටම.."
අඩෝ මුන් දෙන්න කතාකරගෙන එහෙනම් ගේම දීල තියෙන්නෙ...
" ඔවු.. ගොඩක් උන් මුන් දෙන්නට රැවටෙනවලු එක වගේම නිසා... ඒක නිසා මුන් දෙන්නත් එහෙම කරනවලු වෙන දවස්වලට... "
"බලපං මේ කෙල්ලො කියන ජාතිය කොල්ලො අපිව මුලා කරන හැටි..."
පැංච කියන ඒවට අනිත් පැත්තට ප්‍රතිචාරයක් දක්වන්න ගියොත් තමයි ඌ ෆෝම් වෙන්නෙ... හොද වැඩේ තමයි ඇහුනෙ නෑ වගේ ඉන්න එක...
" අහපංකො.. ඊට පස්සෙ තමයි ආතල්ම සීන් එක.. පර්ස් එක ඇහිදල දෙනකොට විමංස ගෙදර ඉදල තියෙන්නෙ ඇස් ලෙඩේ හැදිලා... පස්සෙ ඒකිට හොදවෙලා ව්‍යංගට හැදිල.. ඒකයි ඒ දවස්වල දෙන්න එක පාරට බලාගන්න බැරි උනේ අපිට... එදා ඔය ටිකට් සීන් එක දවසෙනෙ අපි දෙන්න ගමගේ සර් එක්ක මැරතන් එක දුවල ශ්‍යාමිකලහ ආවෙ... එදානෙ අර සීන් එක උනේ... "
"අර සීන් එක මොකද්ද... ?
සුපුරුදු ලෙස ප්‍රස්නය පැංචගෙන්...
" ඇයි බං කෙල්ල ඇඳුම් මාරු කරපු සීන් එක... "
" හංං හා... ඒ වෙලාවෙනං උබ කිවුවෙ ට්‍රයම්ප් ඇඩ් එක කියල... දැන් උඹට කෑල්ල සෙට් නිසා කෙල්ල ඇඳුම මාරු කරණ එකලු නේ... උබට ලැජ්ජද පැටියෝ..."
ශ්‍යාමිකය එහෙම කිවුවෙනං අමුම අමු කිංඩියට... ඌ එහෙම කිවුව්වාම අනිත් උන් දෙන්නත් ආආආ ගාල මහ හයියෙන් හිනාවෙන්න ගත්තා... මටත් හිනා ගියේ ඇත්තටම සී එක ඒක නිසා.....
"අහවල් මීට් බෝලයකටද යකෝ මට ලැජ්ජ.. ඒ විමංස නෙවෙයි ව්‍යංගා...."
මම එහෙම කිවුවෙ මුන්ගෙ කින්ඩියෙන් බේරෙන්න උනාට විමංස ගැනවත් ව්‍යංග ගැනවත් වෙන කෙල්ලො ගැන කතාකරන විදියට කතාකරන්න හිතුනෙ නෑ මට...
"හරි හරි මීට් බෝලයක් බැරිනම් ඕන බෝලයක්.. කියපංකො..."
මට කින්ඩි දැම්මට.. ඊලගට හිනා වෙන්න චාන්ස් එක තියෙන්නෙ මටනෙ.. ඉදපංකො...
"හැබැයි පුතෝ කාමරේ මම ඉදල සීන් එක දැක්කට ඒක බැරවෙලා තියෙන්නෙ උබේ අකවුන්ට් එකට..."
මම ශ්‍යාමිකයට කිවුවෙ මට දාපු කින්ඩි බැල්මට් එකට රිටන් එක දෙන ගමං... ශ්‍යාමිකයගෙ කට ඇරුනෙ නිකන් කෙල්ලෙක්ගෙ ටයිඩ් ජීන්ස් එකක් නැවෙද්දි බරාස් ගාල ඉරිල යනව වගේ ඉක්මනට...
" මම මාට්ටු වෙලා... "
ඌ එකසිය ගානට බයවෙලා... ඌ ඒක අහපු විදියටයි... බයවෙලා ඉදපු විදියටයි සීන් එකට හිනාවෙවී ඉදපු අපි තුන් දෙනාන තවත් හිනා ගියා.. අපි විනාඩියක් විතර හිනා වෙලා ඉවරවෙනකං ගෙබ්බ පොලවෙ ගැහුව වගේ ශ්‍යාමිකය කටත් ඇරගෙන බලාගෙන ඉදියෙ වචනයක්වත් කියාගන්න බැරුව...
" ඒකිලයි අම්මත් දන්නවද... ?? හු**ව.. ඇයි බොල වේ*ගෙ පුතෝ තෝ කිවුවෙ නැත්තෙ මම නෙවෙයි කියල... ?? කියපංකො ඒකි අම්මටත් කියලද.... මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ යකෝ... "
ශ්‍යාමිකය බයවෙන්න බයවෙන්න අපිටනං දැනුනෙ ආතල් එකක් විතරයි.. දැනට පැයකට විතර කලින් කාලාස් එකකට සමු දීල පන එපා කියල දුවපු ඒවා..... වෙන කාලාස් එකක් හොයාගන්නකන් මග ඇරෙන පාඩම් අනාගන්න වෙන ඒව කිසිදෙයක් ඒ වෙලාවෙ අපේ හිතේ කොනකවත් තිබුනෙ නෑ.. ශ්‍යාමිකයගෙ තාමත් වහගන්න බැරිවෙච්ච් කටෙන් විසිවෙන කර්ණ රසායන වාග් ප්‍රහාරයට අපි ගල් බැම්මට හේත්තුවෙලා බඩවල් අල්ලං හිනා උනා...
" ඒකි අම්මට කියලනං වෙන දෙයක් මෙලහකට වෙලානෙ... එහෙම අවුලක් නෑ.. හැබැයි ඒකි උබත් එක්ක දැඩි මලෙන් ඉන්නෙ.. විමංසට කිවුවලු උබ ඉන්නවෙලාවක පේන්නවත් ඉන්න එපා මග සෙවලයෙක් කියල... ..”
ඇත්තට විමංස මට එහෙම දෙක කිවුවෙ නෑ.. ඒත් ශ්‍යාමිකයගෙන් ආතල් එක ගන්න මම අතින් දැම්ම ඒ කෑල්ලට උගේ කලකිරීම මම හිතපු විදියටම තවත් වැඩි උනා...
“බලපං... බෙල්ල කඩාගෙන යාලුවොන්ට උදවු කරන්න ගියාම අපිට ලැබෙන පරිප්පුවල තරම....ෂික්...”
ඌ එහෙම කිවුවෙ අපි එකෙක්වත් දිහා නොබල... මට ඇත්තටම ඌ ගැන පොඩි දුකක් දැනුනා.. අරුන් දෙන්න නං තාම හිනාවෙනවා...
“ හරි හරි බං.. ඒක එච්චර අවුලක් නෑ.. ... එදා කලාස් එකේදි මතකද ඒකි එරෙවුවා... ඒ ඔරවපු තැන් දෙකේම උඹ ඉදපු නිසා..පන්තිය පටන්ගන්න වෙලාවෙ නිකන් දැක්කෙ නෑ වගේ ගිහින් තියෙන්නෙත් උඹ ඉදපු නිසා... අර ශොප් එකේදි එරෙවුවෙත් උබ ඉදපු නිසාලු...”
“ ඒ කියන්නෙ එදා ඇවිත්තියෙන්නෙ ව්‍යංගද... ? “
ශ්‍යාමිකය ඇහුවෙ ඒ මූඩ් එකෙන්මයි...
“ ඔවු... එදා මොකද්ද එකකට විමංස පල්ලියට ගිහිල්ල තාත්තත් එක්ක... ව්‍යංග කලින් ක්ලාස් ඇවිල්ල නැති නිසා.. ක්ලාස් එක ගැන දන්නෙ නෑනෙ.. ඒකයි අම්මත් එක්ක ඇවිත් තියෙන්නෙ... විමංස මගෙන් ඉල්ලගනිපු පොත ව්‍යංග අතේ එවල උදේ දෙන්න බැරිවෙච්ච නිසා ඒකි සර්ට දීල...”
“එතකොට උඹ ඊට කලින් දවසෙ පොත ගිහින් දුන්නෙ විමංසට... ? ”
“ නෑ මගෙන් පොත ඉල්ලුවෙ විමංස උනාට ම්ම උඹලගෙ ගෙදරදි තාප්පෙ ලගට ගිහින් පොත දීල තියෙන්නෙ ව්‍යංගට ..”
අයියෝ බං... මෙ කතාව අහකොටත් පැටලැවෙනව බං.... උන්ගෙ අම්මටයි තාත්තටයි බැරි උනානෙ මුන් දෙන්න දෙපාරට හදන්න... ..
ලහිරුව එහෙම කිවුවාම මෙච්චරවෙලා මූඬ් ගහගෙන ඉදපු ශ්‍යාමිකයටත් හිනාගියා...
“ එතකොට උඹ පොත අහුලල දුන්නෙ ව්‍යංගට.. ටිකට් එක දුන්නෙ විමංසට... එදා බස් එකේදි මට ශීට් එක දුන්නෙත් විමංස... එදානෙ උඹෙන් පොත ඉල්ලුවෙ..”
පැංචට තේරිලා යන්තං
"හරියට හරි.. එතකොට මූටයි මටයි එරෙවුවෙ ව්‍යංග.. ඇත්තම කියනවනං මට නෙවෙයි මූ ඉදපු නිසා... මම බස් එකෙන් වැටිච්ච දවසෙ බස් එකේ ආවෙ විමංස..."
“ යකෝ මේක මහම මහ පටලැවිල්ලක් බං... ”
එතකොට අර ගෙදර ඇවිත් අම්මත් එක්ක මගෙන් පොත් ඉල්ලල තියෙන්නෙ විමංස පාරෙදි මට කඩේ යනකොට ඔරවල තියෙන්නෙ ව්‍යංගා...
ශ්‍යාමිකයගෙ පසුතැවිලි අමතක වෙලා වගේ පටලැවිල්ල ලිහෙද්දි...
“ හරියට හරි...”
“ තරහ වෙන්න එපා මචං විහඟ.. අම්මප මට හිතෙනව ඕකුන් දෙන්නටම කුණුහබ්බ දෙකක් කියන්න ”
ශ්‍යාමිකය එහෙම කියවුවාම මම හිනා උනා විතරයි...
“ උඹට ඇත්තට කියන්න ශ්‍යාමික.. විමංස සෙට් වෙලා ඒකි මට එදා රෑ ඔය විස්තරේ ඔක්කොම කිවුවාම මට හිතුනෙත් ඕකමයි බං... ”
අපේ උන් සෙට් එකම මහ අහයියෙන් ආයෙමත් හිනා උනා...
"හැබැයි පුතේ උඹේ ඔය ප්‍රේම පුරානෙට ඔය ආගම් ප්‍රස්නෙනම් එනව ඉස්සරහට බලපං නැද්ද කියල..."
ළහිරුව මෙච්ච වෙලා සද්ද නැතුව ඉදල මට කියපු දෙ... පහුගිය දවස් කීපයකම මගේ හිතේ කොනක හොල්මන් කරපු දේමයි...
යකෝ හනිමුන් යන්න මාසෙකට කලින් අහවල් එක හෝදල වැඩක් නෑ ... ඒක ඒවෙලාවට බලමු.. නැද්ද මචං විහඟ...
උගේ ප්‍රස්ථා පිරුලට මට හිනා ගියත් ළගිරුව කියපු දේ ගැන හිතේ තුන බයනං එහෙමම ඉතිරිවෙලා පොඩ්ඩක්වත් අඩු උනේ නෑ...
තව පැය දෙක තුනක්ම ව්‍යංග විමංස මාතුර්කාවට පස්සෙ තව ලොවෙත් නැති වල් පල් අපි කතා කර කර ඉදියෙ ක්ලාස් ඇරෙන ටයිම් එක වෙනකම්...
ක්ලාස් ඇරෙන්නෙ එකට උනත් එකහ මාර වෙනවා කවුරුත් ස්ටෑන්ඩ් එකට එනකොට...අපිත් වෙලාවට සෙරෙප්පු කකුල් අතපය හෝදගෙන ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ආවා... ඇවිත් උඩුගම පාරෙ බස් නවත්තන තැනට ආව විතරයි කලාස් එකේ කොල්ලො ටික අපිව වටකරගත්තා...
උන් එක්ක වෙච්ච වැඩේට හිනා උනාට... හූ කිවුවට... ඒගැන කතාකරාට.. මගේ ඇස් දෙකනම් වටේම දිවුවෙ එක රූපයක් හොයන්නයි...
හැබැයි මට මම හොයපු දේ හම්බවුනේ විනඩි දහයකට විතර පස්සෙ...
රතුපාට ජින්ස් එකක ඇදල කොන්ඩෙ වෙන දාන පෝනිටේල් එක නැතුව නිකන් ඔහේ වැටෙන්න දාලා පුරුදු විදියටම පොත් ටික පපුවට තුරුල් කරගෙන ආපු කෙල්ල බස් එක ඉස්සරහ නැවතුනා...
හුටා.... එක්කෙනයි ඉන්නෙ.. එතකොට මේ ව්‍යංගද.. විමංසද ??.. දැන් කොහොමද මම ලගට ගිහින් කතාකරන්නෙ... ??
විහඟට ව්‍යංග විමංස පැටලේවිද... ?.. රහසක් වෙච්ච ආදර කතාව එලිවේවිද... ??
මගදිගට 19 න් කියවන්න...